ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Sunday, January 29, 2012

අනාගතය



අද නිකම් අමුතුම දවසක් මෙලෝ රහක් නෑ පට්ට කම්මැලියි
ඒක හින්දමද කොහෙදෝ අමුතු දේවල් හිතෙනවාඑහෙම සීන් එකක් තමා මේකත්.සීන් එක මේකයි අද අපිත් එක්ක එකට ඉන්න එවුන් තව අවුරුදු 10කින් 15කින් පාරකදී හරි කොහෙදී හරි අහම්බෙන් හම්බෙද්දී කොහොමට ඉදීදමට නිකමට මෙන්න මේ විදියට හිතෙනවා හැමෝම පොදු වශයෙන් බැදලා කරලා ළමයි 2නෙක්වත් ඉදියිකියවන්න ලේසි වෙන්න එක එක්කෙනා ගැන වෙන වෙනම ලියන්නම්.

ගලයා
මේකා කොහොමත් අර්ශස් කාරයනේපොඩ්ඩ ඇත්තම් ඇතිනේ නැට්ට පාගගන්න.මේකා ඒ කාලේ වෙනකොට නුවර අසරණ කෙල්ලටත් යන එන මං නැතිකරලා ළමයි තුන්දෙනෙක්ගෙවත් තාත්තා කෙනෙක් වෙලානම් ඉදියි කියලා මේ කනියට බුදු ශුවර්.මූ මට ටවුන් එකකදිවත් ඒ කාලේ හම්බුනොත් මෙන්න මේ විදිහට වෙයි කියලා හිතෙනවා මට
මූ පොර වගේ සගකුත් දාගන ටොම්බා සපත්තු දෙකකුත් දාගන එක ළමයෙක් අතේ එකෙක් කරේ එල්ලගන එන හැටි මට දැනටම මැවිලා පේනවා.

ගලයා : අඩෝ කනියා
මම : අම්මට හුඩු ගලෙයා අෆ්ටෙර් ලෝන්ග් ටයිම් නේද?
ගලයා : කොහොද බං උබ මෙහේ.
මම : මේ පොඩි වැඩකට ආවා බං.උබ මොකද මෙහේ?
ගලයා : එහෙනම් මචං මම යන්නද පස්සේ හම්බෙමු

අවුරුදු කීයක් ගියත් මට ශුවර් මූ එක තැනක විනාඩි 5ක් නම් ඉන්නේ නෑ.

දුමා
මූ මේ ලගකදී කීවා මට "අඩේ සිගරට් බොන එක අඩු කරන්න ඕනේ කනියා" කියලා.මොන අන්න ඉවර කරපු ඉවර කිරිලෙන්ම පටන්ගෙන.මූව මට අවුරුදු 10කින් විතර අහම්බෙන් හම්බෙනවනම් හම්බෙන්නේ ශුවර් එකටම කඩේක කුස්සිය පැත්තෙන්(ඒ කාලෙත් කුස්සිය පැත්තෙ සිගරට් බොන්න දුන්නොත්). එහෙම හම්බුනොත් මුගෙයි මගෙයි කොහොම සංවාදයක් යයිද?

මමඅම්මට හුඩු දුමා අවුරුදු 3කින් විතර නේද?
දුමා : ඔව් යකෝ උඹ දැං මොකද කරන්නේ?(සිගරට් 20 පෙට්ටියක් දිගු කරමින්ගහපන් එකක්.
මම : (එකක් ගනිමින්)පරන තැනම තාමා බං උඹ?
දුමා මමත් අපේ කන්ස්ට්‍රක්ටින් එකටම සෙට් උනා බං, මේ IT *** හරි යන්නේ නෑ.
මම අන්න මොලේ ඇති වැඩක්.
දුමා යමං අද අපේ ගෙදර?
මම : අදහසනම් හොදයි අකුරුත් ගැලපෙනවා යමං.

අද්දැකිමෙන් කියන්නේ අනිවා මුන්ගේ ගෙදර ගියා කියන්නේ බොන්නම වෙනවා මම දැනට තුන් පාරක් ගිහින් තියෙන්නේ ගිය හැම පාරම මුගෙ කාමරේ ගැසුවා,හරි ඒ කතා පසුවට.


