ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
-
-
තෙවරප්පෙරුම....2 weeks ago
-
අපේ හෝ බෝ අමාලිගේ කතා බහක්1 month ago
-
මගේ ඩෙමියෝ එක1 month ago
-
සැරට කන්න ඉස්සො රෙසිපි එකක්4 months ago
-
-
-
ඉතින් සොඳුර9 months ago
-
-
අප්පට සිරි මගේ බ්ලොග් එක !1 year ago
-
-
-
ඇය අම්මා විය3 years ago
-
හව් කැන් අයි හෙල්ප් යූ?3 years ago
-
-
-
නුඹ රැජිනකි මට සැමදා4 years ago
-
-
තාත්තගෙයි පුතාගෙයි කතා - 054 years ago
-
කොළ මැඩපන් ඔයි රාමා...!4 years ago
-
ගෙජ්ජි මල්ල්4 years ago
-
මස් මාංශ අනුභවය හා ශ්රී ලංකාව4 years ago
-
සයිබර් සිහිනයට පාට දෙන්න එන්න...5 years ago
-
දවස් තුන !5 years ago
-
කවි මඩුවට ගියා5 years ago
-
මෙකොන සිට අනිත් කොන කියැවීමි5 years ago
-
-
නිවිති එක්ක දෙල් කිරට...5 years ago
-
-303- ලියුමක්.5 years ago
-
හදවතේ සෙනෙහස5 years ago
-
-
මා හූනා6 years ago
-
-
-
යහපාලනේ කිව්වොත් සල්ලි තමයි.....6 years ago
-
මොහොතක් හිතන්න6 years ago
-
Carnival of love6 years ago
-
අගමුල නැති වැල් (Cuscuta)7 years ago
-
ඩේ කෙයා එකේ පුතුට7 years ago
-
දෝණී..7 years ago
-
-
පුතුට නමක්7 years ago
-
මංකොල්ලකෑම් සහ අවභාවිතාව.7 years ago
-
ආයෙමත් ආදරෙන්7 years ago
-
නන්නාදුනන හීනයක්7 years ago
-
-
අපි රොකට් යවපු හැටි8 years ago
-
සල්ලිද .. මිනිස්සුද බ්රෝ .. ??8 years ago
-
අම්මාවරුනේ......8 years ago
-
-
-
තාමත් ආදරෙයි... !!9 years ago
-
වසන්තය සහ ඔබ්සර්වර්9 years ago
-
[FREE WSO] FIVERR WARRIOR’S GUIDE REVIEW9 years ago
-
ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....9 years ago
-
-
-
-
යලුවනේ උදව්වක් ඔනේ....10 years ago
-
සොඳුරුමැ මේ රුදුරු මුණිවත10 years ago
-
උණ විකාරෙට ලියන කවි10 years ago
-
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!10 years ago
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි!10 years ago
-
-
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.11 years ago
-
අපිට පිස්සු ඕයි !!!11 years ago
-
තනිකම හන්දා ඈතක රන්දා මතක හිත ඇරින්දා....11 years ago
-
ඈ දීගෙක ගියාය.....11 years ago
-
ලෝක විනාසෙන් පසු.......11 years ago
-
විසිරුණු මුතු.............11 years ago
-
-
-ආඩම්බර සඳවතී- [3]11 years ago
-
බෙට්ටක් කවපු හැටි..!!11 years ago
-
First trip to Kandy - පලවෙනි නුවර ගමන11 years ago
-
කල්පනා (අවසාන කොටස)11 years ago
-
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1)11 years ago
-
ඉරට හඬන මිනිස්සු...!11 years ago
-
The Saboteur11 years ago
-
උදාවුනා ඒ දවස.එනවා නේද හැමෝම .....?11 years ago
-
සත්තයි කුණුහරප නෙමේ....11 years ago
-
-
සයවන කොටස ....12 years ago
-
ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?12 years ago
-
සිහිනයකි ඔබේ ආදරේ12 years ago
-
Write to express, not to impress12 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්රොජෙක්ට්ම කරන්න කියලා...
