ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්රොජෙක්ට්ම කරන්න කියලා...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්රශ්නයක් අහන්නම් පුලුවන්නම් ...
මූනු පොතේ අපි
Tuesday, January 10, 2012
සෝබනී අක්කා
කට්ටිය බලනවා ඇති කෝ මුන්ගේ කතා ඉවර වෙලාද කියලා නේද?? පිස්සුද අප්පා ඒවා එසේ මෙසේ ඉවර වෙන ඒවා නෙවේ...ඔන්න අදත් දානවා ඒ වගේ කතාවක්.කතාවක් කීවට කෙනෙක් ගැන කතා ටිකක්.. මේකේ අදාල තැනැත්තියට තමයි ඔය සෝබනී අක්කා කියල කියන්නේ… මෙයා අපේ අර අකුරු හතරේ උසස් අදයාපන ආයතනයේ ලයිබ්රි එකේ තමා වැඩ කරේ(ස්ටාෆ් එකට ගහන පලමු මඩ පාර අකුලන් ගෙදර යන්න වෙයිද දන්නේ නෑ).මෙයත් අර සමහර කොළඹ ඈයෝ වගේ සෝබනේට පොස් වෙන්න යන කෙනෙක්. මේ කතා වලින් කියවෙන්නේ ඒ සෝබනී අක්ක ගේ මල සමයං ටිකක්,ආ තවත් දෙයක් මෙයා ඕනකෙනෙක් දැක්කොත් කතා කරන්නේ. “දරුවෝ” කියලා.(ගෙදරත් මෙහෙමද දන්නේ නෑ).
කතාව 01
මේ කතාව උනේ සෝබනී අක්කා ආපු දවස් වල, ඒ කාලේ මෙයා Office එකේ තාමා හිටියේ පස්සේ තමා ලයිබ්රි එකට දැම්මේ. ඒ දවස් වල මම සෙකන්ඩ් පේමන්ට් එක කරන්න ඔන්න යනව Office එකට. යද්දි අපේ සෝබනී අක්කා ඉන්නවා.මාත් ඉතින් පොඩි කයියක් දැම්මා.(අලුත් කෙනෙක්නේ මොනවා උනත්)
මම : ගුඩ් මෝර්නින් අක්කා
සෝබනී අක්කා : ගුඩ් මෝර්නින් දරුවෝ
මම: සෙකන්ඩ් පේමන්ට් කරන්න කියලා
සෝබනී අක්කා : ඉදගන්නකෝ ඔන්න ඔය සීට් එකෙන්.
ඔන්න ඔහොම අපේ කතාව යද්දී කැන්ටින් එකේ ඇන්ටි මෙයාට ප්ලන් ටී එකක් ගේනත් තියනවා මේසේ උඩින්
සෝබනී අක්කා : හයියෝ ආන්චී (මටනම් ආන්ටි කියන එක ඇහෙන්නේම මෙහෙම්ම) බලන්නකෝ මම ප්ලේන්ටී බොන්නේ නෑනේ
ඇන්ටී : ආ හරි හරි මිස් ඉන්න මම ටී එකක් එවන්නම්..
ඊට විනාඩි 5කට විතර පස්සේ ඇන්ටි තව ටී එකක් ගෙනත් තියලා යන්න ගියා.සෝබනී අක්කත් ටී එකෙන් ටිකක් බීලා
සෝබනී අක්කා : දරුවෝ මේ ආන්චී ට නම් ඇත්තමයි කිසිම දෙයක් තේරෙන්නේ නෑ
මම : ඒ පාර මොකෝ අක්කේ?
සෝබනී අක්කා : මේකේ සීනි වැඩියි බලන්නකෝ මට පැරලයිස් හැදුනොත්වත්?
පැරලයිස් කෙසේ වෙතත් මට හිනා වෙලා ආතරයිටිස් හැදෙන්න කලින් මම එතනින් එලියට පැන ගත්තා.විනාඩි 5ක් ඇතුලත ඔය කතාව අපේ මුළු පංතියම දැනගත්තා.
කතාව 02
මේක වෙන්නේ අපේ බබියට, exam ලං වුන දවසක බබියයි අපේ සෙට් එකේ දෙන්නෙකුයි ඔන්න යනවලු ලයිබ්රි එකට පාඩම් කරන්න (අපි නොදන්න මුන්ගේ පාඩම් කිරිල්ල යන්නේ ඉතින් සෝබනි අක්කව බයිට් කරන්න තමයි). ගියාම සූ ගාල සෙනක එකයිලු ලයිබ්රි එකේ. කෝහොම හරි අනිත් එවුන් දෙන්නට ඉදගන්න තැනක් සෙට් වෙලා.බබියට ඉදගන්න තැනක් නැතුව වටේ කැරකෙනවා.
සෝබනී අක්ක : මොකද දරුවෝ මේ සකබබරේ වගේ කැරකෙන්නේ??
බබී : පුටුවක් නෑනේ අක්කේ..
සෝබනී අක්ක : ඒකනේ දරුවෝ සීට්ස් නෑනේ ඒක හින්දා පස්සේ වෙලාවක එන්නකෝ..