බෝලේ
මෙන්න අනිත් සිරා ඩයල් එක.මූ එන්න එන්න අලියා සයිස් වෙනවාඒ කාලේ වෙනකොටනම් මූ Triceratops සයිස් වත් වෙයි.මට හිතෙන විදියට,මුව හම්බෙනවනම් හම්බෙන්නේ බෝලේ නෝනාත් එක්ක NO-LIMIT එකෙදී මොකද මූ ගිය ආත්මේ NO-LIMIT එකට සෑහෙන ණයක් තිබිලා මේ ආත්මේ තමා ඒක ගෙවන්නේමූව හම්බුනොත් කොහොම තියෙයිද?

මම : බෝලේ
බෝලෙ : අම්මට හුඩු කනියා උඹකොහෙද මේ පැත්තේ?
මම : කියලා වැඩක් නෑ බං ඇදුම් ටිකක් ගන්න කියලා ආවා.
බෝලෙ : අඩෝ මාත් මේ පවුල් සංස්තාවත් එක්ක ආවේ මේ ටිකට මිස්සින්ග් උඹ දැක්කද බං? (මූ අදටත් පංති ආපුවහම අපෙන් තමා අහන්නේ මුගෙ කෑල්ල දැක්කද කියලා)
මම : මම කොහොම දකින්නද බං මාත් දැං ආවේ.
බෝලේ : ඉදපං මම පොඩ්ඩක් බලලා එන්නම්

රින්දි
මේකි ඒ කාලේ වෙනකොට අර අහිංසක කුරුණෑගල පැත්තේ රැවුල් කාරයවත් අමාරුවේ දාගන ළමයි 3 දෙනෙක්වත් ඉදියි කියලයි මටනම් හිතෙන්නේ.ළමයිනුත් මේකිගේ උස ගානම ඉදියි මොකද ඒ තරම් උසයිනේ අපේ රින්දී.

රින්දී : කනියෝ…. (පැන පැන ඇවිදගන ලගට එමින්)
මම : රින්දි ඉතිං කෝ උඹේ ස්වාමිපුරුශයා?
රින්දී : එයා වැඩට ගිහින් මම මේ පොඩි පුතාව ඉස්කෝලෙට දාන්න යනවා. (බෝතල් අඩි කන්නාඩි 2ක් දාගන ඉන්න පොඩි එකෙක් පෙන්නමින් )
මමඋඹ වගේම තමා, මූත් කන්නාඩි දානවා නේද?
රින්දි : අනිත් දෙන්නත් දානවා දැන් මගේ හබීත් දානවානේ.
මම : ඒ අහින්සකයටත් කන්නාඩි දැම්මෙව්වද උබ?
රින්දි : හරි හරි කනියෝ මම උබට කෝල් එකක් දෙන්නම් මූව ඉස්කෝලෙට දාන්න ඕනේ.

අනිත් එවුන් ගැනත් හිතුන ඒවා පස්සේ වෙලාවක ලියන්නම්කෝ එහෙනම් අදට වැඩසටහන් සමාප්තිය..

.ලි ඇත්තටම අර සයිබරයේ සැනකෙලිය කවද්ද කින්ද මංද?
Wednesday, January 25, 2012

ගමේ එකෙක් දකින මොඩර්න් වුමන්

මේක නිකම් මගේ හිතට ආපු අදහසක්, මාතෘකාවෙන්ම වැඩේ තේරෙනවත් ඇතිනේ? තේරෙන්නේ නැත්නම් මෙන්න ,ගමේ ඉන්න කොල්ලෙක් නාගරික පෙදෙසෙකට යනවා අවශ්‍යතාවයකට(එහෙම එහෙකට නෙවේ බං)වටේම එක එක විච්චූරන ගෑනුළමයි ඔය අතරෙ මුට පේනවා.එතකොට උගේ හිතට මොන වගේ අදහසක් එයිද?


