ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්‍රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්‍රශ්නයක් අහන්නම් පුලුවන්නම් ...
මූනු පොතේ අපි
Wednesday, February 1, 2012
ගලේගේ ශිෆ්ට් සෙල්ලම
බ්ලොග් ලියන ගොඩක් කට්ටියට වගේ අපිටත් තියනවා බෝර්ඩින් සීරියස් එකක් අද ඒවගෙන් එක කතාවක් දාන්නම්.කතාවට කලින් පොඩ්ඩක් කතාවේ වට පිටාව කියන්නම් නැත්නම් කට්ටිය අන්දුන් කුන්දුන් වෙලා බලාගත්ත අත බලාගන ඉදියි මේ මොකක්ද මේ උනේ කියලා.හරි හරි මෙන්න මේකයි විස්තරේ අපේ අධ්‍යාපන ආයතයේ(දැං දෙනෝ දාහක් මොකක්ද ආයතන කියලා දන්නවා උනත් නම දාන්න බෑ අප්පා) HD වල එක්සෑම් තියෙන්නේ සෙමෙස්ටර් විදිහට ඒ කියන්නේ මාස 6කට සැරයක්.එක්සෑම් වලට මාස 2කට විතර කලින් පංති තියන දවසක ඉන්ටවල් එකේ අපේ එවුන් ටික කැන්ටින් එක ගාව සෙට් වෙලා ඉන්නවා
බයිසා : අඩේ එක්සෑමුත් ලග හින්දා සෙට් වෙලා පාඩම් කරොත් නරකද?
ගලේ : ඒක තමා බං. එහෙනම් අපි මේ මාස 2කට විතරක් බෝර්ඩ් වෙමුද?
දුමා : එල අදහස? ඒත් කොහෙද?
බබුන් : මම දන්න කසින් කෙනෙක් ඉන්නවා වැහැර උන්ගෙනම් ගෙදරක් තියනවා සෙට් කරන්නද?
බයිසා : එල සෙට් කරපන්.අද හවස යන ගමන් බලාගන යමු.
ඔන්න ඉතිං අපි පංති ඉවරවෙලා වැහැරින් බැහැලා බබුනගේගේ කසින්ගේ ගෙදර බලන්න කියලා ගියා. අම්මට හුඩු මෙන්න බස් එකෙන් බහිනකොටම දෙයියෝ වැඩලා බස් හෝල්ට් එකඉස්සරහම බාර් එකක්.(දන්න කට්ටිය දන්නවා ඇති වැහැර මල්ලිකා ශෙඩ් එක ඉස්සරහා) අපි ටිකත් ඉතිං කෙල හලාගන මුන්ගෙ කසින්ලගේ ගෙදරට ගියා.
බබුන් : අයියෙ මේ ඔයාලගේ අර අහවල් ගෙදර බෝර්ඩ් වෙන්න සෙට් එකක් හෙව්වා නේද?
අයියා : අහ් ඔව් මල්ලී ඉතිං?
බබුන් : මෙන්න මුන් ටික අපේ පංතියේ සෙට් එකක් මාස 2කට විතර නවතින්න තැනක් හොයනවා.
අයියා: හරි මල්ලී අන්න අරක තමා ගෙදර යමුකෝ බලන්න.
කියලා අයියා අපිව ගෙදර පෙන්නන එක්කගෙන ගියා.ගෙදර කියන්න තරම් ආභාදයක් නෑ.අපේ පස් හය දෙනාට ඉන්න සෝක් තැන.ඒ අස්සේ අපරාදේ කියන්න බෑ ඉස්සරහ ගෙදර පොඩි කෙලි පැටික්කියෙකුත්නම් හිටියා වගේ මතකයි.ගෙදර අපිට හිතට අල්ලපු හින්දා අයියටත් අපි තව සතියකින් විතර නවතින්න එන්නම් කාටවත් දෙන්න එපා කියලා පොරොන්දු කරවගන අපි ගෙවල් බලා පිටත් උනා.
එදට සතියකට විතර පස්සේ කට්ටිය බඩු බාහිරාදිය අරගෙන කට්ටිය බෝඩිං ගත වීමට සෙට් උනා.බබියත් ඔය අතරේ ඌ ගාව බයිසිකලයත් තිබිලා ඒකත් මූ වෑන් එකේ දාගන තමා ඇවිත් තිබුනේ හදිස්සියකට කඩේකටවත් එහෙම යන්න කියලා.කඩේ යන එක බල්ලට ගියාවේ කියලා ඕක ගෙනාපු දවසේ දෙකේ අපේ එවුන්ට පිස්සු තද උනා.එකෙක් යනගමන් ඉස්සරහ රෝදේ උස්සනව,තවත් එකෙක් හයියෙන් ඇවිත් බ්‍රේක් ගහල පිටිපස්සෙ රෝදේ උස්සනවා,ඔය අතරේ මාම වගේ එකෙක් ඕක රෝද දෙකම බිමින් තියලා තල්ලු කරගන යනවා එක විජ්ජුම්බරයයි,ඔය අතරේ අතරේ බයිසිකලේ අරන් කෑලි බලන්න ගියපු එවුන්නම් හිටියේ නෑ ඕං.
