ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්‍රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්‍රශ්නයක් අහන්නම් පුලුවන්නම් ...
මූනු පොතේ අපි
Monday, January 16, 2012
මාතලන්
ඔන්න මාව ඔයාලට හම්බෙන්නේ සෑහෙන කාලෙකින් නේද?? ඔව් අප්පා අපේ ගලයා දාල තිබ්බ වගේ කැපුවනේ මුන් කනෙක්ශන් එක ඇඩ්‍රෙස් නෑ.. දැනට මොබිටෙල් එකට අම්මට හොරෙන් කෝල් එකක් දාලා හදාගත්තා ආපහු කපයිද දන්නේ නෑ… හරි හරි වල් පල් හෑලි ඇති අද කතාවට යමුකෝ..
අද ලියන්න යන්නේ අපේ සෙට් එක මුලින්ම ට්‍රිපක් කියල ගිය ගමනක ගැනයි.. අපේ සෙට් එකගේ ඩිප්ලෝමා එක පටන් ගත්තේ මාර්තු 1 කියලා මම කිවනේ කලින් දවසක.ඔන්න ඊට මාසෙකට විතර පස්සේ අපේ එවුන්ට තදියම ගහනවා කොහේ හරි යන්න.ඒ කාලේ ඉතින් ගලේ එහෙමත් අපට ෆිට් නෑ.ඒක නිසා අපේ සෙට් එකේ හිටියේ 9 දෙනය ඒකෙනුත් ගියේ 8යි (බෝලෙට අවශයතාවයකට නුවර යන්න වෙලා).ඉතිං අපි 8දෙනා සෙට් වෙලා කතා කරගන ඔන්න අන්තිම තීරනේකට ආවා මාතලයලේ ගෙදර යමු කියලා.ආ කියන්න බැරි උනානේ මාතලය කියන්නේ මාතලේ පොරක් හැබැයි මුන්ගේ දබුල්ලේත් ගෙදරක් තියනවා.මූ ඩිප්ලෝම එකටත් මාස 2ක් විතර ආවේ හොදට කන බොන කොල්ලෙක්.
මුන් මට කියලා තිබ්බෙ උදේ 9ට **** එකට වරෙන් කියලා. මාත් ඉතින් උදේම දත කට මැදලා ගියා කියපු වෙලාවටම විනාඩි 30ක් පරක්කුවෙලා.යද්දී මෙන්න හෝ ගාලා අපේ එවුන්ගෙන් දුමා විතරක් තනියම ඉන්නවා.
මම : කෝ බං අනිත් එවුන්??
දුමා : මේ ****** පුතාලා තාම නෑ බං. බයිසා ගෙදරලු බබිය,බබුනයි මගලු,
මොනා කරන්නද දැං ඉදපල්ලකෝ මුන් එනකම්, අපි දෙන්නට ඌරු ජුවල්,ඇයි අප්පා කීයට යන්නද? තරහටත් එක්ක ඉස්සරහ කඩේට රිංගලා ගැහුවා සිකරට් එකක්.. ඔන්න ඉතිං එහෙම පැය භාගයක් වේලෙද්දී එනව ටිනයි,ලකියයි.
ටිනා : කෝ යකෝ අනිත් එවුන් තාම නද්ද??
දුමා : නෑ බං අපිත් දැන් පැයක් විතර මෙතන
දැං ඉතින් අපි "හතර දෙනාම සුරුයෝ" කියලා ඉන්නවා බෝක්කු කනුවක් උඩ ඉදගන. 10.15 විතර රබ්බඩ අයියයි පුවක්බඩිල්ලයි වගේ ඔන්න එනව අපේ බබි බබු කපල් එකත්.. අපටත් දැන් එකම තැන ඉද ඇති වෙලා හිටියෙත්
ටිනා : අඩේ යමු ටවුන් එකටවත් එපා වෙනවනේ..
මම : ඔව් බං මොන මගුලක්ද??
දුමා : එල යමං
ඔන්න ඉතිං කට්ටිය ආපපු කදමලු බැදගන ගියා ටවුන් එකට,ටව්න් එකට වෙලා බොරු එක හමාරක් කියද්දි ඔන්න විලයි බයිසයිත් ආවා.දැන් ඉතින් කට්ටිය සෙට්නේ දැන්වත් එහෙනම් යමං කියලා කෝල් එකක් දුන්න මාතලයට
මම : අඩෝ මාතලයා අපි දැන් කුරුණෑගලින් එන්න හදන්නේ
මාතලය : අඩේ කනියා කෙලවෙලා තියෙයි මම මේ නුවර ඉන්නේ බං මම දබුල්ලට එද්දි 2 වත් වෙයි.
