ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Thursday, March 29, 2012

විස්සේ කතාව


සෑහෙන කාලෙකින් මඩක් දෙකක් ගැහුවේ නැති නිසා ඇග නලියලා උණ ගැනෙන්න වගේ..ඒ අස්සේ පරණ පෝස්ට් ටික කියවද්දි එකෙන්ම නියම මඩක් මතක් උනා. මේකේ කතා නායකයා කවදත් වගේ අපේ ගලයම තමා. මාතෘකාව දැක්කාම දැං අන්දුන් කුංදුන් ඇති කට්ටිය නේ? හරි එහෙනම් මෙන්න මේකයි සීන්ස් එක


ගලයා අර අපේ එවුන් ටික සෙට් උන විදිය ගැන මුල්ම කාලේ පෝස්ට් දෙකක් ලිව්වා මතක ඇතිනේ කට්ටියට.නැත්නම් දූවලා ගිහින් බලලා එන්නකෝ


සෙට්වීම 1
සෙට්වීම 2


ඔන්න ඕකේ කිව්ව විදියට අපේ ගලයා තමා අපේ සෙට් එකට එකට  සෙට් උන අන්තිම ඒ වගේම රටේ නැති වස විස මැක් ඩොන්.මේකා සෙට් වෙලා සති දෙකකට විතර පස්සේ දවසක ඉන්ටවල්එකේදී මෙන්න මෙහෙම දෙබසක් යනවා අපේ එවුන් අතරේ


ගලයා : මේ මචංලා අපේ ගමේ එවුන්නම් එල ආතල් වැඩක් කරනවා බං
ටිනා : මොකක්ද බං ඒ?
දුමා : මට සුවර් මොකක් නමුත් වස විස සීන් එකක්.
බබියා : හරි හරි කතාව කියපන්කෝ ගලයෝ
ගලයා : ගමේ එවුන් බං ඉතිරි කිරීමේ ක්‍රමයක් පටන් අරන්?
බයිසා : ඉතිං ** අපිට හාල් ද?
ගලයා : අහපන්කෝ උන් කරන්නේ දවසකට රු 20ක් විතර එකෙක්ගෙන් එකතු කරනවා.ඒ කරලා මාසේ අන්තිමට ඒ එකතු වුනු සල්ලි වලින් බොනවා. හිතල බලපන්කෝ දවසකට එකෙක්ගෙන් රු 20 ගානේ දවස් 30ක් කියන්නේ 600යි.ඒ කියන්නේ දහ දෙනෙක්ගෙන් 6000යි.
මම : අඩේ නියමයිනේ.. ඉතිං දැන් අපිත් ඕක කරමුද කියන්නේ?
ගලයා : ඒක තමා හු** මම මෙච්චර වෙලා කට කැඩෙනකම් කීවේ
දුමා : හරි එහෙනම් හෙට ඉදන් පටන් ගනින්කෝ


ඔන්න ඉතින් පහුවෙනිදා මම උදේ එද්දී අපේ සෙට් එකෙන් හිටියේ වෙනදා වගේම ගලයා විතරයි.ඒ වෙනකොට අර මගුලක් කතා කරගත්තට මොකද මටනම් ඒ ගැන මෙලෝ දෙයක් මතකෙවත් තිබ්බේ නෑ.  මාත් වෙනදා පුරුද්දටම වගේ "අඩෝ ගලේ ගුඩ්මොනින්ග්" කියාගන  ගලයා ගාවට යනකොටම ගලයා මාවත් ඇදගන දුවපි ක්ලාස් එකක් ඇතුලට


මම : මොකද ** මේ උදේ පාන්දර යක්සාවේස වෙලා වගේ දුවන්නේ?
ගලයා : වරෙන්කෝ ඉක්මනට..


මාත් හිතුවේ ගේමක්ද දන්නේ නෑත් කියලා කෝකටත් ගුටි කන්න මූඩ් එකකුත් හදාගන මු පස්සේ දිව්වා..


