ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Thursday, January 5, 2012

ගමට ඇති දුර (චැප්ටර් 3)


පහුගිය පොස්ට් න් කියව්වනේ  අපේ උන් දෙන්නෙක්ගේ තුන් දෙනෙක්ගෙ ගෙවල් වල ගියපු විදිය.කියෙව්වේ නැත්නම් මෙන්න පළවෙනි එක,මෙන්න දෙවනි එක.හැමෝටම මඩ ගහ ගහ මූට ඉන්න දෙන්න බෑ නේද කියලා අද කියන්න යන්නේ හැමෝටම මඩ ගහපු කනියලගේ ගෙදර ගියපු විදියයි අපේ ගලයගෙ ගෙදර ගියපු ව්දියයි. මේකේ උඩ කනියගේ  ගෙදර පෝස්ට් කෑල්ල ලීවේ ගලේත්,දිනුකත් හා යට ගලයගේ ගෙදර පෝස්ට් කෑල්ල ලීවේ මම තුමාවන කනියා බවත් පිලිගනිමු.හරි එහෙනම් කතාව පටෑ......න් ගමුකො

එක  දවසක්  අපි 10.30 interval  එකේ කාල එහෙම ඉවර වෙලා කැන්ටින් එකේ ඉන්න මොකෙක්ට හරි නෝන්ඩි කර කර  හිනා වෙවී ඉන්න වෙලාවේ,අඩෝ කවුරු හරි එකක් අඩුයි නේද බං කියල බොලේ ඇහුවා. එතකොට තමා අපිට ම්ටර් උනේ කණිය අඩුයි නේද කියල.ඒ  වෙලාවෙම ගලයා  ගත්තා කනියට call  එකක්.. 

ගලයා :මොකෝ බං  උබ අද ආවෙ නැත්තේ??
කනියා :  අඩේ බං මේ අපේ නැන්දම්මා නැති වුනානේ.(නැන්දම්මා කීවෙ කෙල්ලගෙ අම්මා නෙමෙයි ඈකරුමෙට හරි එහෙම උනා නම් මූ ඒක කියන්නෙත් හිනා වෙවි..)

ඊට පස්සේ ඕක ගලේ අපේ එවුන්ට කිව්වා අඩෝ කනියලගේ මළගෙයක් බ කියල.එක කියල කට ගන්න හම්බුනේ නැ.අඩෝ යමන් බං හරි නෑ නේ කියල බබුන් කිව්වා.ආය මොනාද අපෙ උන්ට night  ක් කීවොත්,ඊට පස්සේ කොහොම හරි lectures ඉවර වෙන්නත් කලින් lectures කර කර හිටපු මිස්ට සීන් එක කියලා කට්ටියම කලින් පැන ගත්තා.

දැන් කට්ටිය එලියට අවිත් ජීවිතෙට දැකලත් නැති...දන්නෙත් නැති කනියලගෙ නැන්දම්මාගෙ මලගෙදර යන්න සූදනම් වෙලා  ගත්ත කනියට call එකක්.

ගලේ:කනියෝ මේ  අපි දැන් උබල්ගෙ ගෙදර එන්න හදන්නේ,කෑගල්ලෙන් බැස්සාම හරි නේ?
නියා:අහ්..උබලා එනවද?අඩො මලගෙදර තියෙන්නෙ අපෙ ගෙදර නෙමෙයි..අපෙ ගෙදරින් පොඩ්ඩක් එහාඅනික මමත් ඉන්නෙ බන් එහෙ ගිහින් පිට එකෙක් වගෙහා හා වරෙව්කො….
ගලේ:ඔව් යකො එන්න තමයි හදන්නේ කෑගල්ලෙ බස් වල විත් බැහැපුවම හරි නේ…?
නි:අඩෝ මේ ඒ පාර දුරයි බන්  උබල පොල්ගහවෙලින් බැහැල රබුක්කන bus  එකක වරෙන්.

