ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Wednesday, April 25, 2012

මැජෙස්ටික් අම්මා






පාරේ බසයේ මම යන කල

කෙල්ලෝ ගොඩක් පාර දෙපස,
මමත් ඉතින් දකින දකින
හැම එකීට කොමළ කලා

මෙන්න බොලේ මහරගමදී
නැංගේ නැද්ද අම්මා කෙනෙක්
අම්මා උනත් පෙනෙනේ මට
අවුරුදු විස්සක කෙල්ලෙක්

එකෙක් අතේ අනිකා හතේ
ළමයින් දෙන්නයි ඇත්තේ,
ඒ උනාට කෙල්ල වගේ
ගස්ස ගස්ස ඉද ගත්තේ

බසයට ඇය නැගි මොහොතේ
සුවදයි මුළු හත් ගව්වේ,
මම වල්දෝ ඇය වල්දෝ
මොහොතකදී මට සිතුනේ

අගල් හතරේ හයි හීල්සුයි
ඇගට ඇලුනු ගල් ශෝටයි
උඩිනුත් නැති යටිනුත් නැති
ටී එකකුයි ඇද සිටියේ

මළ සමයං හරි කෝලං
කීවොත් එය මුස වාදං
ඔන්න ඔහේ මටත් මොකැයි
නිකං දුන්න දේ අරගං

තවත් එක සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.. 

ප.ලි : අසනීප වී රෝහල් ගතව සිටින ඕනයා නොහොත් දුලිප් අයියාට ඉක්මන් සුව...
Thursday, April 19, 2012

ඉන්ටර්නෙට් ට්‍රාන්ස්ඇක්ෂන්



ඔන්න ඉතින් අළුත් අවුරුද්දට පස්සේ දාන පළවෙනි පෝස්ට් එක තමයි මේක.. හැමෝම යහතින් ඉන්නවානේ?22 සයිබර් සැණකෙලියත් තියනවා නේද? මෙදා පොටේ නම් දත කට මැදගන තමයි ඉන්නේ ඕං.. කට්ටියට අද මාතෘකාව දැක්කහම අංඥකොරොස් වගේනම් වැඩිය ඒ ගැන හිතන්න එපා.. 

බ්ලොග් ලෝකේ අයට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ ඉන්ටර්නෙට් ට්‍රාන්ස්ඇක්ෂන් ගැන.. ගොඩක් කට්ටිය කරලත් ඇති.. ඔන්න ඉතින් මටත් අවුරුද්දකට දෙකකට උඩදී ඔන්න ඔය ලෙඩේ හැදුනා.. කොටින්ම කියනවනම් ඉන්ටර්නෙට් ට්‍රාන්ස්ඇක්ෂන් කෙසේ වෙතත් සිංහලෙන්ම කියනවනම් E bay එකෙන් බඩු ගන්න ඕනේ උනා..පිස්සුව තිබුනට මොකද මේක ගැන මෙලෝ මලදානයක් දන්නේ නැතුව තමා වැඩේට අත ගැහුවේ. දැං ඉතිං ගූගල් යැදලා යැදලා හැම තැනින්ම කෑලි කෑලි හොයාගන කොල්ලා කොහොම හරි pay pal එකකුත් අටව ගත්තා ගත්තා.. 

දැං ඉතිං ඔක්කම හරිනේ කියලා මාත් ෆුල් ආතල් එකේ ඉද්දී නිකමට වගේ මම දන්න කියන අයියා කාරයෙක්ගෙන් මේ සීන් එක ඇහුවා.. මූ මට කුනුහබ්බ දෙකතුනකුත් කියලා “යකෝ Pay Pal එක වීසා කාර්ඩ් එකකින් හරි සම්පත් වෙබ් කර්ඩ් එකකින් හරි වැරිෆයි කරන්න ඕනේ” කියපි.. නාලා වරෙන්කෝ දැං ඉතිං හොයහල්ලකෝ වීසා කාර්ඩ්.. ඔන්න ඔය අතරේදී තමා මට මතක් උනා එක දහස් නවසිය ගනන් වල ඇච් ඇන් බී බැංකුවේ ගිණුමක් තිබුනා නේද බොල කියලා.කෝකටත් පහුවෙනිදා උදේ පාංදරිංම ගියා ලඟම තියෙන පින්නවල ඇච් ඇන් බී බැංකුවට.. යද්දිම ඔන්න ඉන්නවා සිරියාවන්ත ගෑල්ලමයෙක් 