ගලයා : ඉක්මනට මට කොලයක් දීපන්කෝ.
මම : මොකද යකෝ මේ උබට වෙලා තියෙන්නේ ඊයේ නිදාගෙන ඉද්දී ඇද විට්ටමේවත් ඔලුව වැදුනද?
ගලයා : අනේ *** පෑනකුයි කොලේකුයි දීපන්කෝ
මම: ආ මෙන්න හාෆ්ශීට් එකක්


මේකා කොළේ ගත්ත ගමන් පහලට අපි දහ දෙනාගේ නම් ටික දාලා හරහට එකේ ඉදන් තිහ වෙනකම් ඉලක්කම් දාපි.. මට දැං ෆුල් අවුල්. ඇයි අප්පා මොක උනත් එකට ඉන්න එකෙක් පිස්සෙක් වගේ දගලද්දී කාට උනත් බය හිතෙනවනේ. ඔන්න ඔය අතරේ බෝලයත් කොහෙන්දෝ ඉදං ක්ලාස් එකට රිංගපි

ගලයා ඇදපු වගුවේ සාම්පල් එකක්



බෝලේ : ආ ගුඩ් මෝර්නින්ග් බෝයිස්
මම : ගුඩ් මෝර්නින්ග් බෝලේ..
ගලයා : රුපියල් 20 දීපන්
මම : ඈහ්?
ගලයා : ඇයි ප** ඊයේ කතා උනේ රුපියල් 20ස ගානේ එකතු කරනවා කියලා
බෝලේ : තූ නොදකින් මෙහෙමත් යාලුවෝ ගුඩ් මෝර්නින්ග් කියන්නත් කලින් සල්ලි ඉල්ලන්නේ..
මම : සිරා බං මම ආපු ගමන් මූ හැසිරුනේ පිස්සෙක් වගේ මම කෝකටත් තව ටික වෙලාවක් බලලා සර් කෙනෙක්ට කියන්න හිතුවේ කව්ද දන්නේ බං පිස්සු බල්ලෙක්වත් හපලද කියලා..
ගලයා : හා හා කතා වැඩක් නෑ රුපියල් 20 දීපන්


මොනවා කරන්න්ද ඉතින් දවල් සිගරට් එක බොන්න තිබ්බ රුපියල් 20 මායි බෝලෙයි ගලයට පූජා කලා. එදා ඉදං අපේ එවුන් ගලයව දකිද්දි හැංගෙන එක පුරුද්දක් කර ගත්තා.. හැබැයි මොකක් නැතත් මාසේ අන්තිමට සුද්දෝ වගේ කන පැලෙන්න බොනවා..


ප.ලි : මුලු ඩිප්ලෝමා කාලේම මේ විස්සේ එකතු කිරීම් ක්‍රමය තිබුනා..ඒත් දැං සුපුරුදු පරිදි මොකක් හරි ෆන්ක්ෂන් එකක් සෙට් උනහම අතේ තියන ගාන දාල තමා වැඩේ යන්නේ..
Sunday, March 25, 2012

සුහදිනියේ..


අමරසිරි පීරිස්.. කට්ටිය අහලා ඇතිනේ මේ නම ? අමුතුවෙන් කවුද කියන්න ඕනේ නෑනේ..ලංකාවේ ඉන්න හොදම ගායන ශිල්පියෙක් තමා මෙතුමා.. මේ ලඟදී දවසක මම එක සින්දුවක් ගූගල් එකේ හොයද්දී එක පාරටම මෙතුමාගේ මම අහල නැති සිංදුවක් දැකල ඒ සිංදුව ඇහුවා.එතකොට තමා මට හිතුනේ පොඩ්ඩක් මෙතුමා ගැන හොයල ලියන්න..සමහර විට ගොඩක් අය දන්නවා ඇති මේ දේවල් ඒත් නොදන්න කට්ටියට දැන ගන්නත් එක්ක ඔන්න ඔහේ දාන්න හිතුවා..

