ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Saturday, December 31, 2011

අවාසනාවට ඇත්ත කතාවක්



ඔන්න ඉතිං මුලින්ම සමාව බාජනය කල මැනවි ඊයෙ පෝස්ට් එකක් දාන්න බැරි උනාට.ඉතින් පෙරේදා දාපු රසීගේ වැඩ කෑල්ල හින්දා තව පොඩ්ඩෙන් අද රසීයගෙන් ගුටි කනවා නිකම් නෙවෙයි කොස්සෙන්, ආයෙ මොකටද ඉතිං හැමදාම  මඩ ගහලා ගුටි කන්නේ කියලා ඔන්න අද පොඩි වෙනසක් කලා...


මේක අපිට අපේ පංතියේ ටාසා ඊයකින් ආපු එකක් (නෑ නෑ දේවානම්පියතිස්ස රජතුමා විද්ද එකක් නෙවේ Email එකක්).අනේ ඉතින් මේක අපේ කතාවක් නම් නෙවෙයි කියවලා තියනවනම් ඔන්න අපිනම් දන්නේ නෑ.අපිව එහෙම අල්ල ගන්න එපා අපි අහිංසක බෝ පැල වගේ ළමයිනේ.




ඔයාගේ ඇදුමේ එල්ලිලා හිටිය මකුලුවෙක්ව දෑකලා විලාපතියද්දි ඌව බිම දාල චප්ප කල දවසෙ ඉදන්
මම පලවෙනි සිල් පදය කියන එක නැවැත්තුවා...

ඔයගෙ පොටෝ  එකක් ඉල්ලලා "අනේ ඒක කැතයි දෙන්න බෑ" කියද්දී ඒක ඔයගේ පර්ස් එකෙන් උස්සපු දවසෙ ඉදන්
මම දෙවැනි සිල් පදය කියන එක  නැවැත්තුවා ...


ඔයත් එක්ක කින්හන්තර් බලන්න ගිහින් කලුවරේ තනි වුන වෙලේ මල නොතලා රොන් ගත්ත දවසෙ ඉදන්
මම තුන්වැනි සිල් පදය කියන එක  නැවැත්තුවා ...


ඔයව හම්බවෙන්න අම්මටයි තාත්තටයි එක්දාස් එකක් බොරු කියලා ගෙදරින් පනින්න ගත්ත දවසෙ ඉදන් …
මම හතරවැනි සිල් පදය කියන එක  නැවැත්තුවා ...


ඔයා මාව එපා කියලා දාල ගිය වෙලේ මගේ තනි රකින්න බොතලේ එක්ක එකතු වුනු දවසෙ ඉදන්
මම පස්වැනි සිල් පදය කියන එක  නැවැත්තුවා ...


බලන් යද්දි ඔයා මාර දුවරු පරාද කරන චින්චි මානවිකාවියක්නේ අහිංසක මාව පස් පවට ඇදල දාලා

කාට කියන්නද ඉතිං මේවා...

ප.ලි : තේරුනාද දන්නේ නෑ??
Thursday, December 29, 2011

ටියුබ් ලයිට් රසී



ඔන්න ඉතින් හැම පංතියකම වගේ අපේ පංතියෙත් ඉන්නවා අර සුදු දිග ලයිට් එකක් මෙයාගේ කර්ඩ් එක දාල තියෙන්නේ රසී.රසී කිවට මොකද මෙලෝ රහක් නම් නෑ ඕං. ටියුබ් ලයිට් වගේම තමයි ස්ලොව් මොෂන් එකත් මෙයාට මදි නොකියන්න තියනවා.මෙයා වචන 10ක් කතා කරන්න අඩුම තරමින් විනාඩි 3ක් වත් යනවා. ඔන්න ඉතිං අද දාන්න හිතුවා මෙයගේ ටියුබ් ලයිට් කතා ටිකක්

කතාව 01

මේ කතාව අපට කිවේ ගලයා ඔන්න දවසක් ගලයට කෝල් එකක් එනවලු මහ රෑ 10ට විතර බලද්දි රසීලු

ගලේ : හෙලෝ රසී
රසී : ගලේ මොකද කරන්නේ
ගලෙ : මොකක් කරන්නද බං  මේ මහ රෑ නිදාගන්නවා ඇරෙන්න
රසී : හරි හරි මේ පොඩි ප්‍රශ්නෙකට කතා කරේ
ගලේ : මේ අවේලාවෙ?? හරි හරි මොකක්ද දැන් ප්‍රශ්නේ?
රසී : ගලේ මේකයි දැන් visual studio.net 2008 සොෆ්ට්වෙයා එකේ ෆයිල් සයිස් එක ගෙගාබයිට් 3.30යි නේ ඒත් මගෙ රැම් එක තියෙන්නේ ගෙගාබයිට්  2යි මම කොහොමද හලෝ කොම්පියුටර් එකට මේක දාන්නේ???

