ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Tuesday, January 3, 2012

ගමට ඇති දුර (චැප්ටර් 2)


කට්ටියට මතක ඇතිනේ ඊයේ දාපු ගමට ඇති දුර (චැප්ටර් 1) පෝස්ට් එක අනේ ඉතිං ඒකෙ බබියව විතරනේ බයිට් උනේ.කවුරු උනත් කොල්ලෙක්නේ ඌව විතරක් බයිට් කරන එක හරි නෑනේ කියලා ඔන්න ඒකෙම චැප්ටර් 2ත් දානවා

හරි ඔන්න දෙවනියට එහෙනම් බයිසලගෙ ගෙදර ගිය ගමන පටන් ගමු.ඔන්න එක දවසක් මම ගෙදර ඉද්දි මට බබුනගෙන් කෝල් එකක් එනවා.

බබුන් : අඩේ කනියෝ බයිසගෙ කිරිඅම්මා නැති වෙලාලු
මම : මොකක් කව්ද උබට කීවේ??
බබුන් : ඔව් යකෝ මට බයිසා කෝල් එකක් දුන්නා මේ හෙට යමුද? 
මම : හරි යමං ආය කවුද යන්නේ?
බබුන් : මායි උබයි ගලෙයයි දුමයි විලයි මෙහෙන් යනවා, ටිනයි ලකියි එහෙන් සෙට් 
වෙනවා කිවා. 
මම : එල

ඔන්න ඉතින් පහුවෙනිදා මාත් මගුලටයි මරෙනෙටයි අදින එකම ඩෙනිමයි ටී ෂර්ට් එකයි දගන වරකාපොලට ගියා (බයිසා අපට සෙට් වෙන්න කියලා තිබ්බේ වරකාපොලට) . ඔන්න ඉතින් අපේ සෙට් එක වරකාපොල ඉද්දි එකෙක් එනවා රෝද දෙකේ හුටාර් එකක, බෘම් බෘම් ගාගන, බලද්දි බයිසා.

බයිසා : ආහ් උලා ආව එහෙනම් ඈ??
ගලේ : ආයෙත් අහලා අපි නෑවිදින් ඉන්නවද??
බබුන් : නිට්ටඹුවෙනේන්නවා කිවේ ඇයි බං වරකපොලට එන්න කිවේ?
 බයිසා : නෑ බං මෙහෙන් ගන්න න අඩුම කුඩුම ටික ගන්න පුලුවන්නේ උඹලට ඒකයි.
ගලේ : අහ් එහෙනම් සල්ලි එකතු කරපල්ලකෝ. (ගලේ සල්ලි එකතු කරන්න කියද්දි තවත් කතාවක් මතක් උනා එක පස්සෙ දාන්නම්කෝ)

අපි ඉතින් අඩුම කුඩුම ටිකත් අරගෙන නැංගා බස් එකක දෙයියනේ කියලා විනාඩි 45ක විතර ගමනක්නෙ ඉතිං,බස් එකට නගිද්දී බයිසා කිව්වා ඌ  හුටාර් එකේ එන්නම් බහින තැනින් කෝල් එකක් දෙන්නම් කියලා.අපිත් හා කියලා පිටිම පස්සෙ සීට් එකේ ඉදගත්තා.කොහොම හරි බස් එකේ විනාඩි 15ක් ගියේ නෑ බයිස කෝල් කරපි  ඉස්සරහ හෝල්ට් එකෙන් බැහපල්ලා කියලා.අපටත් ෆුල් හොල්මං ඇයි යකෝ නිට්ටබුවට තියා වේවැල්දෙනියටවත් වේ නෑනේ. ඕන මගුලක් කියලා බැස්සා.

මම : මොකද බං තාම නිට්ටබුවට නෑනේ?
බයිසා : එච්චර යන්නේ නෑ බං මෙන්න මේ පාරෙන් තමා අපේ ගෙදරට යන්නේ?

