ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Wednesday, February 29, 2012

ඇම්ඩා.... (18+ ද මන්දා)



හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕනයා අයියා නෙවේ ඒ කාලේ ඉදන් හිටපු එකා.. ඔන්න ඉතිං මෙතනින් එහාට ටේක් කේයාර් හොදේ....


කතාව 01


ඇම්ඩන් ඔහුගේ අක්කා සමග පන්ති යමින් සිටී. පාරේ බල්ලෙක් බැල්ලියකගේ පිට මත නැග යම් දෙයක් කිරීමට සැරසෙයි..

ඇම්ඩන් : අක්කේ, අක්කේ අර බල්ලෝ දෙන්නා මොකද කරන්නෙ?
අක්කා : ආ මල්ලි, අර බල්ලගෙ කකුල කැඩිල. බැල්ලි ඒ බල්ලව වත්තන් අරගෙන එක්කන් යනවා


ඒ දෙස ඇම්ඩන් මඳක් වේලා බලා සිටී


ඇම්ඩන් : මූව තියල වටිනව ද අක්කේ, එහෙව් බැල්ලිටනෙ මේ දාගෙන හු***** 



කතාව 02


ඇම්ඩන් : අම්මේ කොහොමද මිනිස් පරම්පරව බිහි වුනේ?
අම්මා : වසර ගානකට කලින් දෙවියො ආදම් සහ එවා මැව්වා.ඒගොල්ලො ලමයි හැදුවා.එහෙම තමයි අපි බිහි වුනේ

ඊලඟට ඔහු තාත්තා ලඟට ගොස්

ඇම්ඩන් : තාත්තේ කොහොමද මිනිස් පරම්පරව බිහි වුනේ?
තත්තා : වසර ගානකට කලින් අපි වඳුරෝ වෙලා ඉඳලා, පරිනාමය වුනා මිනිස්සු හැටිය

ඇම්ඩාට ටිකක් අවුල් දැන්.ඊලඟට අම්මා ලඟට ගිහින් "අම්මා කියනවා මිනිස් පරම්පරව දෙයියා මැව්වා කියලා.තාත්තා කියනවා අපි වඳුරාගෙන් පැවතගෙන එනවා" කියලා කවුද හරි?

අම්මා- පුතා තාත්ත හරි.මම කීවේ අපේ පරම්පරාව ගැන, තාත්තා කියන්නේ ඒ ගොල්ලන්ගේ පරම්පරාව ගැන



තාව 03

දිනක් මව හා පියා සමග ඇම්ඩන් සත්ව උදයානයක් බැලීමට යයි. එහෙදී අලියෙක් මුත්‍රා කරනු දුටු ඇම්ඩන් අලියාගේ අහවල් එක දැක

ඇම්ඩන්: ඒ මොකක් ද තාත්තේ?
පියා : හාපෝ, ඒක මහ භයානක දෙයක්

තව ටිකක් දුර ගිය විට තවත් අලියකු ඉහත ක්‍රියාවම කරණු ඇම්ඩන් ට දකින්නට ලැබෙයි. මෙවර ඔහු තම මව විමසයි.

ඇම්ඩන් : ඒ මොකක්ද අම්මේ?
මව : ආ පුතේ ඒක හරිම සුළු දෙයක්

දැන් ඇම්ඩන් හොල්මන් වී ඇත. තව ටිකක් දුර යන විට තුන් වන අලියෙකුද ඉහත කටයුත්තම කරණු පෙනෙයි. මෙවර ඇම්ඩන් නැවතත් පියාට කතා කරයි.

ඇම්ඩන් : තාත්තා කියනවා අරක මහ භයානක දෙයක් කියලා. අම්මා කියනවා ඒක සුළු දෙයක් කියලා. කවුද හරි?
පියා: (ඇඟට පතට නොදැනී) උඹෙ අම්මට නම් ඉතින් ඕකත් සුළු දෙයක් වෙන්න ඇති!


කතාව 04

ඇම්ඩන් ඉන්නේ දෙකේ පංතියේය..ගුරුතුමිය අකුරක් කියූ විට ළමුන් එම අකුරෙන් පටන් ගන්නා වචනයක් කිව යුතුය. මුලින්ම ගුරුතුමිය කීවේ අකුරයි. ඇම්ඩන් ඇතුලු ලමුන් කිහිප දෙනෙක් අත් එසවූහ.එහෙත් එම අකුරෙන් කුනුහරප ඇති නිසාත් ඇම්ඩගේ කටට බ්‍රේක් නැති නිසාත් ගුණපාලට අවස්ථාව උදා විය. පණුවාගුණපල කීය. ඊලඟට ගුරුතුමිය කීවේ අකුරයි. නැවතත් ඇම්ඩන් ඇතුලු ලමුන් කිහිප දෙනෙක් අත් එසවූහ.එම අකුරෙන් ඇති වුවත් "හු" අකුරෙන් කුනුහරප ඇති නිසාත් මෙවරද අවස්ථාවද ඇම්ඩට නොව බණ්ඩාට ලැබිණි. හරකාබණ්ඩා කීය. ඊ ලඟ අකුර වූයේ ය. මෙයින් කුණුහරුපයක් කීමට ඉඩ නැති නිසා ඇම්ඩන් ට අවස්ථාව ලැබිණි.ඒවෙලේ ඉහල අවස්ථා දෙක නොලැබුනු නිසා ඇම්ඩාට හොදම එකෙන් මළ පැන සිටියේය.ඇම්ඩන් ගත් කටටම අම්මට හු** තඩි ඌරු මීයා” ලෙස වාක්‍යක්ම කිව්වේය.


ප.ලි : මේ කතා වලට කැමතිනම් Like කරන්න.. කලින් මේ කතා අසා තියෙනවනම් Comment කරන්න.. ඔය මොකුත් නෙවේනම් Share කරන්න හොදේ..(රැල්ල නොවැ)
Tuesday, February 28, 2012

ආවා ආවා අපේ සෙට් එකගේ බෝඩින් සීරියස් 3 ආවා



ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න්ද අප්පා ඒවා.. හරි හ්අරි වටේ යවන්න ඕනේ නෑනේ ඔන්න එහෙනම් කතා ටික..
කලින් දාපු බෝඩිං සීරියස් දෙක බැලුවේ නත්නම් මෙන්න



ගලේගේ ශිෆ්ට් සෙල්ලම



බෝඩිං කාරයෝ-තවදුරටත්










ගෑනු නාන දිහා...


"ලිද ලග ටෙරා"..හුටා කට්ටිය බලනවා අති මොකද්ද මේ ටෙරා කියන්නේ කියලා..දන්නේ නැති අයට ඔන්න දැනගන්න කියන්නේ අපි නම් ටෙරා කියන්නේ අහම්බෙන් දකින සුන්දර දසුන් වලට.