( මේකි හිතල තියෙන්නේ සොෆ්ට්වෙයා ඉන්ස්ට්රොල් වෙන්නේ රැම් එකට කියලා කාට කියන්න්ද, කරන්නේ IT )

කතාව 02

දවසක් ඔන්න අපේ project කරන්න කියලා කට්ටිය කැන්ටින් එකට සෙට් වුනා.. අපේ සෙට් එකත් මේසෙක වට වෙලා බුදු කයියක (ඔව් ඉතින් හැමෝම එහෙමනේ project කරන්න ඇවිත් කරන්නේ වල බහින එකනේ), අපේ මේසෙට එහා පැත්තේ ඔන්න ඉන්නවා රසියි මැගියි, ටිකකින් බබී රසීගේ ලැපයි,ඩොංගල් එකයි ඉල්ල ගත්තා mail එකක් බලන්න කියලාරසිත් ඉතිං ලෝබ නැතුව දුන්නා. ඔන්න ඉතින් මූ ලැපත් දාගෙන ඩොංගල් එක ගහන්න හැදුවා විතරයි මෙන්න බොලේ රසී නහයෙන් අඩනවා

රසී : අයියෝ ඔයාලා හරි නරකයි.
බබී : ඒ මොකො රසී?
ටිනා : මොකක්ද හත් දෙයියනේ අපි උඹට කරපු නස්පැත්තිය??
රසී : මොකද තමයි මගෙ ලැප් එකේ ඩොංගල් එක ගහන්නේ මෙන්න මේ usb එකට විතරයි අනිත් ඒවට ගහපුවම ලැප් එකට වයිරස් යනවා.

මොනවද ඉතිං අපේ එවුන්ටත් එක වචනේ ඇතිනේ , ඇස් වලින් කදුලු පනිනකම් හිනා උනා.ඒත් රසියා ෆුල් හොල්මං වෙලා අපි දිහා බලං ඉදපු එක විතරයි කරේ.
Wednesday, December 28, 2011

ලයින් 5යි..erros..30යි..




අම්මෝ අදනම් පට්ටම සීතල දවසක් මාරම කම්මලියි ඒක හින්දා ටිකක් පොඩි පෝස්ට් එකක් දාන්න හිතුවා. ඒ අස්සෙ cristmas ඉවර වුනා විතරයි මෙන්න 2012ත් එනවා අයියෝ සල්ලි….හරි හරි ඔන්න එහෙනම් වැඩේ පටාන් ගමු

මේක අපේ ලකියට වුන වැඩක්ලකියා මතක ඇතිනේ අර වෙසක්කූඩු එකේ සර් රුත් එක්ක parallel වෙන්න ගියේ අන්න හරි අන්න තමා. ලකියා කියන්නේ සතියකට එක පාරක් මොකක් හරි ආතල් එකක්  දීලා අවුරුද්දක් අපිව හිනා ගස්සන පොරක්….අපිට මුලින්ම programming language එකකට කියලා කරේ  C language එකඔන්න එදා අපිට PC Lab 2 එකේ practical( ඔව් ඔව් ඉතින් අපේ එවුනුත් practical යනවා ඉදලා හිටල හරි)..අපේ සෙට් එක හැමදාම ගිය දවසට සෙට්වෙන්නෙ අන්තිම පොලිමට මොකද එකේ ඉද්දි හොරෙන් නෙට් පාරක් එහෙම වුනත් යන්න පුලුවනේ… ;)

ඉතිං ඔන්න මම හිටියේ අයිනෙම PC එකේ,…කට්ටිය turbo c දාගන ගජරමෙට keyboard එකට තඩි බානවා….ලකියත් මට එහා පැත්තේ ඉදගෙන වැඩලකියට එහා පැත්තෙ බයිසාටික වෙලවකින් බුවා බයිසාට  කියනවා

