ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Saturday, July 28, 2012

ඔන්න *** ගහනවා ඈ....


ඒ 2011 දෙසැම්බර් මාසයේ අන්තිම සතියයි.. තදම තද සීතලක් නැති උනත් තිබූ සීතල ඇගට දැනුන නිසාත් හීනියට දැනුන බඩගින්නක් නිසාත් හවස 6ට විතර කිරි තේ එකක් හදාගන කම්පීතරය ඉස්සර ඉදගත්තේ කරන්න වෙන වැඩක් නොතිබූ නිසාත්ම නෙවේ... ඉදගත්ත ගමන්ම නෙට් කනෙක්ට් වෙලා,තියන එකම බ්‍රවුසරය වෙච්ච ක්රෝම් එකත් දිග ඇරගත්තේ හැමදාමත් මේ වෙලාවට යන ෆේස්බුක් යන්න කියලා..


යූසර් නෙම් පාස්වර්ඩ් දුන්නත් පළ වෙනි පාරම ලොග් වුනේ නැති නිසා දෙවනි පාරත් ට්‍රයි කලේ හිතේ තිබුන දෙගිඩියාවකින් ඒ වෙන මොනවත් නිසා නෙවේ ඒ කාලේ අපේ උන්ගෙම එකවුන්ට්ස් තුන හතරක් හැක් කරලා තිබ්බ නිසා.. කොහොම හරි දෙයියනෙ කියලා දෙවනි පාර ගහපු ගමන්ම ලොග් උන එකෙන් හිතේ තිබුන ගැස්ම පොඩ්ඩක් අඩු වේගන යන ගතිය මගේ ඇගටම දැනුනා...ලොග් වෙද්දිම පැය 24ම ෆේස් බුක් ඉන්න එකා වෙච්චි ගලයා ඔන්ලයින් හිටපු නිසා මාත් "අඩෝ පාරක්" දැම්මේ වෙන එකෙක්වත් චැට් එකට හිටපු නැති නිසා.. රිප්ලයි "අඩෝ" පාර එන්න විනාඩිම 10ක් විතර ගියත් මම ආපහු පුරුදු විදියට "කොහොමද බං ජීවිතේ" කියන එක වැදුනේ මටත් නොදැනීම... ඒත් එක්කම ඔන්ලයින් ආපු දුමා ත් "අඩෝ කැ* බේබද්දා" කියලා කිව්වේ මොකටද කියලා මට අද වෙනකම්ම තේරෙන්නේ නෑ..

ඔය වෙලාවට ඔන්ලයින් එන උන් ගෙන් අනිවා කොහේ හිටියත් එන එකියක් තමා රින්දි කියන්නේ ඒකිත් වෙලාවටම ඒ වෙලේ ලොග් උන හින්දා අපි හතර දෙනාම සූරයෝ කියලා ඔන්න දැම්මා ගෲප් චැට් එකක්..\

මම : ආ මතංලා
දුමා : කොමැයි කෝමැයි උබලට..
රින්දී : ආ මල්ලිලා
ගලේ : එල කිරි සහ ඇල් කෝපි
රින්දි : මොකක්?
මම : මේ අඩෝ අපි බ්ලොගයක් හදමු?

අපි ටිකගෙම ඒ කාලේ ඉදං තිබ්බ අදහසක් මම ආපහු මුදුන් පත් කලේ හිතේ තිබු කීරි ගැසුනු හැගුමකුත් එක්කයි

ගලේ : මමනම් එකෙන්ම මම ඒ කාලෙ ඉදන්මනේ කියන්නේ..
දුමා : අඩෝ ඔව් බං සිරා
මම : එතකොට රින්දී?
රින්දි : මට ඉතින් ඕන මගුලක්නේ බං ඔන්න ඔහේ හදලා දාමු අතින් පයින් යනවා කියල ඈ...
ගලේ : කනියෝ උබ එහෙනම් උබ ටෙම්ප්ලේට් එකක් දාලා කොරලා වැඩ අල්ලපන්කෝ