අතේ එකක්
පයේ එකක්
මූණේ එකක්
ක්‍රිම් ගොඩක්

සතිය ගානේ
සැලෝන් ගිහින්
මූණට දෙයි
මල වදයක්


මුන්ගේ සුද
කැරපොතු හම
මෙලෝ රහක්
ඇත්තෙම නැත

කොන්ඩේ තඹ
පාට කරන්
කූරූ කරන්
දිගත් නැතේ

විලිසංගෙම
එලියෙ දමා
යනවා මුං
කැසිගමනින්

අනේ මන්ද
අපට එපා
අප්පිරියයි
මේ මායම්

අපේ කමලා
සුමනා හොදයි
මුන්ගෙනේ 
මේ මලකෝළං


අනේ අපොයි
මෙහෙමත් උන්
රටක් වටියි
ලොවක් නැතත්

.ලි : අද නම් නාගරික කාන්තා පාර්ශව වලින් ගුටි කන්න වෙයිද දන්නෙත් නෑ. මොනවා කීවත් තාමත් ලංකාවේ ලස්සන කෙල්ලෝ ඉන්නවා. ඒ ඔබ විය හැකියි?
Monday, January 16, 2012

මාතලන්



ඔන්න මාව ඔයාලට හම්බෙන්නේ සෑහෙන කාලෙකින් නේද?? ඔව් අප්පා අපේ ගලයා දාල තිබ්බ වගේ කැපුවනේ මුන් කනෙක්ශන් එක ඇඩ්රෙස් නෑ.. දැනට මොබිටෙල් එකට අම්මට හොරෙන් කෝල් එකක් දාලා හදාගත්තා ආපහු කපයිද දන්නේ නෑ… හරි හරි වල් පල් හෑලි ඇති අද කතාවට යමුකෝ..

අද ලියන්න යන්නේ අපේ සෙට් එක මුලින්ම ට්‍රිපක් කියල ගිය ගමනක ගැනයි.. අපේ සෙට් එකගේ ඩිප්ලෝමා එක පටන් ගත්තේ මාර්තු 1 කියලා මම කිවනේ කලින් දවසක.ඔන්න ඊට මාසෙකට විතර පස්සේ අපේ එවුන්ට තදියම ගහනවා කොහේ හරි යන්න.ඒ කාලේ ඉතින් ගලේ එහෙමත් අපට ෆිට් නෑ.ඒක නිසා අපේ සෙට් එකේ හිටියේ 9 දෙනය ඒකෙනුත් ගියේ 8යි (බෝලෙට අවශයතාවයකට නුවර යන්න වෙලා).ඉතිං අපි 8දෙනා සෙට් වෙලා කතා කරගන ඔන්න අන්තිම තීරනේකට ආවා මාතලයලේ ගෙදර යමු කියලා.ආ කියන්න බැරි උනානේ මාතලය කියන්නේ මාතලේ පොරක් හැබැයි මුන්ගේ දබුල්ලේත් ගෙදරක් තියනවා.මූ ඩිප්ලෝම එකටත් මාස 2ක් විතර ආවේ හොදට කන බොන කොල්ලෙක්.


මුන් මට කියලා තිබ්බෙ උදේ 9 **** එකට වරෙන් කියලා. මාත් ඉතින් උදේම දත කට මැදලා ගියා කියපු වෙලාවටම විනාඩි 30ක් පරක්කුවෙලා.යද්දී මෙන්න හෝ ගාලා අපේ එවුන්ගෙන් දුමා විතරක් තනියම ඉන්නවා.

මම : කෝ බං අනිත් එවුන්??
දුමා : මේ ****** පුතාලා තාම නෑ බං. බයිසා ගෙදරලු බබිය,බබුනයි මගලු,

මොනා කරන්නද දැං ඉදපල්ලකෝ මුන් එනකම්, අපි දෙන්නට ඌරු ජුවල්,ඇයි අප්පා කීයට යන්නද? තරහටත් එක්ක ඉස්සරහ කඩේට රිංගලා ගැහුවා සිකරට් එකක්.. ඔන්න ඉතිං එහෙම පැය භාගයක් වේලෙද්දී එනව ටිනයි,ලකියයි.

ටිනා : කෝ යකෝ අනිත් එවුන් තාම නද්ද??
දුමා : නෑ බං අපිත් දැන් පැයක් විතර මෙතන

දැං ඉතින් අපි "හතර දෙනාම සුරුයෝ" කියලා ඉන්නවා බෝක්කු කනුවක් උඩ ඉදගන. 10.15 විතර රබ්බඩ අයියයි පුවක්බඩිල්ලයි වගේ ඔන්න එනව අපේ බබි බබු කපල් එකත්.. අපටත් දැන් එකම තැන ඉද ඇති වෙලා හිටියෙත්

