ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Saturday, July 28, 2012

ඔන්න *** ගහනවා ඈ....


ඒ 2011 දෙසැම්බර් මාසයේ අන්තිම සතියයි.. තදම තද සීතලක් නැති උනත් තිබූ සීතල ඇගට දැනුන නිසාත් හීනියට දැනුන බඩගින්නක් නිසාත් හවස 6ට විතර කිරි තේ එකක් හදාගන කම්පීතරය ඉස්සර ඉදගත්තේ කරන්න වෙන වැඩක් නොතිබූ නිසාත්ම නෙවේ... ඉදගත්ත ගමන්ම නෙට් කනෙක්ට් වෙලා,තියන එකම බ්‍රවුසරය වෙච්ච ක්රෝම් එකත් දිග ඇරගත්තේ හැමදාමත් මේ වෙලාවට යන ෆේස්බුක් යන්න කියලා..


යූසර් නෙම් පාස්වර්ඩ් දුන්නත් පළ වෙනි පාරම ලොග් වුනේ නැති නිසා දෙවනි පාරත් ට්‍රයි කලේ හිතේ තිබුන දෙගිඩියාවකින් ඒ වෙන මොනවත් නිසා නෙවේ ඒ කාලේ අපේ උන්ගෙම එකවුන්ට්ස් තුන හතරක් හැක් කරලා තිබ්බ නිසා.. කොහොම හරි දෙයියනෙ කියලා දෙවනි පාර ගහපු ගමන්ම ලොග් උන එකෙන් හිතේ තිබුන ගැස්ම පොඩ්ඩක් අඩු වේගන යන ගතිය මගේ ඇගටම දැනුනා...ලොග් වෙද්දිම පැය 24ම ෆේස් බුක් ඉන්න එකා වෙච්චි ගලයා ඔන්ලයින් හිටපු නිසා මාත් "අඩෝ පාරක්" දැම්මේ වෙන එකෙක්වත් චැට් එකට හිටපු නැති නිසා.. රිප්ලයි "අඩෝ" පාර එන්න විනාඩිම 10ක් විතර ගියත් මම ආපහු පුරුදු විදියට "කොහොමද බං ජීවිතේ" කියන එක වැදුනේ මටත් නොදැනීම... ඒත් එක්කම ඔන්ලයින් ආපු දුමා ත් "අඩෝ කැ* බේබද්දා" කියලා කිව්වේ මොකටද කියලා මට අද වෙනකම්ම තේරෙන්නේ නෑ..

ඔය වෙලාවට ඔන්ලයින් එන උන් ගෙන් අනිවා කොහේ හිටියත් එන එකියක් තමා රින්දි කියන්නේ ඒකිත් වෙලාවටම ඒ වෙලේ ලොග් උන හින්දා අපි හතර දෙනාම සූරයෝ කියලා ඔන්න දැම්මා ගෲප් චැට් එකක්..\

මම : ආ මතංලා
දුමා : කොමැයි කෝමැයි උබලට..
රින්දී : ආ මල්ලිලා
ගලේ : එල කිරි සහ ඇල් කෝපි
රින්දි : මොකක්?
මම : මේ අඩෝ අපි බ්ලොගයක් හදමු?

අපි ටිකගෙම ඒ කාලේ ඉදං තිබ්බ අදහසක් මම ආපහු මුදුන් පත් කලේ හිතේ තිබු කීරි ගැසුනු හැගුමකුත් එක්කයි

ගලේ : මමනම් එකෙන්ම මම ඒ කාලෙ ඉදන්මනේ කියන්නේ..
දුමා : අඩෝ ඔව් බං සිරා
මම : එතකොට රින්දී?
රින්දි : මට ඉතින් ඕන මගුලක්නේ බං ඔන්න ඔහේ හදලා දාමු අතින් පයින් යනවා කියල ඈ...
ගලේ : කනියෝ උබ එහෙනම් උබ ටෙම්ප්ලේට් එකක් දාලා කොරලා වැඩ අල්ලපන්කෝ

ඒ වෙලාවෙනම් මට හිතුනේ "මේ ගල් බමුනා මොනවා" කියනවද මංදා කියන හැගීම විතරමයි.ඒ වෙන කිසිවක් නිසා නෙවේ ඒ කාලේ බ්ලොග් කියෙව්වට බ්ලොග් එකක් හදනවා කියන්නෙත් මටනම් චීන මහා ප්‍රාකාරේ එක දිගට දවස් තුනක් ඇවිදින්න වෙනවා වගේ වැඩක් නිසයි.. කොහොම කොහොම හරි කරලා පැයක් විතර ගැට ගහලා තිබ්බ ටෙම්ප්ලේට් එකක්ම ඔන්න ඔහේ ඔබලා දැම්මා.. ඒ ටික එහෙම කරාට පස්සෙයි මේකට නමක් දාන්න ඕනේ කියලා මතක් උනේ එහෙන්මම ආපහු මූනුපොතට රින්ගුවේ අරුන් ටික තාමත් ඉන්නවද නැද්ද කියන දෙගිඩියාවෙන්.. මම යද්දිත් මුන් ටික තාමත් චැට
මම : අඩෝ මේකට නමක්?
ගලයා : හුටා ඔවු නේන්නම්
දුමා :හොද එකක් දාමු බං
මම : අලුත් එවුන් කියලා දාමුද?
දුමා : ආහ් අවුලක්මත් නෑ නේ?
රින්දී : නෑ අපි දාමු කනියගේ බ්ලොග කියලා
මම : මගුලක් කියනවා දා ගනින් කනියගේ බොග කියලා.
දුමා : මාත් මේ කියන්න හැදුවා විතරයි
ගලේ අපි දාමු සෙට් එක කියලා..
මම : අන්න නියමයි
රින්දි : සිරා ඈ..
මම : මේ ඊට වඩා අපේ සෙට් එක කියලා දාමුකෝ බං
දුමා : හරි එහෙනම් ඒ නමින් හදපල්ලා මම යනවා..

