ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Wednesday, May 30, 2012

වෙරිවීම



දවසක් එක බුවෙක්ට වැඩ ඇරිලා බයික් එකේ ගෙදර යනගමන් පරණ ආදි කාලින ඉස්කෝලේ කාලේ යාලුවෙක් සෙට් වෙනවා.. කතා කර කර ඉන්න ගමන් මුන් දෙන්නටම ටිකක් මධුවිත තොල ගාන්න හිතිලා ස්පොට් එකකට රිංගලා බයිට් එකක් කාරිය දාගන බොන්න සෙට් වෙනවා.. 


ඔහොම ඔහොම බෝතලයක් විතර ඉවර කරපු මුන් දෙන්නා කෙලින් කටින් ඉන්න බැරිව ගෙවල් වලට යන්න තීරනය කරා.. බුවා බිල ගෙවලා එහෙම පාරට එද්දී බුවාගේ යාළුවා බස් එකක නැගලා මුටත් ටටා කියගන යනවලු.අර බුවාටත් බයික් එක මග දාලා යන්න ඈ.. මිනිහත් කොහොම කොහොම හරි දණ ගගා බඩ ගගා බයික් එක අරන් ගෙදර එද්දී.. බුවාගේ පවුලේ සෙට් එකම ටීවි බලනවලු මිනිහට දැං ඇඩ්‍රස් නැල්ලු මොකද සාලේ පහු කරගන තමා මුගේ කාමරේට යන්න වෙන්නෙත්.. 


මිනිහා  කකුලේ මහපට ඇගිල්ලේ තිබ්බ පුරුස දහිරියද මොකක්දෝ එක පපුවට අරන් ශේප් එකේ ගිහින් පවුලේ සෙට් එක ඉදගන ඉන්න සෙටි එකට පස්සේ තිබ්බ පුටුවකින් ඉදගත්තලු.. විනාඩි පහලවක් විතර යද්දී මුගේ මල්ලිකාරයා කොචොක් එකට පල් පාට් හිනාවක් දැම්ම හින්දා මිනිහත් ඕන කුදයක් ගහ ගනින් කියලා ශේප් එකේ කාමරේට රිංගලා හොද නින්දක් දාලා එහෙම පහුවදා නැගිටිද්දී පට්ට ඔලුවෙ කැක්කුමලු. 


බුවාත් ඉතින් පෙනඩෝල් එකක්වත් බොන්න කියලා උදේ පාංදර කුස්සියට යද්දී බුවාගේ අම්මා හො ගාලා උයනවා..


බුවා : අම්මේ...
අම්මා : හ්ම්ම්ම්ම්ම්ම්
බුවා : පෙනඩෝල් නැද්ද ඉන්න බෑ ඔලුව රිදෙනවා...
අම්මා : ඔලුව රිදෙන්නේ නැද්ද යකෝ රැයක් එලි වෙනකම් හෙල්මට් එකක් දාගන නිදාගත්තහම...


පලි : හප්පේ තවත් එක්සෑම් 3ක් ලියන්නත් එපා ඈ....
Thursday, May 17, 2012

මර්වින් , වයර් සහ කැලණි..



වයර්නම් කැලණි
කැලණිනම් මර්වින්
එමනිසා වයර්නම් මර්වින්

ඇත්තටම මර්වින්ට වයර්(ද)



පොඩි අලුත් වැඩක් සුදු වෑන් ආවොත් මම එහෙම නෙවේ මේ බ්ලොග් එක ලියන්නේ...
Tuesday, May 15, 2012

අපේ සෙට් එක සමුගනී(ද)


මීට අවුරුදු දෙකකට කලින් කුරුණෑගල එක ඉන්ස්ටිටිටුට් එකක අලුතෙන් ඩිප්ලෝමා බැච් එකක් පටන් ගත්තා. එදා පටන්ගත්ත දවසේ අදුන්නනේ නැති මූනු ගොඩක් මැද්දේ අන්තිමට මම පංතියට යද්දී එදා හිතුනෙම නෑ උන් ටික ජීවිතේට මෙච්චර වැදගත් බොක්කවල් ටිකක් වෙයි කියලා..ඒත් අද වෙද්දී ඇත්තටම උන් ජීවිතේම කොටසක් වෙලා. හායි බායි පාරකින් පටන් ගත්ත ඒ බැදීම් අද වෙද්දී බොක්කටම වැදිලා..