මම : *** කලින් කියන්න එපා ඈ යකෝ.
මාතලයා : කලින් කියන්න තියා මමවත් දන්නේ නෑ නුවරට එනකම්.
මම : හරි උඹ අපිට මෙහෙන් එන්න ඕන වෙලාවට කියපන්කෝ.
කාල තියෙන්නේ දැන් ඉදපන්කෝ 2වෙනකම් කියලා වෙලාව බැලුවා. අම්මට හුඩු 11යි, දැන් මොකද කරන්නේ. කියල කට්ටියම ඔලුව කහ කහ කල්පනා කරනව.ඒ අවස්ථාවේදී බබුන සුපිරි අදහසක් දැම්ම අපිට.
බබුනා : මොකෝ කියන්නේ ගහමුද බියර් එකක්වත්
ලකියා : අන්න වැඩේ, ඒත් කොහෙද ගහන්නේ??
දුමා : යමං වෙලගෙදරට එකට එතන එහා පැත්තේ පුලුවන්.
දැං ආපහු අපි බියර් ටිකත් අරගන ගියා වෙලගෙදරට, ගිහින් කොහොම හරි බියර් එක හෙමින් හෙමින් පැය එක හමාරක් විතර ගැහුවා. නයි කයිද රෝස් පාන් මෙන්න ඒ අස්සේ බබිය චූන් වෙලා
බබී : අනේ මට බෑ ***** දබුල්ලේ යන්න.
ටිනා : ඒ පාර මොකාද උඹට වැහුනේ?
බබී : වැහෙයි වැහෙයි බලපල්ලකෝ ගියාම ඉන්න මදුරුවො ගොඩ..
විලා : අනේ ****** නැතුව ඉදපන් දැන් මේ මෙච්චර ඉදලා ආපහු ගෙදර යන්නද කියන්නේ?
මුටත් බැනලා.බුල කෙල කෙල ඉද්දි ඔන්න 1.30ට විතර කෝල් එකක් එනවා මාතලයගෙන්,මචං උබලා ඔහෙන් නැගපල්ලා මාත් දැන් එනවා කියලා. අපිත් තව විනාඩියක් පරක්කු නොවී දුවලා ගිහින් නැංගා බස් එකට.බස් එකේනම් කට්ටිය පාඩුවේ නිදාගන තමයි ආවේ.බියර් වල පවර් එකට වෙන්න ඇති මයෙ හිතේ. 2.30ට 3ට විතර දබුල්ලෙන් බැහැල මාතලයට ගත්ත කෝල් එකක්.
බයිසා : මාතලය කොහෙද බං අපි දබුල්ලේ?
මාතලයා : හරි උඹල දබුල්ලෙ ෆුඩ්සිටි එක ගාවට සෙට් වෙයන් මම විනාඩි 5න් ඔතන
අම්මට හුඩු මුගෙ විනාඩි 5 තමා විනාඩි 5. මං හිතන්නේ මුගෙ ඔර්ලෝසුවෙ කටු කැරකෙන්නේ හෙමින් වෙන්න ඇති නැත්නම් පැය භාගෙට විනාඩි 5ක් කියයි ඈ.දැන් මාතලය අපිවත් ඇදගන ගියා ෆුඩ්සියටියට.ගිය ගමන් ගියේ ෆුඩ්සිටියේ බාර් එක ගාවට.පිස්සු සදයි ඕයි, මෙන්න ආසියාවේ ආශ්චර්ය, බාර් එකේ පෝලිම කිලෝමීටර් ගානක් දිගයි.පෝලිමේ තැපලා තැපලා ඕනේ කරන බඩු ටිකත් අරන් අපි ගියා මාතලයගෙ ගෙදර.මාතලයගේ දබුල්ලේ ගෙදර ඉන්නේ උන්ගේ තාත්තා විතරයි අනිත් ඈයෝ ඉන්නේ මාතලේ.. දැන් ඉතිං අපි සෙට් වෙන තැනක් කතා කරගන්නවා
මම : කොහෙද බං සෙට් වෙන්නේ
ටිනා : ඇයි බං මේ මහ විසාල ගෙදරක් තියෙන්නේ
මාතලය : පිස්සුද *** තාත්තා එනවා හවස
මම : එහෙනම්??