දැන් කොහොම හරි පොල්ගහවෙලට ගිහින්බැහැල රඹුක්කන bus  එකක් හෙව්වා. Time  keeper  කිව්වා මල්ලි දැන් තමා bus  එක ගියේ අනිත් bus  එක යන්නේ තව පැයකින් කියල.දැන් ඔක්කොටම මල ඇයි යකෝ තව පැයක් ඉන්න එපැයි bus  එක එනකම්.නියා කියන්නෙනම් 24 hours  bus  වැඩ කියල.කොහොම හරි පැයක් ඉදල bus  එකේ කනියලගේ ගෙදර යන්න ගියා මගින් කනි call  එකක් දීල මොකක්දෝ හන්දියකින් බහින්න කිව්වා.කොහොම හරි පොල්ගහවෙල ඉදන් පැයක එක හමාරක විතර ගමනකින් කනිය කියපු හන්දියෙන් බැස්සාඅම්මේ..හෙන ගැහැව්වා වගේ බැහැපු ගමන් බාර් එකක්අහල පහල සාවට සිල්ලර කඩයක් නෑටේ තියෙන්නෙ බාරුයිරෙස්ටුරන් ගොඩකුයි විතරයි….පැත්තේ හැටියි,පැත්තේ වාසය කරන උවියගෙ හැටියි හිතා ගන්න පුලුවන්නේ.ඔන්න බැහැල කනියට call  එකක් දුන්නම මේක තව ගෙදර.නියා එනකම් බැන බැන තව විනාඩි 15 ක් විතර හිටිය. 24 hours  bus  නම් නෙමෙයි 24 hours අලි පටවපු ලොරි නම් යනවා මුන්ගෙ පාරෙ..පේ කට්ටිය ඉතින් මේකා එනකම් පාරෙ යන අලි පට්වපු ලොරියි..බාර් එකෙ තියන බොතල් ටිකයි ගන කර කර හිටියා.. කොහොම හරි කනියා විත් තව 500  විතර පයින් ගිහින් තමා කනියලගේ ගෙදරට එක්ක ගියේ.එත් කනියනම් කියන්නේ කුරුණෑගල ඉදලා පැයන් ගෙදර කියල.

කනියාලගෙ ගෙදර ගියාට පස්සෙ තමයි හොදම හරිය තියෙන්නෙ..කනියා අපිට දුන්න ෆන් එකයි..අපෙ උන් කනියට දුන්න ෆන් එකයි ඒක වෙනම පෝස්ට් එකකින් දෙන්නම්කෝ.


ඔන්න අපේ සෙට් එකේ මේ පෝස්ට් සීරීස් එකේ අන්තිමට ගහන මඩ පාර වදින්නේ අපේ ගලයට.හරි මේකයි කතා වස්තුව ඔන්න ඉතිං අපේ සෙට් එකේ ඉන්න බුදු මීටරේ තමා ගලයා, අපිට මොකක් හරි පාඩමක අවුලක් තිබ්බොත් කොහාට හරි සෙට් වෙලා අහගනවා.(ඔව් ඉතිං අපිත් ඉදලා හිටලා හරි පාඩම් කරනවා). එක දවසක් කට්ටිය ආතල් එකටත් එක්ක එහෙනම් පංති ඉවර වෙලා යමං ගලයගෙ ගෙදර කියල යෝජනාවක් ආවා. කොහොම හරි ගලයගේ තනි විරෝදය මැද ඔන්න අපි තිරනය කරනවා ගලයලගේ දිහා යන්න. පංති ඉවර වෙලා හවස 3.30ට විතර.

ගලයා : අඩේ මේ හවස 4.40 යනවා පදිරි බස් එකක් ඒකෙ යමං ඉදගන්න සීටුත් තියනවා
බබුනා : එල එහෙනම් ඒකෙ යමං
ගලයා  : 6 වෙද්දි ගෙදරටත් යන්න පුලුවන්
බබී : මරු මරු

ඔන්න ඉතිං අපිත් ටව්න් එක පැත්තටත් පොඩ්ඩක් ඔලුව දාලා 4.30 වෙද්දි ආවා බස් හෝල්ට් එකට අනේ ඉතිං කියන පමාවෙන් 4.45ට විතරනම් බස් එක ආවා ඒත් බස් එකේ කට කපලා සෙනග එකයි. දැං  පලකෝ ආවනම්.ගලයා කියපු කතාවත් ඇත්ත එක පැත්තකින්, සීට්නම් තියනවා ඒත් මිනිහා ඉදගන්න ඉඩ තියනවා කියලා කිවේ නෑනේ. මොනා කරන්නද ඔන්න ඔහේ නැංගා මොනවත් නෑ අතකුයි කකුලකුයි විතාරයි බස් එක ඇතුලේ අනිත් සර්වාංගෙම එලියේ. බස් කාරයත් මං හිතන්නේ රේඩියෝ ලයිසන් එකෙන්ද කොහෙදෝ යන්නේඔන්න විනාඩි 40ක් විතර යද්දී බස් එක ඇතුලට යන්න හම්බුනා.කොහෙන්දො බෝලයා මට එහාපැත්තට ඇවිල්ලා(මේකගෙ ඇගේ හැටියට නෙවේ වැඩ),