ඔහොම දවසක හවස 4ට විතර බබිය වැඩ දදා ඉද්දී කොහෙදෝ හිටපු ගලය එතනට සම්ප්‍රාප්ත උනා
ගලයා : බබියා බැහැපන් මම උබලට එළ වැඩ කෑල්ලක් පෙන්නන
බබියා : මොකක් කරන්නද? පුලුවන්නම් පලයන්කෝ පොල් ගහක් දිගේවත්.
කියලා බබියත් ගලයගේ ආදරණීය නෑදෑයන් ටික මතක් කරලා දුන්නා බයිසිකලේ ගලයට.දැං ඉතින් අපි ප්‍රේක්ශකාගාරයට වෙලා බලාගන ඉන්නවා ගලය තැරිගහගන්නම් මේකව හොස්පිටල් එක්ක යන්න කියලා.මූ ගත්ත බයිසිකලේ ටික දුරක් පැදගන ගියා හරවගත්තා ආපහු මෙන්න දත කට කාගන ඊරී යකා වගේ මේකා පැයට කිලෝමීටර් 60 විතර වේගෙන් එනවා.මටනම් හිතුනෙම හරි තමා අදනම් මේකව කොළබ මහ රෝහලටම මාරුකරන්නම වෙයි තමා කියල.කොහෙද මූ මගේ බලාපොරුත්තු සුන් කරමින් යස අපූරුවට ගැහුවේ නැද්ද ඩ්‍රිෆ්ට් එකක්.
දැං කියවන කට්ටිය බලනවා කෝ ඉතිං මොකුත් වෙලා නෑනෙ කියලා ඉදිං ඉදිං දැං තමා තොරනේ විස්තරේ පටන් ගන්නේ.
මේකා දැං බයිසිකලෙත් මිදුලේ පැත්තක හේත්තු කරලා අපි ගාවට එන ගමන්
කොහොමද මචං මං ගහපු ශිෆ්ට් එක කියපි.
අපේ එවුන්ට හතර හිනා.මුට ඒත් ගානක් නෑ,මේකා ආපහු අහපි "ඇයි බං ගහපු ශිෆ්ට් එක හොද නැද්ද?" කියලා. හිනාව ඩබල් වෙන්න එක තත්පරයක් ගියෙ නෑ.
මේකා NFS, DRIFT වගේ ගේම් ගහන කොට හැන්ඩ් බ්‍රේක් එකට දාලා තියෙන්නේ ශිෆ්ට් කී එක මේකට ඒ දෙක ටැපලිලා.අදටත් ගලයව දන්න කියන කට්ටිය බොරුනම් අහන්නකෝ “ගලේ බයිසිකලයක් තියනවා ශිෆ්ට් එකක් ගහමුද” කියලා. අහන එකාට ටෝටලි ෆ්‍රිරී ගලය ගානේ ටුවර් එකක් හම්බෙනවා කිලෝමීටර් 2ක් දුවන්න.
ප.ලි : ඇත්තටම බෝඩිං ජීවිතේ මාර සුන්දරයි. ඒක අම්බකට්ටක් උනත් වේලක් ඇර වේලාක් කෑවත් ජීවිතේ ලස්සනම මතකයක්.
Labels:
බෝඩින් සීරියස්
Subscribe to:
Post Comments (Atom)



15 කමෙන්ට්ස්:
ubala colombo ekeda....
ඒ කියන්නෙ උඹල බෝඩිං වෙලා ඉන්නෙ මල්ලිකා එක ලඟද ???
නෑ බං කුරුණෑගල
එක්සෑම් කාලේ හිටියේ දැංනං ගෙවල් වල ඉදං යන්නේ
එළ එළ මමත් අවු 4 ඔය ආතල් ගත්තා.....
ශිෆ්ට් ගැන කියනවනම් ඉස්සර ගැහුවේ පාගල් එකෙන් ,දැන් ගහන්නේ මෝටර් පුටාර් එකෙන්
අපිට මාස 2යි ආතල් ගන්න හම්බුනේ බං
දිල් තෝ පාගල් හේ උනේ එහෙම නෑනේ ඒ කාලේ?
බෝඩිම් ජීවිතේ මරේ මරු....
හි හි පට්ට සීන් එක ඉස්සර ෆිෆා ගේම් එක ගැහුවා අම්බානකට ඉතින් ෆුට්බෝල් මැච් එකක් එහෙම බලද්දි මට හිතෙන්නේම් මේ මම ගේම් එකක් ගහනවා කියලා ප්ලෙයර්ස්ලා දුවන විදියට හිතෙන් හිතනවා මෙන්න මෙහෙමයි අරන් යන්න ඕනේ කියලා.....
සිරා බං ඒ හිටපු මාස 2කේ ගත්ත ආතල් වෙන කොහෙවත් ගත්තේ නෑ
හික් හික් කාර් ගේම් එකක වංගු ගද්දී ඒ පැත්තට අපිත් හැරෙනවා වග් සීන් එකක්...
බෝඩිම් ජීවිතය එච්චර අවුලුත් නෑ වගේ නෙහ්.
මරු ශිෆ්ට් එක !!
හොද අව්ලක් නෑ එක එකා මරා ගත්ත නැති එක විතරයි බං ඒත් ඉතිං කොච්චර මල පැන්නත් අද මතක් වෙද්දී තනියම හිනා යනවා
පට්ට
Post a Comment