මේකත් මේ අපෙ බෝඩින් කාලේ උන අකරතැබ්බයක් තමයි.අපේ බෝඩිමට වතුර තිබුනත් ඒවා බොන්න බැරි නිසා ටික දවසක් යනකන් අල්ලපු බෝඩිමේ ලිදෙන් බොන්න වතුර ගන්න කියලයි තිබුනෙ.කොහොම හරි කට්ටියම නිවාඩු දවසක ගෙවල් වලට ගිහින්.එදා බෝඩිමේ හිටියෙ මමයි කනියි විතරයි.අපේ දෙන්නගෙන් එකෙක්ටවත් හරියට සම්බෝලයක්වත් හදාගන්න බැරි නිසත් ඇදගන නාගන්න ඕනේ නැති නිසත්.කඩෙන් ගෙනත් මොනවා හරි කමු කියලා කතා වුනා.වතුර ගෙන්න වෙනදට වැඩිය පරක්කු වෙලා මතක විදියට 6.30ට විතර ඇති, දෙන්නම ගියා අල්ලපු බෝඩිම පැත්තට...ඉතින් කියන්න බැරි උනානේ මේ අල්ලපු බෝඩිමේ නැවතිලා හිටියේ විදේශ නියුක්ති මොකක්දෝ එකේ කෙල්ලො ටිකක්.අපි යනකොට මුන් ඔක්කොම ලිද ලග නානවා...දැන් ඉතින් එතනට යන්නත් බෑ..වතුර නොගෙන එන්නත් බෑනේ.ඕන පුකක් ප්‍රීති වෙසක් කියලා අපි ගියා වතුර ගන්න...උන් දන්නේ නේ අපි එනවා කියලා..එක කෙල්ලෙක් අපි එන පැත්තට හැරිලා ඇදන් හිටපු චීත්තේ කඩලා කිසි හදිස්සියක් නැතුව හෙමීට ඇදගත්තා.දෙන්නම හෑන්ඩ් බ්‍රේක් ඇද්දා වගේ එතනම නැවතුනා.


ඒ අස්සේ දුර දුශ්ටිකත්වය තියන ,මහ දවාලටවත් මිනිහෙක් පේන්නේ නැති කනියා කියනවා


"අඩෝ අඩෝ.... උබ දැක්කද සීන් එක..ඒ කෙල්ලගේ මූන කලු උනාට අනිත් ඔක්කොම ඒවුවා නම් පියෝ වයිට් නේද  බං"


එන පොට හොද නැ මෙන්න බොලේ කෙල්ල චීත්තේ උස්සලා සබන් ගාන්න පටන් ගත්තා..තවත් මේ මල හෝන්තුව  දිහා බලන් හිටියොත් නෝන්ඩි වෙලා ගුටිත් කන්න වෙනවා කියලා දැනුන හින්දා..උණහපුළුවෙක් වගේ කෙල්ලෝ නාන දිහා බලන් ඉන්න කනියවත් ඇදගෙන බෝඩිමට ආවා...


කනියා ගෙවල් වල ඉදන් ආපු කට්ටියට ආපු වෙලේම බොරුත් දාලා රස කරලා කතාව කීවා.දැන් ඉතින් මොකද අපේ උන්ට ඒ ටිකම ඇති බඩ පිරෙන්න..වෙනදට වතුර ගේන්න පැත්තට යන්නේ නැති උන් එදා ඉදන් වතුර ගෙන්න යන්න පොර කනවා.බෝඩිමේ අයිති අයියා හැමදාම ඇවිත් කීවත් මල්ලි වතුර ටැංකිය නිවාඩු වෙලාවක හෝදගනින් උබලට කරදරේනේ නැත්නම් කියලා..කට්ටිය කියන්නේ "නෑ අයයේ වතුර ගේන එක කරදරයක්  නෑ වතුර ටැංකිය හෝදන එක තමයි කරදරේ" කියලා..


ඉස්සරහ කෙල්ලෙ


බෝඩින් සීරිස් එකේ කලින් පෝස්ට් ටික කියපු කට්ට්ය දන්නවා ඇති නේ අපි කීවනේ බෝඩිමට ඉස්සරහා ගෙදර කෙල්ලෙක් හිටියා කියලා.ඔය ගෙදර මහ එකා ඒ කියන්නේ අර කෙල්ලගේ තාත්තා ,මිනිහට අපිව දෑහැට පේන්න බෑ.අපි හිනා උනාට ආසාවකට මේකා අපිට හිනා වෙන්නෙත් නෑ.අපි සෙට් එක ක්ලාස් ඉවර වෙලා බෝඩිමට එද්දී මේ යකා අපි දිහා බලන්නේ ත්‍රස්තවාදි ටිකක් දිහා බලනවා වගේ.කොහොම හරි අපි බෝඩිමට ඇවිත් සතියක් යන්න කලියෙන් කූඩුවේ දාල හිටපු බල්ලව දංවැල දාල රෑට එලියේ ගැටගහන්න ගත්තා.මිනිහා බයේ ඉන්න අතී අපි පොරගේ දුවත් එක්ක කොට්ට පනී කියලා.අනේ අපේ අවාසනාවය කෙල්ලගේ වාසනාවට එහෙම නම් දෙයක් උනේ නෑ..ඕනෑම කෙල්ලෙක්ට පැනිය දාන බයිසාටත් උගේ කෑල්ල ඒ ලගපාත් ඉන්න හින්දාද කොහෙදෝ එකට වැඩිය මහන්සියක් වුනේ නෑ.කොහොම හරි ඔය කෙල්ලත් ඒ දවස් වල ඒ ලෙවල් වලටද කොහෙදෝ  රෑ දෙගොඩ හරියක් වෙනකන්  පාඩම් කලා..
ඉතින් දවසක් මහ රෑ 10ට විතර එලියෙ ඉදන් දඩිබිඩියේ දුවගෙන ඇවිත් ගලයා කිව්වා.. අඩෝ "අන්න අර කෙල්ල ඇදුම් මාරු කරනවා උඩ තට්ටුවේ, සද්ද නැතුව ගිහිල්ලා බලපල්ලා" කියලා..
මොන සද්ද නැතුවද? ඉදගන ඉන්න පුටුත් පෙරලගෙන කට්ටිය දිව්වා මේ ලයිව් ශෝ එක බලන්න.මට මතකයි බෝඩිමේ ඉස්සර දොර අරගන්න බැරුව එකෙක් "ඇරපිය හු*** ඉක්මනට දොර" කියලා, බැරිම තැන දොර අරින්න පරක්කු වුන හින්දා මේකා දුවන් ගිහින් පිටිපස්සෙ දොරෙන් එලියට ආවා.