මුට සීට් තියෙන්නේ අක්කේ බස් වලයි හෝල් වලයිනේ කියල කියවෙන්නත් ගිහින්,මූ කෝකකටත් කියලා ආපහු ලබ්රිය රවුමක් ගහල බලද්දී මෙන්න යකඩෝ පුටුවක් මුල්ලක දිලිසි දිලිසි තියෙනවලු. මූ ඒකත් උස්සගන අරුන් දෙන්න ලගට එනගමන් අක්කට ගානක්වත් නැතුව කීවලු
සීට්ස් නැති උනාට අක්කේ මේ ඕන තරම් පුටු තියෙන්නේ කියලා...
කතාව 03
තවත් දවසක් මම ගියා ලයිබ්රි එකට පොතක් ගන්න කියලා. යද්දි මේ සෝබනී අක්කා A/C එක ඇතුලේ දාඩිය දාගන file වගයක් අවුස්සනවා පව් අප්පා,මාත් ඉතින් ITපොත් තියන තැන රාක්කේ ගාවට ගිහින් හෙමීට පොතක් එහෙම තෝරගන ආවා අක්කා ගාවට
මම : අක්කා වැඩ වගේ?
සෝබනී අක්ක : ඔව් දරුවෝ මේ මම ඔයලට කලින් බැච් එකේ රිසාල්ට් ෆයිල් එකක් හොයනව ඒක නෑනේ
මම : අපෝ ඇයි මොකද දාපු තැන මතක නෑද්ද?
සෝබනී අක්ක : නෑනේ I can’t remember නේ.
මම : හරි හරි එහෙනම් මට මෙන්න මේ SQL පොත දෙන්නකෝ
සෝබනී අක්ක : අනේ දරුවෝ two minutes please විනාඩියක් ඉන්නකෝ.
මට ෆුල් හොල්මන් ඇයි යකෝ මම දැන් ඉන්න ඕනේ විනාඩියක්ද දෙකක්ද?
ප.ලි : හෙට ඉදං මේ බ්ලොග් එක තිබ්බේ නැත්තම් කට්ටියම හිතාගන්න මේ බ්ලොග් එක අපේ ඩිරෙක්ටර් සර්ට අහුවෙලා අපට දැඩි දඩුවම් දීල කියලා..
ප.ප.ලි : මෙයාගේ තව කතාමාලවක් ඉදිරියට බලාපොරොත්තුවන්න (ප.ලි එකේ තියන දේ නොවුනොත්)
Subscribe to:
Post Comments (Atom)


17 කමෙන්ට්ස්:
maru ane.... thawa eyage rasa katha tikak danaganda thiuna eya kurunegala hitiya nam neda....
පලියේ තියෙන දේ නොවේවා කියලා පතනවා !
හික් හික් මට බඩ පැලෙන්න හිනා
ඔයා කුරුණෑගල තියන ප්රසිද්ධ ආයතනයේ ද? අකුරු හතරේ ආයතනයේ මමත් ඉදලා තියනවා කුරුණෑගල. කැමතිනම් කවුද කියන්න.
විස්තරේ දැනගත්තා. කැමතිනම් batch කියන්න.
hi hi api dannawa kauda me akka kiyalla... maxxa kathaa tikaa... keep it up
@poo
ඔයා ඔක්කොම කතා කියවල බලන්නකෝ එතකොට batch එක හිත ගන්න පුළුවන් :D
Ranu :අනේ තමා එහෙනම් එයාගේ වෙනම බ්ලොග් එකක් ලියන්න තිබ්බා
මධුරංග : දැනටනම් තාම උනේ නෑ මචං
වර්ණා : අම්මෝ තව එහෙම්මමයි මෙයාගේ කතා
ස්ථානයජා: ඇල පැත්තෙ මලගෙදරක නයිට ගහන එවුංට ප්ලේන්ටි අල්ලන වෙලාව
එක බුවෙක් ප්ලේන්ටි එපා කිවුව. බුවාට එහා පැත්තෙ පුටුවෙ වාඩිවෙලා හිටපු නප්පියට ගහපු තවත් බුවෙක් ප්ලේන්ටියක් අරගෙන ප්ලේන්ටි එපා කිවුව බුවාගෙං අහනව . . .
"ඇයි මචං ප්ලේන්ටි බොන්නැත්තෙ ???? උඹට "බ්ලඩ්"ද ???"
පට්ට ටෲ සීන් එකකි
සෝබනී අක්කා මාරයිනේ.
දෙවියනේ කොල්ලො ටිකට වෙච්ච දෙයක් නෑ...ඩිරෙක්ටෝරය වැඩේ දීල වගේද??.........දරුවෝ....දරුවෝ..........!!!!!!!!!!
hik hik........maru stories.....:D
නියමයි මචන්....
සොබනී අක්කා සින්හල බෑ වගේ හිටියට , අපේ අම්මලා තාත්තලා ඇවිත් කඩ්ඩෙන් කොටද්දී (මම නෙමේ හොදේ) හොදට සින්හල කතා කරනවනේ.
හි හි තාම නම් අහු උනේ නැ අක්කේ. තාම අපි යහතින් ඉන්නවා
batch එක මොකක්ද බන්?batch එක විතරක් කියපන් හොදේ?ඉලක්කම විතරක් දාපන්කෝ :D
Post a Comment