ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Friday, January 6, 2012

මල් ආතල්



ඔන්න ඉතිං අපිටත් හිතුන ඉදලා හිටලා හරි හිතට එන දේ කවි සිතුවිල්ලකින් ලියලා දාන්න.කොහොමත් කට්ටියට එපා වෙලා ඇතිනේ දවස් තුනක් එක දිගට අපේ එවුන්ගේ විකාර කියවලා එක හින්දා අද වෙනසකටත් එක්ක ඔන්න දානවා අමුතුම ෆන් එකක්..





මෙය  දැන්  දෙසීයක් පමණය වන්නේ
හැම තැනකම නැහැ දැන් මෙය විකුනන්නේ
විශ්වාසයටම පමණකි මෙය අරගන්නේ
ඇතමුන් මල් කියාලයි මෙය  අමතන්නේ

සිහින් දිගැටි කොලයක් ගෙන ඉරාලා
නැටි ගෙඩි අයින් කර මේවා දමාලා
ෆිල්ටරය වෙනුවට කොලයක් තබලා
මේ සැම දමා එය ගොටුවක් කරාලා

මෙහි රස දන්න උන් එයි දැන් වටවීලා
උරන එකා යයි රතු කහ කොල වීලා
ජොයින්ට් එකක් එතුවොත් නම් කරකාලා
අපේ උන් වුනත් එයි රතු රට කජු කාලා

මෙය බී තනි වුනොත් නම් උට සොරි වෙනවා
මමත් රජෙක් වේ යැයි සිහියට එනවා
වටේ ඉන්න උන් තාරක මෙන් වෙනවා
අනේ අපොයි මම  දැං හදමත යනවා

පැයක් පමන යනවිට බොලෙ නෑ සිහියක්
එක දුම්වැටිය  කැරකෙයි පස් හය පාරක්
එය ආ පසු නෑ නැවතත් නැගිටීමක්
ඉන්න තැනම එලෙසයි නෑ කොලු ගතියක්


ප.ලි : ඔන්න ඉතිං අපි නම් මේවට නෑ ඕං, බොරුනම් අපේ ඕන එකෙක්ගෙන් අහල බලන්නකෝ... 

ප.ප.ලි :  ජීවිතේ පලවෙනි පාරට අයියෝ ලීවේ මෙහෙම එකක් අනේ මන්දා හොදයිද දන්නේ නෑ..

6 කමෙන්ට්ස්:

ඕනයා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සික් මල්ලි මොකට ඔය දහජරාව පාවිච්චි කරනවද ???? ඊයා

මධුරංග said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ක්ෂණික සතුටක් වෙනුවෙන් ජීවිතයක් විනාස වෙනවා.
මල් ගහන එවුන් ගහපල්ලා. තමුන්ගේ ජීවිතය ගැන තීරණ ගන්න තමන්ට අයිතියක් තියෙනවා. ඒ නිසා හිතලා බලලා හොද තීරණයක් ගන්න

සුබේ - Sube said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මල් ගහන එක ආතල් තමයි බං. හැබැයි කවි ලියල රොමෑන්ටික් කරන්න තරම් සීන් එකක් නෙවෙයි.

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මධුරංග : ඇත්ත මචං අපිත් කොරපු කාලේ කොරා දැන් අපේ හැමෝම ඔය දේවල් වලින් වැලකිල ඉන්නේ.. ආතල් එකට හිතට ආපු දෙයක් දැම්මේ..

@සුබේ : මචං මේ ලෝකේ පලවෙනියටම මල් ගැන කවිය ලියපු එවුන් අපි නෙවෙනේ බං... ඒක තමුන්ගෙ කැමත්ත
...

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ඕනයා : පාවිච්චි කොලා දැන්නම් මිදිලා ඉන්නෙ...

ඕනයා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මිදිල ඉන්නෙ කිවුවෙ . . . ??? මල්ලිලා ගල් වෙන්නම ගැහුවද ????