-
ඔන්න ඉතින් දෙයියනේ කියලා අද පෝස්ට් එක දාන්න යන්නේ උදේ ඉදං දාන්න හිටියත් මේ දවස් වල party පිරිලා එක හින්දා හැමෝම සමාවෙන්ට ඕනේ ඔන්න . තවත...
මූනු පොතේ අපි
Thursday, January 5, 2012
ගමට ඇති දුර (චැප්ටර් 3)
පහුගිය පොස්ට් 2 න්
කියව්වනේ අපේ උන් දෙන්නෙක්ගේ තුන් දෙනෙක්ගෙ ගෙවල් වල ගියපු විදිය.කියෙව්වේ නැත්නම් මෙන්න පළවෙනි එක,මෙන්න දෙවනි එක.හැමෝටම මඩ
ගහ ගහ මූට ඉන්න දෙන්න බෑ නේද කියලා අද කියන්න යන්නේ
හැමෝටම මඩ ගහපු කනියලගේ ගෙදර ගියපු විදියයි
අපේ ගලයගෙ ගෙදර ගියපු ව්දියයි. මේකේ උඩ කනියගේ ගෙදර පෝස්ට් කෑල්ල ලීවේ ගලේත්,දිනුකත් හා යට ගලයගේ ගෙදර පෝස්ට් කෑල්ල ලීවේ මම තුමාවන කනියා බවත් පිලිගනිමු.හරි එහෙනම් කතාව පටෑ......න් ගමුකො…
එක දවසක් අපි 10.30 interval එකේ කාල එහෙම ඉවර
වෙලා කැන්ටින් එකේ ඉන්න මොකෙක්ට හරි නෝන්ඩි කර කර හිනා වෙවී ඉන්න වෙලාවේ,අඩෝ කවුරු
හරි එකක් අඩුයි නේද බං… කියල බොලේ
ඇහුවා. එතකොට තමා අපිට ම්ටර් උනේ කණිය අඩුයි නේද කියල.ඒ
වෙලාවෙම ගලයා ගත්තා කනියට call එකක්..
ගලයා
:මොකෝ බං උබ අද ආවෙ
නැත්තේ??
කනියා
: අඩේ බං මේ අපේ
නැන්දම්මා නැති වුනානේ.(නැන්දම්මා
කීවෙ කෙල්ලගෙ අම්මා නෙමෙයි ඈ… කරුමෙට හරි එහෙම උනා නම් මූ ඒක කියන්නෙත් හිනා වෙවි..)
ඊට පස්සේ ඕක ගලේ අපේ එවුන්ට කිව්වා අඩෝ කනියලගේ මළගෙයක් බං කියල.එක කියල කට ගන්න හම්බුනේ නැ.අඩෝ යමන් බං හරි නෑ නේ කියල බබුන් කිව්වා.ආය මොනාද අපෙ උන්ට night ක් කීවොත්,ඊට පස්සේ කොහොම හරි lectures ඉවර වෙන්නත් කලින් lectures කර කර හිටපු මිස්ට සීන් එක කියලා කට්ටියම කලින් පැන ගත්තා.
ඊට පස්සේ ඕක ගලේ අපේ එවුන්ට කිව්වා අඩෝ කනියලගේ මළගෙයක් බං කියල.එක කියල කට ගන්න හම්බුනේ නැ.අඩෝ යමන් බං හරි නෑ නේ කියල බබුන් කිව්වා.ආය මොනාද අපෙ උන්ට night ක් කීවොත්,ඊට පස්සේ කොහොම හරි lectures ඉවර වෙන්නත් කලින් lectures කර කර හිටපු මිස්ට සීන් එක කියලා කට්ටියම කලින් පැන ගත්තා.
