ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Monday, January 2, 2012

ගමට ඇති දුර (චැප්ටර් 1)



ඔන්න ඉතිං ඊයෙ 2012 ලැබුවට පස්සේ මඩ ගහන්නේ නෑමයි කියලා හිතගෙන හිටියේ ඒත් කොහෙද අප්පා මේ එක එකා එක එක මගුල් මතක් කරද්දි ඉවසං ඉන්නේ.ඔන්න ඔහේ ගුටි කන්න හරි කමක් නෑ කියලා අදත් ගහනව මඩක් ආයෙ ඉතිං අතින් පයින් යන එකක් ඈ... අනික අර කව්දෝ කියලත් තියනවනේ මඩ සෝදා ගත් කල කව්දෝ කාටදෝ ත් සුදුසුයි කියලා..

ඔන්න ඉතින් අපෙ ඈයොත් ආපු දවස්වල බලන්ට එපැයි පුදුම අහිංසකකමක් කට්ටියගේ,අනේ ඉතින් හාවො වගේ බලන්න ආසාවේ බෑ.ඔන්න මාසයක් විතර යනකොට තමයි කට්ටිය පොර ටෝක් දෙන්න පටන් ගත්තේ.. මේකත් ඒ වගේ පොර ටෝක් දිලා චාටර් වුන අපේ සෙට් එකගේ තවත් එක් මොංගල් කතා මාලාවක්.

හැමෝම වගේ අපේ එවුන් ටිකත් හරි ආසයි තමුන් ඉන්නේ ටවුන්වල බව කියාගන්න.ඔන්න ආපු දවස් වල කට්ටියගෙන් කොහෙද ඉන්නේ කියලා අහපුවහම කියන්නේ මෙහෙමයි 

බබියා           : මම ඉන්නේ නාරම්මල බං කුරුණෑගලට පැය භාගයයි.
යිසා           : මම ඉන්නේ නිට්ටබුවේ බං DS එක බස් එකයි මම කුරුණෑගල.
කනියා          : මම කෑගල්ලෙනෙ බං 24 අවර්ස් බස් තියනවා.
ගලයා           : මම ගලේවල බං ටවුන් එකේමයි.
දුමා              : අම්මටහුඩු මම කුරුණෑගලමනේ ඕයි.
බොලේ         : කුරුණෑගල ඕන ******ක් මට ලොකු නෑ බං අපිත් කුරුණෑගල තමා.
ටිනා             : කියල වැඩක් නෑ බං අපිනම් තුල්හිරිය MAS එක ගාවමයිනේ.
ලකී             : මාත් ඔය ටිනාලගෙ ගෙදරට එහා ගෙදරනේ.
බබූ              : මගේ කසින්ල ඔක්කම ඉන්නෙ කුරුණෑගල බං අපිත් කුරුණෑගල තමයි.
                    (මුගෙ ඉන්න තරමක් ඉන්නේ කසින්ලමයි)
විලා             : තබුත්තේගම ටවුන් එකෙන් ඕන එකෙක්ගෙන් ***** කියන්නේ කව්ද කියලා අහපන්.

එහෙනම් දැං කට්ටියගේ ඇත්ත තත්වෙ කියන්න පටන් ගන්නම්.මුලින්ම බබියගෙන්ම පටන් ගන්නම්කෝ..

ඔන්න දවසක් අපි ගියා වෙසක් එකට බබියගෙ ගෙදර. (ගිහින් කරපු දේවල් ගැනනම් වෙනම පෝස්ට් එකක් දාන්න ඕනෙ) යන්න සෙට් වුනේ කුරුණෑගලට ඒ වෙද්දි උදේ 9ට විතර ඇති. සෙට් වෙලා අපි සෙට් එක බස් එකට නැංගා.ඩ්‍රැවත් මොනවත් නෑ පාගනවා මුගේ අන්තිම බස් ගමන වගේ. ඔන්න උහුමීය පාස් වෙදිදිම වගේ බෝලෙ ඇහුවා

බෝලේ : දැන් ලගද බබී?
බබී       : පිස්සුද බං තාම නාරම්මලටවත් නෑනේ.

