ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්‍රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්‍රශ්නයක් අහන්නම් පුලුවන්නම් ...
මූනු පොතේ අපි
Saturday, January 14, 2012
ඩිජිටල් කැමරාව
මේ කියන්න යන්නෙ අපෙ බබුනා අපිට දුන්න ආතල් එකක් ගැන පොඩි කතාවක්….මිනිහා එල බුවා පොඩ්ඩක් ටියුබ් ලයිට් ගතිය තමා අවුල…අවුල කීවට එකේ ඉතින් අවුලක්ම නෑ මොකද අපේ උන්ට මොකෙක්ගේ හරි ආතල් බලලා හිනා වෙන්න තියනවා නම් ආය මොනවද බඩුම තමා….මිනිහා ගැන කියනවානම් ඉතින් කියන්න දේවල් ගොඩයි..
මූට බඩගිනි උනාම මාර දරුනුයි..බොන්න නැති උනාම ඉතා දරුනුයි…ලේඩි බබුන් අපිට කියලා තියෙන්නෙ කොහෙ හරි යනකොට “අනේ මෙයාව බඩගින්නේ නම් තියන්න එපා හොදේ කියලා”(ලේඩි බබුන් කියන්නෙ මේ තැනැත්තාගේ ගැහැනු ලමයට)ඒක හින්දා අපිත් කොහෙ ගියත් මූට කන්න තැනක් හොයලා දෙනවා,නැත්නම් ලේඩි බබුන්ගෙන් කණක් ඇහිල ඉන්නව බොරු.
හරි හරි වැඩි කතා ඕනේ නෑ..කතාව පටන් ගමුකො…ඔන්න අපේ බබුනා ගාව තිබුනා එල ඩිජිටල් කැම් එකක්…
ඕක පොර ගාව තියනවා කියල දැන ගත්තේ අපි ගියා පොඩි ට්‍රිපක්.ඒකට බුවා කැම් එක ගැනල්ලා හතර අතේ පොටෝ ගැහැව්වා…හරි එකත් නෙමෙයිනේ කතාව...
ඔන්න දවසක් අපේ බසිසාට පොඩි වැඩකට කැම් එකක් ඕනේ වෙලා රට පෙරලන් මූ කැම් එකක් හොයනවා..
ඔන්න ඔය වෙලාවෙ මතක් වුනා අපේ බබුනා ගාව..කැම් එකක් තියනවනෙ කියලා… මිනිහා එදා ක්ලාස් ඇවිත් හිටියෙ නෑ..කලින් දවසේ රාත්‍රියේ පොඩි සාදයක් සරු වෙලා..මේ මනුස්සයට සාමාන්‍යයෙන් ගොඩක් රාත්‍රි සාද තියනවා..ගත්තා ඇමතුමක් බබුනාට….
බයිස:අඩෝ මචන් උබ ගාව කැම් එකක් තියනවා නේ…මට හෙට පොඩ් වැඩකට ඕනේ…උබ ගාව තියනවා නේ..
බබුනා:අහ් ඔව් ඔව් තියනවා වරෙන් අපෙ ගෙදර මම දෙන්නම්…
එහෙනම් දැන් වැඩෙ හරිනේ කියලා බයිසා අපි ටිකවත් ඇදගෙන යන්න ලැහැස්තිය බබුනාගෙ ගෙදර..සෙට් එකේ ගොඩාක් උන් බබුනාගේ ගෙදර ගිහිල්ලා නැති හින්දයි..එක එක උන්ගේ ගෙවල් වල ගිහින් චොර කරලා එන එක අපේ උන්ගේ විනෝදාන්ශය හින්දයි.. යමුකො එහෙනම් කියලා කට්ටිය මෑන්ස්ගේ ගෙදර යන්න වැල්ලව බස් එකකින් ගිහින් ගේ ගාවින් බැස්සා…අනෙ ඉතින් මේ කිවා තරම් ඉක්මනටනම් යන්න බෑ කමක් නෑ අපි පෝස්ට් එක දිග වෙන හින්දා එහෙම කියමුකෝ.බුවාගේ ගේ ඉස්සරහින් තමයි යන්නෙ රේල් පාර.
දැන් ඉතින් කට්ටිය මුගෙ ගෙදර ගිහිල්ලා වල්පල් ටිකක් කතා කර කර යන්න එකෙකුටවත් ගානක් නෑ..කොහොම හරි දැන් ඉතින් යන්න වෙලාවත් ඇවිත් බයිසා කිවා බබුනට මචන් ඉක්මනට දීපන්කො කැම් එක අපි යන්න ඕනෙ රෑ වෙනවා කියලා…
හා හරි හරි කියල මෙන්න බොලේ මෙකා කොම්පියුටෙර් එකට සෙට් කරලා තිබුන වෙබ් කැම් එක ගලවලා අරගෙන දුන්නෙ නැද්ද බයිසා අතට…
බයිසා:මේ මොකක්ද යකො මේ?
බබුනා:ඇයි උඹ ඉල්ලුවෙ කැම් එකක්
බයිසා:අනේ *****මම ඉල්ලුවේ ඩිජිටල් කැම් එක අර උඹ ට්‍රිප යන්න ගෙනාවෙ..
බබුනා :ආආආ... ඒකද...?ඒක නෑ ඕයී…ඒක මගෙ නෙමෙයි මගෙ කසින් කෙනෙක්ගෙනේ..
