ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Tuesday, February 28, 2012

ආවා ආවා අපේ සෙට් එකගේ බෝඩින් සීරියස් 3 ආවා



ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න්ද අප්පා ඒවා.. හරි හ්අරි වටේ යවන්න ඕනේ නෑනේ ඔන්න එහෙනම් කතා ටික..
කලින් දාපු බෝඩිං සීරියස් දෙක බැලුවේ නත්නම් මෙන්න



ගලේගේ ශිෆ්ට් සෙල්ලම



බෝඩිං කාරයෝ-තවදුරටත්










ගෑනු නාන දිහා...


"ලිද ලග ටෙරා"..හුටා කට්ටිය බලනවා අති මොකද්ද මේ ටෙරා කියන්නේ කියලා..දන්නේ නැති අයට ඔන්න දැනගන්න කියන්නේ අපි නම් ටෙරා කියන්නේ අහම්බෙන් දකින සුන්දර දසුන් වලට.


මේකත් මේ අපෙ බෝඩින් කාලේ උන අකරතැබ්බයක් තමයි.අපේ බෝඩිමට වතුර තිබුනත් ඒවා බොන්න බැරි නිසා ටික දවසක් යනකන් අල්ලපු බෝඩිමේ ලිදෙන් බොන්න වතුර ගන්න කියලයි තිබුනෙ.කොහොම හරි කට්ටියම නිවාඩු දවසක ගෙවල් වලට ගිහින්.එදා බෝඩිමේ හිටියෙ මමයි කනියි විතරයි.අපේ දෙන්නගෙන් එකෙක්ටවත් හරියට සම්බෝලයක්වත් හදාගන්න බැරි නිසත් ඇදගන නාගන්න ඕනේ නැති නිසත්.කඩෙන් ගෙනත් මොනවා හරි කමු කියලා කතා වුනා.වතුර ගෙන්න වෙනදට වැඩිය පරක්කු වෙලා මතක විදියට 6.30ට විතර ඇති, දෙන්නම ගියා අල්ලපු බෝඩිම පැත්තට...ඉතින් කියන්න බැරි උනානේ මේ අල්ලපු බෝඩිමේ නැවතිලා හිටියේ විදේශ නියුක්ති මොකක්දෝ එකේ කෙල්ලො ටිකක්.අපි යනකොට මුන් ඔක්කොම ලිද ලග නානවා...දැන් ඉතින් එතනට යන්නත් බෑ..වතුර නොගෙන එන්නත් බෑනේ.ඕන පුකක් ප්‍රීති වෙසක් කියලා අපි ගියා වතුර ගන්න...උන් දන්නේ නේ අපි එනවා කියලා..එක කෙල්ලෙක් අපි එන පැත්තට හැරිලා ඇදන් හිටපු චීත්තේ කඩලා කිසි හදිස්සියක් නැතුව හෙමීට ඇදගත්තා.දෙන්නම හෑන්ඩ් බ්‍රේක් ඇද්දා වගේ එතනම නැවතුනා.


ඒ අස්සේ දුර දුශ්ටිකත්වය තියන ,මහ දවාලටවත් මිනිහෙක් පේන්නේ නැති කනියා කියනවා


"අඩෝ අඩෝ.... උබ දැක්කද සීන් එක..ඒ කෙල්ලගේ මූන කලු උනාට අනිත් ඔක්කොම ඒවුවා නම් පියෝ වයිට් නේද  බං"


එන පොට හොද නැ මෙන්න බොලේ කෙල්ල චීත්තේ උස්සලා සබන් ගාන්න පටන් ගත්තා..තවත් මේ මල හෝන්තුව  දිහා බලන් හිටියොත් නෝන්ඩි වෙලා ගුටිත් කන්න වෙනවා කියලා දැනුන හින්දා..උණහපුළුවෙක් වගේ කෙල්ලෝ නාන දිහා බලන් ඉන්න කනියවත් ඇදගෙන බෝඩිමට ආවා...