මාතලය : එල මෙතනින් පොඩ්ඩක් එහාට වෙන්න තියනවා වැවක් ඒකට යමං
අපිත් ඉතිං තව ටිකක් සතුටු සාමිච්චියේ යෙදිලා 7ට විතර ගියා ඒ ලග තියනව කියපු වැවට, ලග කීවාට ඒ හැටි දුරක් නෑ කිලෝමීටර් 2ක් ද කොහෙදෝ පයින් යන්න උනේ.වැව ගාව කට්ටිය ගිනිමැලයක් එහෙම කාරිය ගහලා වැඩේ පටන් ගත්තා.තිබ්බෙත් කාගෙත් ආසම පානය black opal, කට්ටිය ලග නවනවා,සින්දු කියනවා,නටනවා එක කෙලියයි. ඒ අස්සේ පැය දෙකකින් විතර බලද්දී බෝතල් තුන හමාරට උන දෙයක් නෑ.
මාතලයා : අඩේ ඉවරද බං?
දුමා : ඉවරයි?
ටිනා : මේ හරියෙ ගන්න තැනක් නැද්ද බං මාතලෙයෝ?
මාතලයා : සල්ලි එකතුකරපල්ලා රෙස්ටුරට් එකක් තියනවා ඒකෙන් ගේමු.
ඔන්න ඉතින් තිබ්බ අන්තිම සතේ වෙනකම් කට්ටිය දාල ගෙනාව තව ගල් බෝතල් එක හමාරක්.ගල් බෝතලෙන් ශොට් එක ගානේ යද්දී කට්ටිය පදම් වෙලා සින්දු කියලා නට නට ඉන්නකොට මාතලය වැවට පනින්න යනව දුමා දැකල මාවත් ඇදන් එතනට දිව්වා.
දුමා : මොකද ***** වෙරි වැඩි වෙලාද තෝ මේකට පනින්න යන්නේ?
මාතලයා : අඩේ මගෙ ෆෝන් එක වැටුනා බං මේකට.
මම : ඉදපිය අපි බලන්නම් උඹනම් බහින්න එපා
මාතලයා : අඩේ එහෙම කරන්න එපා බං මාත් බහින්නම්.
දුමා : මොකා? ඉදපිය ***** අපි හොයලා දෙන්නම්
කියලා අපි දෙන්නා වෙරි මර ගාතේ වැවට බැහැලා හෝ ගාල ෆෝන් එක හොයනවා. ටික වෙලාවකින් දුමා කියපි අඩේ මිස් කෝල් එකක් ගහලා බලපන්කෝ කියලා මාත් මගේ ෆෝන් එක අරන් ගැහුවා මිස් කෝල් එකක් අම්මට හුඩු මෙන්න ෆෝන් එකේ රින්ග්ස් යනවා ඇහෙනවා.. මේකට වෙරි වැඩි වෙලා ෆෝන් එක සාක්ක්කුවේ දාගන වැවට වැටුනලු,කාට කියන්නද මාතලයගේ සියලු නෑදෑ හිතවතුන් මතක් කරගන දුමයි මායි ගොඩට ආවා. ඇවිත් මලටත් එක්ක ටිනාට කීවා දාපන් තව ශොට් එකක් කියලා. අම්මට හුඩු ඒක බිව්වා විතරයි කොල්ලට ජබර කලන්තේ.මොනවත් නෑ ලෝකේ කැරකෙනවා හැටට හැටේ.. එහෙම්මම කොල්ලා දොයි..
මමතුමා විසින් එකළ ගසන ලද මඩපාරකි
ප.ලි : ඊට පස්සේ පහුවදා තමා සීන් එක දන්නේ.ටිනා වෙරි මර ගාතේ කෝක් වෙනුවට දාලා තියෙන්නේ ගල්මයි. සුදුපාට ප්ලාස්ටික් කෝප්පේන් තුන් කාලක් විතර ගල් ශෝට් එකක්.
ප.ප.ලි : මාතලයට මහ රෑ නාන්න හිතිලා ඒකා අපි බහින්න දෙන්නේ නැතිවෙයි කියලා තමා මිනිහා ෆෝන් එක වැටුන කියලා තියෙන්නේ. අනික එදා වැටිලා තියෙන්නේ මං විතරක් නෙවේ මාතලය,නෙවිලා එහෙමත් වැටිලා ඒක හින්දා නොන්ඩියෙන් ටිකක් විතර බේරුනා.
