ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Sunday, January 29, 2012

අනාගතය



අද නිකම් අමුතුම දවසක් මෙලෝ රහක් නෑ පට්ට කම්මැලියි
ඒක හින්දමද කොහෙදෝ අමුතු දේවල් හිතෙනවාඑහෙම සීන් එකක් තමා මේකත්.සීන් එක මේකයි අද අපිත් එක්ක එකට ඉන්න එවුන් තව අවුරුදු 10කින් 15කින් පාරකදී හරි කොහෙදී හරි අහම්බෙන් හම්බෙද්දී කොහොමට ඉදීදමට නිකමට මෙන්න මේ විදියට හිතෙනවා හැමෝම පොදු වශයෙන් බැදලා කරලා ළමයි 2නෙක්වත් ඉදියිකියවන්න ලේසි වෙන්න එක එක්කෙනා ගැන වෙන වෙනම ලියන්නම්.

ගලයා
මේකා කොහොමත් අර්ශස් කාරයනේපොඩ්ඩ ඇත්තම් ඇතිනේ නැට්ට පාගගන්න.මේකා ඒ කාලේ වෙනකොට නුවර අසරණ කෙල්ලටත් යන එන මං නැතිකරලා ළමයි තුන්දෙනෙක්ගෙවත් තාත්තා කෙනෙක් වෙලානම් ඉදියි කියලා මේ කනියට බුදු ශුවර්.මූ මට ටවුන් එකකදිවත් ඒ කාලේ හම්බුනොත් මෙන්න මේ විදිහට වෙයි කියලා හිතෙනවා මට
මූ පොර වගේ සගකුත් දාගන ටොම්බා සපත්තු දෙකකුත් දාගන එක ළමයෙක් අතේ එකෙක් කරේ එල්ලගන එන හැටි මට දැනටම මැවිලා පේනවා.

ගලයා : අඩෝ කනියා
මම : අම්මට හුඩු ගලෙයා අෆ්ටෙර් ලෝන්ග් ටයිම් නේද?
ගලයා : කොහොද බං උබ මෙහේ.
මම : මේ පොඩි වැඩකට ආවා බං.උබ මොකද මෙහේ?
ගලයා : එහෙනම් මචං මම යන්නද පස්සේ හම්බෙමු

අවුරුදු කීයක් ගියත් මට ශුවර් මූ එක තැනක විනාඩි 5ක් නම් ඉන්නේ නෑ.

දුමා
මූ මේ ලගකදී කීවා මට "අඩේ සිගරට් බොන එක අඩු කරන්න ඕනේ කනියා" කියලා.මොන අන්න ඉවර කරපු ඉවර කිරිලෙන්ම පටන්ගෙන.මූව මට අවුරුදු 10කින් විතර අහම්බෙන් හම්බෙනවනම් හම්බෙන්නේ ශුවර් එකටම කඩේක කුස්සිය පැත්තෙන්(ඒ කාලෙත් කුස්සිය පැත්තෙ සිගරට් බොන්න දුන්නොත්). එහෙම හම්බුනොත් මුගෙයි මගෙයි කොහොම සංවාදයක් යයිද?

මමඅම්මට හුඩු දුමා අවුරුදු 3කින් විතර නේද?
දුමා : ඔව් යකෝ උඹ දැං මොකද කරන්නේ?(සිගරට් 20 පෙට්ටියක් දිගු කරමින්ගහපන් එකක්.
මම : (එකක් ගනිමින්)පරන තැනම තාමා බං උඹ?
දුමා මමත් අපේ කන්ස්ට්‍රක්ටින් එකටම සෙට් උනා බං, මේ IT *** හරි යන්නේ නෑ.
මම අන්න මොලේ ඇති වැඩක්.
දුමා යමං අද අපේ ගෙදර?
මම : අදහසනම් හොදයි අකුරුත් ගැලපෙනවා යමං.

අද්දැකිමෙන් කියන්නේ අනිවා මුන්ගේ ගෙදර ගියා කියන්නේ බොන්නම වෙනවා මම දැනට තුන් පාරක් ගිහින් තියෙන්නේ ගිය හැම පාරම මුගෙ කාමරේ ගැසුවා,හරි ඒ කතා පසුවට.