ගෑල්ලමයා : ගුඩ්මෝර්නින්ග් සර්, සර්ට මොනවද දැන ගන්න ඕනේ?
මම : මගේ මේ එකයුන්ට් එකක් තියනවා මට ඒකට වීසා කර්ඩ් එක හදා ගන්න ඔනේ..
ගෑල්ලමයා : මෙන්න මේ ඇප්ලිකේශන් එක ෆිල් කරලා දෙන්න සර් ඒතකොට සති දෙකකින් කාර්ඩ් එක සර්ට ගන්න පුලුවන්.. 

මමත් ඉතිං නම ගම වාසගම කාරිය ඔක්කම ලියලා.. ලොකු අකුරෙන් ටෙලිපෝන් නම්බර් එකත් අර ගෑල්ලමයට පේන්න ලියලා ඇප්ලිකේශන් එක දීලා ගෙදර අවා.. සතියක් එක හාමාරක් ගියාට පස්සේ මට ඔය සීන් එක තනිකරම අමතකම උනා ඔන්න දවසක් අපේ අම්මා උදේ පාංදර එලියේ ඉදං කෑගනවා 

අම්මා : පුතේ මෙන්න උඹට කාර්ඩ් එකක් ඇවිල්ලා
මම : මට මොකාද කාර්ඩ් එවන්න ඉන්නේ අනික මගේ බර්ඩ් ඩේ එකවත් තාම නෑනේ..
අම්මා : බර්ත් ඩේ කර්ඩ් එකක් නෙවේ බොල ඒ.ටී.එම් කාර්ඩ් එකක්.. 

අන්න එතකොට තමා මට එක පහුගිය කාලේ ටික පෝලිමට මතක් උනේ.මාත් ඉතිං කාර්ඩ් එකත් අරන් කම්පියුටරේ ඉස්සරහා ඉදගත්තාවැරිෆයි කොරන්න කියලා.ජීවිතේට කරලා තියෙන එකක් ඈ…pay pal ත් ලොග් වෙලා වැරිෆයි කොරන්න කියලා ගියා,අම්මද බොල… ජීවිතේට අහලා නැති එව්වානේ මේකේ අහලා තියෙන්නේ.. නිකම් සාටර් කන්න ඕනේ නෑනේ කියලා පහුවෙනිදා උදේම මම ආපහු බැංකුවට ගියා සීන්ස් එක අහගන්න කියලා.. යද්දී එදාවගේම අර ගෑල්ලමයා දත් 32ම එලියේ දාගන ලස්සනට ඔන්න හිනාවක් දැම්මා..

මම : මම මේ ලගදී දවසක වීසා කාර්ඩ් එකක් ගත්තා ඉන්ටෙර්නෙට් ට්‍රාන්ස්ඇක්ෂන් වලට කියලා. ඒත් ඒක වැරිෆයි කරන්නේ කොහොමද කියලා මට දැන ගන්න පුලුවන්ද?
ගෑල්ලමයා : සර් ඒකට අපේ බ්‍රන්ච් එකේ ඉන්නේ අන්න අන්න අතන ඉන්න සර් 

කියලා ගෑල්ලමයා ඇගිල්ල දික් කරලා හල්ක් වගේ උස මහත ඩයල් එකක්ව පෙන්නුවා.. මොනවා කරන්නද මේක ගැන දැන ගන්නත් එපා ඈ මම අර ගෑල්ලමයට තෑන්කු යූ ත් කියලා අර හල්ක් ගාවට ගියා.. මම යද්දී හල්ක් ෆයිල් එකක් පෙරලන් මොනවදෝ හොයනවා.. මමත් ඉතිං ගිහින් ඉස්සරහ තිබ්බ පුටුවේ ඉදගත්තා.. 