ටිනා : අඩේ යමු ටවුන් එකටවත් එපා වෙනවනේ..
මම : ඔව් බං මොන මගුලක්ද??
දුමා : එල යමං

ඔන්න ඉතිං කට්ටිය ආපපු කදමලු බැදගන ගියා ටවුන් එකට,ටව්න් එකට වෙලා බොරු එක හමාරක් කියද්දි ඔන්න විලයි බයිසයිත් ආවා.දැන් ඉතින් කට්ටිය සෙට්නේ දැන්වත් එහෙනම් යමං කියලා කෝල් එකක් දුන්න මාතලයට

මම : අඩෝ මාතලයා අපි දැන් කුරුණෑගලින් එන්න හදන්නේ
මාතලය : අඩේ කනියා කෙලවෙලා තියෙයි මම මේ නුවර ඉන්නේ බං මම දබුල්ලට එද්දි 2 වත් වෙයි.
මම : *** කලින් කියන්න එපා ඈ යකෝ.
මාතලයා : කලින් කියන්න තියා මමවත් දන්නේ නෑ නුවරට එනකම්.
මම : හරි උඹ අපිට මෙහෙන් එන්න ඕන වෙලාවට කියපන්කෝ.

කාල තියෙන්නේ දැන් ඉදපන්කෝ 2වෙනකම් කියලා වෙලාව බැලුවා. අම්මට හුඩු 11යි, දැන් මොකද කරන්නේ. කියල කට්ටියම ඔලුව කහ කහ කල්පනා කරනව.ඒ අවස්ථාවේදී බබුන සුපිරි අදහසක් දැම්ම අපිට.

බබුනා : මොකෝ කියන්නේ ගහමුද බියර් එකක්වත්
ලකියා : අන්න වැඩේ, ඒත් කොහෙද ගහන්නේ??
දුමා : යමං වෙලගෙදරට එකට එතන එහා පැත්තේ පුලුවන්.

දැං ආපහු අපි බියර් ටිකත් අරගන ගියා වෙලගෙදරට, ගිහින් කොහොම හරි බියර් එක හෙමින් හෙමින් පැය එක හමාරක් විතර ගැහුවා. නයි කයිද රෝස් පාන් මෙන්න ඒ අස්සේ බබිය චූන් වෙලා

බබී : අනේ මට බෑ ***** දබුල්ලේ යන්න.
ටිනා : ඒ පාර මොකාද උඹට වැහුනේ?
බබී : වැහෙයි වැහෙයි බලපල්ලකෝ ගියාම ඉන්න මදුරුවො ගොඩ..
විලා : අනේ ****** නැතුව ඉදපන් දැන් මේ මෙච්චර ඉදලා ආපහු ගෙදර යන්නද කියන්නේ?

මුටත් බැනලා.බුල කෙල කෙල ඉද්දි ඔන්න 1.30ට විතර කෝල් එකක් එනවා මාතලයගෙන්,මචං උබලා ඔහෙන් නැගපල්ලා මාත් දැන් එනවා කියලා. අපිත් තව විනාඩියක් පරක්කු නොවී දුවලා ගිහින් නැංගා බස් එකට.බස් එකේනම් කට්ටිය පාඩුවේ නිදාගන තමයි ආවේ.බියර් වල පවර් එකට වෙන්න ඇති මයෙ හිතේ. 2.30 3ට විතර දබුල්ලෙන් බැහැල මාතලයට ගත්ත කෝල් එකක්.

බයිසා : මාතලය කොහෙද බං අපි දබුල්ලේ?
මාතලයා : හරි උඹල දබුල්ලෙ ෆුඩ්සිටි එක ගාවට සෙට් වෙයන් මම විනාඩි 5න් ඔතන

අම්මට හුඩු මුගෙ විනාඩි 5 තමා විනාඩි 5. මං හිතන්නේ මුගෙ ඔර්ලෝසුවෙ කටු කැරකෙන්නේ හෙමින් වෙන්න ඇති නැත්නම් පැය භාගෙට විනාඩි 5ක් කියයි ඈ.දැන් මාතලය අපිවත් ඇදගන ගියා ෆුඩ්සියටියට.ගිය ගමන් ගියේ ෆුඩ්සිටියේ බාර් එක ගාවට.පිස්සු සදයි ඕයි, මෙන්න ආසියාවේ ආශ්චර්ය, බාර් එකේ පෝලිම කිලෝමීටර් ගානක් දිගයි.පෝලිමේ තැපලා තැපලා ඕනේ කරන බඩු ටිකත් අරන් අපි ගියා මාතලයගෙ ගෙදර.මාතලයගේ දබුල්ලේ ගෙදර ඉන්නේ උන්ගේ තාත්තා විතරයි අනිත් ඈයෝ ඉන්නේ මාතලේ.. දැන් ඉතිං අපි සෙට් වෙන තැනක් කතා කරගන්නවා