ලකියා : මචං turbo c වල අවුලක් පොඩ්ඩක් බලපන්කො මොකද කියල
බයිසා මොකක්ද බං  අවුල?
ලකියා:මෙ බලපන්කො ටයිප් කරන ඔක්කොම capital වලින් නේ
වදින්නෙ..
බයිසා ඉතිං යකෝ caps lock on කරපුවම කැපිටල් තමා තමා වදින්නෙ
ලකියා : අහ් ඔව් නේකව්ද බං දන්නේ.. ( වුනාට කරන්නේ IT )

මිනිහගෙ  ප්‍රශ්නෙත් විසදලා ආය කට්ටියම වැඩඅපේ එවුන් code 3ක් විතර ටයිප් කරද්දී ලකියත් බුදු කට්ට්ක් කාල code එකක් ගහගෙන

ලකියා: අම්මෙ බං  එකක් නම් හරි ඔන්න
මම: compile කරාද??
ලකියා:නෑ බං  කරන්න ඕනේ
මම : ගෙදර ගිහිල්ල කරන්නද ඉන්නේ උඹ කරපිය දැන්..
කොහොම හරි කොඩ් එක compile  කරලා ..මිනිහා කියනවා
ලකියා: මොන ****** බං බලපන්කො Errors ගොඩ..

පොඩ්ඩක් ඔලුව දාල බලපුවාම නිල් පාටට තිබුන screen එක කහ කහ පාටයි….කට්ටියම ඇවිත් බැලුවා මොකක්ද මේ තරම් errors කියලා..බලපුවහම errors 30යිපොඩ්ඩක් හොයල බලද්දි මේකා ලියල තියෙන්නෙ පලවෙනියටම කරන hello world  code එක….code එකේ ලයින් 5යි..erros..30යි..
 
ටියුබ් ලයිට් අයට - සාමානයෙන් hello world code එකේ උපරිමම error එනවනම් එන්නේ 8යි නැත්නම් 9යි. අතින් කොහොමද අපේ ලකිගේ ටැලෙන්ට් එක…..

.ලි : අපි අදටත් try කරනවා hello world code එකක error 30ක් ගන්න අපට හිතලවත් ගන්න බෑ..
Tuesday, December 27, 2011

වෙසක් කුඩු



ඔන්න ඉතින් දෙයියනේ කියලා අද පෝස්ට් එක දාන්න යන්නේ උදේ ඉදං දාන්න හිටියත් මේ දවස් වල party පිරිලා එක හින්දා හැමෝම සමාවෙන්ට ඕනේ ඔන්න. තවත් එකම එක වැදගත් දෙයක් කියන්න තියනවා අපිට මේ දවස් වල බ්ලොග් ලෝකේ ලොකු පොරක් ලොකු තල්ලුවක් දෙනවා ඒ තමයි ඕනමැන්ටල්ගේ බ්ලොගය ලියන ඕනයා අයියා. හරි හරි හෑලි ඇති….

අපිට 3rd exam  එක ඉවර උනා විතරයි( diploma  එකේ ),ඔන්න  sir  class  එකට ඇවිත් කිව්වා වෙසක් එකට මොනවා හරි අපිටත් කරන්න කියල. Sir එහෙම කියල ගිය විතරයි ලකියා නැගිටලා කිව්වා කැරකෙන කුඩුවක් ගහමු කියල.කැරකෙන කුඩුවක් තියා අටපට්ටමක් වත් හදා ගන්න කාලයක් තිබ්බේ නෑ මොකද වෙසක් එකට තව සතියක් විතරයි තිබ්බේ.කොහෙද ලකියට කැරකෙන එකක් ම ගහන්න ඕනිලු.මොනවා කරන්නද ඔන්න ඔහේ කියල එක කරමු කියල ස්ථීර කරා.