හල්ක් : ඇයි?
මම : මම මේ ලගදී දවසක වීසා කාර්ඩ් එකක් ගත්තා ඉන්ටෙර්නෙට් ට්‍රාන්ස්ඇක්ෂන් වලට කියලා. ඒත් ඒක වැරිෆයි කරන්නේ කොහොමද කියලා මට දැන ගන්න පුලුවන්ද?
හල්ක් : මොකක් කරන්නේ?
මම : කාර්ඩ් එක pay pal වලට ලින්ක් කරන්නේ?
හල්ක් : මොකටද ඉතිං එහෙම එකක් කරන්නේ? 

බඩුම තමයි.. මදෑ මාත් ආවා අහගන්න කියලා..අහගන්න ආපු මම ඉතින් විනාඩි 10ක් විතර මිනිහට සීන් එක ගැන කියලා දුන්නා.. ඊට පස්සේ මම ආපහු ඇහුවා “කොහොමද දැං මම කර්ඩ් එකයි පේ පෑල් එකයි ලින්ක් කරන්නේ කියලා” 

එතකොට මිනිහට මල පැනල කියපි

"ඉතිං මේ ලංකාවේ කඩේකින් ගන්න බඩුවක් ගත්තනම් ඉවරයිනේ"

කියලා

මමත් ඉතිං කටයි පු*යි වහගන ගෙදර ආවා.. මොකද හදිස්සියේ වත් තව මොනවා හරි මම ඇහුවනම් මට කාර්ඩ් එකෙන් Ebay බඩු ගැනිල්ල කෙසේ වෙතත් හොස්පිටල් එකට බිල ගෙවන්න වෙනවා. 

ප.ලි : හැබයි ඉතිං කොහොම හරි ගැටයක් දාලා මම ඒක හදාගත්තා.. දැංනම් ඒ තිබ්බ ආසාවත් එහෙම්ම ම නැති උනා ඇයි ඉතිං ඩොලරේ ගනන් ගියානේ.
Friday, April 13, 2012

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..



අවුරුද්දත් කිට්ටු කිට්ටු නේද? කිට්ටු කිට්ටු කීවාට තව පැය කීයද මංදා තියෙන්නෙත්.. ඇත්තටම මේ දවස් ටිකේම  අඩුම පැය 2ක් වත් ගෙදර නෑ.. එහේ මෙහේ යනවා දැනුත් මේ කැට ගහන්න ගිහින් රුපියල්ම 200කට වඩා පරාද වෙලා ආවෙ.. ඒත් කොහොම අත අරින්නද දැන් මේ ආවෙත් කැට කාසි ටිකක්වත් ආපහු අරන් යන්න කියලා ඒ පාර තමා පෝස්ට් එකක් දාන්න හිතුනෙත්. එහෙනම් ඉතින් ආවේ අවුරුද්දට සුභ පතන්නනේ ඔන්න මම මූනූ පොතේ දාපු එකෙන්ම සුභ පතනවා




පිම්පල්ස් වියෙකෙන,
දත් ටික සුදුවෙන,

හම රැලි නොවැටෙන,
කොන්ඩය නොපැසෙන,
හච්චිං නොමයන,
වර්ණවත්,
හරවත්,
හිතවත්,
පිංවත්,
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....



එහෙනම් ඔන්න මම ගියා කට්ටියම මට සුභ පතන්නකෝ.. වෙන මොනවටවත් කියලා නෙවේ කැට ගහලා දිනන්න කියලා

ප.ලි ඔන්න දැං මේ මහ රජා තුමාත් මට සුභ පතලා මැසේජ් එකකුත් එව්වා.. කාටද ආඩම්බර අප්පේ...
Wednesday, April 11, 2012

ඩූ යූ හෑව් අ ඩර්ටි මයින්ඩ්? (ලොකු පොඩ්ඩන්ට කොයි කාටත්)




අම්මෝ පහුගිය දවස් දෙක තුනම මටනම් හරි අපල කාලයක් ඒ මොකද කියනවනම් ගිය දවස් දෙකේම ගහක් කඩාවැටිලා කරන්ට් වයර් ඔක්කම බිම.. අම්මෝ දුක්කිත ජීවිතයක් ගත කරලා ඔන්න අද තමා කරන්ට් හැදුවේ.. හරි හරි දැං ඉතිං ඒ කතා වැඩක් නෑනේ අද කතාවට යමුකෝ