මම : කොහෙද බං සෙට් වෙන්නේ
ටිනා : ඇයි බං මේ මහ විසාල ගෙදරක් තියෙන්නේ
මාතලය : පිස්සුද *** තාත්තා එනවා හවස
මම : එහෙනම්??
මාතලය : එල මෙතනින් පොඩ්ඩක් එහාට වෙන්න තියනවා වැවක් ඒකට යමං

අපිත් ඉතිං තව ටිකක් සතුටු සාමිච්චියේ යෙදිලා 7ට විතර ගියා ඒ ලග තියනව කියපු වැවට, ලග කීවාට ඒ හැටි දුරක් නෑ කිලෝමීටර් 2ක් ද කොහෙදෝ පයින් යන්න උනේ.වැව ගාව කට්ටිය ගිනිමැලයක් එහෙම කාරිය ගහලා වැඩේ පටන් ගත්තා.තිබ්බෙත් කාගෙත් ආසම පානය black opal, කට්ටිය ලග නවනවා,සින්දු කියනවා,නටනවා එක කෙලියයි. ඒ අස්සේ පැය දෙකකින් විතර බලද්දී බෝතල් තුන හමාරට උන දෙයක් නෑ.

මාතලයා : අඩේ ඉවරද බං?
දුමා : ඉවරයි?
ටිනා : මේ හරියෙ ගන්න තැනක් නැද්ද බං මාතලෙයෝ?
මාතලයා : සල්ලි එකතුකරපල්ලා රෙස්ටුරට් එකක් තියනවා ඒකෙන් ගේමු.

ඔන්න ඉතින් තිබ්බ අන්තිම සතේ වෙනකම් කට්ටිය දාල ගෙනාව තව ගල් බෝතල් එක හමාරක්.ගල් බෝතලෙන් ශොට් එක ගානේ යද්දී කට්ටිය පදම් වෙලා සින්දු කියලා නට නට ඉන්නකොට මාතලය වැවට පනින්න යනව දුමා දැකල මාවත් ඇදන් එතනට දිව්වා.

දුමා : මොකද ***** වෙරි වැඩි වෙලාද තෝ මේකට පනින්න යන්නේ?
මාතලයා : අඩේ මගෙ ෆෝන් එක වැටුනා බං මේකට.
මම : ඉදපිය අපි බලන්නම් උඹනම් බහින්න එපා
මාතලයා : අඩේ එහෙම කරන්න එපා බං මාත් බහින්නම්.
දුමා : මොකා? ඉදපිය ***** අපි හොයලා දෙන්නම්

කියලා අපි දෙන්නා වෙරි මර ගාතේ වැවට බැහැලා හෝ ගාල ෆෝන් එක හොයනවා. ටික වෙලාවකින් දුමා කියපි අඩේ මිස් කෝල් එකක් ගහලා බලපන්කෝ කියලා මාත් මගේ ෆෝන් එක අරන් ගැහුවා මිස් කෝල් එකක් අම්මට හුඩු මෙන්න ෆෝන් එකේ රින්ග්ස් යනවා ඇහෙනවා.. මේකට වෙරි වැඩි වෙලා ෆෝන් එක සාක්ක්කුවේ දාගන වැවට වැටුනලු,කාට කියන්නද මාතලයගේ සියලු නෑදෑ හිතවතුන් මතක් කරගන දුමයි මායි ගොඩට ආවා. ඇවිත් මලටත් එක්ක ටිනාට කීවා දාපන් තව ශොට් එකක් කියලා. අම්මට හුඩු ඒක බිව්වා විතරයි කොල්ලට ජබර කලන්තේ.මොනවත් නෑ ලෝකේ කැරකෙනවා හැටට හැටේ.. එහෙම්මම කොල්ලා දොයි..