මෙතුමා ඇත්තටම මුලින්ම ගායකයෙක් නෙවේ.මෙතුමා ගායකයෙක් වුනු විදියත් හරි රස කතාවක්.ඒක මෙහෙමයි මුලින්ම මෙතුමා ඉදලා තියෙන්නේ කේමදාස මාස්ටර් ගේ වාද්‍ය වෘන්දයේ වයලීන් වාදකයෙක් විදියට.අමරසිරි පීරිස් මහතා ගයන ළදුනේ ගීතය මුලින්ම ගයන්න හම්බෙලා තියෙන්නේ විශාරද පංඩිත් අමරදේවයන්ට.නමුත් එම ගීතය පටිගත කරන දිනයේ අමරදේවයන් එන්න ටිකක් පරක්කු වෙලා.කේමදාස මාස්ටර් කියන්නේ වෙලාවට වැඩකරන තද ගතිගුන තියන කෙනෙක්නේ.. ඒක නිසා කේමදාස මාස්ටර්ට තරහ ගිහින් අමරදේවයන්ගේ පරක්කු වීම ගැන.එමනිසා තමුන්ගේ වයලින් වාදකයට ඒ කියන්නේ අමරසිරි පීරිස් මහතාට ළදුනේ ගීතය ගායනා කරන්න ඇරයුම් කරලා..ඇරයුම පිලිගත් අමරසිරි පීරිස් මහතා තමුන්ගේ පලමු ගීතයෙන්ම ජනප්‍රියත්වයේ හිනිකොනට ලඟා වුනා.

හරි දැං කට්ටිය බලනවා ඇති මට හම්බුන සිංදුව කෝ කියලා.. ඒ සින්දුව දාන්න කලින් මම ඒ සිංදුව නිර්මාණය විදිය ගැනත් පොඩි සටහනක් දාන්නම්.මේක වෙන්නේ මෙහෙමයි ඔයාලට මතක ඇතිනේ මෙතුමාගේ මගේ පුංචි රෝසමලේ සිංදුව මතක නැත්නම් මෙන්න



කට්ටිය බලනවා ඇති මේකද ඔය කියන සිංදුව කියලා.. නෑ නෑ..මේ මගේ පුංචිරෝසමලේ සිංදුවටයි මම අර කියපු සිංදුවටයි දෙකටම පාදක වී තියෙන්නේ එකම සිදුවීම. එනම් දිනක් අමරසිරි පීරිස් මහතා හමුවීමට එතුමාගේම වයසේ යාලුවෙක් ඇවිත් දෙදෙනාගේ කතා බහ යන අතරතුර එතුමාගේ යාලුවා කියා තියෙනවා ඔහුට තම පාසලේ නැටුම් කණ්ඩායමේ සාමාජිකාවක් වන යෞවන සිසුවියක් වෙත ඔහු ගේ හදවතේ ප්‍රේමයක් ඇති බවත් නමුත් තමා ඒ බව තමුන්ගේ හිතෙහි පමණක් තබාගෙන ඇති බවත්.තවද ඔහු අමරසිරි පීරිස් මහතාට කියා ඇත්තේ “අමරේ, ඒ ළමයා මගේ ගෙදර ඉන්නව නම් පුදුම ආලෝකයක් ගෙදර තියෙයි කියල මට හිතෙනවා" යනුවෙනි. මෙන්න මේ සිදුවීම අමරසිරි පීරිස් මහතා ගීත රචකයන් දෙදෙනෙක්ට පැවසුවා එක් අයෙත් තමා ඉහත මගේ පුංචි රෝසමලේ ගීතය ලියූ ධම්මික බංඩාර මහතාත්..අනික් රචකයා කැලුම් ශ්‍රීමාලුත් ය. එහෙනම් මෙන්න මම මෙච්චර වෙලා කියපු සිංදුව



ඇත්තටම මේ සුහදිනියේ ගීතය එතරම් ජනප්‍රිය නොවුනත් මට දැනෙන විදියට සිංහල භාෂාවේ අපූර්වත්වය විදහා දැක්වෙන නිර්මානයක්

සුහදිනියේ සඟවන් 
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
සද මිණියේ ඔබ නම්
සැණකෙළියයි මගෙ නම්
කවියන්ගේ දෑසේ රස සීමා පණිනා........
හීනෙන් රෑ අවුදින්
සුවදක් සේ ළග හුන්
සංවරියේ රං තිත කෝ මා පිනනා........
සුහදිනියේ සගවන්
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....