අද සීන් එක පොඩ්ඩක් වෙනස්, ඇත්තම කියනවනම් මේ සීන් එක හම්බූනේ මම ගූගල් කොට කොට ඉන්න වෙලාවක.. කොහෙද ඉතිං මං හොද උනත් මගේ ඇගිලි හොද නෑනේ.. කී බෝඩ් එකේ ගැස්සවෙන්නේම නරක ඒවා.. අන්න ඒ වෙලාවක මට හම්බුනා නියම ප්‍රශ්න ටිකක් ඔය කට්ටියත් බලන්නකෝ මේ ප්‍රශ්න වලට උත්තර දීලා ඔයාලටත් තියෙන්නේ මට වගේ ඩර්ටි මයින්ඩ් එකක්ද කියලා.. හැබැයි එක කොන්දේසියක් ගූගල් සර්ච් කරන්න බෑ..




 ඔන්න එහෙනම් පටෑන් ගමු





01.මම ඇතුලට යද්දී හරිම තදයි, එලියට එද්දී හරිම සුමුදුයි ඒ වගේම ඇලෙන සුළුයි, ගොඩක් කෙල්ලෝ මාව   
කටේ තියාගන ඉන්න ගොඩක් ආසයි මම කව්ද?


02.මම අඩුම අගල් 6ක්වත් දිගය,මාව ගොඩක් තද කළ විට කල විට මගෙන් සුදු පැහැති දෙයක් ඉවත්ව යනවා,ආ කව්ද මම?


03.මම එක එක ප්‍රමාන වලින් තියෙනවා, මම ලෙඩ උනාම ස්‍රාවයක් පිටකරනවා.ඒත් මාගෙන් ද්‍රවණයක් ගියාම හරි සනීපයක් දැනෙනවා මම කව්ද?


04.එලදෙනෙකුගේ හතරකුත් ගැහැනියෙකුට දෙකකුත් තියන දේ මොකක්ද?



05.මම ඉන්නේ ඔයාගේ කලිසම ඇතුලේ, ඔයාගේ අත්වලින් බොහෝ විට මාව අල්ලනවා මම කව්ද?


06.ඔයා විදුලියක් මෙන් මාව පිටකරනවා, සමහරු ඒ සතුටට සමහරු අත්පොළසන් දෙනවා ඒවගේම  ඔයගේ දණ්ඩ මාව ආකර්ශනය වුනත් කරගන්නවා..


07.මගෙන් ඉවත්වෙද්දී ඔයාගේ දැඩි ග්‍රහනය ලිහිල් කිරීමට ඔයාට සිදුවෙනවා,මාව දවසේ බොහෝ විට එලියට ගන්න පුලුවන්.. බොහෝ අය මාව අල්ලනේ මැදින්, මම කව්ද?



08.මම රවුම් ඒ වගේම මගේ මැද හිලක් තියෙනවා ඔයාට ඒ හිල විනාඩි 5ක් 10 විතර උනත් උරවන්න පුලුවන්, මම කව්ද?


09.මම ඔයට වැඩක් කරද්දී ආරක්ශාව දෙනවා.. ඔයාගේ වැඩේ ඉවර උනාම මාව ගලවලා අයින් කරනවා, මම කව්ද?


10.හරි තැන මිරිකීමෙන් මාව එලියට ගන්න පුලුවන්.. මම සාමාන‍යයෙන් ගාගන්නේ ඔයාගේ මුනේ  ඒ වගේම මම සුදු පාටයි මම කව්ද?

11.මම පහලට යද්දී ඔයාට හරියට කේන්තියනවා ඒ වගේම හරි ආරක්ශක ක්‍රම නැතුව මාව පාවිච්චි කරොත් ඔයාට සෑහෙන ප්‍රශ්න වෙනවා මම කව්ද?

12.මිනිස්සු හිටගන කරන බල්ලෝ කකුල් තුනෙන් කරන දේ මොකක්ද?




උත්තර බලන්නම ඔනේ නම් යටට යන්න.............
