කනියා ගෙවල් වල ඉදන් ආපු කට්ටියට ආපු වෙලේම බොරුත් දාලා රස කරලා කතාව කීවා.දැන් ඉතින් මොකද අපේ උන්ට ඒ ටිකම ඇති බඩ පිරෙන්න..වෙනදට වතුර ගේන්න පැත්තට යන්නේ නැති උන් එදා ඉදන් වතුර ගෙන්න යන්න පොර කනවා.බෝඩිමේ අයිති අයියා හැමදාම ඇවිත් කීවත් මල්ලි වතුර ටැංකිය නිවාඩු වෙලාවක හෝදගනින් උබලට කරදරේනේ නැත්නම් කියලා..කට්ටිය කියන්නේ "නෑ අයයේ වතුර ගේන එක කරදරයක්  නෑ වතුර ටැංකිය හෝදන එක තමයි කරදරේ" කියලා..


ඉස්සරහ කෙල්ලෙ


බෝඩින් සීරිස් එකේ කලින් පෝස්ට් ටික කියපු කට්ට්ය දන්නවා ඇති නේ අපි කීවනේ බෝඩිමට ඉස්සරහා ගෙදර කෙල්ලෙක් හිටියා කියලා.ඔය ගෙදර මහ එකා ඒ කියන්නේ අර කෙල්ලගේ තාත්තා ,මිනිහට අපිව දෑහැට පේන්න බෑ.අපි හිනා උනාට ආසාවකට මේකා අපිට හිනා වෙන්නෙත් නෑ.අපි සෙට් එක ක්ලාස් ඉවර වෙලා බෝඩිමට එද්දී මේ යකා අපි දිහා බලන්නේ ත්‍රස්තවාදි ටිකක් දිහා බලනවා වගේ.කොහොම හරි අපි බෝඩිමට ඇවිත් සතියක් යන්න කලියෙන් කූඩුවේ දාල හිටපු බල්ලව දංවැල දාල රෑට එලියේ ගැටගහන්න ගත්තා.මිනිහා බයේ ඉන්න අතී අපි පොරගේ දුවත් එක්ක කොට්ට පනී කියලා.අනේ අපේ අවාසනාවය කෙල්ලගේ වාසනාවට එහෙම නම් දෙයක් උනේ නෑ..ඕනෑම කෙල්ලෙක්ට පැනිය දාන බයිසාටත් උගේ කෑල්ල ඒ ලගපාත් ඉන්න හින්දාද කොහෙදෝ එකට වැඩිය මහන්සියක් වුනේ නෑ.කොහොම හරි ඔය කෙල්ලත් ඒ දවස් වල ඒ ලෙවල් වලටද කොහෙදෝ  රෑ දෙගොඩ හරියක් වෙනකන්  පාඩම් කලා..
ඉතින් දවසක් මහ රෑ 10ට විතර එලියෙ ඉදන් දඩිබිඩියේ දුවගෙන ඇවිත් ගලයා කිව්වා.. අඩෝ "අන්න අර කෙල්ල ඇදුම් මාරු කරනවා උඩ තට්ටුවේ, සද්ද නැතුව ගිහිල්ලා බලපල්ලා" කියලා..
මොන සද්ද නැතුවද? ඉදගන ඉන්න පුටුත් පෙරලගෙන කට්ටිය දිව්වා මේ ලයිව් ශෝ එක බලන්න.මට මතකයි බෝඩිමේ ඉස්සර දොර අරගන්න බැරුව එකෙක් "ඇරපිය හු*** ඉක්මනට දොර" කියලා, බැරිම තැන දොර අරින්න පරක්කු වුන හින්දා මේකා දුවන් ගිහින් පිටිපස්සෙ දොරෙන් එලියට ආවා.