කොහොම හරි දැන් කට්ටියම සද්ද බද්ද නැතුව කෙල්ලගේ විල්ල බලන්න හොරෙන්ම එලියට බැහැලා, අපිව පේන හින්දා බෝඩිම ඉස්සරහා ලයිට් එකත් නිවලා එක එකා තැන් තැන් වල ඉදන් බලන් ඉන්නවා..එකෙක් ගේට්ටු කනුව උඩ,තව එකෙක් ගහක් උඩ,බයිසා ගඩොල් ගොඩ උඩ.දැන් දර්ශනේ ලෙසටම යනවා.කර්ටන් එක හින්දා හරියට පැහැදිලි මදි..ඒ හින්දා බයිසා ගඩොල් ගොඩ උඩ පොඩ්ඩක් එහාට මෙහාට වෙනකොට හෙන ගැහැව්වා වගේ ගඩොල් ගොඩත් පෙරලගෙන මේකා බිම පත බෑවෙච්චි. හරිනේ බබා හම්බුනානේ දැං. ඒ අස්සේ මෙන්න මහ ගෑනීත් කෙල්ලගේ කාමරේට ඇවිත් මිනිහට බෙරිහන් දෙනවා.."මේ ඕයි මනුස්සයෝ සද්දයක් අහුනා පොඩ්ඩක් බලන්නකෝ" කියලා.කට්ටියම උන් හිටි තැන් අමතක වෙලා තප්පරේට දෙකට බෝඩිම ඇතුලේ.ඔය දුවගෙන එන අතරතුරෙ එකෙක්  හරහට බැදලා තිබුන ලනුවකින් මූන ලෙලි අරගෙනත් හිටියාත් මතකයි.




ප්‍රීතී කසානා..


ප්‍රීති කසානා කියන්නේ පොඩි ලෙඩක්(rash එකක්). ඔය ලෙඩේ අපෙ බෝඩිමේ එකෙක්ටත් තිබුනා.මේ ලෙඩේ ගැන පොඩ්ඩක් කියනවා නම් මේක හැදෙන්නේ ගල දෙපැත්තේ ඒ කියන්නේ කලවා කියන්නේ අන්න ඒ දෙපැත්තේ.බුවා ගාව මේකට ඔනෙ බෙහෙත් එහෙම තියාගෙන තමයි හිටියේ.ප්‍රීතී කසානා කියලා කියන්නේ ඇයි කියලා අහපුවාම  මිනිහා කීවේ "මේක කහන්න කහන්න පට්ට ආතල්" කියලා.කොහොමත් පොර බලන හැම වෙලාවකම හිටියේ ඇදන් ඉන්න කලිසම අස්සේ අත දාගෙන කහ කහම තමයි හිටියෙත්.


එක දවසක් මහ රෑ නිදාගෙන ඉන්න කොට සද්ද්යක් ඇහෙනවා "සරස් බරස් සර බරස්".. හයි ස්පීඩ් එකෙන් වැලි කඩදාසියකින් බිත්තියක් මදිනවා වගෙ සද්දයක්.ඒත් එක්කම් මෙන්න ඇහෙනවා "අම්මෝ සැප කෝටියයි" කියලා .එක එකා රෑට එක එක ෆන් දෙනවනේ බෝඩින් වල නිදාගන්නේ නැතුව එහෙම වෙන්න අති කියලා සද්දේ වැඩිය ගනන් ගනනේ නැතුව හිටියා...
මෙන්න ටික වෙලාවකින් අර ප්‍රීති කසානා  තියන පොර එනවා දුවගන "අම්මෝ කනියෝ ඉන්න බෑ දනවෝ..අනේ උබේ ක්‍රීම් එක දියන්කෝ මගේ බෙහෙතුත් ඉවරායී....."කියාගන.කොහොම හරි ක්‍රීම් එකක් හොයලා මේකට දුන්නා.මෙන්න මේකා ක්‍රීම් බෝතලේම බුවාට ප්‍රීති කසානා තියන පොට් එකේ හලා ගත්තා.හොයලා බලද්දී මෙන්න මේකයි වෙලා තියෙන්නේ..


 "අම්මෝ සැප කෝටියයි" කියලා කෑ ගහල තියෙන්නේ ප්‍රීති කසානා එක කහන කොට තිබුන ආතල් එකට..


"අම්මෝ ඉන්න බෑ දනවෝ" කියලා මූ කෑ ගහල තියෙන්නේ අර කහන කොට ආතල් එක වැඩි කමට මේකා කහලා තියෙන්නේ සපත්තු පොලිශ් කරන බ්‍රශ් එකන්.ඒ කහපු කැහිල්ලට පොරගේ හොරිය තියන පොට් එක අම්බානක තුවල වෙලා.




ප.ලි : අම්මේ සයිබර් සැණකෙලියත් තියනවලු නේද?? සැප තමයි හිටුකෝ අපිත් එන්න..
Monday, February 27, 2012

කොපි කිරීමට අත්වැලක්..



එක්සෑම් එකකදී කොපි කරලා නැති කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න....



හුටා එකෙක් නෑනේද? බඩුම තමයි මම හිතුවා හරි.අද ඔන්න ඔහේ කොපි කරන මෙතඩ් ටිකක් ලියලා දාන්න හිතුනා අප්පා.අපේ නම් එක්සෑමුත් ලගයිනේ.කට්ටියම කොපි කරලා තියන එකේ දන්නවනේ කොපි කරන්න තියන අමාරුව කොහොමද කියලා.. මොනවත් නෑ ඒ වෙලාවට හර්ට් එක නිකම් සයිබීරියාවට ඇමරිකාව ගහද්දි වගේ, වෙව්ලනවා කට කට ගාලා..


අපේ පංතියේ ඉන්න එවුනුත් බබාල වගේ හිටියට මොකද බලන්න ඕනේ එක්සෑම් එකකට ඉදගත්තාම අම්මෝ කොල එහෙන් අදිනව මෙහෙන් අදිනවා… හිතාගන්න බෑ කොහෙන් අදිනවද කියලා.. හරි හරි අනං මනං පැත්තක දාලා දැං කරන්න ආපු වැඩේට බහිමුකෝ..

මුලින්ම කොපි කරන මෙතඩ් වර්ග 2ක් තියනවා

  1. තමුන්ගේ නෝට් කොපි කිරීම.
  2. එක්සෑම් හෝල් එකේ ඉන්න එකෙක්ගෙන් අරන් කොපි කිරීම.