මදි මදි තවත් යන්න












තව පෝඩ්ඩයි


















ඔන්න එහෙනම් උත්තර බලන්න ඔයාලට හිතුන ඒවත් එක්ක ගැලපෙනවද කියලා..



01.චුයින්ගම්

02.ටූත්පේස්ට්

03.නහය

04.කකුල්

05.සාක්කුව

06.විදිලි කෙටීම


07.ඉනිමග

08.පෝලෝ පෙපරමීන්ට්

09.අත්වැසුම

10.ශේවින් ක්රීම්


11.ඉන්ටෙර්නෙට්

12.අතට අත දීම


අඩුම 5ක්වත් ගැලපුනේ නෑනේද? අන්න ඕකමයි මුලින්ම බලද්දී මටත් උනේ...
Tuesday, April 3, 2012

මුන් කොපි කරනවා? ඊයා.......


මොකේටත් කලින් කට්ටියටම සුබ පතලා ඉන්න ඕනේ හැපි බර්ත් ඩේ හොදද? අපේ මහින්ද මාමත් බරටම තෑගිත් දුන්නානේ නේද? බඩුම තමා ආය ඔලුව ඉස්සිල්ලක් නෑ.. හරි හරි දැං මම මෙව්වා කීවා කියලා වැඩි උන ඒවා අඩු කරයි ඈ. ඒ අස්සේ ඩයලොග්කාරයත් මගේ කනෙක්ශන් ස්ලෝ කරලා ඒක හින්දා තමා ගිය සැරේ දාපු පෝස්ට් එකටත් රිප්ලයි කමෙන්ට් එකක්වත් දාගන්න බැරි උනේත් වෙන බ්ලොග් එකක් පැත්තේ යන්න බැරි උනෙත්.


හරි දැං අද සීන් එක බලමුකෝ..කට්ටියට මතක ඇති නේද ටික දවසකට ඉස්සල්ලා මම දැම්මා කොපි කිරීමට අත්වැලක් කියලා පෝස්ට් එකක්. ඔව් ඔව් අන්න ඒක තමා. ඔය කොච්චර ටෙක්නික් දුන්නත් මොන ෂො එක දැම්මත් අපේ අයියලා ටිකත් එක දවසක් මදි නොකියන්න කොපි කරලා මට්ටු උනා. හැරෙන්නවත් හම්බුනේ නෑ කට්ටිය බලා ඉද්දි 7 දෙනෙක් විතර මාට්ටු. 

සීන් එක උනේ අපි HD කරන කාලේ ඒ කියන්නේ අපේ ඩිග්‍රියේ දෙවනි අවුරුද්දේ.. මම කලිනුත් කීවා වගේ දෙවනි අවුරුද්දේ අපට එක්සෑම් තියෙන්නේ මාස 6න් 6ට.. ඒ කියන්නේ මොඩියුල 7ක එක්සෑම් එක පාර තියෙන්නේ. හරියටම ගිය අවුරුද්දේ අගෝස්තු වල අග සතියේ තමා පළවෙන් ඒක්සෑම් ටික තිබ්බෙත් ඒ වගේම අපේ එවුනුත් බෝඩින් ගත උනෙත් ඔය මාසේම මුල තමා.. බෝඩිමේ පිස්සු කෙල කෙල ඉද්දී එක්සෑම් ලංවෙනවා කාටවත් දැනුනේ නෑ..ඔන්න ඉතින් සුපුරුදු පරිදි කලින් දවසේ පුළුවන් විදියට පාඩම් කරගෙන ඥාන පටි ටික ගහගෙන නිදාගත්තා.