කියල මෙන්න වෙලක් මැදින් පාරක් පෙන්නපි අහෝ දුකකි ඉරකි තිතකි.අපිත් ඉතිං බැහැල පයින් ආවා.හැබයි ඉතිං අර බබියගෙ තරම් දුරක්නම් නෑ. මීටර් 400ක් විතර.කොල්ලට වරකාපොල ඉදන් කිලෝමීටර් 4යි ඒ උනාට කොල්ල ඉන්නේ නිට්ටඹුවේ, අපි නොදන්න නිට්ටඹුව.


හරි ඊලගට අපට අහුවෙනවා දුමා.ඔන්න අර වෙසක් කූඩු වස් වල හවසක මට ගෙදර යන්න කම්මැලි හිතිලා මම අපේ එවුන්ට කියනවා

මම : අඩේ අදනම් ගෙදර යන්න පට්ට කම්මලි බං.
ගලෙයා : සිරා කතාව කව්ද අපේ කුරුණෑගල ලග ඉන්න එවුන්.
බයිසා : නේ අම්මේ මේ මමනම් ගෙදර යනවා ඔන්න.
දුමා : යමං අපේ ගෙදර.
මම : එල බියර් එකක්වත් අරන් යමං.

කොහොමින් කොහොම හරි අපි 6.30ට විතර වෙනකම් වැඩ කරලා ඉවර වෙලා යන්න හදද්දි ගලෙයට කෝල් එකක් එනවා පොරගෙ අතිජාත සහොදරයා වන ඩොබර්මං රොකීයා ට ලෙඩ වෙලා කියලා.ඒක හින්දා ගලයගෙ නයිට් ගැහිල්ල එතනම තිත තියන්න වෙනවා. අන්තිමට දුමාගෙ ගෙදර යන්න ඉතුරු දුමයි මායි විතරයි.අපි දෙන්නත් ටව්න් එකට ගිහින් සිංහවංශයෙන් 2ක් අරන් පාරට වෙලා ඉන්නවා බස් එකක් එනකම්. ඔන්න පැය භාගෙකුත් ගියා බස් එකක් පේන තෙක් මානයේ නෑ.

මම : දුමෝ තුන්සකරියකවත් යමුද භාගේ භාගේ දාලවත්? (ඇයි ඉතිං මූ කිවේ ලගයි කියලනේ මම හිතුවෙ රුපියල් 60ට විතර ත්‍රිවිලර් එකකින් එන්න පුලුවන් කියලා)
දුමා : නෑ බං තව ටිකකින් බස් එකක් එයි ඒකෙ යමං.

කිව්වත් වගේ ඔන්න තවත් පැය කාලක් විතර යද්දි එනව බස් එකක්, අප්පේ ඒක එන වේගෙට අපට ඕනෙ නම් කඩේට ගිහින් තේ එකක් උනත් බීල එන්න වෙලා තියනව. කොහොමින් කොහොම හරි ඔන්න බස් එකට නැංගාත් කියමුකෝ.. මාත් ඉතිං පොර වගේ රුපියල් 20කුත් අතට අරං ඉදපන් දුමා උඹටත් එක්ක මම ටිකට් ගන්නම් කියල කොන්දට රු 20 දිලා “*****ට දෙකක් දෙන්නකීවා. කොන්දා මගෙ යට ඉදං උඩට බලලා කින්ඩි හිනාවකුත් දාලා මහත්තයට ඕනෙනම් රු 20ට ටිකට් එකක්නම් දෙන්නම් කියපිවිලි ලැජ්ජවේ සන්තෝසේ බෑ, ඊට පස්සේ මොනා කරන්න්නද ඉතිං පහු වෙනිදා ගෙදර යන්න තිබ්බ රුපියල් 50න් ටිකට් 2ත් අරන් ශෙප් එකේ දුමාගෙ කනට කරලා කීවා අඩේ උකුරුණෑගලට ලගයි කීවට ලගම නෑ නේදකියලා. බස් එක කොට කොට මුන්ගෙ ගෙදර ලගට යද්දී 8.30ට විතර ඇති.පහුවදා පහු  මම ගෙදර ගියේ දුමාගෙන් රු 20ක් ඉල්ලගෙන.