වාත්තු කර ඇති දේහ තලාවට
හේත්තු වෙන්න ද සෙවනැල්ලෙන්
කාන්ති ඉහිරෙන නයන ඉනාවට 
සාන්තුවර සිත හීදැල්ලෙන්
හොර රහසේ 
හොර හිත පතනා ඒ පැතුමේ
දග මෙනෙවිය ඔබ මා වල්මත් කළ 
අරුමැසියයි මෙලොවේ........

සුහදිනියේ සගවන් 
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....

වීණා බද වට කැරකෙන වරලස 

අණ දෙන හෘද ස්ඵන්දනයෙන්
සුසුමේ රිද්මයට ම රග දෙයි ඔබ 

මගේ පෘථග්ජන සිතුවිල්ලෙන්
හොර රහසේ 

හොර හිත පතනා ඒ පැතුමේ
රතු නළගන මගේ හිත 

අවතැන් කළ එකම ළදයි මෙලොවේ.......


සුහදිනියේ සඟවන් 
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
සද මිණියේ ඔබ නම්
සැණකෙළියයි මගෙ නම්
කවියන්ගේ දෑසේ රස සීමා පණිනා........
හීනෙන් රෑ අවුදින්
සුවදක් සේ ළග හුන්
සංවරියේ රං තිත කෝ මා පිනනා........
සුහදිනියේ සගවන්
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....


ප.ලි : මෙන්න අමරසිරි පීරිස් මහතාගේ ඇල්බම් ටිකක්


සක්මන් සද/ස්නේහයේ නගරයයි 
ළදුනේ 
ගඟ ගලා යාදෙන් 
Friday, March 16, 2012

ගාලු ගිය බැච් ට්‍රිප් එක සමග 18+ කවි


විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සති දෙකකට උඩදි අපි ගිය බැච් ට්‍රිප් එක.. අපේ එවුන් එක්ක ඉතින් කොහේ ගියත් ආතල් නම් කෝටියයි. හරි නිකම් කඩේ යවන්නේ මොකටද? ඔර්ගනයිස් කරපු තැන ඉදන්ම පටන් ගමුකෝ,

එදා සොමි බර උදෑසනක්,ඔව් එදා පංතියට උගන්නන්න ඇවිත් හිටියෙත් අපි ආසාම සර් කෙනෙක්, අපි ඒ සර්ට කොච්චරකට ආසද කියනවනම් අපේ උදේ පංතියට එන එවුන් ගෙන් භාගයක්වත් හවස හිටපු දවසක් නැති තරම්.ඒ තරම් අපි ඒ සර්ගේ ලෙක්චර් එකට ආසයි. එදත් ඒ වගේ දවසක් අපේ එවුන් එදත් 12.30 ඉන්ටවල් එකේ ලෙක්චර්ස් කට් කරලා කැන්ටින් එකේ හිටියේ, ඔය අතරේ

ගලයා : යමුකෝ මචංලා ට්‍රිප් එකක්?
රින්දි : ඒක තමා ඕයි යමුකෝ.
බයිසා : එළ මමනම් එකෙන්ම ඈ.
බෝලේ : ඇතාගල හරි කමක් නෑ බොන්න තියෙන්න ඕනේ.