එදා බැදුනු බැදීම අදටත් මේ කනියගේ හිතේ එහෙම්මමයි..ඒ අතරේ එක එකා අතරේ පොඩි පොඩි ප්‍රශ්න තිබුනත් බැච් එකට කාගෙන් හරි තර්ජනයක් ආවොත් ඒ ඔක්කම යටයි..හැම එකාම හිතුවේ බැච් එක ගැන ඒක කාටවත් නෑ කියන්න බෑ.. මොකද එහෙම නොවුනානම් සර්ලා උනත් අපේ බැච් එකට මෙච්චර ආදරේ කරන්නේ නෑ..ඒ අතරේ ජඩ වැඩ දඟ වැඩ උනත් කරලා සර්ලගෙන් බැනුමක් දෙකක් උනත් අහගත්තේ නැතුවද නෙවේ..

ඒ වගේම මේ අවුරුදු දෙක තුළ අපේ පංතියෙ උන් කොච්චර වෙනස් කරවන්න හැදුවත් වෙනස් කරන්න බැරි උන එව්වා ටිකකුත් නැතුවාම නෙවෙයි

01.බෝලෙගේ විලිලැජ්ජාව පෙන්නන ජොක් නැටුම
02.කනියගේ(මමතුමාගේ) කලිසම ඉනෙන් උඩට ඉස්සීම
03.දුමාගේ කොන්ඩේ කැපීම
04.රින්දිගේ කන්නාඩි ගැලවීම
05.ගිනි කිරිල්ලිගේ තරහව අඩුකිරීම
06.රසීගේ ටියුබ් ලයිට් ගතිය අඩු කිරීම

මෙන්න මේ වගේ ගොඩක් එව්වා වෙනස් කරගන්න බැරි උනා.. සමහර එව්වා වෙනස් වුනේ නිරායසයෙන්.. ජිවිතේට නොකරපු වැඩ පවා මේ අවුරුදු දෙකෙදී කලා..
එදා ඉදං අද වෙනකම් මෙවුනුත් එක්ක කරපු සමහර වැඩ මතක් වෙද්දී අදටත් තනියම හිනා යනවා.පලවෙනියටම වැඩක් කියලා කලේ වෙසක් කූඩුවක් හදපු එක..ඒ වගේම සමහර උන් ස්කෝලේ හිටපු බැජාලටත් වඩා බොක්කවල් උනේ කොහොමද කියලා අදටවත් මට හිතාගන්න බෑ.. 


පෝස්ට් එක ලියාගන යද්දී එකම එක සිංදුවක් මතක් උනා.. මම ඒකෙත් කෑල්ලක් මෙතන දාන්නම්


සුලගේ ලෙලෙනා මලසේ දඟපා
අප පාසල් ගිය කාලයේ
යාළුවෝ අද නැත වෙන අය එහි ඇත
කාළය මැවු වෙනසක අරුමේ


දැං ගොඩක් කට්ටිය බලනවා ඇති මොකද මේ අද අමුතු වෙනසක් කියලා..ඇත්තටම ඔව් අද තමා අපේ බැච් එකේ අන්තිම ලෙක්චර් එක තියෙන්නේ..සෑහෙන දුකයි අවුරුදු දෙකක් කෙල්ලෝ කොල්ලෝ බේදයක් නැතුව එකට කාගෙන එකට කුනුහරප කියාගෙන හිටපු අපේම උන් ටිකගෙන් වෙන් වෙනවා කියන්නේ ඇත්තටම හිතට දැනෙන්නේ මාර දුකක්.. අන්තිමට එහෙනම් අපේ ගලයා මූනු පොතේ රින්දි දාපු ස්ටේටස් එකකට දාපු කමෙන්ට් එකකින්ම නවත්තන්නම් 

දුක තම හලෝ අපි කියල මොනවා කරන්නද,අවුරුදු 2 ක් ගියා දැනුනෙවත් නෑ,තව දවස් 2 යි තියන්නේ, හොද සහෝදරයෝ සහෝදරියෝ වගේ යාලුවෝ ගොඩක් හම්බ වුනා,පිස්සු උපරිමේටම කෙලියා එය වගේම පාඩම් එහෙමත් කරා, කැරකෙන කුඩු හැදුවා ,ට්‍රිප් ගියා, Talent Show කරා, කට්ටිය රණ්ඩු උනා ආපහු යාලු වුනා, අන්තිමට බලලා හිනාවෙන්න ,අඩන්න ෆොටෝ ගොඩක් තියනවා අවුරුදු 2ටම කරපු වැඩ ,ගොඩක් ස්තුතියි **** කුරුණෑගල අපේ ජීවිත වලට වැදගත් සහ ලස්සන අවුරුදු 2 ක් දුන්නට

තවත් දෙයක් උබලා තව අවුරුදු 10කින් කොහේ හිටියත් උඹලට ඕනේ වෙලාවක මේ කනියට කතා කරපල්ලා ඒදා අද වගේම හෙටත් කනියා උබලා ගාවමයි… 