ඔන්න ඔහොම හදපු අපේ සෙට් එකේ පළවෙනි පෝස්ට් එක වෙච්චි "ඔන්න එහෙනම් වැඩේ පටන් ගත්තා" කියන පෝස්ට් එකටම සාමාන්‍ය ප්‍රතිචාර හම්බුන නිසා අපි එදා මෙදා තුර පොස්ට් ටික ටික හෙමින් හෙමින් ගමන ආවා.. නමුත් අද විශේෂ දවසක් ඒ වෙන මොකවත් නිසා නෙවේ අද මේ ලියන්නේ අපේ 50ස් වෙනි පෝස්ට් එක...
ඒක නිසා බ්ලොග් එකේ පොඩි වෙනසකුත් එක්ක "ඔන්න අපි පණහ ගහනවා ඈ"

විශේෂ ස්තූතිය : එතෙක් මෙතෙක් බලපු හොද කියපු බැනපු සෙට් වුන හැමෝටම.....

ප.ලි :  අදනම් පෝස්ට් එක කම්මැලිද මංද? ඒ උනාට කමක් නෑ කියවලා විශ් කොරලා පලයල්ලා නැත්නම් දන්නවනේ?

ප.ප.ලි : 50ස් වෙනි පෝස්ට් එකේදී දාන්න කියලා ටෙම්ප්ලේට් එකක් එඩිට් කොලා ඒක දාගන්න විදියක් නෑ ඩයලොග් කාරය නෙට් ස්ලොව් කරලා.. මේකත් මටමනේ අරින්නේ.. සැක්

17 කමෙන්ට්ස්:

rashod said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

suba gaman ,,,,,digatama liyanna...

Hasitha Gunasinghe said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කාලෝ අයන්තේ........

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සෙට් එකටම සුබ පැතුවයි කියන්ඩ !!!
ඒක නෙමේ ඔය සෙට් එක එන්නේ නැද්ද ගෙට් ටුගෙදර් එකකටවත්... අපට බලා කියාගන්න පුලුවන් නෙව..
විෂේෂයෙන් කනියා මල්ලි එහෙම.. හික්ස් :)

sAm (සෑම්) said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සෙට් එකම එකතු වෙලා 50ක් දාපු එක මදි බං..

කස්ටිය මාරුවෙන් මාරුවට දවසක් ඇර දවසක් දාන්න ට්‍රයි කරපල්ලා.. අපිට කියවන්න පුලුවන් කොනක ඉදන්..

ජයෙන් ජය !

අරුණ හෙට්ටිආරච්චි said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අඩෝ මෙන්න උඹලා සෙට් එකටම මගෙත් සුභ පැතුම් :))

ඊලග සැරේ සෙට් වෙන වෙලාවක ආවේ නැතොත් ත්‍රිවීලර් එකක් ගෙනල්ලා හප්පනවා හරි :P

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔන්න අපෙනුත් සුභ පැතුම් යාළුවො ඔක්කොටම..:)

Kenji @ Japan said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

50 ට 50 හ පැන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම් කෂ්ටියටම! sAm කිඋව්ව විදියට කෙරුවනම් හොදයි කියල හිතෙනවා.

araliya said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

onna kattiyatama magenuth suba pathum.......mama araliya mal purawapu lassana kudayak ewwa ayyalata hambaunada danne..... :)

අසරණයා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

50 ලියලද? මාරු. ඒත් උඹල පොස්ට් එකක් දාද්දි ඒ දන කෙනාගේ නම දාපං මම හිතන හිටියේ තනි එකෙක් කරනවා කියල.

ජය..

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හලෝ ටින්කිරි මල්ලි. බිස්නස් සරුවගේ...

වින්චැට් කිරිල්ලි. said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සුභ ගමන් මල්ලිලා....මම බ්ලොග් එක පටන් ගත්ත දවස්වල මට මතකයි ඔයාලගෙන් කෙනෙක් ඇවිත් නිතරම මාව දිරිමත් කලා..තෑන්ක්ස්.....නිතරම කොමෙන්ට්ස් කලේ නැතුවට මම මේක බලන්න එනව හොඳේ?

Abeetha Edirisinghe said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

elakiri.... subha gaman

Nishan de siva said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මගෙනුත් සුභ පැතුම් මචෝ තව දිගට ලියපන් ලිපි

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එළ එළ සුභ පැතුම්....

අළුත් මල්ලි said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මං නං අලුත්. මාත් සුභ පතනවා

warshan said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

elakiri machan

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Happy Blogging