ගිනි කිරිල්ලි : ඕකනේ උබලත් එක්ක බැරි කොයි වෙලෙත් බීම ඉස්සර කර ගන්නවා
ගලයා : අනේ හු* කියපල්ලකෝ යන දිහාවක්?
රසී : අපි නුවරඑලි යමු?
මම : අම්මෝ මට නම් බෑ ඔය මගුලේ යන්න, උබලා දන්නවනේ බං මම ගෙදර හිටියට වඩා නුවරඑලියේ ඉදලා තියනවා කියලා
ගලයා : එහෙනම් යමං ගාල්ලේ කොහොමද බීච් එකේ තියාගන බොද්දි තියන සැප?
මම : අම්මා කන් දෙකට මී පැනි දැම්මා වගේ ගලේ යමං,
ඔහොම කියලා ඔක්කොමලා ගාලු යන්න කැමති උනා.. දැං ඉතිං කිව්ව පලියට ගාලු යයි ඈ ඒක ඔර්ගනයිස් කරන්න එපා ඈ.. කොහොම හරි පංතියේම වැඩිහිටියා වෙච්ච කාගේත් අයියව නඩේ ගුරා කරගත්තා. ඔන්න හැමෝටම පුලුවන් කියලා යන්න දවස තීරනය කලේ පෙබරවාරි 24 කියලා. ඔය අතරේ කෙල්ලෙක් බකට් එක අදිනවා 24 යන එකට
කෙල්ල: අඩේ මේ 24 මට බෑ බං.
බබියා : ඒ මොකද?
කෙල්ල: බැරි හින්දා බං
ගලේ : ඉතිං හේතුව කියපංකෝ?
කෙල්ල: අඩේ බෑ බං..

මේකි කොච්චර ඇහුවත් හේතුව කියන්නේම නෑ. අපේ බබියගේ කටත් ඉතින් ඌරු පුක වගේ කිසි චාරයක් නෑනේ මේකා අහපි

බබි : ඇත්ත කියපං ඩේට්ද?

කාලා වරෙන්කෝ පංතියක් මැද ඔහොම අහන දේවල්ද මේ? සුදුවට හිටපු කෙල්ල මුලින්ම රෝස පාට උනා මෙන්න බොලේ විනාඩියක් ගියෙ නෑ රතු පාට උනා. මමනම් මේසේ යටට නැමුනා, කෝකටත් සූදානම් සරිරේ හොදයිනේ. හිතුවා හරි මෙන්න මේකී අතට අහුවුනු කුඩෙ අරන් ගහපු පාර බබියගේ මූනේ. ඒකගේ කන්නාඩි කුට්ටම බේරුනේ නූලෙන්.. ඒ සිද්දියෙන් පස්සේ අදටත් ඒ කෙල්ලගෙන් "24 නේද?" කියලා අහපුවාම කුඩ පාරක්නම් සුවර් ඇන්ඩ් සොට්..
කොහොම හරි යන දවසට කලින් දවසේ රෑ මට එනවා බබුවගෙන් කෝල් එකක්

මම : රෙඩී නේ?
බබු : අපි ඉතිං එවරෙඩි මල්ලි.
මම : එල එල එහෙනම් බඩු ඔක්කම ගත්තනේ උදේ 5.00 උබලා කුරුණෑගලින් වරෙන් මමයි තල්මහයි පොල්ගහවෙලින් සෙට් වෙන්නම්
බබු : එල අපි ගන්නම් උබලව,මම 4.45 වෙද්දි කුරුණෑගල මචං..
මම : තාම බඩු ටිකවත් පැක් කරේ නෑ බං
බබු : අහ් මාත් මේ එක අහන්න තමා ගත්තේ මොනවද බං දාගන්නේ?
මම : ඔය ශෝටක් කාරිය ගනින් බං.
බබු : අහ් එල එල එහෙනම් ගුඩ් නයිට් ඈ..
මම : ගුඩ් නයිට් හෙට සෙට් වෙමු
මාත් ඉතිං පහුවදා උදේ පාංදර 4ට විතර නැගිටලා දත කට මැදලා කෑගල්ලෙන් තල්මහවත් ඇදගන පොල්ගහවෙල බඩගෑවා.අරුන් ටික කුරුණෑගලින් 5ට එනවනම් 5.20ටවත් පොල්ගහවෙලට එයිනේ කියලා හිතාගන.. 5.30ත් උනා තාම නෑ බඩු,ගත්තා ගලයට කෝල් එකක්

මම : මොන හු****ද කරන්නේ බං අපි මෙහේ ටකරං කනවා කොහෙද උබලා?
ගලෙයා : බලපංකෝ අර හු* බබුවා තාම නෑ බං,ඒකා තාම මගලු
මම : ඕකා එතකොට ඊයේ රෑ මට කතා කරලා එවරෙඩි කීවේ උදේ 5.30න් පස්සෙද දන්නේ නෑ හිවලා..
ගලයා : අනේ ඕකනේ එවරෙඩිය හරහට තියල ඉදගන්න කියපං බං බහින්න ඇතුලට..
මම : හරි හරි පුලුවන් ඉක්මනට වරෙන්කෝ.
ගලයා : එල කොහොමත් 6 වෙද්දි එන්න පුලුවන් වෙයි බං.