ඔන්න පහුවදා තමා දැං ගේම තියෙන්නේ විභාගෙට අදින මගේ සුපුරුදු යුනිෆෝම් එක වෙච්ච අත් දිග ශර්ට් එක ඇදගන අත් දෙක නවලා ඒක ඇතුලේ පටි 3ක් දාගන අපේ අනිත් එවුන් එක්ක ගියා එක්සෑම් හෝල් එකට.. අම්මෝ බලන්න දුකේ බෑ යද්දී කට්ටිය මේස උඩයි පිලවල් උඩයි බංකු උඩයි හැම තැනම පොත් දිග ඇරගෙන මූනවල් ඔබාගන ඉන්නවා. අපේ එවුන් දහ දෙනාට මොකද ඉතිං බෝඩිමේ ගහපු පටි සරනං ගච්චාමී නේ. අනික ඒ පටි වල නැත්තේ නෝටේ එක ලියපු පොතේ නම(ඇට්ලස් , රිචර්ඩ් ) විතරයි,නෝටේ එකේ ෆුල් කොපියක් තියනවා ඔය පටි වල.. ඉතිං ආය අහවල් එහෙකට පාඩම් කරන්න ඈ, ෆුල් ආතල් එකේ පිස්සු කෙල කෙල ඉදලා ඔන්න 9ට එක්සෑම් එක පටන් ගත්තා.. මමයි අපේ එවුන් ටිකයි අදාල තැන් වලින් ඉදගත්තා ඔන්න ඉතින් පේපර් එක ගත්තහම තමා කොල්ලගේ කට කන ගාවට ගියේ මොකද තිබ්බේම තියරි ගොඩක් ඥාන පටිය ඇද්දා කියන්නේ ඉතිං අපේ බෝඩිමේ එවුන් ටිකට රජ මගුල්.A+ එකක්නම් ශුවර්. පැය භාගයක් විතර පුලු පුලුවන් ටිකට ලියලා දැම්මා. දැං ඉතිං ගේමට බහින්න එපා ඈ.. මුලින්ම කට්ටියට මතක ඇතිනේ අර පොඩි කාලේ පාර පනින්න උගන්නපු විදිය

මුලින්ම වම බලන්න ඊට පස්සේ දකුන බලන්න ඊට පස්සේ ආපහු වම බලන්න

කට්ටියට මතක ඇතිනේ මාත් ඉතිං ඔය කියන තියරිය දාලා බැලුවා කව්ද ඉන්නේ කියලා. බලද්දී පිටී පස්සේ ඉන්නවා අපේ සෝබනී අක්කා. අවුලක් නෑනේ අපේ ෆිට් එකක්නේ කියලා මාත් කොලේ ඇද්දා. ඇදලා දාගත්තා ලියන පේපර් එක යටට.මෙන්න යකෝ ටික වෙලාවක් යද්දී ආවේ නැද්ද මිස් කෙනෙක් මට දැං ඇඩ්‍රස් නෑ. ගත්ත කොලේ ආපහු දාගන්නත් බෑ.. ඕන මගුලක් කියලා කොප්ප ගැහුවා කරුමේ කියන්නේ මම කොපි කර කර ඉද්දී අර මිස් මං ගාවින් ගියා.. කාලා වරෙන්කෝ දැං. මිස් කෙලින්ම ගියේ සෝබනී අක්කා ගාවට මම හිතුවා වැඩේ හරි කියලා. හිතුවා වගේම මෙන්න සෝබනී අක්කා හැටට හැටේ ඇවිත් මම ගාව හිටගත්තා.ටික වෙලාවක් එහෙම හිටපු සෝබනී අක්කා ලඟටම ඇවිත් යට තිබ්බ ඥාන පටිය ඇද්දා.. එපා කියන්න ඈ. මාව දැං වෙව්ලනවා ඇයි හත් දෙයියනේ ඒ වගේ වෙලාවක මොකාද වෙව්ලන්නේ නැත්තේ.. කරගන්න දේකුත් නෑ.ඒ අස්සේ පේපර් එක ලියන්නත් බෑ අත වෙව්ලනවා. ඔහොම වට පිට බල බල ඉද්දී ටිකක් එහා හිටපු බයිසා මට මැද ඇගිල්ල දික් කරා මං ඒත් බැලුවා මුට චූ බර වෙලාවත් ද කියලා තව ටික වෙලාවක් ඔහොම හිටපු මම ආවා එලියට එද්දී මෙන්න අපේ එවුන් ටික සෙට් වෙලා ඉන්නවා

මම : ඉවරයි බං මම අනාතයි මගේ ඔක්කම මාට්ටු මට එපා වෙලා බං..
බබුනා : ඈහ් උබත් මාට්ටුද මමත් මාට්ටු බං
බෝලේ : උබ විතරක් නෙවේ සනා මාත් මාට්ටු
මම : ඈහ්? ආය කව්ද මාට්ටු 

ඔය අස්සේ බයිසත් යකා වගේ එතනට සම්ප්‍රාප්ත උනා..