අනිත් දවසේ මම (ගලේ) ගිහින් ලකියගෙන් ඇහුව මචන් දැන් මොකක්ද හදන්නේ කියලා.මෙන්න මේක එක පාරටම බැග් එක ඇදල  ගත්තේ නැද්ද A4  කොලයක්, මේක ඊයේ රෑ නිදිමරාගෙන කුඩුවේ Design එක ඇදලා. දැන් එහෙනම් වැඩේ කරන්න සල්ලි ඕන නේ.class  එක හැම එකගෙන්ම Rs  200 ගානේ එකතු කරා.දැන් සල්ලිත් හරි දැන් batch  එකේ ඔක්කොමල වැඩ ( අපේ සෙට් එකට අමතරව මැගී,ගිනි කිකිළි , ජිලා,ටාසන් ,ඉෂාන් අය්ය,lady  බබුන් එකී නොකී ආදී batch  එක ඔක්කො)





ලකී කුඩුවේ ඇද බලනවා
                       




බබී ඇනයක් කෙලින් කරන්න දෙන ගේම



මැගී ට බඩගිනි හැදිලා පාප්ප කනවා 


Design එක තිබ්බේ මහ කුඩුවයි පැටව් 6යි.දැන් කුඩුවේ වැඩේ නැගලම යනවා.batch එක ඔක්කොමල එකා වගේ වැඩ. කුඩුව හදන්න පටන් අරගන දවස් 5 කට පස්සේ යන්තම්   මහ කුඩුවයි පැටව්6 කුයි හදා ගන්න පුළුවන් උනා(තමා සව් කොළ අලවල නෑ). මේ යන විදියට ගියොත් කුඩුව පෙන්නන වන්නේ පොසොන් එකට තමා. එහෙම හිතල අපි කතා උනා නයිටක් ගහන්න( කොල්ලෝ විතරයි ).එත් ක කොස්සක් තිබ්බා අපිට කලින් batch  වල කට්ටියගෙ හොද හැසිරීම නිසා අපේ institute ඒක රෑ වැඩ තහනම්.එහෙම කියලත් බෑනේ.ඕන දෙයක් වෙන්න කියල ගත්ත Director sir  call  එකක් අරගෙන ඇහුවා "sir  අද රෑ අපිට මෙහෙ නතර වල මේ වැඩේ කරන්න පුලුවන්ද කියල" එදා sir  Colombo  head  office  එකට ගිහින් sir  කිව්වා මම එනකම් ඔහොම වැඩ ටික කරගන යන්න.මම ආපුවම කියන්නම් මොකද කරන්න ඕනි කියල.දැන් අපේ එවුන්ටත් මාර happy .අපි සෙට් එකම හිතුවේ නයිටක් ගහන්න පුළුවන් වෙයි  කියලා. දැන් sir එන නිසා කට්ටිය ඔක්කොමල බරටම වැඩ(6න් පස්සේ වැඩ කරන්න ඉතුරු උනේ අපේ සෙට් ඒක විතරයි). sir 8.30 විතර ආව දොඩම් මල්ලකුත් අරගන sir ට දුක හිතන්නේ ඇති අපි වැඩ කරනවා කිව්වම :දැන් sir අහනවා දැන් තව මොනවද මේකේ කරන්න තියන්නේ කියල දැන් ඒක එකා උත්තර දෙනවා

බයිසා: sir  සව් කොළ අලවන්න තියනව
බොලේ: sir  මහ කුඩුවේ උඩ සව් කොළ අලවන්න කුඩුව ඔක්කොම හදල ඉවර වෙන්ඕනි
ලකී :sir  කුඩු ටික වයරින් කරන්න ඕනි

ඔය වගේ අද නයිට ගහන්න අවසර ගන්න කට්ටිය මාර ගේමක් දෙන්නේ.

sir ඔය ඔක්කොම අහගන ඉදලා ලකීගෙන්  ඇහුව දැන් මේවා parallel   යන්නේ කියල
ලකී: නැ sir  වයර් දෙක යන්නේ කුඩුවට යටින් කියල(මුගේ හිතේ sir  වයර් කොහොමද දාන්නේ  කියල ඇහුව කියල )
sir  : නෑ නෑ වැඩේ යන්නේ parallel  ?

ලකී මේ පාරත් කිව්වේ නැද්ද "නෑ sir  වයර් යන්නේ කුඩුවට යටින්" කියල sir  ටත් වැඩේ තේරිලාද කොහේදෝ ආයේ ඇහුවේ නෑ parallel   ද වයර් දෙක යන්නේ කියල්ලා.අන්තිමට sir  කිව්වා දැන් ඔය වැඩ ටික නවත්වල හෙට ඇවිත් කරන්න කියල,අනේ අපේ අහිංසක බලාපොරොත්තු ඔක්කොම බිද වැටුන දැන් මොනවා කරන්නද ඔන්න ඔහේ යමු කියල 8.45 ට විතර එලියට ආව.