කොහොම හරි මායි තල්මහයි බුදු කට්ටක් කාලා බස් එකට නගිද්දි 6.15යි.. නගිද්දී අපේ එවුන් පිටිපස්සේ යකඩ තලනවා ඇහෙනවා..

ටක්ක ටකර ටක්ක ටකර
කන්න දෙනවනම් ටකර
බොන්න දෙනවනම් ටකර
මොන කෙංගෙදියද තව
ඕනේ කියන්නේ ටකර
මාත් ඉතිං බෑග් එක කාරිය සීට් එකකට විසිකරලා පිටිපස්සට යද්දි බස් එකේ පිටිපස්සේ දුමෙන් වැහිලා,මුන් සිගරට් කෙලිනවා.අනික මටත් නොදී.. ප්‍රජාත්‍රන්ත්‍රවාදී රටක් විදියට එහෙම කොහොමද මම ඉවසන් ඉන්නේ? කොහෙන් හරි සිගරට් එකක් හම්බේවායි කියලා අත දික් කරා, අනේ වාසනාවක් මෙන්න ෆිල්ටර් කෑල්ලක් හම්බුනා උදේම,මොනා කරන්නද නැත්නම් මේකවත් නෑනේ කියලා ඇදලා දැම්මා. ඔය අතරේ පැයක් විතර යද්දී ගලයා කියපි මට "අඩෝ ඊයේ පොඩිමෑන් ව චැටට සෙට් උනා බං මම කීවා හෙට එන්න කියලා" කියපි.මටත් ෆුල් හැපි ඇයි අප්පා බ්ලොග් කියෙව්වට කමෙන්ට් කලාට කව්ද මේ ඩයල් එක කියලා දන්නේ නෑනේ..
කොහොම හරි සිංදු රස කතා අතරේ ඔන්න අපි 11 විතර වෙද්දී ගාල්ලට ලං උනා..කෙලින්ම ගියේ රූමස්සලට, ඔය යන අතරේ අඩුම කුඩුම ආදියත් අරගන තමා සංචාරේ කලේ.. මෙන්න යකෝ බස් එක නවත්තන්නත් කලින් ගලයා බෝතල් 2කත් අරගන කැලෑවකට රිංගුවා.අනිත් එවුනුත් ඒ පස්සේ ගියාට දෙයියනේ කියලා මායි බයිසයි ටිනයි පැත්තකට ගිහින් ෆොටෝ දෙකක් තුනක් කාරිය ගහන්න හදනකොටම මෙන්න එනවා ගලයගෙන් කෝල් එකක්

ගලයා : මොන හු*** ප***නේ කරන්නේ තොපි බොන්න එන්නේ නැද්ද
මම : හරි හරි බං මේ පොඩි ෆොටෝ කෑලි 2ක් 3ක් ගහන්න ආවා.
ගලයා : ෆොටෝ ගහපන් ගෙදර ගිහින් වරෙල්ලකෝ බොන්න.
මම : ඈ බං ගලේ අපේ ගෙදර මුහුදක් තියෙයිද බං ෆොටෝ ගහන්න?
ගලයා ආ...නේ හු*** වරෙන්කෝ ඔතන හු...*** නැතුව දැම්ම
මම : හරි හරි බං මේ එනවා

අපි යද්දී ගලයට බී ගන්න නැතුව හුස්ම ගන්නත් බැරුව වෙව්ල වෙව්ල හිටියේ පව් අසරනයා.. අපි ගිය ගමන් කාටත් කලින් මේකා ශොට් එකක් දාපි.ඔය අතරේ බංඩයියා කියලා ඩයල් එකක් ඉන්නවා අපේ පංතියේ,මේකා හෝ ගාලා ලොරි ශොට් නමනවා මට ඒක දැකලා තිබ්බ වෙරිය ඩබල් උනා. කොහොම හරි කට්ටිය එතනින් බෝතල් දෙකක් ඉවර කරලා පා ගමනින් නැවතත් බස් එකට ආපුවාම මෙන්න මට කෝල් එකක් එනවා දන්නේ නැති නම්බර් එකකින්..