බයිසා : කෑවා කෑවා අර **තිට හු*** බලපන්කෝ බං මගේ පටිය ගත්තනේ
බෝලේ : අපෙත් එහෙම තමයි බං.
දුමා : අඩෝ මොකක් වෙයිද බං අපිට?
ගලේ : පලවෙනි පාරනේ බං මාට්ටු උනේ කොළඹ යවලා අවුරුද්දකට මේ මොඩියුල් එක කැන්සල් කරයි
මම : එතකොට අනිත් මොඩියුල්
ගලේ : ඒවට අවුලක් වෙන්නේ නෑ බං.
බයිසා : උබලා දැං මොකද කරන්නේ? මමනම් ගෙදර යනවා බං බෝඩින් යන්න හිතෙන්නෙත් නෑ දැං.
මම : මාත් යනවා..
බෝලේ : මායි දුමයි එහෙනම් බෝඩින් යන්නම් බං ගෙදර ගියහම තවත් අවුල

කට්ටියටම දැං ෆුල් අප්සට් එකේ විසර ගියා.. මුලින්ම කියන්න අමතක උනා සාමාන්‍යයෙන් කොපි කරලා මාට්ටු උනහම අපේ ඉන්ස්ටිටියුට් එකේ කරන්නේ කොළබ එකට අපි කොපි කරපුවා යවලා ඒකෙන් අපට කොළඹ එන්න කියලා දවසක් අපේ ගෙවල් වලට ලියුමක් මගින් එවනවා ඒ දවසට කොළඹ එන්න කියලා.දැං ඉතිං අපිත් ලියුම එනකම් බලාගන ඉන්නවා,, මෙන්න යකෝ එක දවසක් ගෙදර ඉන්න දවසක ලියුමක් එනවා කරුමෙට ඒක අරන් තියෙන්නේ අම්මා. මලා ජෝන් කාපන්කෝ ටින් කිරි.. ඒ අස්සේ අම්මා ලියුම කඩ කඩ ගෙදර පැත්තට එනවා. මොනවද ඉතිං කොල්ලට පහල උනා ගණ දෙවි නුවණ මං දූවලා ගිහින් ලියුම ගත්තා, ගත්තා ඊවට උදුරගත්තා

මම : මොනවද අම්මේ ලැජ්ජා නැද්ද ඈ අනුන්ගේ ලියුම් කඩන්න?
අම්මා : උඹ කවදා ඉදලද බොල අනුන්ගේ උනේ?
මම : හරි හරි ඒ උනාට එහෙම හරි නෑනේ එක ගෙදර හිටියත් මගේ නමටනේ ලියුම ආවේ.
අම්මා : හරි හරි මොකක්ද ඔය ලියුම?

හුටා දීපන්කෝ දැං උත්තර මාත් ලියුම බැලුවා.. බලද්දී ඒ සතියට පස්සේ සතියේ තමා එන්න කියලා තියෙන්නේ.. බඩුම තමා දැන් මොකක්ද අම්මට කියන්නේ

අම්මා : ඇයි මොකද මොකක්ද එවලා තියෙන්නේ කෝ දියං ලියුම?
මම : නෑ...හ් මේ... මේ... ලබන සතියේ කොළඹ අපේ ඩිප්ලෝමා ඒකේ කන්වකේෂන් එක ගැන පොඩි රැස්වීමක් තියෙනවා ඒකට එන්න කියලා..

කොල්ලාගේ ටිකිරි මොලේ හින්දා එදා අම්මට මාට්ටු නොවී බේරුනා. ඒදා ඒ ලියුම අම්මා කියෙව්වනම් මට අදටත් නිවාස අඩස්සියේ තමා ඉන්න වෙන්නේ.අනික ඒකේ හොදම සීන් ඒක අපේ එවුන් ටික කොළඹ ගියේ ට්‍රිප් එකක් වගේ වෑන් එකකුත් කතාකරගෙන බොංගෝ එකක්,බෝතල් 2ක් කාරිය එහෙමත් දාගන..