ඔය කියන පලවෙනි විදිය ඒ කියන්නේ  තමුන්ගේ නෝට් කොපි කරන විදි නම් සෑහෙන්න තියනවා ඒවාගෙන් ටිකක් මම පලවෙනියටම කියලා දෙන්නම්කෝ

  • අතේ ලියාගන යෑම


මේකේදී අත් දිග ටීශර්ට් එකක් ඇදගන යන තරමට වාසියි අතේ උරහිසේ ඉදන් මැද අගිල්ලේ කොන වෙනකම්ම ලියාගන යෑමට ඉඩ තියන නිසා සෑහෙන වාසියි අනික මාට්ටු උනා කියලා අත ගලවගන ගෙනිහින් පෙන්නන්න ඈ…

  • ඥාන  පටි ගැසීම


කට්ටිය දන්නවා ඇතිනේ   ඥාන  පටි කියන්නේ මොනවද කියලා.ඔව් ඔව් ඕන කරන දේවල් ලියාගන යන කොල වලට තමා කියන්නේ.. කොහොම හරි කරලා ලියා ගන්නනම් පුලුවන් ඒත් ගෙනියන එකනේ කෙලිය තියෙන්නෙ.අපේ එක ඒකා   ඥාන  පටි ගෙනියන ක්‍රම තියනවා. ඩෙනිම් වල දකුනු පැත්තේ තියන සාක්කුවට උඩ තියන පොඩි සාක්කුවට දාගෙන ගෙනියන එක තමා ලේසිම වැඩේ.. තව අත් දිග ශර්ට් එකක් ඇදන් යනවනම් ඔන්න දාගන්න එලම පොට් එක තමා ශර්ට් එකේ අත් දෙක නවලා ඒක ඇතුලට දාගන යන එක එලියට ගන්නත්ලේසියි.තව ඕනේනම් ටී ශර්ට් එකේ අත හරියට වෙන්න රබර් බෑන්ඩ් එකක් දාගන ඒකේ අස්සේ උනත් ගහගන යන්න පුලුවන්..
ගෙනියන විදිනම් ඕන තරම් ඒත් ඉතිං කොහෙද දැං තියාගන්නේ. තියාගන්න නියමම තැන තමා කකුල් දෙක අස්සේ පුටුව උඩින්,ඕන වෙලාවට කකුල් දෙක ඈත් කරා බැලුවා.හැබැයි කෙල්ලනේ ස්කර්ට්ස් ඇදන්නම් ඒ කෙලිය කරන්න හම්බෙන්නෙ නෑ.

  • ලේන්සුව


මේකනම් ගොඩක් භාවිත කරන්නේ කෙල්ලෝ.මොකද ගොඩක් වෙලාවට කෙල්ලෝ අතේනේ ලේන්සු තියෙන්නේ.. කරන්න තියෙන්නේ පොඩි දෙයයි.. ලේන්සුවේ ඕන දේවල් ටික ලීවා. ලේන්සුව අතේ පොඩි කරගත්තා ගෙනිච්චා..


හරි දැං අපි බලමුකෝ එක්සෑම් හෝල් එකේ ඉන්න එකෙක්ගෙන් කොහොමද කොපි කරන්නේ කියලා
ඒකෙත් ක්‍රම දෙක තුනක් තියනවා

  • දුරකතන භාවිතය


මේ විදිය ලේසිම බහුවරණ තියන පේපර්ස් වලට.අනික මේක සාමුහිකත්වයෙන් දෙන්න ඕන වැඩක්.කරන්න තියෙන්නේ මෙච්චරයි ගොඩක් ජංගම දුරකතන වල පුලුවන්නේ එක පාර කීප දෙනෙක්ට මැසේජ් කරන්න  ගෲප් හදාගන්න.කලින් දවසේ පංතියේ ඉන්න ඔක්කොමලව දාලා අන්න ඒ වගේ ගෲප් එකක් එකේ හදා ගන්න ඕනේ. එක්සෑම් හෝල් එකේ කවුරු මොනවා කීවත් සර්ලා එක්කෙනෙක් විතරක් බලන වෙලාවක් එනවනේ,ඒ වෙලාවට කරන්නේ තමුන්ට ආපු උත්තර ටික මැසේජ් එකක ගහගත්තා. අර කලින් හදාගත්ත ගෲප් එකට යැව්වා.අන්තිමට බලද්දී යැව්වා වගේම අනිත් අයත් තමුන්ට එවලා ඒ කට්ටියගේ උත්තර(කලින් කතා කරගන යන්න ඕන මෙහෙම කරන්න කියලා)ඒකෙන් මැසේජ් 3ක විතර(පුලුවන්නම් ඔක්කොම හරි) තියන උත්තර තමුන්ට දෙන කටු වැඩ කොලේ ලියාගන්න ඕනේ.ඒවාගේ සමාන උත්තර තියන ඒවා පට්ටම හරි අහන්න දෙයක් නෑ.. අනිත් ඒවට ඔය කණා ටිකක් ගහන්න.මොකද අඩුම ප්‍රශ්න 10 දුන්නම් අර ක්‍රමෙන් ඔයාට ප්‍රශ්න 8කටවත් හරිම උත්තර එනවා..

  • කොල පාස් කිරීම.


මේකනම් ඉතිං පොඩි එවුන් හිටන් දන්න එකක් නේ.සර්ලා පොඩ්ඩක් එහාට මෙහාට වෙනකම් ඉදලා කටු වැඩ කොලේක ඕනේ දේ ලියලා අනිත් එකා ගාවට ගුලි කරලා විසි කරනවා.ඒත් ඉස්කෝලේ කාලෙනම් මට මතකයි අපි ඔහොම කොල ලියලා ඉස්ටේපලර් වල ඇතුලට ඔබලා යැව්වා. එහෙමත් නැත්නම් දෙන පේපර් එකේ ලියලා යවනවා ඊට පස්සේ අනිත් එකා උගේ පේපර් එකේ උත්තර ටික ලියලා එව්වා.

  • එබිලා බැලීම


මේකත් ඉතිං ගොඩක් අය දන්න දෙයක්.. මේක අපිනම් කරන්නේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න එකාගෙන් මොකද අපේ පංතියේ දෙපැත්තට දාන එවුන් දාන්නේ කිලෝමීටරයක් විතර ඈතට. උන්ගෙන් අහගන්න ඕනේ නම් උඩ කීවා වගෙ කොලයක් පාස් කරන්න වෙනවා. හරි දැං බලමු කොහොමද මේ එබිලා බලන්නේ කියලා. සීන් එක මෙහෙමයි, මුලින්ම කරන්නේ ඉස්සරහ ඉන්න එකාව සෙට් කරගෙන උට කියන්න ඕනේ "මම මචං එක තට්ටුවක් මේසෙට දැම්මොත් පලවෙනි ප්‍රශ්නේ පෙන්නපං තට්ටු 2ක් දැම්මොත් දෙවනි එක පෙන්නපන්" අන්න ඒ වගේ දෙයක්

උදාහරනෙකට  අපට 4(c) අහගන්න ඕනේ කියමු.එතකොට මුලින්ම හෙමීට අරුට විතරක් ඇහෙන්න මේසෙට තට්ටු 4ක් දානව එතකොට අරූ 4 වෙනි ප්‍රශ් නේ තියන එක පෙරලනවා. ඊට පස්සේ තව තට්ටු තුනක් දානවා එතකොට අරූ 4(c) එකට උත්තර ටික පෙන්නනවා.. වැඩේ ගොඩ....