                  
මහා කුඩුවේ පැති පෙනුම    




නයිටක් ගහන්න බලාපොරොත්තුවන් බරටම වැඩ




මට නම් ගෙදර යන්න බෑ


දැන් ඔක්කොටමම මලේ මල. ඇයි අප්පා අතින් කාල හරක් බලනවා වගේ වැඩක්නේ අපිට උනේ. දැන් ඉතින් ගෙවල් වලට යන්න ඈ?? ඔය අතරෙ අපේ විලා නවතිලා ඉන්නේ බෝඩිමක විලා කීවා සෙට් එකම යමන් බෝඩිමට කියලා ඔන්න ඉතින් අපිත් අහිසක බලාපොරොත්තු පොදි බැදන් අතේ තිබ්බ සතේ සතේ දලා black opal බෝතල් දෙකකුත් අරන් ගියා බෝඩිමට. බෝඩිමේ ඉන්නේ විලයි දිගයි ( මූ අපිට වඩා අවුරුද්දක සින්නෙක්) විතරයි. ඔන්න ඔය බෝඩිම එහා පැත්තේ තියනවා කොත්තු කඩයක්. කොත්තු කඩේ අයියත් මදය‍‍ප සංගමේ එල සමාජිකයෙක් කියල විලා අපිට කිවා. අපිත් අයියගෙන් කොත්තුවකුත් අරන් අයියත් ඇදගන ආව බෝඩිමට. ඇවිත් ඔන්න කට්ටිය සෙට් වෙලා ඔය අතරෙ අපේ බබියා කොත්තු කඩේ බුවාව පොඩ්ඩක් උඩින් තියන්න ගත්තා.

බබී : අයියා කොත්තුවනම් කියලා වැඩක් නෑ මම කාපු එලම කොත්තුවක්
බුවා : එහෙම තමයි මල්ලි, හොර බොරු නැතුව Business එකක් උනත් කරන්න ඕනනේ මම ඕකට අජියා දාල එහෙම නෙවෙයි හදන්නේ

අපේ එවුන් ෆුල් හොල්මං කව්ද මේ අජියා කියලා, බැලින්නම් පස්සේ තේරුනේ මිනිහා මේ අජිනොමොටෝ  ගැන කියලා තියෙන්නේ.ඔය අතරේ ආපහු බබී බුවාව උඩින් තියනවා.

බබී : ඇත්තමයි අයියා මම මේ කුරුණෑගල අහලකවත් මේ වගේ කොත්තුවක් කාල නෑ,බොරු නම් මෙන්න මූ කුරුණෑගලමයි මුගෙන් අහන්න..

කියලා දුමාව පෙන්නපි.දුමාත් මද පවනේ හිටියේ

දුමා : ඔව් අයියේ ඇත්තටම ඔව් මේ කොහෙවත් කාල නෑ එහෙම කොත්තුවක්
බුවා : ඒකනේ මල්ලි කියන්නේ අද මං ගානේ මල්ලිලට රයිස් දෙනවා

අපටත් මොකද  නිකම් හම්බෙන අස්සයනේ. අපිත් බෝතල් දෙක හිස් කරලා රයිස් ටිකත් කාලා නිදා ගන්න ගියා.



පහු වැනිදා උදේට කන්නවත් අතේ සතයක් නෑ. උදේට කන්න නැතුව ඉන්න පුළුවනැයි, මොනවා කරන්නද බබියව යැව්වා sir  ට කියන කියල කුඩුව හදන්න සල්ලි මදි කියල කියන්න කියල.මු ගිහින් sir  ට කියල රු1000  කුත් අරගෙන ආව.ඔක්කොමල එකෙන් බඩ පිරන්න කෑව.කොහොමින් කොහොම හරි දෙයියන්න්ගේ පිහිටෙන් කුඩුව වෙසක් දවසට හදල ඉවර කරා. කුඩුව හදල ඉවර උනාම ඒක ලස්සන දැක්කම දවස් ගානක් කාපු කට්ට අමතක වෙනවා.



පේනවනේ size  එක



2nd floor  එකට කුඩුව පේන විදිය

ප.ලි: තාම මේ වෙනකම් අපේ batch  එකෙන් හැදුවා වගේ කුඩුවක් නම් කව්රුත් අපේ institute එකේ හදල නෑ. (කාටද ඉතිං ආඩම්බර)