දැන් කට්ටිය එලියට අවිත් ජීවිතෙට
දැකලත් නැති...දන්නෙත් නැති කනියලගෙ නැන්දම්මාගෙ මලගෙදර යන්න සූදනම් වෙලා
ගත්ත කනියට call එකක්.
ගලේ:කනියෝ මේ අපි දැන් උබල්ගෙ ගෙදර එන්න හදන්නේ,කෑගල්ලෙන් බැස්සාම හරි නේද?
කනියා:අහ්..උබලා එනවද?අඩො මලගෙදර
තියෙන්නෙ අපෙ ගෙදර නෙමෙයි බං..අපෙ
ගෙදරින් පොඩ්ඩක් එහා…අනික මමත්
ඉන්නෙ බන් එහෙ ගිහින් පිට එකෙක් වගෙ…හා හා වරෙව්කො….
ගලේ:ඔව් යකො
එන්න තමයි හදන්නේ කෑගල්ලෙ බස් වල ඇවිත් බැහැපුවම හරි නේ…?
කනිය:අඩෝ මේ ඒ
පාර දුරයි බන් උබල
පොල්ගහවෙලින් බැහැල රබුක්කන bus එකක වරෙන්.
දැන් කොහොම හරි පොල්ගහවෙලට ගිහින්…බැහැල රඹුක්කන bus එකක් හෙව්වා. Time keeper කිව්වා මල්ලි දැන් තමා bus එක ගියේ අනිත් bus එක යන්නේ තව පැයකින් කියල.දැන්
ඔක්කොටම මල ඇයි යකෝ තව පැයක් ඉන්න එපැයි bus එක එනකම්….කනියා කියන්නෙනම් 24 hours bus වැඩ කියල.කොහොම හරි
පැයක් ඉදල bus එකේ කනියලගේ ගෙදර යන්න ගියා මගින්
කනිය call එකක් දීල මොකක්දෝ හන්දියකින්
බහින්න කිව්වා.කොහොම හරි
පොල්ගහවෙල ඉදන් පැයක එක හමාරක විතර ගමනකින් කනිය කියපු
හන්දියෙන් බැස්සා…අම්මේ..හෙන
ගැහැව්වා වගේ බැහැපු ගමන් බාර් එකක්…අහල පහල ආසාවට
සිල්ලර කඩයක් නෑ…වටේට තියෙන්නෙ
බාරුයි…රෙස්ටුරන්
ගොඩකුයි විතරයි….පැත්තේ හැටියි,ඒ පැත්තේ වාසය කරන උදවියගෙ
හැටියි හිතා ගන්න පුලුවන්නේ.ඔන්න බැහැල කනියට call එකක් දුන්නම මේක තව ගෙදර.කනියා එනකම් බැන බැන තව විනාඩි 15 ක් විතර හිටිය. 24 hours bus නම් නෙමෙයි
24 hours අලි පටවපු
ලොරි නම් යනවා මුන්ගෙ පාරෙ..අපේ කට්ටිය ඉතින් මේකා එනකම් පාරෙ යන අලි පට්වපු ලොරියි..බාර් එකෙ
තියන බොතල් ටිකයි ගනං කර කර හිටියා.. කොහොම හරි කනියා ඇවිත් තව 500 m විතර පයින් ගිහින් තමා කනියලගේ
ගෙදරට එක්ක ගියේ.එත් කනියනම් කියන්නේ කුරුණෑගල ඉදලා පැයන්
ගෙදර කියල.
කනියාලගෙ ගෙදර ගියාට පස්සෙ තමයි හොදම හරිය තියෙන්නෙ..කනියා අපිට දුන්න ෆන් එකයි..අපෙ උන් කනියට දුන්න ෆන් එකයි …ඒක වෙනම පෝස්ට් එකකින් දෙන්නම්කෝ.