බයිසා:මොන***** එහෙනම් උබේ කිවෙ එදා…
බබුනා:ඒක ඉතින් උගේ කිවාට මගෙ වගෙ තමා..එත් බන් උබට අද නම් ඒක ගන්න වෙන්නෙ නෑ
බයිසා:අනේ *****මෙච්චර දුර අවෙ මේ***** ගෙනියන්නද?
ඒ වෙලාවෙ ඉදන් බයිසාගෙ කටින් පිට වුනේ තරු කොටූ සමග ඉරි ලකුනු විතරයිමයි…අනිත් උනට ෆුල් ආතල් මේ සීන් එක..
පහුවදා බබුනා ක්ලාස් එකේ නියමට බයිට්...බොරුනම් ඔය අපේ බබුනාව දන්න කට්ටිය දැක්ක වෙලාවක අහන්නකෝ මචං ඩිජිටල් කැම් එකක් නැද්ද කියලා…
අහ් තව එකක් කියන්න අමතක උනානේ…එදා බබුනාගෙ ගෙදරින් ඇවිල්ලා ආපහු යනකොට කෝච්චියේ යන්න ලැහැස්ති කට්ටිය..එහෙනම් යමු කියලා ස්ටේශමට යන්න හදද්දී…බබුනා කියන්නවා “යකෝ තොපිලට පිස්සුද? ස්ටේශමට යන්න ඕනෙ නැ අපේ ගේ ගාවින් කොච්ච්ය නවත්තා ගන්න පුලුවන් ….
ඊළගට එන කෝච්චියට අත දාල මෙතනින් නගින්න පුළුවන් ඔහොම හිටපන්කෝ කියල කිව්වා "
අපේ එවුන් කවදාවත් අහල තිබ්බේ නෑ කොච්චි අත දැම්මම නවත්වනවා කියල.ඉතින් අපේ එවුන් තව ටිකක් බබුනවා බයිට් කරා
බබුන කියනව"ඔන්න ඕකනේ බන් අපේ අම්මත් හැමදාම වගේ වැඩට යන්නේ මෙතනින් කෝච්චියට අත දාල තාම කියල" අපේ එවුන්ට දැන් මුව sure නැ නේ cam එක වගේමද දන්නේ නැ මුගේ කෝච්චියත් කියල පුරුදු විදියට bus එකේම කුරුණෑගලට ආව.
ප.ලි:පසුව දැන ගන්න ලැබුන train bus ද මොකක්ද ඒ වගේ නමක් තියන කෝච්චිය අත දැම්මම නවත් වනවා කියල.
ඊළගට එන කෝච්චියට අත දාල මෙතනින් නගින්න පුළුවන් ඔහොම හිටපන්කෝ කියල කිව්වා "
අපේ එවුන් කවදාවත් අහල තිබ්බේ නෑ කොච්චි අත දැම්මම නවත්වනවා කියල.ඉතින් අපේ එවුන් තව ටිකක් බබුනවා බයිට් කරා
බබුන කියනව"ඔන්න ඕකනේ බන් අපේ අම්මත් හැමදාම වගේ වැඩට යන්නේ මෙතනින් කෝච්චියට අත දාල තාම කියල" අපේ එවුන්ට දැන් මුව sure නැ නේ cam එක වගේමද දන්නේ නැ මුගේ කෝච්චියත් කියල පුරුදු විදියට bus එකේම කුරුණෑගලට ආව.
ප.ලි:පසුව දැන ගන්න ලැබුන train bus ද මොකක්ද ඒ වගේ නමක් තියන කෝච්චිය අත දැම්මම නවත් වනවා කියල.
Labels:
බබුන
Subscribe to:
Post Comments (Atom)


19 කමෙන්ට්ස්:
හරි සෝක් කතාව..
මාරු කතාව හිහි
අම්මේ තොපිලා ගිනි ගෙඩි දෙන්නම්....
යකෝ තමා Baiza ඇහුවේ වෙබ් කැම් 1ක් නැද්ද කියලා.බොරු නම් call 1ක් අරන් පෙන්නන්නද?
අහ් මතන් උබ උබේ කාඩ් එක වෙනස් කර ගත්තද ඔපල් කියලා?ඒ උනාට අපි උබට කියන්නේ බබුන් කියලා විතරයි මතන්..
අන්න හොඳ වැඩක් . . . මම ඉතා ඉහලිං අනුමත කරනව කොල්ලෙක්ගෙ ගෙදරට ගිහිං නම රන්දල, අහල පහල හැමෝටම අමතක නොවෙන මතක සටහන් දීල එන එක
me meka aththama kathawakda halo......:D
තව සෝක් කතා ගොඩක් තියනව බං :)
අප්පා මුන් කොහෙ හරි ගියොත් නම රංදන එකනම් අනිවා ඕනේ අයියා
ටැංකියු ටැංකියු පාට පාට අක්කා
මෙන්නෝ තවත් බොරු කියනවා මේකා..
සත්‍ය කතාවක් ඇසුරෙනි
හික් හික් මරු සීන් එක...
අපේ වට පිටාවෙම ඉන්නේ ටියුබ් ලයිට්ද මන්දා කියලා අපට වෙලාවකට හිතෙනවා බං
ඕපල් අප්පුහාමී කියලා දාන්න තිබ්බේ බං හික්ස්
-කනියා-
ethakota babuntath mada gehuva ehenan..... bt meka nan maru kathava.. onna badaginne ehema thiyan ne babunva :)
pissu hedenawa hikz
Maara athal set ekak ban...elazzzz
අනේ පලයන් ... කූබි පොඩිත්තා
සේම් ටු යු මචන්...
Post a Comment