මමතුමා විසින් එකළ ගසන ලද මඩපාරකි 



ප.ලි : ඊට පස්සේ පහුවදා තමා සීන් එක දන්නේ.ටිනා වෙරි මර ගාතේ කෝක් වෙනුවට දාලා තියෙන්නේ ගල්මයි. සුදුපාට ප්ලාස්ටික් කෝප්පේන් තුන් කාලක් විතර ගල් ශෝට් එකක්.

ප.ප.ලි : මාතලයට මහ රෑ නාන්න හිතිලා ඒකා අපි බහින්න දෙන්නේ නැතිවෙයි කියලා තමා මිනිහා ෆෝන් එක වැටුන කියලා තියෙන්නේ. අනික එදා වැටිලා තියෙන්නේ මං විතරක් නෙවේ මාතලය,නෙවිලා එහෙමත් වැටිලා ඒක හින්දා නොන්ඩියෙන් ටිකක් විතර බේරුනා.
Saturday, January 14, 2012

ඩිජිටල් කැමරාව


මේ කියන්න යන්නෙ අපෙ බබුනා අපිට දුන්න ආතල් එකක් ගැන පොඩි කතාවක්….මිනිහා එල බුවා පොඩ්ඩක් ටියුබ් ලයිට් ගතිය තමා අවුලඅවුල කීවට එකේ ඉතින් අවුලක්ම නෑ මොකද අපේ උන්ට මොකෙක්ගේ හරි ආතල් බලලා හිනා වෙන්න තියනවා නම් ආය මොනවද බඩුම තමා….මිනිහා ගැන කියනවානම් ඉතින් කියන්න දේවල් ගොඩයි..
මූට බඩගිනි උනාම මාර දරුනුයි..බොන්න නැති උනාම ඉතා දරුනුයිලේඩි බබුන් අපිට කියලා තියෙන්නෙ කොහෙ හරි යනකොටඅනේ මෙයාව බඩගින්නේ නම් තියන්න එපා හොදේ කියලා”(ලේඩි බබුන් කියන්නෙ මේ තැනැත්තාගේ ගැහැනු ලමයට)ඒක හින්දා අපිත් කොහෙ ගියත් මූට  කන්න තැනක් හොයලා දෙනවා,නැත්නම් ලේඩි බබුන්ගෙන් කණක් ඇහිල ඉන්නව බොරු. 

හරි හරි වැඩි කතා ඕනේ නෑ..කතාව පටන් ගමුකොඔන්න අපේ බබුනා ගාව තිබුනා එල ඩිජිටල් කැම් එකක්
ඕක පොර ගාව තියනවා කියල දැන ගත්තේ අපි ගියා පොඩි ට්‍රිපක්.ඒකට බුවා කැම් එක ගැනල්ලා හතර අතේ පොටෝ ගැහැව්වාහරි එකත් නෙමෙයිනේ කතාව...
ඔන්න දවසක් අපේ බසිසාට  පොඩි වැඩකට කැම් එකක් ඕනේ වෙලා රට පෙරලන්  මූ කැම් එකක් හොයනවා..
ඔන්න ඔය වෙලාවෙ මතක් වුනා අපේ බබුනා ගාව..කැම් එකක් තියනවනෙ කියලාමිනිහා එදා ක්ලාස් ඇවිත් හිටියෙ නෑ..කලින් දවසේ රාත්‍රියේ පොඩි සාදයක් සරු වෙලා..මේ මනුස්සයට සාමාන්‍යයෙන් ගොඩක් රාත්‍රි සාද තියනවා..ගත්තා ඇමතුමක් බබුනාට….

බයිස:අඩෝ මචන් උබ ගාව කැම් එකක් තියනවා නේමට හෙට පොඩ් වැඩකට ඕනේඋබ ගාව තියනවා නේ..
බබුනා:අහ් ඔව් ඔව් තියනවා වරෙන් අපෙ ගෙදර මම දෙන්නම්