ප.ලි : ඒ අතරේ තවත් එක දුක හිතෙන දෙයක් තියෙනවා අපි අතරින් ඒ වි‍යෝ වුන ඔබා මාමේ ඔබට නිවන් සුව.. පුලුවන්නම් තව එකම එක පාරක් ඇවිත් යන්න එන්න ඔබා මාමේ..
Tuesday, May 1, 2012

බෝඩිමට හොරු ඇවිත්

ඔන්න ඉතිං සෑහෙන දවසකින් බෝඩින් සීරියස් එකට කතාවක් දාන්න කියලා හිතුවට දාන්න බැරි උන නිසා අද පොඩ්ඩක් බෝඩිං සීරියස් කතාවක් දාන්න හිතුවා.. එහෙනම් මෙන්න කලින් බෝඩින් සීරියස් කතා කියවපු නැති අය ඉන්නවනම් කියවගනම එන්නකෝ...



ගලේගේ ශිෆ්ට් සෙල්ලම

බෝඩිං කාරයෝ-තවදුරටත්

ආවා ආවා අපේ සෙට් එකගේ බෝඩින් සීරියස් 3 ආවා 


එහෙනම් අද කතාවට යමු..






අපේ එවුවෝ බෝඩිමේ ඉද්දී එකෙක්ට හරි රොබරියක් දුන්නේ නැත්නම් කන එව්වවත් හරියට දිරවන්නේ නෑ.. ඒක හින්දා හැමදාම මොකෙක්හරි එකෙක් බයිට් එකට අහුවෙන එක වළක්වන්න සක්කරයගේ පුතා වයිමටවත් බෑ.. ඒ වගේම ඔය බයිට් වලට ගොඩක් පා‍ත්‍ර වෙන චරිතේ තමා අපේ බබියා. අද කතාවෙත් නලුවා(නොහොත් එළුවා) තමා බබියා..

ඔන්න ඉතිං බබියා තුමා මේ කියන දවසේ උදැහැනකම තම සත්‍ය පිවිතුරු කුලුදුල් නිකැලැල් පරම පිවිතුරු ආදරිය බලන්න යන්න පිටත් උනා.. අපිටත් ඉතිං ඕක මැජික් නෙවේනේ සතියකට හතර පස් පාරක් ගෑනිව හම්බෙන්න යන එක උගේ සිරිත බව අපේ උන් අත්දැකීමෙන්ම දන්නවා. එදා අපි සෙට් එක ඔන්න ඉතිං පංති ගිහින් එද්දිත් බබියා ඇවිත් නෑ. ආපු එවිල්ලෙන්ම ඇදුම් මාරු කරන්නෙත් නැතුව අපේ එවුන් ටික ඔන්න සාලේ කයියට සෙට් වෙනවා..
 

බෝලේ : පට්ට මහන්සියි බං
බයිසා : සිරා ඕයි..
බයිසා : අඩෝ මේ ඒක නෙවේ උබලා දනන්වද වැල්ලව පැත්තේ හොරු සෙට් එකක් ඉන්නවලු නේද?
ගලයා : නෑ.. මොකක්ද බං ඒ සීන් එක?
බයිසා : උන් ගෙවල් වලට පැනල ගෙදර තියන හැම මගුලම ගෙනියනවා..
බොලේ : අඩෝ මෙහෙටත් පනියිද දන්නේ නෑ බං...
ගලයා : මෙහෙ පැනලා අහවල් එකක් ගෙනියන්නද බොල..
මම : ඇයි බං බබියගේ ලැප් එක..
දුමා : අම්මද බොල අඩෝ ඕකගේ ලැප හංගලා බය කරමු?
 

දුමා කියපු වචන ටිකෙන් එතන හිටපු අපේ හැමෝගෙම ගත සිත සීතල වෙලා ගියා.. කියන පමාව විතරයි බබියගේ ලැප් එක ආ ගිය අතක් නෑ.. අඩුම තරමේ ඒක හංගපු එකා කවුද කියන්නවත් අපි දන්නේ නෑ... 

ඔය අතරේ

දුමා : අඩෝ ඕකගේ ලැප විතරක් නැති උනොත් ඕකට සැක හිතෙනවා අපි දුන්න ගේමක් කියලා
ගලයා : ඔව් ඔව් බං අපේ ඒවා මොනවා හරිත් හංගමු
 

ඒක කියපු හැටියේ දුමාගේ මොනිටරේත් බයිසාගේ බෑග් එකත් අතුරුදහන් වුනේ විදුලි වේගෙන්. දැං කට්ටියම කතා වෙලා කොහොම හරි ප්ලෑන් එක ගහලා ඔන්න ගලයට දුන්න බබියට කතා කරන්න කියලා..