කොහොම හරි දැන් කට්ටියම සද්ද බද්ද නැතුව කෙල්ලගේ විල්ල බලන්න හොරෙන්ම එලියට බැහැලා, අපිව පේන හින්දා බෝඩිම ඉස්සරහා ලයිට් එකත් නිවලා එක එකා තැන් තැන් වල ඉදන් බලන් ඉන්නවා..එකෙක් ගේට්ටු කනුව උඩ,තව එකෙක් ගහක් උඩ,බයිසා ගඩොල් ගොඩ උඩ.දැන් දර්ශනේ ලෙසටම යනවා.කර්ටන් එක හින්දා හරියට පැහැදිලි මදි..ඒ හින්දා බයිසා ගඩොල් ගොඩ උඩ පොඩ්ඩක් එහාට මෙහාට වෙනකොට හෙන ගැහැව්වා වගේ ගඩොල් ගොඩත් පෙරලගෙන මේකා බිම පත බෑවෙච්චි. හරිනේ බබා හම්බුනානේ දැං. ඒ අස්සේ මෙන්න මහ ගෑනීත් කෙල්ලගේ කාමරේට ඇවිත් මිනිහට බෙරිහන් දෙනවා.."මේ ඕයි මනුස්සයෝ සද්දයක් අහුනා පොඩ්ඩක් බලන්නකෝ" කියලා.කට්ටියම උන් හිටි තැන් අමතක වෙලා තප්පරේට දෙකට බෝඩිම ඇතුලේ.ඔය දුවගෙන එන අතරතුරෙ එකෙක්  හරහට බැදලා තිබුන ලනුවකින් මූන ලෙලි අරගෙනත් හිටියාත් මතකයි.




ප්‍රීතී කසානා..


ප්‍රීති කසානා කියන්නේ පොඩි ලෙඩක්(rash එකක්). ඔය ලෙඩේ අපෙ බෝඩිමේ එකෙක්ටත් තිබුනා.මේ ලෙඩේ ගැන පොඩ්ඩක් කියනවා නම් මේක හැදෙන්නේ ගල දෙපැත්තේ ඒ කියන්නේ කලවා කියන්නේ අන්න ඒ දෙපැත්තේ.බුවා ගාව මේකට ඔනෙ බෙහෙත් එහෙම තියාගෙන තමයි හිටියේ.ප්‍රීතී කසානා කියලා කියන්නේ ඇයි කියලා අහපුවාම  මිනිහා කීවේ "මේක කහන්න කහන්න පට්ට ආතල්" කියලා.කොහොමත් පොර බලන හැම වෙලාවකම හිටියේ ඇදන් ඉන්න කලිසම අස්සේ අත දාගෙන කහ කහම තමයි හිටියෙත්.


එක දවසක් මහ රෑ නිදාගෙන ඉන්න කොට සද්ද්යක් ඇහෙනවා "සරස් බරස් සර බරස්".. හයි ස්පීඩ් එකෙන් වැලි කඩදාසියකින් බිත්තියක් මදිනවා වගෙ සද්දයක්.ඒත් එක්කම් මෙන්න ඇහෙනවා "අම්මෝ සැප කෝටියයි" කියලා .එක එකා රෑට එක එක ෆන් දෙනවනේ බෝඩින් වල නිදාගන්නේ නැතුව එහෙම වෙන්න අති කියලා සද්දේ වැඩිය ගනන් ගනනේ නැතුව හිටියා...
මෙන්න ටික වෙලාවකින් අර ප්‍රීති කසානා  තියන පොර එනවා දුවගන "අම්මෝ කනියෝ ඉන්න බෑ දනවෝ..අනේ උබේ ක්‍රීම් එක දියන්කෝ මගේ බෙහෙතුත් ඉවරායී....."කියාගන.කොහොම හරි ක්‍රීම් එකක් හොයලා මේකට දුන්නා.මෙන්න මේකා ක්‍රීම් බෝතලේම බුවාට ප්‍රීති කසානා තියන පොට් එකේ හලා ගත්තා.හොයලා බලද්දී මෙන්න මේකයි වෙලා තියෙන්නේ..


 "අම්මෝ සැප කෝටියයි" කියලා කෑ ගහල තියෙන්නේ ප්‍රීති කසානා එක කහන කොට තිබුන ආතල් එකට..


"අම්මෝ ඉන්න බෑ දනවෝ" කියලා මූ කෑ ගහල තියෙන්නේ අර කහන කොට ආතල් එක වැඩි කමට මේකා කහලා තියෙන්නේ සපත්තු පොලිශ් කරන බ්‍රශ් එකන්.ඒ කහපු කැහිල්ලට පොරගේ හොරිය තියන පොට් එක අම්බානක තුවල වෙලා.