එහෙනම් දැන් වැඩෙ හරිනේ කියලා බයිසා අපි ටිකවත් ඇදගෙන යන්න ලැහැස්තිය බබුනාගෙ ගෙදර..සෙට් එකේ ගොඩාක් උන්  බබුනාගේ ගෙදර ගිහිල්ලා නැති හින්දයි..එක එක උන්ගේ ගෙවල් වල ගිහින් චොර කරලා එන එක අපේ උන්ගේ විනෝදාන්ශය හින්දයි.. යමුකො එහෙනම් කියලා කට්ටිය මෑන්ස්ගේ ගෙදර යන්න වැල්ලව බස් එකකින් ගිහින් ගේ ගාවින් බැස්සාඅනෙ ඉතින් මේ කිවා තරම් ඉක්මනටනම් යන්න බෑ කමක් නෑ අපි  පෝස්ට් එක දිග වෙන හින්දා එහෙම කියමුකෝ.බුවාගේ ගේ ඉස්සරහින් තමයි යන්නෙ රේල් පාර.
දැන් ඉතින් කට්ටිය මුගෙ ගෙදර ගිහිල්ලා වල්පල් ටිකක් කතා කර කර යන්න එකෙකුටවත් ගානක් නෑ..කොහොම හරි දැන් ඉතින් යන්න වෙලාවත් ඇවිත් බයිසා කිවා බබුනට මචන් ඉක්මනට දීපන්කො කැම් එක අපි යන්න ඕනෙ රෑ වෙනවා කියලා
හා හරි හරි කියල මෙන්න බොලේ මෙකා කොම්පියුටෙර් එකට සෙට් කරලා තිබුන වෙබ් කැම් එක ගලවලා අරගෙන දුන්නෙ නැද්ද බයිසා අතට

බයිසා:මේ මොකක්ද යකො මේ?
බබුනා:ඇයි උඹ ඉල්ලුවෙ කැම් එකක්
බයිසා:අනේ *****මම ඉල්ලුවේ ඩිජිටල් කැම් එක අර උඹ ට්‍රිප යන්න ගෙනාවෙ..
බබුනා :ආආආ... ඒකද...?ඒක නෑ යීඒක මගෙ නෙමෙයි මගෙ කසින් කෙනෙක්ගෙනේ..
බයිසා:මොන***** එහෙනම් උබේ කිවෙ එදා
බබුනා:ඒක ඉතින් උගේ කිවාට මගෙ වගෙ තමා..එත් බන් උබට අද නම් ඒක ගන්න වෙන්නෙ නෑ
බයිසා:අනේ *****මෙච්චර දුර අවෙ මේ***** ගෙනියන්නද?

වෙලාවෙ ඉදන් බයිසාගෙ කටින් පිට වුනේ තරු කොටූ සමග ඉරි ලකුනු විතරයිමයිඅනිත් උනට ෆුල් ආතල් මේ සීන් එක..
පහුවදා බබුනා ක්ලාස් එකේ නියමට බයිට්...බොරුනම් ඔය අපේ බබුනාව දන්න කට්ටිය දැක්ක වෙලාවක අහන්නකෝ මචං ඩිජිටල් කැම් එකක් නැද්ද කියලා

අහ් තව එකක් කියන්න අමතක උනානේඑදා බබුනාගෙ ගෙදරින් ඇවිල්ලා ආපහු යනකොට කෝච්චියේ යන්න ලැහැස්ති කට්ටිය..එහෙනම් යමු කියලා ස්ටේශමට යන්න හදද්දීබබුනා  කියන්නවායකෝ තොපිලට පිස්සුද? ස්ටේශමට යන්න ඕනෙ නැ අපේ ගේ ගාවින් කොච්ච්ය නවත්තා ගන්න පුලුවන් ….
ඊළගට එන කෝච්චියට අත දාල මෙතනින් නගින්න පුළුවන් ඔහොම හිටපන්කෝ කියල කිව්වා "


අපේ එවුන් කවදාවත්  අහල  තිබ්බේ නෑ කොච්චි අත දැම්මම නවත්වනවා කියල.ඉතින් අපේ එවුන් තව ටිකක් බබුනවා බයිට් කරා
බබුන කියනව"ඔන්න ඕකනේ බන් අපේ අම්මත් හැමදාම වගේ වැඩට යන්නේ මෙතනින් කෝච්චියට අත දාල තාම කියල" අපේ එවුන්ට දැන් මුව sure  නැ නේ cam  එක වගේමද දන්නේ නැ මුගේ කෝච්චියත් කියල පුරුදු විදියට bus  එකේම කුරුණෑගලට ආව.


ප.ලි:පසුව දැන ගන්න ලැබුන train  bus  ද මොකක්ද ඒ වගේ නමක් තියන කෝච්චිය අත දැම්මම නවත් වනවා කියල.