මෙන්න මේ වීඩියෝවත් බලන්නකෝ නියම ගැජට් එකක්



තව එක එක විදි තියනවා කොපි කරන්නනම් ඒත් මේ වෙලේ මතකයට එන්නෙත් නෑ අප්පා.තව ඒවා දන්න කට්ටිය පහලින් කමෙන්ට් එකක් විදියටම දාන්නකෝ..

ප.ලි : කොපි කරලා මාට්ටු වෙලා එහෙම ඔන්න අන්තිමට කියන්න එපා කනියා තමා මේවා කියලා දුන්නේ කියලා එහෙම ඔන්න.




ලිප් බොක්ක බැලිවේ නැති කට්ටිය බලාගනම එන්නකෝ...
Wednesday, February 22, 2012

ලිප් බොක්ක



එන්ටෝ එන්ටෝ බෝඩිං සීරීයස් අහන්න එන්ටෝ







ආ ආවද එහෙනම් ඈදී ගත්තනම් හත් අට පොලකින්.. ඔන්න ළමයිනේ අපේ පංතියේ ඉන්නවා සරිගම කන්නා කියලා පොරක්.. ඔව් ඔව් මිනිහා හෙන සංගීතකාරයා අනේ ඉතිං වැඩක් නෑ කතා කොරලා පහුගිය දොහේ අපේ උනුත් ඔය මොකක්දෝ කිරිස්මස් එකට කොලා කිරිස්මස් ඊවාද මොකක්දෝ එකක් ඔන්න ඕකෙදි ඔය කියන සංගීතකාරයා හින්දි සංගීතයක් දැම්මා කිව්වට විස්වාස කරන්න දරුවනේ බිත්තිවල ඉරි තැලුවා.. අන්තිමට ඩිරෙක්ටර් සර්ට අලුතෙන් බිත්තිවල තින්ත ගාන්ටත් වෙලා..

හරි හරි මිනිහා ගැන ඔය කියෙව්වා මදැයි ඉතින් බොලන්නේ දවසක් අපි බෝඩිං ගත වෙලා ඉන්න දවසක ඔය කියන සරිගමකන්නා මෑනුත් ආවා බෝඩිමට.ඔය කාලේ නොවැ අර බබි කියන කොලු ගැටයගේ බයිසකොලෙත් බොඩිමේ තිබුනේ.. මේකාටත් ඉන්න බැරුවට දවසක් වැඩ දාන්න ගොහින් වැටුනා වැටිල්ලක් දනිස් පොල් කට්ටෙන් ලේ බහින්න...එදා රෑ මිනිහට ගෙදර යා ගන්න බැරි හින්දා ඔන්න මිනිහත් එදා රාත්තිරිය බෝඩිමේ ගත කොරන්න හිතුවා. රාත්තිරිය වෙඩ්ඩී ඉතිං ඔය අතර කට්ටිය උයන්ට ලෑස්ති වෙලා.. මුල් කාලේ කොහෙද ගෑස් ලිප්. තිබ්බ ලිප් බොක්කේ තමා ඔක්කම කොලේ..ඔය අතරේ බබි කියන හාදයා ඔය ලිප් බොක්කේ කැකිරි මාළුවක් හදන විදිය දැකපු මේ සරිගම කාන්නට කවි සිතුවිලි වගෙයක් මතු වෙලා ඒවා කොලේක ලියලා දීපි අපට.

පොල්ලෙලි දමාලයි ගින්දර           දමන්නේ
පොල්කටු දෙකයි පෝරනුවේ       තිබෙන්නේ
එක මුට්ටියෙයි බෝඩිමටම           උයන්නේ
ඇයි හත් හිලව්වේ මම දුක්            විදින්නේ

ඩිප්ලෝමා එකේමිතුදම තුරුලු          කරන්
ආවා බෝඩිමට රෙදිකඩ තුරුලු        කරන්
පිම්බා හුලං ලිප් බොක්කට බටේ      ඔබන්
හිටියා අනික් උන් ටික ඒ දිහා           බලන්

පොඩි කවියක් උනත් බොලන්නේ සිරා ටෝක ආ නැද්ද හා??

ප.ලි : මේක අද මතක් උනේ.. මිනිහට අද ගෑල්ලමයව හම්බෙන්න ටිකක් කලින් පංතියෙන් යන්න ඕන වුනා. දැං උගන්නන සර්ට කියන්න දේකුත් නෑනේ.අනික ඒ වෙලාවට ඉන්ටවල් එකකුත් නෑ පනින්න. මිනිහා එක පාරම පංතිය මැද නැගිටල කෑ ගහපි සර් මට පුත්තලමේ යන්න ඕනේ කියලා.සර් අනිත් අතට අහපි ගෝවා වගා කරන්නද කියලා...


ගිය පාර මාව බන්දපු අපේ සෙට් එකේ වැඩ බලන්න මෙතනින් යන්න
Monday, February 20, 2012

දවසට දෙකට.....



ඔන්න දැන් ඉතිං පෝස්ට් එක දාපු ගමන්ම හෝ ගාල බනින්න නම් එපා කෝ ගිය දවස් ටිකේ පොල් ගෑවද කියල එහෙම.. පොල් නෙවේ අප්පා හෙන හෙන වැඩ ගොඩක් උනේ... හරි හරි ඒ කයි කතන්දර අත අරිමුකෝ.. අද කතාවට පදනම වැටෙන්නෙ මෙන්න මේ විදියට...


ඔන්න මම ගිය සිකුරාදා ආතල් එකට වගේ මගේ මූනුපොත ඩිඇක්ටිවේට් කලා.. මටත් ඉන්න බෑනේ කහනවනේ ඉතිං. කොලා තමා මෙන්න යකෝ හවස 7ට විතර ගලයා මට කෙටි පයිණ්ඩයක් එවනව "සුභ යුග දිවියක් කනියෝ" කියලා මං ඒත් සුවර් නැතුවටම තුන් පාරක් විතර විතර බැලුවා මූ මොකක්ද මේ එවලා තියෙන්නේ කියලා.අම්මට හුඩු හරි එවල තියෙන්නෙත් ගලයමයි ඒකමයි.. මම ආපු අතට අනිත් පැත්තට යැව්වා "තෝ බීලාද එහෙමත් නැත්නම් ලොකු මොනවා හරි දෙයක් පෑගුනාවත්ද" කියලා". මම හිතාගත්තා ඉතිං මේකා කණමදයා වගේ බීලා බීලා කොහේ හරි කානුවකවත් වැටිලා තමා මේ මැසේජ් කරන්නේ කියලා.. 