පොර : කනියා කොහෙද දැං?
මම : රූමස්සල ආවා බං මම.
පොර : මම පහල ඉන්නේ වරෙන්කො.
මම : මොකක්? කව්ද බං උබ?
පොර : මම පොඩි මෑන් බං.
මම : අඩෝ සොරි බං අදුර ගන්න බැරි උනා ඔහොම ඉදපං අපි දැං එනවා ඔතනට

මම ෆුල් ආතල් එකේ පිටිපස්සේ සීට් එකක ඉද්දී මෙන්නෙ බොලේ ඇහැට කරාබුවක් දාගත්ත එකෙක් එනවා.මං කෝකටත් එහා මෙහා උනා ඇයි අප්ප මේ ගිනි දවාලෙ ගුටි කන්න පුලුවන්යෑ? පොරට පස්සෙන් ආපු ගලෙය පොරව අදුන්නලා දෙද්දී තමා මගේ ඇස් උඩ ගියේ "මචං මේ තමා කනියා. කනියෝ පොඩි මෑන්" මට "ඈහ්" කිය උනාට කාටවත් ඇහෙන්න නැතුව ඇති මගේ හිතේ.. කොහොම හරි පොඩ්ඩවයි කල්හාරවයි සෙට් කරගන අපි නාන්න කියලා බීච් එකකට සෙට් උනා. එතනදිත් ගලයා බෝතල් 3ක් ගෙනත් තියපි. බීපල්ලකෝ දැං. අපේ එවුන්නම් බෑ කියයි ඔන්න බෝතල් දෙක ඉවර වෙද්දී කට්ටියට හොද ගනන් ඔය අතරේ අර බංඩයියා කියන පොර කුනුහරප කවි කියන්න අරගන ෆුල් ආතල් එකක් දෙනවා.මෙතනින් එහාට 18+ ඔන්න නොකිව්වැයි කියන්න එපා(අර ඔබා මාමාගේ වැඩිහිටියන්ට පමනයි මෙතඩ් එක මාත් ඉස්සුවා ඔන්න) කවි ටික මෙන්න මෙහෙමයි

.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


කවිය 01
පාංදරිං මම යන කල ගාල්ලට
රුසිරි ළදක් එලි බැස්සයි යස අගට
ඒකිගේ හු** අසිරිය දුටුව විට
ප** ගියා මට කලියෙන් ගාල්ලට

කවිය 02
රං තැබිලි වාගේ
පියයුරු යුගල ඈගේ
දකින විට මාගේ
ප** දික්වී පයට පෑගේ

කවිය 03
නොමග නොයන් පුතේ
උබට අතක් ඇතේ
ගෙදර ගිහින් අතට අරන
උබ ගහපන් අ*

ප.ලි : මෙතනින් එහාට මාගේ මෙමරිය ක්‍රෑශ් විය
Wednesday, March 7, 2012

විභාගේ විභාගේ මේක තමයි අබාගේ





හිත හිරිවට්ටන
මොලේ කලම්බන
රෑ නිදිමරවන
කරුමයකියි ඔබ

කොපි කරන්න බෑ
පාඩම් වෙන්නෑ
හිතාගන්න බෑ
මක් කරම්ද මම

ජීවිතයම නං
අපායකියි බං
හෙට අනිද්දා දැං
එන විභාගේ උඹ


ප.ලි : සමාවන සේක්වා ඕං..මේ දවස් ටිකේ හෝ ගාලා විභාගෙකට පාඩම් කරනවා අප්පා.ඒකයි පෝස්ට් දාන්න පරක්කු වෙන්නේ.........