.ලි :මම දුමාටදුමෝ තුන්සකරියකවත් යමුද?” කියල අහපු එකට බැරි වෙලාවත් මේකා හා කිවනම් අදටත් මම ඒ ණය ගෙවනවා

12 කමෙන්ට්ස්:

Meenu said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

hikiz.... kaniyo vede nan negala yanava... niyamai...

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ටැංකියු මීනු ඒ උනාට මේක මම විතරක් ලියන එකක් නෙවේනේ අයියෝ :)

aki said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

elazzzz niyamai kaniyoooo. matak karala ubalage gedara apu ekath dapan

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@අකි අනිවා ඩෙෆා එකෙනෙ බං ෆුන් එක තියෙන්නේ දැනට දාන්නේ එන ඒවා විතරයි පස්සේ පෝස්ට් වලින් එතනින් එහාට වෙන ටික දාමු :P

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මමත් කුරුනෑගල යාලුවෙක්ගේ ගෙදර ගිහිල්ලා හෙන කට්ටක් කෑවා ඒ දවස්වල..කුරුනෑගල කිව්වට ඌ හිටියේ කුබුක්ගැටේ කියන දිහාවේ...ගෙදර එද්දී රෑ 12ත් පහුවෙලා.....

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ඔබ නොදු‍ටු ලොවක් : ඕක කුරුණෑගල එවුන්ගෙ හැටියක්ද කොහෙදෝ? ඇයි ආය ඔය ගම්පොල දිහා සමහර ඈයොත් කියන්නේ අපි කැන්ඩි කියලානේ..

duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඉතිං යකෝ දම්බොක්ක හංදියෙ ඉඳල වැඩිම උනොත් ආටා එකක් 100ක් ගනී එහෙට යන්න

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ඕනේ අයියා කුරුනෑගල ඉදන් අඩුම රු 250ක්වත් සුවර් නේ? හික් හික්

duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මල්ලි ඊලඟ වතාවෙ ආවාම නොමිලේ ඔය ගමන යන්න විදියක් මම කියන්නද ????
කුරුණෑගල සීකෝඉන් එක ඉස්සරහ වෑන් පාක් එකේ ඉන්නව **දාස (උඹේ යාලුව දන්නව නම) කියල හයේ හතරෙ සයිස් අවුරුදු 60ක් විතර වයස, කොන්ඩෙ සුදු බුවෙක්. උඹල ටිකක් මොලෙයි තව එක අවයවේකුයි පාවිච්චි කලානං සල්ලි සත පහක්වත් නොදී නොමිලේම බුවාගෙ වෑන් එකෙං ගිහිං බස්සගන්න පුලුවං. බුවා සබ්ජෙක්ට් . . . . .

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඕනයා හක් හක් අන්තිමට පදේකුත් හැදිල තියෙයි සෙට් එක *ක දීලා ගියා වගේ කියලා. අනිත් එක වෑන් එකේ ගිහින් බස්ස ගන්න කෙසේ වෙතත් ***ට බස්ස ගන්නනම් පුලුවන් වෙයි මයෙ හිතේ :)

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අඩේ මරු නේ. මාර සෙට් එකක් නේ. කට්ටියම ඩොටේ සෙට් එකක්

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මධුරංග: අපි අපිනෙ බං... මේ සෙට් එක ගැනනම් කියලා වැඩක් නෑ ස්කෝලේ අවෘදු 13ක් හිටියා. ඊට වඩා මුනුත් එක්ක මේ හිටපු අවුරුදු එක හමාර තුල පිස්සු කෙලියා..