මෙන්න යකෝ විනාඩි 5ක් යන්න හම්බුනේ නෑ රින්දියත් එකක් එවනවා "Happy marriage Life" කියලා.. මට ෆුල් චේන් දැන්.. ඇයි අප්පා ගලයනම් බීලවත් කීව්වහැකි ඒත් මේකිට මොක වෙලාද? කලු කුමාරයත් දිශ්ටිය දාලද මේ රෑ? ඒත් එහෙම වෙන්නත් බෑ මොකද අර කුරුනෑගල රැවුල් කාරය අමාරුවෙ වැටුනට කලුකුමාරයවත් මේකිට දිශ්ටිය දායි ඈ.. උගෙනුත් සමරු අත්සන් ගන්න යන ජාතියේ කෙල්ලොනේ මුන්ගේ ඉක්කෝලේ ඉන්නේ(කෙල්ල ගියෙත් නුවර ප්‍රසිද්ද බාලිකා ඉස්කෝලෙකට  දන්නෝ දනිති ඔය සමරු අත්සන් කතාව).සූදානම් සරීරේ කියලා මම රින්දිටත් ගලයට යැව්වා එකම අනිත් අතට යැව්වා. ආපහු විනාඩියක් ගියෙ නෑ යකෝ මෙන්න ෆෝන් එක බ්‍ර්ර්ර්ර්ර්ර් බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර් ගානවා.. මං බැලුවා ෆෝන් එක කෝක් බීලා ස්විස් ආස හිතිලවත්ද කියලා.. අනේ නෑ ආපහු රින්දි අනිත් අතට මට එවලා "හා හා උඹලා අපටත් හොරෙන් බැන්දා එහෙනම් නේ" කියලා..මොකක්ද යකෝ මේ අහක හිටපු මට පාත්වෙච්ච පොල් පරාලේ.. මම රින්දිට යැව්වා "මොකද බං උඹලට මේ වෙලා තියෙන්නේ ඔක්කටම ටැබා මිස් වෙලාද එක එක විකාර කියවන්නේ" කියලා.. හිටියා හිටියා නෝ රිප්ලයි.. උඹට හොදනම් මට මොකෝ කියලා මම ගියා නිදාගන්න.. 


අනේ ඉතිං නින්ද යාගන එද්දී ආපහු බ්ර්ර්ර්ර්ර්ර් බ්‍ර්ර්ර්ර්ර්ර් ගාපි. මට දැං මල අතිං පුරවලා එකයි.. මැසේජ් කරපු එකාගේ අම්ම තාත්තා මතක් කරගෙනම අතට ගත්තා ෆොන් එක.. ඒ පාර තල්මස් පැටියා එවලා"අඩේ එහෙනම් පාර්ටියට විස්කියක් හොදේ".මම ඉතින් උගේ සියලු නෑ හිතමිතුරු අමතලා,මුන්ට කීවට තේරුමක් නෑනේ කියලා ෆෝන් එක ඕෆ් කරලා නිදාගත්තා ඇයි..... වදේ..


උදේ නැගිටලා දත කට මැදල ඇවිත් ෆෝන් එක ඔන් කරා විතරයි ඔන්න පටන් ගත්තා බ්‍ර්ර්ර්ර්ර් බ්ර්ර්ර්ර්ර් බ්ර්ර්ර්ර්ර් බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්.මැසේජ් පුරවලා එකයි ෆෝන් එකේ.එක එකා ගෑනියෙක් නැති මගේ යුග දිවියට සුභපතලා..අනේ ඉතිං අම්මලා තාත්තලාගේ සල්ලිනේ...


කෝකටත් කියලා මම පහුවදා උදේ ආපහු මගේ මූනුපොතට එබිලා බැලුවා අම්මට හුඩු එතකොටනේ වැඩේ තේරුනේ..අපේ පන්තියේ එවුන් විතරක් ඉන්න ගෲප් එකක් තියනවා මූනු පොතේ.ඔන්න ඕකේ ගලයා මට මදි නොකියන්න මඩ ප්‍රහාරයක් එල්ල කරලා.. මෙතැන් සිට ඒ මඩ කතාවස්තුව


ගලයා :



ඔක්කොටම party එකක්

නියට මොකද වෙලා තියෙන්නේ කියල හොයලා බැලුවම මෙන්න මේක තමා වෙලා තියෙන්නේ, මම ඉතින් උදේම කනියම msg එකක් දැම්මා කනියෝ මොකෝ උඹ fb එක අයින් කලේ කියලා

“ගලයෝ මාර සීන් එක ඕයි පොඩි කේස් එකක් ගිහින් මම කෑල්ලව බැන්දා බං වෙන කරන්න දෙයක් තිබ්බෙම නෑ” 

මට මේක දැකලා හික්ස් උනා මම ගත්තා කනියට කෝල් එකක්

“අඩෝ **** මොකක්ද ප** මේ මට එවලා තියෙන්නේ”

අනිත් පැත්තෙන්

“අයියා ක**** අයියා නම් බාත් රූම් එකේ” කියලා ගෑනු කට හඩකින් කීවා

කොහොම හරි කනියට අපේ හැමෝම සුභපතලා මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා




ටිනා :බීමක්ද බං?

ගලේ : ආයෙත් අහලා..

බෝලේ :  wishing u all happiness in the world ,congratulations on your marriage 

දුමා : ඔව් ඔව් බීමක්..කනියා දැන් "පැනි හදේ" ගිහින් ඉන්නේ හැමෝම් විස් කොරානම් හොදයි..

කාගෙත් අයියා : සිරාමද ගලේ??

ටිනා : කනියට උම්ම 1කක් දෙන්න හිතෙනවා

ගලේ : ඔන්න ඕකනේ අය්යා msg එකක්දාල කනියගෙන් අහනවකෝ

බෝලේ : අපි දැන් උට උම්ම දෙන්න ඕනානෑ.මෙලහකටතබරගානක්හම්බෙල ඇති උම්මා අද

ටිනා : හම්මා සිත්ති උම්මා........එහෙනම් මෙලහට හපා ගන්නවද දන්නෑ...

බෝලේ : අනිවා. කනියා සුවර් එකටම අලුත බැදපු කෙල්ලව කනවා ඇති මෙලහකට

තල්මහ : අඩේ මට විස්කියක් සුවර්නේ?

බයිසා : අඩො මොකද une?????

කනියා : **** ******** ******* ***** **** (තරු පමනි)

ගලේ : කනියෝ කොහොමද පැනි හද?

තල්මහ : කනියෝ ලෙසටම දුන්නද බං

ඔන්න ඔහොමයි අපේ එවුන් මම දන්නෙත් නැතුව මගෙ මගුල කරේ.. අනේ වාසනාවන් මෙවන් සෙට් එකක් මතු ආත්මෙකදිත් මටම හම්බවේවා...

ප.ලි :  කොල්ලනේ උඹලගේ මූනූ පොත්නම් ක්‍රියාවිරහිත කරන්න එපා මොන ප්‍රශ්නේ තිබුනත් ඔන්න
Sunday, February 12, 2012

ජිවිතයක් බේරා ගන්න පුංචි උදව්වක් කරනවද?