ඔන්න අපේ සෙට් එකේ මේ පෝස්ට් සීරීස් එකේ
අන්තිමට ගහන මඩ පාර වදින්නේ අපේ ගලයට.හරි
මේකයි කතා වස්තුව ඔන්න ඉතිං අපේ සෙට් එකේ ඉන්න බුදු මීටරේ තමා ගලයා, අපිට මොකක් හරි පාඩමක අවුලක් තිබ්බොත් කොහාට හරි සෙට් වෙලා අහගනවා.(ඔව් ඉතිං අපිත් ඉදලා හිටලා හරි පාඩම් කරනවා). එක
දවසක් කට්ටිය ආතල් එකටත් එක්ක එහෙනම් පංති ඉවර වෙලා යමං ගලයගෙ ගෙදර කියල යෝජනාවක් ආවා.
කොහොම හරි ගලයගේ තනි විරෝදය මැද ඔන්න අපි තිරනය කරනවා ගලයලගේ දිහා
යන්න. පංති ඉවර වෙලා හවස 3.30ට විතර.
ගලයා : අඩේ මේ හවස 4.40 යනවා පදිරි බස් එකක් ඒකෙ යමං ඉදගන්න
සීටුත් තියනවා
බබුනා : එල එහෙනම් ඒකෙ යමං
ගලයා : 6 වෙද්දි ගෙදරටත් යන්න පුලුවන්
බබී : මරු
මරු
ඔන්න ඉතිං අපිත් ටව්න් එක පැත්තටත් පොඩ්ඩක්
ඔලුව දාලා 4.30 වෙද්දි ආවා බස් හෝල්ට් එකට අනේ
ඉතිං කියන පමාවෙන් 4.45ට විතරනම් බස් එක ආවා ඒත් බස් එකේ කට
කපලා සෙනග එකයි. දැං පලකෝ ආවනම්.ගලයා කියපු කතාවත් ඇත්ත එක පැත්තකින්, සීට්නම්
තියනවා ඒත් මිනිහා ඉදගන්න ඉඩ තියනවා කියලා කිවේ නෑනේ. මොනා
කරන්නද ඔන්න ඔහේ නැංගා මොනවත් නෑ අතකුයි කකුලකුයි විතාරයි බස් එක ඇතුලේ අනිත් සර්වාංගෙම
එලියේ. බස් කාරයත් මං හිතන්නේ රේඩියෝ ලයිසන් එකෙන්ද කොහෙදෝ
යන්නේ. ඔන්න විනාඩි
40ක් විතර යද්දී බස් එක ඇතුලට යන්න හම්බුනා.කොහෙන්දො බෝලයා මට එහාපැත්තට ඇවිල්ලා(මේකගෙ ඇගේ
හැටියට නෙවේ වැඩ),
බෝලේ : කනියෝ අන්න අර පාරෙන් තමා අපේ ගෙදරට යන්නේ..
මම : අම්මටහුඩු
එහෙමද එල එල කුරුණෑගල කීවට එසේ මෙසේ ලගක නෙවේ නේද බෝලේ උබත් ඉන්නේ?
බෝලේ : අනේ පල ***.
අපි බෝලයගේ ගෙදර ගිහින් නැතත් මම එදා උපකල්පනය
කරා බෝලෙත් කුරුණෑගල කීවට කුරුණෑගලම නොවන බවට.
තව ටික දුරක් යද්දී අපට ඉදගන්නත් හම්බුනා
ඔන්න,
ගලෙයා 6ට ගෙදරටම යන්න පුලුවං කීවාට බස් එක
ගලේවෙල ටවුන් එකට එද්දිම 6.40ට විතර ඇති.
මම: ගලේ
ටවුන් එක නේ බහින්නේ නැද්ද??
ගලේ: පොඩ්ඩක්
ඉදපන් තව විනාඩි 5යි.
කොහොම හරි මම එද තමා දැන ගත්තේ මිනිහගේ ඔර්ලෝසුවේ
විනාඩි
5ට විනාඩි 15ක්ම තියනවා කියලා. දැන් ඉතිං බැහැලා ගලයා කියපි මචන්ලා මේ පාරෙන් පොඩ්ඩක් ඇතුලට කියලා.හොද පොඩ්ඩ.වැව්වකුයි කුබුරු 3කුයි.