ගලෙයා : අඩෝ උඹ කොහෙද බං ඉන්නේ?

බබියා : මම මේ කෑල්ලව දාලා එනගමන් බං..
ගලෙයා : අඩෝ බෝඩිමට හොරු පැනලා යකෝ අපිත් මේ දැං ආවේ 
බබියා : ඈහ්? කොහොමද කවද්ද? මොනවද අරං තියෙන්නේ? 
ගලෙයා : දවල් අපිත් පංති ගිය වෙලේ.. පිටිපස්සේ ජනේලෙන් පැනලා තියෙන්නේ බං වරෙන්කෝ විස්තරේ කියන්නම්
බබියා : අඩෝ සිරා ද බං? උඹලගේ ලණුවක් එහෙම නෙවේනේ?
ගලයා : උඹ **** කතා කරනවා.. හරි පුලුවන් ඉක්මනට වරෙන් දැං අපි පොලිසියට යනවා.
බබියා : හරි මම පැයකින් එනවා...

ඔන්න ඉතිං දැං ඒ කොටසත් හරි දැං තියෙන්නේ බබියා එනකම් ඉවසීමෙන් ඉන්න එක. අපිත් ගෙදර ඉස්සරහින් පුටු ටිකකුත් දාගන කයිය දාගන ඉද්දී ඔන්න පැය එකහමාරක් විතර යද්දී මිනිහා පුක කැඩුනු කඩියා වගේ දුවගන එනවා..ඈත තියා ඌ එනවා දැකපු අපි ෆුල් සිරා අප්සට් මූඩ් එකක් ගත්තා අපිටත් රඟපාන්නම බෑනේ..

බබියා : අඩෝ මොකක්ද බං මේ හු** කතාව?
මම : වැඩක් නෑ ඕයි කතා කරලා..
ගලයා : දැං පොලීසියත් ඇවිත් බලලා ගියා බං..
දුමා : අඩෝ අර කලු පාට පොලිස් කාරයා දුන්න ** ටෝක බලපන්කෝ බං..
මම : අඩෝ සිරා බං ඌ කියනවා පුලුවන් හැම දේම කරන්නම්ලු මීට වඩා හොරකමුත් වෙනවලු...
බබියා : හරි දැං මොනවද උන් ගෙනිහින් තියෙන්නේ බං?
බයිසා : අඩෝ අවුල් ගන්න එපා හරිද? උබේ ලැපත් උස්සලා බං.. තව මගේ බෑග් එකයි  දුමාගේ එල් සී ඩී එකයි කනියගේ සල්ලි වගේකුයි බං..
බබියා : හු**.. අඩෝ ලැප උස්සලා?

මේකට දැං සිහි නැති වෙන්න ඔන්න මෙන්න. ඇයි හත් වලාමේ ලක්සම එක හමාරක් දීලා ගත්ත ලැපනේ.. දැං මූ ඉන්නවා ඔලුවේ අත ගහගෙන

මම : අඩෝ අවුල් ගන්න එපා ඩෝ පොලිසියෙත් ඇන්ට්‍රි එකක් දැම්මනේ...
ගලයා : ඔව් බං මේ දවස්වල වැල්ලව පැත්තෙත් ඉන්නව කියලා මේ බයිසා කීවේ.. 
බබියා : අඩො මම ගෙදරට මොනවද බං කියන්නේ?
දුමා : හරි බං හරි.. ඉතිං උඹ හිතලා කරේ නෑනේ..
බයිසා : ඔව් බං ඒකනේ..අ අපි හෙටත් පොලීසියට ගිහින් බලමු.. වරෙල්ලා දැං රෑට මොනවා හරි කන්න රත් කර ගමු..
 

එහෙම කියලා අපි කට්ටිය ගියා කුස්සියට... බබියට දැං හතර වරං.. මෙලෝ සිහියක් නැතුව කල්පනා කරනවා.. අනිත් එවුනුත් ෆුල් මූඩ් එකේ වගේ ඉන්නවා. ඒ අස්සේ බබියා කියනවා "අඩෝ මට නිදිමතයි බං මම යනවා නිදා ගන්න" කියලා.. අපිත් ඉතිං පාඩුවේ රෑට කාලා එහෙම ශේප් එකේ බබියා නිදාගන ඉන්න ඇද ලග තියෙන මේසෙන් උගේ ලැප තිබ්බා.. මෙන්න පහුවදා උදේ මූ ලැපත් බදාගෙන එනවා..
 

බබියා : තොපි කැ* පො*** තොපිට වෙන හු*** හංගන්න තිබ්බේම නැද්ද? ආච්චිට හෑන්ඩ් බ්‍රේක් ගහන්න... 

බී...ප් බී.......ප් බී........ප්