බෝලේ : කනියෝ අන්න අර පාරෙන් තමා අපේ ගෙදරට යන්නේ..
මම : අම්මටහුඩු එහෙමද එල එල කුරුණෑගල කීවට එසේ මෙසේ ලගක නෙවේ නේද බෝලේ උබත් ඉන්නේ?
බෝලේ : අනේ පල ***.
අපි බෝලයගේ ගෙදර ගිහින් නැතත් මම එදා උපකල්පනය කරා බෝලෙත් කුරුණෑගල කීවට කුරුණෑගලම නොවන බවට.
තව ටික දුරක් යද්දී අපට ඉදගන්නත් හම්බුනා ඔන්න, ගලෙයා 6ට ගෙදරටම යන්න පුලුවං කීවාට බස් එක ගලේවෙල ටවුන් එකට එද්දිම 6.40ට විතර ඇති.
මම: ගලේ ටවුන් එක නේ බහින්නේ නැද්ද??
ගලේ: පොඩ්ඩක් ඉදපන් තව විනාඩි 5යි.

කොහොම හරි මම එද තමා දැන ගත්තේ මිනිහගේ ඔර්ලෝසුවේ විනාඩි 5ට විනාඩි 15ක්ම තියනවා කියලා. දැන් ඉතිං බැහැලා ගලයා කියපි මචන්ලා මේ පාරෙන් පොඩ්ඩක් ඇතුලට කියලා.හොද පොඩ්ඩ.වැව්වකුයි කුබුරු 3කුයි.
කොහොම හරි ඔන්න 7.30 වෙනකොට විතර අපි ගලේලගෙ ගෙදරට සම්ප්රප්ත වුනා. ගෙදර ගියාට පස්සේ ගලය කියපිඅහ් අද උබල ආපු හින්දා තමයි බස් එකේ සීටුත් නැත්තේ පරක්කුත් උනේකියලා.කාට කියන්නද ඉතිං.

.ලි ඔන්න අදින් මේ පෝස්ට් සීරීස් එකත් ඉවරයි මේ කතා ටික මට මතක් උනේ එක හේතුවක් හින්දා ඒක වෙනම කතාවක් ඒකත් දාන්නම්කෝ ඔන්න අපේ සින්නෝ දෙන්නෙක් අතරෙ දවසක් කතාවක් යනවා.

සින්නා 1: උඹ කොහෙද බං?
සින්නා 2: කැන්ඩි බං
සින්නා 1: කැංඩි කොහෙද?
සින්නා 2: ගම්පොල බං
සින්නා 1: ගම්පොල කොහෙද බං?
සින්නා 2: අම්බුලුවාවෙනේ බං
සින්නා 1: අම්බුලුවාවේ?
සින්නා 2: ******* ඉන්නේ මොන *** මීට වඩා අහන්න එපා.

..ලි තවත් අපේ ඔය වගේ කට්ටිය ඉන්නවා හලාවත කාගෙත් අයියා, කැංඩි රිංදි,දබුල්ලේ මාතලයා, මාවනැල්ලේ තනි ඇතා. ඔය හැමෝම කියන්නේ අහවල් ටවුන් එකේ කියලා හැබැයි ඔය කියන ටවුන් එකේ ඉදන් බස් 2කවත් යන්න ඕනේ ගෙදරට.

19 කමෙන්ට්ස්:

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික් හික් මගෙත් එකෙක් ඉන්නවා ඇහුවම කියන්නේ කැන්ඩි කියලා ඇත්ත ගම නාවලපිටිය..

Rindi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates
This comment has been removed by the author.
Rindi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Api nam ithin kandy thama hariii.....:D

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ ඔබ නොදු‍ටු ලොවක් ඇයි බං ඔය පහල කඩුගන්නාවේ එවුනුත් කියන්නේ කැංඩි එහෙනම් ඉතින් මමතුමා(කනියා) ත් කැංඩි තමයි..

@රින්ඩි ඔව් ඔව් උබට ඉතින් මහියන්ගනේට කිලෝමීටර් 8යි නුවරට කිලෝමීටර් 48යි නොවැ

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ko ban kaniya apita dunna athal 1ka meke dala nane :(

duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔන්න ඕකනෙ බං කරන්න බැරි වැඩේ. ලඟම ටවුම කීවාම අහන එකා ගෙදර එන්න වගේ හරියටම අක්සාංස දේසාංස අහනව. නිකං හිතල බලපං මොකෙක් හරි මගෙං ඇහුවොත් ඉන්නෙ කොහෙද කියල මම මොන හිතකිංද "අංගොඩ" කියන්නෙ ???? (රාජගිරිය කියනව මිසක්)

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ano : ඉදපන් ඉදපන් ඉවසා වදාරා තව ටික ද්වසකින් ඒවත් එනවා ..