කොහොම හරි ඔන්න
7.30 වෙනකොට විතර අපි ගලේලගෙ ගෙදරට සම්ප්රප්ත වුනා. ගෙදර ගියාට පස්සේ ගලය කියපි
“අහ් අද උබල ආපු හින්දා තමයි බස් එකේ සීටුත් නැත්තේ පරක්කුත් උනේ”
කියලා.කාට කියන්නද ඉතිං.
ප.ලි ඔන්න
අදින් මේ පෝස්ට් සීරීස් එකත් ඉවරයි මේ කතා ටික මට මතක් උනේ එක හේතුවක් හින්දා ඒක වෙනම
කතාවක් ඒකත් දාන්නම්කෝ ඔන්න අපේ සින්නෝ දෙන්නෙක් අතරෙ දවසක් කතාවක් යනවා.
සින්නා 1: උඹ කොහෙද බං?
සින්නා 2: කැන්ඩි බං
සින්නා 1: කැංඩි කොහෙද?
සින්නා 2: ගම්පොල බං
සින්නා 1: ගම්පොල කොහෙද බං?
සින්නා 2: අම්බුලුවාවෙනේ බං
සින්නා 1: අම්බුලුවාවේ?
සින්නා 2: ******* ඉන්නේ මොන *** මීට වඩා අහන්න එපා.
ප.ප.ලි තවත් අපේ ඔය වගේ කට්ටිය ඉන්නවා හලාවත කාගෙත් අයියා, කැංඩි රිංදි,දබුල්ලේ මාතලයා, මාවනැල්ලේ තනි ඇතා. ඔය හැමෝම කියන්නේ අහවල් ටවුන්
එකේ කියලා හැබැයි ඔය කියන ටවුන් එකේ ඉදන් බස් 2කවත් යන්න ඕනේ
ගෙදරට.
Subscribe to:
Post Comments (Atom)
19 කමෙන්ට්ස්:
හික් හික් මගෙත් එකෙක් ඉන්නවා ඇහුවම කියන්නේ කැන්ඩි කියලා ඇත්ත ගම නාවලපිටිය..
Api nam ithin kandy thama hariii.....:D
@ ඔබ නොදුටු ලොවක් ඇයි බං ඔය පහල කඩුගන්නාවේ එවුනුත් කියන්නේ කැංඩි එහෙනම් ඉතින් මමතුමා(කනියා) ත් කැංඩි තමයි..
@රින්ඩි ඔව් ඔව් උබට ඉතින් මහියන්ගනේට කිලෝමීටර් 8යි නුවරට කිලෝමීටර් 48යි නොවැ
ko ban kaniya apita dunna athal 1ka meke dala nane :(
ඔන්න ඕකනෙ බං කරන්න බැරි වැඩේ. ලඟම ටවුම කීවාම අහන එකා ගෙදර එන්න වගේ හරියටම අක්සාංස දේසාංස අහනව. නිකං හිතල බලපං මොකෙක් හරි මගෙං ඇහුවොත් ඉන්නෙ කොහෙද කියල මම මොන හිතකිංද "අංගොඩ" කියන්නෙ ???? (රාජගිරිය කියනව මිසක්)
ano : ඉදපන් ඉදපන් ඉවසා වදාරා තව ටික ද්වසකින් ඒවත් එනවා ..
ඕනයා : හොද ලග යකෝ මහියංගනේ ඉන්න එකෙක් කැංඩි කියලා කීවාම කොහොමද තියන ආතල් එක කියපංකෝ අනික මොකද මහියංගනේ කිවාම අපි ඌව කනව ඈ... (ඇඩෙන්න චාටර් කරනවා මිසක්)
sinna kauda??? sudu konde bokutu, 9.1 dial 1ka neda????
අම්මෝ මෙන්න මඩක් මටත් විරුද්දව ශික් අම්මපා.....