බෝලේ
මෙන්න අනිත් සිරා ඩයල් එක.මූ එන්න එන්න අලියා සයිස් වෙනවාඒ කාලේ වෙනකොටනම් මූ Triceratops සයිස් වත් වෙයි.මට හිතෙන විදියට,මුව හම්බෙනවනම් හම්බෙන්නේ බෝලේ නෝනාත් එක්ක NO-LIMIT එකෙදී මොකද මූ ගිය ආත්මේ NO-LIMIT එකට සෑහෙන ණයක් තිබිලා මේ ආත්මේ තමා ඒක ගෙවන්නේමූව හම්බුනොත් කොහොම තියෙයිද?

මම : බෝලේ
බෝලෙ : අම්මට හුඩු කනියා උඹකොහෙද මේ පැත්තේ?
මම : කියලා වැඩක් නෑ බං ඇදුම් ටිකක් ගන්න කියලා ආවා.
බෝලෙ : අඩෝ මාත් මේ පවුල් සංස්තාවත් එක්ක ආවේ මේ ටිකට මිස්සින්ග් උඹ දැක්කද බං? (මූ අදටත් පංති ආපුවහම අපෙන් තමා අහන්නේ මුගෙ කෑල්ල දැක්කද කියලා)
මම : මම කොහොම දකින්නද බං මාත් දැං ආවේ.
බෝලේ : ඉදපං මම පොඩ්ඩක් බලලා එන්නම්

රින්දි
මේකි ඒ කාලේ වෙනකොට අර අහිංසක කුරුණෑගල පැත්තේ රැවුල් කාරයවත් අමාරුවේ දාගන ළමයි 3 දෙනෙක්වත් ඉදියි කියලයි මටනම් හිතෙන්නේ.ළමයිනුත් මේකිගේ උස ගානම ඉදියි මොකද ඒ තරම් උසයිනේ අපේ රින්දී.

රින්දී : කනියෝ…. (පැන පැන ඇවිදගන ලගට එමින්)
මම : රින්දි ඉතිං කෝ උඹේ ස්වාමිපුරුශයා?
රින්දී : එයා වැඩට ගිහින් මම මේ පොඩි පුතාව ඉස්කෝලෙට දාන්න යනවා. (බෝතල් අඩි කන්නාඩි 2ක් දාගන ඉන්න පොඩි එකෙක් පෙන්නමින් )
මමඋඹ වගේම තමා, මූත් කන්නාඩි දානවා නේද?
රින්දි : අනිත් දෙන්නත් දානවා දැන් මගේ හබීත් දානවානේ.
මම : ඒ අහින්සකයටත් කන්නාඩි දැම්මෙව්වද උබ?
රින්දි : හරි හරි කනියෝ මම උබට කෝල් එකක් දෙන්නම් මූව ඉස්කෝලෙට දාන්න ඕනේ.

අනිත් එවුන් ගැනත් හිතුන ඒවා පස්සේ වෙලාවක ලියන්නම්කෝ එහෙනම් අදට වැඩසටහන් සමාප්තිය..

.ලි ඇත්තටම අර සයිබරයේ සැනකෙලිය කවද්ද කින්ද මංද?

13 කමෙන්ට්ස්:

ටාසන් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates
This comment has been removed by the author.
ටාසන් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates
This comment has been removed by the author.
Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එළ එළ පරන සෙට් එක සෙටමෝල් උනාම රස සාගරයක්...ඒකාලේ හැබිට් එහෙම්මමයි..ගොඩක් උන් වයසට ගියාට ඉස්කෝලේ කාලේ වගේමයි.....

වින්චැට් කිරිල්ලි. said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

රින්දි කුරුණෑගලද?..මාත් එහෙ තමා...කියන්නද දෙයක් අපේ පැත්තෙ කෙල්ලො ගැන????.....නෑ..නෑ නැත් නම් ඕනෙ නැහැ....!.

Thilan Dissanayake said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Aiyooo mama....

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

බලමුකෝ සෙට් එකත් තව අවුරුදු 10කින් 15කින් විතර කොහොම ඉදීද කියල

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අනේ නැ අක්කේ රින්දී කියන්නේ නම් ඉන්නේ kandy කියල,රින්දිගේ වෙන්න හස්බන්ඩ් ඉන්නේ කුරුණෑගල.

Rindi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

:D ayyoooooo mawa kaloooooooo......

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔව් ඔව් උබ තමා :P

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික්ස්ස්ස්ස් අපි ගෙමි මස් කන්නේ නෑ රින්දි

babun said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ෆට්ට කනියෝ.අපි නම් සෙට් වෙමු බන් ඉදලහිටලා අඩියක් ගහන්න

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Ara kannadi deke kathawanam maru ..... :)

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පරන යාළුවෝ හම්බ වෙන එකත් මරු වැඩේ !!!