මේ දවස්වල ඇත්තටම අපේ කාටවත්ම පෝස්ට් එකක් ලියන්න තියා කියවන්න තරම්වත් වෙලාවක් නෑ. මම අර කලින් කීවත් වගේ ප්‍රොජෙක්ට් වල හිරවෙලා ඉන්නේ ඔක්කමලා.ඒත් දැං ටික වෙලාවකට කලින් මම දේවාගේ බ්ලොග් එක පැත්තේ යද්දී දැක්කා. 



ජිවිතයක් බේරා ගන්න පුන්චි උදව්වක් කරනවද?


මේ පෝස්ට් එකෙන් තමා මටත් හිතුනේ මේ ගැන පොඩි හරි පෝස්ට් එකක් දැම්මොත් හොදයි කියලා. වෙලාවනම් සීමිතයි.කරන්න තියන වැඩ කෝටියයි.ඒත් ඒ කිසිම දෙයක් වැඩක් නෑ අපේ ගාව මනුස්සකම නැත්තම්.




රුදුරු පිලිකාවකට ගොදුරු වූ ඈ නමින් "මධුෂාණී" නමුදු ඇයගේ වාසනාවකට මෙන් ඇයව සුවකිරීමට ඇයගේ දොස්තරවරුන්ට හැකියාවක් තියනවා.. නමුත් ඇයගේ ජීවිතයට ලැබි ඇති වටිනාකම රු දෙලක්ෂ විසිදාහක් වැනි මුදලක්. 

කෙනෙක් රුපියාල් 100කින් මේ දේට දායක වෙනවා නම් ඇත්තටම 2200 දෙනෙක් එකතු උනොත් ජිවිතේ බේරගන්න පුලුවන් වෙනවා වගේම ඔයාලට පුලුවන් උනොත් රුපියල් 1000ක් මේ වෙනුවෙන් වැය කරන්න ඇත්තටම 220කගේ උපකාරයෙන් මේ සහෝදරිය අනාගතේ ජිවත් වේවි..

ඔබත් ඇයගේ ජීවිතය බේරගන්න හැකි පමණින් උදවු වෙන්න

නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී

ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..

·බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
o ගිණූම් අංකය : 1-0121-80-0775-6

· වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට)
o Receiver Name : P.K.L.THILINI MADUSHANI
o Expected payout location : Karapitiya , Galle
o Province : Southern

මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය(cooperative.nts@gmail.com) ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.

වැඩිදුර තොරතුරු

ඇයගේ ලිපිනය : කජුගහවත්ත , ගනේගොඩ , අක්මිමන
පියා : පි.කේ අනුර
මව : පි.වි පුශ්ප කාන්ති

කරුනාවෙන් නැවතත් ඉල්ලමි මේ පොස්ට් එක ඔබේ බ්ලොග් වලත් පල කර මේ සහෝදරියගේ ජිවිතය බේරා ගැනිමට ගන්නා මේ උත්සහයට දායක වන්න..

ඇගේ රෝගී තත්තය පිලිබද වාර්ථා හ වැඩිදුර තොරතුරු දේව්ගේ අඩවියෙන් හා පොඩිමෑන් ගේ පෝස්ට් එකෙන් බලාගන්න පුලුවන්...
Tuesday, February 7, 2012

කොල්ලෝ නරක නෑ....




සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා දුන්න අම්බානක,දැන් ඉතිං ගූගල් දෙවියා අමත අමත කෝඩ් හොයනවා.


ඔය අතරේ තමා දේව්ගේ අඩවියේ තිබ්බ වැලන්ටයින් පෝස්ට් එක දැකලා ඩ්‍රාෆ්ට් වල භාගෙට ටයිප් කරලා තිබුන මේ පෝස්ට් එක මතක් උනේ.. මේ පොස්ට් එකේ සීන් එක තමා කොල්ලො සෙට් වුනාම වැඩියෙන්ම කතා වෙන මාතෘකාවක් ගැන.. ඒ වෙන කවුද? කෙල්ලෝ ගැන. මේක ගැන අපි ලියන්න හිතුවෙ අපි බොන්න සෙට් උන හැම වෙලාවකම වගේ කාතාවෙන ප්‍රශ්නයක් තමයි මේ කෙල්ලො...අම්මෝ බොන එකත් එපා වෙනවා මේ කෙල්ලො නිසා.. අනිත් එක ගිය දවස් වල බ්ලොග් ලෝකේ තහනම් වචනෙනේ "කෙල්ලෝ" කියන්නෙත්.. 


කෙල්ලෝ කියන්නෙ මාරම ජාතියක්..කොටින්ම කීවොත් තවම හදුනා නොගත් සත්ව විශේශයක් ..කවදාවත් හදුනා ගන්නත් බෑ..හදුනා ගන්නෙත් නෑ.."එකයි ලෝක ස්වාභාවය".කියමනක් තියනවා නේ සෑම සාර්ථක මිනිසෙකු පිටුපසම ගැහැනියක් ඉන්නවා කියලා.. මොන බොරුද? ඕවා ගෑනු උන්ටම හදාගත්ත ඒවා..මටනම් සුවර් ඕක හදපු කෙනාටත් අලි බෝලයක් බස්සන්න ඇති කෙල්ලෙක්...

මෙන්න මේකයි ගොඩක් උන්ගෙ ඉරනමකොල්ලෙක් බුදු කට්ටක් කලා කෙල්ලෙක් පස්සේ ගිහින් කොහොම හරි කෙල්ලව දා ගන්නවා.අන්තිමෙට අවුරුදු ගානක් ලව් කරනවා කියලා දුක අදිනවා.. අස්සේ පොඩි සැපකුත් ගන්නවා..සැපට වඩා දුක වැඩී..අන්තිමෙට කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යනවාවැඩිපුර උන් කියන්නේ මෙන්න මේ ටික…"සොරි අනේ මාව අමතක කරන්න..මම ගැන බලපොරොත්තු තියා ගන්න එපා "කියලයි..කොහොම හරි කෙල්ල අලුත් කොල්ලත් එක්ක හැම් බේකන් කද්දී බූට් කපු එකාබෝතලේට වැද වැද දුක් වෙනවාඅපි අහන්නේ මොන මගුලටද එහෙම වෙන්න කියලයි..කොල්ලනේ කවදාවත් බූට් එකක් කෑවා කියලා දුක් වෙන්න එපා..