ප.ලි : අම්මේ සයිබර් සැණකෙලියත් තියනවලු නේද?? සැප තමයි හිටුකෝ අපිත් එන්න..

26 කමෙන්ට්ස්:

දොදොල් කඩේ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හුරේ මම 1.... එල කතාව. ජය පතමි...

Tharindu Chathuranga said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ආතල් ලොකයයි, පට්ට කතාව

හිතහොඳ පිස්සා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔය ප්‍රීති කසානා ලෙඩේ අපේ බෝඩිමේ එකෙක්ටත් තිබ්බ. අපි උගෙ ටවල් එකක්වත් පාවිච්චි කරේ නෑ ඒ දවස් වල.

duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ප්‍රීති කසානා . . . මතක් කරන්න එපා බං . . . අපේ හොස්ටල් එකේ වසංගතයක් වගේ ගියේ . . . කොල්ලො සෙට් එක කොයි වෙලාවෙ බැලුවත් කසන ගමං හිටියෙ . . .

වර්ණා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අම්මෝ මෙයාලත් මාර වැඩනේ කරලා තියෙන්නේ

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

උඹලට කවුද බන් බෝඩිං දුන්නේ? හික්ස්!!!!

ගිනි කුරුල්ලා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික්...

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අම්බෝ වැරදිලාවත් බෝඩිමේ එකෙක්ගේ තුවායක් එහෙම පාවිච්චි කරන්ඩ එපා !
එතකොට නොමිලේම කැසිල්ල බෝ කර ගන්න තිබ්බා !

දුමා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එල එල මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා.

දුමා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අනිවා මචන් තව තියනවා බෝඩින් ආතල් පස්සේ දාන්නම්කෝ,උඹවත් සාදරයෙන් පිලිගන්නවා.

දුමා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපිත් එහෙම තමයි බන් ටවල් එකක් තියා අපි උගේ මෙලෝ දෙයක් පාවිච්ච් කරන් නෑ.

දුමා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අම්මේ තමා වර්ණා මාර විතරක් නෙමෙයි හල්මිල්ල තේක්ක වැඩ හිටන් කරා ඒ කාලේ.

දුමා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

බබුනගේ කසින් කෙනෙක් මිසක් නැත්තම් අපිට හම්බෙයි බෝඩින්.

දුමා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අනේ ද තමා මධුරංග අයියේ,අර පිස්සට කීවා වගේ උගේ මෙලෝ දෙයක් අපි අල්ලන්නේවත් නෑ.

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කව්ද බන් ඒ ප්‍රීතිකසානා තියන එකා

අග්නි ධාරා... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හාපෝ......චී.මෙයාල........:P

වින්චැට් කිරිල්ලි. said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කෙල්ලෙක් ඇඳුම් මාරු කරන හැටි කර්ටන් එකකට වැහිල තියෙද්දිත් ඒතරම් ලස්සනද?

dreams said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ආපෝ මේ කොල්ලොනම්...

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපේ සෙට් එක නං කවදාක්වත් දුර බලන කන්නාඩියකින්වත් ගාමන්ට් අක්කලා හිටපු බෝඩිමක් දිහා බලලා නෑ...

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔව්...කර්ටන් එක සුදු පාට ලේස් එකක් නං වැඩිය හොඳයි....

දුමා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

වැඩිය උස නැති පොරක් නම කියන එක හරි නෑ නේ..

දුමා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හාපෝ අපි නම් නෑ ඕවට.

දුමා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හරියටම කීවා ලේස් කර්ටන් එකක් තමයි තිබුනෙ

දුමා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඒක තමා අලේ සික්කේ මංදා

දුමා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මටත් නිකම් නිනෙන් වගේ ඔයගැන කමෙන්ට් එකක් දැක්කා කොහෙ හරි සික් මතක නෑනේ

ගැමියාගේ පත් ඉරුව said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික් හික් පිස්සුම පොට් එකක්නේ ඒක නෙමෙයි කෙල්ලෝ එච්චර වෙලාම ඇඳුම් මාරු කරනවද සෙට් පිට්න් එනකන්ම