Subscribe to:
Post Comments (Atom)



15 කමෙන්ට්ස්:
ඔහොම ෂැන්ඩි කලොත් හොදට හිටී !!!
මරු මාරු වැඩ නේ වෙලා තියෙන්නේ. හික්ස් :)
කනියෝ උබ අර පාලමක් පල්ලේ කබරයා දාගෙන වැටිලා හිටපු ෆොටෝ එකත් දාපං
හික් හික් අපේ එකෙකුත් ඇලකට පැන්නා ඔය වගේ සිගරට් එකක් හොයන්න අලුත්ම පැකට් එක සාක්කුවේ දාගෙන....ඔක්කොම සිගරට් ටික වතුරේ....
අපෝ බොන එකටනං මම කැමතිම නැහැ ඔව්
හොදම සීන් එක තමා විලාට කබරයා යන සද්දේ මාතලයගේ තාත්තාට අහෙයි කියලා බයිසා විලාගෙ කටට අත තියපු එක...පහුවදා උදේ වෙරි හිතුනාම බයිසා කියන්නවා "අඩෝ ඊයා බන් අගිලි අස්සෙන් නූඩ්ල්ස් කැලී අවා නිකන් ඉදිආප්ප මිරිකනවා වගේ"කියලා...
අප්පා මුන් එක්ක ඉද්දිම වෙන්නේ මරු වඩම තමා මධුරංග
පල පල ගලය යන්න...
-කනියා-
අයියෝ සල්ලි.... අපේ එකක් එක දවසක් පට්ට රෑ සීතලේ වැස්සක නැටුවා බං ඒ කතාවත් දාන්නම්කෝ.
හික් හික් එහෙනම් අක්කට වතුරත් බොන්න බැරි වෙයි.
අප්පේද තමා
-කනියා-
අනේ අම්මෝ..... එදා තොපිලා දුන්න වදයක්.ඔහොම 1ක් දන්නවානම් උබලාට කලින් මම වැටෙනවනේ.ඔහොමම දාපන් show එකේ සිද්දියත්.
********මෙවත් විපතක් මින්මතු මට නොවේවා********අනේ අම්මෝ.....
මීට අවුරුදු දෙකකට කලිං බතලගොඩ වැව අයිනෙ බීල පාන්දර දෙකට විතර නෑව . . . ඊට පස්සෙ වැවු ආතල් සෙට් උනේ නෑ . . ..
ඕනය අය්ය අපේ එවුන් බිලා වැවකට බහින්නේ නැ.අපේ එකෙක් ඉන්නවා පොර කියනවා බිලා වතුරට බැස්සම පිත පුපුරනවලු.
අපිත් ලංකාවට ගිහින් ඔය වගේ ගමනක් ගියා..අනුරාධපුරේ මිහින්තලේ පාරෙ ගිහින් වමට හැරිලා ගියෙ, ගම්මානෙක තිබුන වැවක්, ඒකෙ නම නම් දැන් මට මතක නෑ..ඒ ගමේ ගෙදරක ගහක් පිරෙන්න අඹ හැදිල තිබුන,අපේ කට්ටිය ඒ ගහටම ගෙවල අඹ ඔක්කෝම කඩා ගත්තා..ඒ ගෙදර උන්න කුකුල්ලු..එයාලටම කියල කුකුල්ලුත් මස් කරවල ගත්තා..පස්සෙ වැව අයිනෙ අඹ උයල,කුකුල්මස් උයල..බත් උයල..තව මොනාද මොනාද හදල ඔයාල වගේ හෙන පාටියක් දැම්ම පහුවදා එලිවෙන කම්......
ඒ ගෙදර උන්න ඉස්කෝලෙ යන පොඩි ලමයි දෙන්නෙක්,ඒ පොඩි උන් දෙන්න අපිට ගොඩාක් උදව් කලා..ඉතින් අපි ඒ ලමයින්ගෙ අම්මලගෙනුත් අහල එයාලට ඒ අවුරුද්දටම ඉස්කෝලෙට ඕන කරන පොත්පත් ඇඳුම් වගේ දේවල් ගන්න සල්ලි දීල ආව...මට ගොඩාක් සතුටුයි ඒ ගමන ගැන...... :)
පිත පුපුරනව කියන සීන් එක වෙන්නෙ දියේ ගිලිල මලාට පස්සෙ
Post a Comment