ඒ වෙලාවෙනම් මට හිතුනේ "මේ ගල් බමුනා මොනවා" කියනවද මංදා කියන හැගීම විතරමයි.ඒ වෙන කිසිවක් නිසා නෙවේ ඒ කාලේ බ්ලොග් කියෙව්වට බ්ලොග් එකක් හදනවා කියන්නෙත් මටනම් චීන මහා ප්‍රාකාරේ එක දිගට දවස් තුනක් ඇවිදින්න වෙනවා වගේ වැඩක් නිසයි.. කොහොම කොහොම හරි කරලා පැයක් විතර ගැට ගහලා තිබ්බ ටෙම්ප්ලේට් එකක්ම ඔන්න ඔහේ ඔබලා දැම්මා.. ඒ ටික එහෙම කරාට පස්සෙයි මේකට නමක් දාන්න ඕනේ කියලා මතක් උනේ එහෙන්මම ආපහු මූනුපොතට රින්ගුවේ අරුන් ටික තාමත් ඉන්නවද නැද්ද කියන දෙගිඩියාවෙන්.. මම යද්දිත් මුන් ටික තාමත් චැට
මම : අඩෝ මේකට නමක්?
ගලයා : හුටා ඔවු නේන්නම්
දුමා :හොද එකක් දාමු බං
මම : අලුත් එවුන් කියලා දාමුද?
දුමා : ආහ් අවුලක්මත් නෑ නේ?
රින්දී : නෑ අපි දාමු කනියගේ බ්ලොග කියලා
මම : මගුලක් කියනවා දා ගනින් කනියගේ බොග කියලා.
දුමා : මාත් මේ කියන්න හැදුවා විතරයි
ගලේ අපි දාමු සෙට් එක කියලා..
මම : අන්න නියමයි
රින්දි : සිරා ඈ..
මම : මේ ඊට වඩා අපේ සෙට් එක කියලා දාමුකෝ බං
දුමා : හරි එහෙනම් ඒ නමින් හදපල්ලා මම යනවා..

ඔන්න ඔහොම හදපු අපේ සෙට් එකේ පළවෙනි පෝස්ට් එක වෙච්චි "ඔන්න එහෙනම් වැඩේ පටන් ගත්තා" කියන පෝස්ට් එකටම සාමාන්‍ය ප්‍රතිචාර හම්බුන නිසා අපි එදා මෙදා තුර පොස්ට් ටික ටික හෙමින් හෙමින් ගමන ආවා.. නමුත් අද විශේෂ දවසක් ඒ වෙන මොකවත් නිසා නෙවේ අද මේ ලියන්නේ අපේ 50ස් වෙනි පෝස්ට් එක...
ඒක නිසා බ්ලොග් එකේ පොඩි වෙනසකුත් එක්ක "ඔන්න අපි පණහ ගහනවා ඈ"

විශේෂ ස්තූතිය : එතෙක් මෙතෙක් බලපු හොද කියපු බැනපු සෙට් වුන හැමෝටම.....

ප.ලි :  අදනම් පෝස්ට් එක කම්මැලිද මංද? ඒ උනාට කමක් නෑ කියවලා විශ් කොරලා පලයල්ලා නැත්නම් දන්නවනේ?

ප.ප.ලි : 50ස් වෙනි පෝස්ට් එකේදී දාන්න කියලා ටෙම්ප්ලේට් එකක් එඩිට් කොලා ඒක දාගන්න විදියක් නෑ ඩයලොග් කාරය නෙට් ස්ලොව් කරලා.. මේකත් මටමනේ අරින්නේ.. සැක්

Wednesday, July 18, 2012

කෙල්ලෝ හිතන හැටි (හීං ටොක්ක)





රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී 
උන් පොරවල් 
අහිංසක අපි 
සිගා ගහද්දී 
රස්තියාදුකාරයෝ(ද)


කලින් හීං ටොකු
Friday, July 6, 2012

උත්තරේ ඕනේ උන් වරෙල්ලා



පෙරේදා ප්‍රශ්නයක් ඇහුවනේ ඔන්න පොරොන්දු උන විදියටම අද උත්තරෙත් අරගනම තමයි ආවේ... එහෙනම් මෙන්න බලහල්ලකෝ තම තමන් දුන්න උත්තර හරිද කියලා...

අහ් මුලින්ම අහපු ප්‍රශ්නෙත් කියලම ඉන්නම්

ප්‍රශ්ණය

එලදෙනෙක් ඉස්සරහට තණකොළ කන්නෙත්
කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යන්නෙත්
වක්කඩකින් වතුර ගලන්නෙත්

ඇයි ?





මම කීවනේ ඔය තුනටම තියෙන්නෙත් එකම උත්තරයක් කියලා එහෙනම් මෙන්න උත්තරේ.

.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

උත්තරය :- 

ඇයි බොල යකුනේ බලහල්ලා

එලදෙනෙක් ඉස්සරහට තණකොළ කන්නෙත් 
කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යන්නෙත්
වක්කඩකින් වතුර ගලන්නෙත්

බැදලා නැති හින්දානේ

හූ හූ ඇද්ද?
Wednesday, July 4, 2012

ලොක්කන්ටත්ට පුලුවන්..


හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්‍රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්‍රශ්නයක් අහන්නම් පුලුවන්නම් කියහල්ල බලන්න







ප්‍රශ්ණය


එලදෙනෙක් ඉස්සරහට තණකොළ කන්නෙත්
කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යන්නෙත්
වක්කඩකින් වතුර ගලන්නෙත්

ඇයි ?




ප.ලි : ඔය තුනටම තියෙන්නේ එකම උත්තරයක්.. 

ප.ප.ලි : උත්තරය 6වන සිකුරාදා උදැහැනකම බලාපොරොත්තුවන්න



ප.ප.ප ලි : තෑග්ගත් 6 වෙනි සිකුරාදා උත්තරෙත් සමඟම බලාපොරොත්තුවන්න...