අපෙත් යාලුවෙක් හිටිය, ගම ඇහුවම කියන්නේ මාතර කියල. උගේ තාත්ත නැති වෙලා මළගෙදර යනකොටයි අපි දැනගත්තේ මූ මාතර කියල කියන්නේ බෙලිඅත්තට කියල...
තව යාලුවෙක් කියන්නේ ගෙවල් තියෙන්නේ ගාල්ලේ රිච්මන්ඩ් එක ලගමයි කියල. මාත් හිතුව ඉතින් ගාල්ලේ පරසිද්ධ ඉස්කෝලයක් වෙච්චි රිච්මන්ඩ් එක තියෙන්නේ ගාල්ල ටවුමෙමයි කියල. ගිහින් බලපුවමයි දන්නේ, රිච්මන්ඩ් එකට ගාල්ලේ ඉදන් රුපියල් 10 ක දුර!!!
ඔව් ඉතින්.....කවුද කැමති නැත්තෙ ටිකක් ජනප්‍රිය නගරෙක ජීවත් වෙන්න.හැබැයි ඉතින් කෝඩුකාරයනම් කැමති ගොඩාක් අප්‍රසිද්ද නගරෙක ජීවත් වෙන්න තමයි.එළම කිරි අයියා....දිගටම ලියන්න.අපි ඔයත් එක්කම ඉන්නවා......
@හිතුමතේ සිරා බං අපි හැමෝම එහෙමයි බං :)
@කෝඩුකාරයා : එළ මල්ලී ඒත් පොඩි වෙනස් කිරීමක් ක්අරන්න ඕනේ
"දිගටම ලියන්න.අපි ඔයත් එක්කම ඉන්නවා......" නෙවේ මල්ලී ඔයාලා වෙන්න ඕනේ මේක අපේ සෙට් එකක්මයි ලියන්නේ. අනිවා ඔයාල ඉන්නකම් අපි ලියනවා
පිස්සු හැදෙනවා නේ. පැයක් හට්ට කාලා බස් එහෙක තෙරපිලා යන්න ඕන කිව්වම.
අපේ කැම්පස් එකේ එකෙක් ගම කොහෙද කියලා ඇහුවම කියන්නේ අනුරාධපුරේ කියලා. අනුරාදපුරේ කොහේද කියලා කිව්වම කියන්නේ හොරොව්පතනේ කියලා. හොරොව්පතානේ කොහේද කිව්වම තිරප්පන්කඩවල කියලා කිව්වා.
එතිනින් එහාට අහන්න ගියේ නෑ.
මම නම් බ්ංගිරියෙමයි
මධුරංග: අනේද කියන්නේ බං... ඔව්න්ගේ හැටි එහෙමමයි... අපේ ඔය කියන විලත් අනුරාදපුර කීවේ මුලින්ම පස්සෙ තම තබුත්තේගම කීවෙත් දවසක මුන්ගෙ ගෙද්‍රත් ගිහින් බලන්න ඕනේ තබුත්තේගම මද ඉන්නේ කියලා
ජනිත: අනේ උබේ බිංගිරිය ඉදන් නිකම් රට්ටු හිනස්ස්වන්නෙ නැතුව...
//අපි ඔයත් එක්කම ඉන්නවා......//
මම කිවුව නේද ???
කීවත් නැතත් අපි දන්නව ඕනෙ අයියා අපිට අපි ඕනේ අයියට හික්ස් ?
ha ha ha haaaaaaaaaaa
හා හා අපෙත් එකෙක් ඉන්නවා ඇහුවම කියන්නෙ නුවර.නුවර කොහෙද ඇහුවම කුණ්ඩසාලෙ,කුණ්ඩසාලෙ කොහෙද ඇහුවම දිගන..ඒත් address එකේ නුවරත් නෑ කුණ්ඩසාලෙත් නෑ දිගනත් නෑ..කාට කියන්නද මේවා...
Post a Comment