ඕනයා : හොද ලග යකෝ මහියංගනේ ඉන්න එකෙක් කැංඩි කියලා කීවාම කොහොමද තියන ආතල් එක කියපංකෝ අනික මොකද මහියංගනේ කිවාම අපි ඌව කනව ඈ... (ඇඩෙන්න චාටර් කරනවා මිසක්)

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

sinna kauda??? sudu konde bokutu, 9.1 dial 1ka neda????

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අම්මෝ මෙන්න මඩක් මටත් විරුද්දව ශික් අම්මපා.....

හි තු ම තේ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපෙත් යාලුවෙක් හිටිය, ගම ඇහුවම කියන්නේ මාතර කියල. උගේ තාත්ත නැති වෙලා මළගෙදර යනකොටයි අපි දැනගත්තේ මූ මාතර කියල කියන්නේ බෙලිඅත්තට කියල...
තව යාලුවෙක් කියන්නේ ගෙවල් තියෙන්නේ ගාල්ලේ රිච්මන්ඩ් එක ලගමයි කියල. මාත් හිතුව ඉතින් ගාල්ලේ පරසිද්ධ ඉස්කෝලයක් වෙච්චි රිච්මන්ඩ් එක තියෙන්නේ ගාල්ල ටවුමෙමයි කියල. ගිහින් බලපුවමයි දන්නේ, රිච්මන්ඩ් එකට ගාල්ලේ ඉදන් රුපියල් 10 ක දුර!!!

කෝඩුකාරයා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔව් ඉතින්.....කවුද කැමති නැත්තෙ ටිකක් ජනප්‍රිය නගරෙක ජීවත් වෙන්න.හැබැයි ඉතින් කෝඩුකාරයනම් කැමති ගොඩාක් අප්‍රසිද්ද නගරෙක ජීවත් වෙන්න තමයි.එළම කිරි අයියා....දිගටම ලියන්න.අපි ඔයත් එක්කම ඉන්නවා......

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@හිතුමතේ සිරා බං අපි හැමෝම එහෙමයි බං :)

@කෝඩුකාරයා : එළ මල්ලී ඒත් පොඩි වෙනස් කිරීමක් ක්අරන්න ඕනේ
"දිගටම ලියන්න.අපි ඔයත් එක්කම ඉන්නවා......" නෙවේ මල්ලී ඔයාලා වෙන්න ඕනේ මේක අපේ සෙට් එකක්මයි ලියන්නේ. අනිවා ඔයාල ඉන්නකම් අපි ලියනවා

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පිස්සු හැදෙනවා නේ. පැයක් හට්ට කාලා බස් එහෙක තෙරපිලා යන්න ඕන කිව්වම.
අපේ කැම්පස් එකේ එකෙක් ගම කොහෙද කියලා ඇහුවම කියන්නේ අනුරාධපුරේ කියලා. අනුරාදපුරේ කොහේද කියලා කිව්වම කියන්නේ හොරොව්පතනේ කියලා. හොරොව්පතානේ කොහේද කිව්වම තිරප්පන්කඩවල කියලා කිව්වා.

එතිනින් එහාට අහන්න ගියේ නෑ.

Janitha said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම නම් බ්ංගිරියෙමයි

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මධුරංග: අනේද කියන්නේ බං... ඔව්න්ගේ හැටි එහෙමමයි... අපේ ඔය කියන විලත් අනුරාදපුර කීවේ මුලින්ම පස්සෙ තම තබුත්තේගම කීවෙත් දවසක මුන්ගෙ ගෙද්‍රත් ගිහින් බලන්න ඕනේ තබුත්තේගම මද ඉන්නේ කියලා

ජනිත: අනේ උබේ බිංගිරිය ඉදන් නිකම් රට්ටු හිනස්ස්වන්නෙ නැතුව...

duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

//අපි ඔයත් එක්කම ඉන්නවා......//

මම කිවුව නේද ???

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කීවත් නැතත් අපි දන්නව ඕනෙ අයියා අපිට අපි ඕනේ අයියට හික්ස් ?

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ha ha ha haaaaaaaaaaa

Chamin Vithanage said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හා හා අපෙත් එකෙක් ඉන්නවා ඇහුවම කියන්නෙ නුවර.නුවර කොහෙද ඇහුවම කුණ්ඩසාලෙ,කුණ්ඩසාලෙ කොහෙද ඇහුවම දිගන..ඒත් address එකේ නුවරත් නෑ කුණ්ඩසාලෙත් නෑ දිගනත් නෑ..කාට කියන්නද මේවා...