මේ තියෙන්නේ ඇත්ත ලෝකේ සිදු උන සිරා කතා දෙකක්……

මෙන්න මේ කතාව අපිට අහන්න ලැබුන එකක්.එක කෙල්ලෙකුයි කොල්ලෙකුයි අවුරුදු හතක් ලව් කලාඉස්කෝලේ යන කාලෙදී තමයි ලව් එක පටන් ගෙන තියෙන්නේ..කොහොම හරි මේ දෙන්නා ලෙවල් කරනකන් එකටම හිටියා..කොහොම හරි කෙල්ල හොදට පාස් වෙලා කැම්පස් එකට සිලෙක්ට් උනා..කොහොම හරි කොල්ලා ජොබ් එකකට ගියා..කෙල්ල කැම්පස් ගියා..අන්තිමට  මාස ගානක් ගියාට පස්සේ කෙල්ල කියනවලුඔයාට මාව ඕනේ නම් ඔයත් කැම්පස් එකට එන්න නැත්තම් මාව අමතක කරන්න කියලා


තවත් කෙල්ලෙකුයි කොල්ලෙකුයි හිටියා මුන් දෙන්නගෙම කුලුදුල් ප්‍රේමය.කෙල්ලෙගේ තාත්තා බයෝ පංති කරන සර් කෙනෙක්. මුන්ගේ ආදරේ අවුරුදු 2ක් විතර යද්දී තමා අර සුපර්ස්ටර් සීන් එක ආවේ.ඒ කාලේ SMS බලාගන ඔය කියන එක ගායකයෙක් මේ සර් ගේ පංතියේ සිංදු කියන්න ආවා.ඒ අපුවාහම සරුත් තමුන්ගෙ දුවව අදුන්වලා දීලා මේ ගෑනු ළමයාට කතා කරන්න අවස්ථාවක් අරන් දීලා.ඒ සිද්දියෙන් පස්සේ මේ කෙල්ල යාලුවෙලා ඉන්න කොල්ලත් එක්ක කියවන්නෙම අර ගායකයා ගැනලු.ඒ පිලිබදව ගිය බහින්බස් වීමක අවසන් ප්‍රතිපලය වෙන්නේ මේ කොල්ලා වස බීලා කොහොම හරි බේරිලා ඒත් දැන් අවුරුදු 5ක් විතර ඇදක් උඩ. ඒත් වෙලහකටත් ඒ කෙල්ලට දැං වෙනකොට වෙන කොල්ලෙකුත් ඇති.


තව මේ වගේ කතා අම්බානක ඇති..


ගොඩක් උන් එකෙක් එක්ක ඉන්නෙ ඊට වඩා තව හොද එකෙක් හම්බෙනකන් විතරයි..හැම කෙනාම කැමති අලුත් දේවල් හොයන්නනේ..ඉතින් ගොඩක් කෙල්ලොත් කැමති අලුත් කොල්ලෙක් හොයා ගන්නයි. ගැහැනු චපලයි,කට්ට්යි වෙට්ට පිත්තලයිගැනුන්ගේ මොලේ හැදි මිටේ කියන්නේ උන් අපිව තම්බන්නටය..උන්ගේ මොලෙ වැඩිලා තියෙන්නේ පිරිමින්ට ගේඩර් දීමටය..වැඩි කතා ඔනේ නෑ මනමේ කුමරියත් කලේත් කැත වැඩේනේනැත්නම් අහවල් ක්‍රියාවකටද වැද්දට කඩුව දුන්නේ..වෙනසකට තියෙන්නේ එදා මනමේ කුමරිය දුන්නේ කඩුව, අද කෙල්ලෝ කොල්ලන්ට දෙන්නේ බූට් එකය.


අනිත් දේ තමා කෙල්ලන්ගේ කැමතිම පාට අහපු ගමන් කියන්නේ සෝසපාට කියලා.ආය අර විකෘති වෙච්ච විනි ද පූ ට මුන් බුදු කැමතියි  අනේ මංදා මටනම් පොඩි කාලේ ඉදං උන්ව දැක්කාම මාර බයයි.. මුන්ගෙ තව කට්ටකම කියන්නේ ගෙදර ඉන්න බල්ලට කන්න දෙන්නේ නැති උනාට මොකද පාරේ ඉන්න ලොම් හැලිච්ච බල්ලෙක් දැක්ක ගමන් කියන්නේ අනේ "ශෝයි බව් පැටියා" කියලා.. තවත් මේ වගේ මුන්ගේ මල විකාර අම්බානක තියනවා.මෙව්වා ඔක්කම කොල්ලන්ව දාගන්න කරන මුන්ගේ ගැට.පිරිමි අපි මේවට අහුවෙනවට අපිට ගහන්න ඕනේ.


කෙල්ලෝ කියන්නේ මතුපිටින් පේනවට වඩා විස ගෝර සර්ප විසේසයකි,දශ්ට කලොත් ගොඩ ඒමක් නෑ.කොල්ලෙක් කියපු ඕනම දෙයක් ඕනම කාලයක් වචනයක් නෑර මතක තබා ගැනිමේ හැකියාවක් උන් සතුයි.තවද පලි ගැනිමේ කියන දේ ඉහලින් පිහිටයි.කොල්ලෙක් කෙල්ලෙක්ගේ පස්සෙන් වැටිලා අවුරුදු ගානක් බස් හෝල්ට් ගානෙයි කඩවල් අස්සෙයි චාටර් වෙලා කෙල්ලෙක්ව දාගන්නේ නොමනා දුකක් විදලා. ඒ කෙල්ල තමුන්ට "හා" කියපු තත්පරේ ඇතිවෙන ආතල් එක කොල්ලට ඌ ඉපදුන වෙලාවේවත් ඇති වෙලා නැතුව ඇති.ඌ හිතන්නේ මම තමා පොර මගේ අවුරුදු ගානක මහන්සිය වතුරේ ගියෙ නෑ නේද කියලා.ඒත් ඌට නොතේරෙන්න කෙල්ල කොල්ලගේ අතේ තියන පිච්චියටත් වැඩේ දීලා මුව කාලකන්නියෙක් කරලා අන්තිමට වෙන එකෙක් එක්ක ගිහින්.අන්තිමට මුට උරුම ගල් භාගයයි සිගරට් 12යි. එහෙමත් නැත්නම් ගොඩක් මෝඩ එවුන්ට ග්‍රැමක්සෝන් හරි හාක්‍රොස් පටාස් හරි.


ඔන්න ඕකයි අද කෙල්ලන්ගේ තත්වේ.. දැං මේ ලඟ ලඟ එන වැලන්ටයින් කියන දවසට කෙල්ලෝ බලාගන ඉන්නේ කොල්ලො ටිකගේ පර්ස් සුද්ද කරන්න එහෙම නෙවෙයි, ඒක ආය කාලගුනෙන් කීවා වගේ සුවර්.. වහිනව කීවනම් වහින්නේ නෑම තමයි..එහෙනම් අන්තිමට කියන්න තියෙන්නේ 


"කෙල්ලන් අනතුරු සහිතයි ප්‍රවේසමෙන් පරිහරණය කරන්න"


ප.ලි : දැන්මම වාරණ නියෝගයක් දානව ඕං කොසු ඉදලු අරං පස්සෙන් පැන්නීමනම් තහනම්...