බෝලෙත් ඉතිං හා කියලා හිටියා. ඔන්න තවත් විනාඩි 45ක් විතර ගියා ඔන්න දැන්නම් බහින වෙලාව හරි වගේ ඇයි ඉතිං මූ කිවේ කුරුණෑගලට පැය භාගයයිකියලනේ මං  ඇහුවා තාම නැද්ද බං කියලා මේක කියපි ඉදපං යකෝ නාරම්මලට තව විනාඩි විස්සයි කියලා. මාත් ඉතිං හිතිං තෝව කොටියම කාපිය කියලා සද්ද වහගත්තා. ඔන්න ඉතින් කොහොම කොහොම හරි හරි පැය භාගෙකින් විතර නාරම්මල ටවුන් එක දැක ගන්න පුලුවන් වුනා ඒක දැක්ක අපේ එවුන් නැගිටින්න ගත්තා.ඒත් මෙන්න යකෝ බබිය ඉදගෙන..

ගලේ    : ඇයි යකෝ බහින්නෙ නැද්ද ??
බබී       : මගුලක් කතා කරන්නේ නැතුව ඉදගනින් තව පොඩ්ඩ දුරක් යන්න තියනවා

අපිත් නෝන්ඩි පිට ඉදගත්තා කාට කියන්නද ඉතිං.ඔන්න නැවතත් ගමනේ තවත් පැය කාලකට විතර පස්සේ බබීය නැගිට්ටා අපි හිතුවා හරි බහින පොට් එක තමා කියලා මොන පිස්සුද? මූ නැගිටලා තියෙන්නේ බබෙක් වඩා ගත්ත ඇන්ටි කෙනෙක්ට සීට් එක දෙන්න.කොහොමින් කොහොම හරි පැය දෙකකට කිට්ටු වෙන්න බස් ගමනේ ඇවිත් ඔන්න බැහැගත්තා අම්මෝ යාන්තමින් ඇති දැන්නම් ලග ඇතිනේ කියල හිතාගෙන. බැස්ස විතරයි..

බබී     : තව පොඩ්ඩක් පයින් යන්න තියනවා බං.
දුමා     : මොන *****ක් ද බං දැනටම පැය දෙකක් විතර කටු කෑවා තවත් පයින් යන්නත් ඕනද?
ගලේ   : හරි හරි කොච්චර දුරක් යන්න ඕනද?
බබී     : එච්චර නෑ වංගු 3යි බං (පස්සෙ දන්නේ මුන්ගෙ පැතිවල වංගු අඩුයි කියලා)

හරි කමක් නෑ කියලා ගියා පයින්,ආපු එකේ ආපහු යන්න ඈ. බබියට රට ජාතිය අමත අමත
ඔන්න කිලෝමිටරයක් විතර පහු වෙද්දි ඔන්න පලවෙනි වංගුව හම්බුනා.ඊලග වංගුව හම්බුනෙත්  මීටර 300ක් විතර ගියාට පස්සේ. මොනවා කරන්නද ඉතිං තව එකයිනේ කියලා මීටර 800ක් විතර ගියා අම්මියෝ මෙන්න අන්තිම වංගුව.අපට ෆුල් හැපි කොහෙද ඒත් මුන්ගෙ ගෙදර නෙවේ හම්බුනේ.ඒ වංගුවත් පහු කරලා තවත් මීටර් 200ක් විතර යද්දි තමයි බබියගෙ ගෙදර තිබ්බේ.කොහොම හරි අපි එහාට යද්දි දවල් 11.40ට විතර ඇති.ඔන්න මිනිහගෙ පැය භාගෙ ගමන.

අම්මෝ ලියාගන ලියාගන යද්දි පෝස්ට් එක දිග වැඩියි වගේ නේ?? හරි හරි එහෙනම් ඔන්න අදට මේ ඇති. අනික දැන් කියන්න එපා මේක පෝස්ට් 10කින්වත් ඉවර කරන්න බැරි වෙයි කියලා එහෙම, මොකද මෙතන ඉන්න සමහර එවුන්ගේ ගෙවල් වල තාමත් අපි ගිහින් නෑ එක හින්දා උපරිම පෝස්ට් තුනකින් විතර ඉවර කරන්න පුලුවන් වෙයි..

ප.ලි : බබියටනම් මඩ ගැහුවා කියලා ඒ හැටි බයක් වෙන්න දෙයක් නෑ.මොකද මුන්ගෙ පැත්තට ඉන්ටෙර්නෙට් තියා කරන්ට් දීල තියෙන්නෙත් මේ ඊයෙ පෙරෙදා

11 කමෙන්ට්ස්:

duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මලේ . . . ඔය කියන්නෙ දඹදෙනිය පැත්තෙ බුවෙක් ගැනද ????

බලාගෙන යද්දි මමත් කුරුනෑගල බුවෙක්නෙ . . . . මගෙ ගෙදරට කුරුනෑගල ඉඳල එක බස් එකයි (508 රඹුක්කන - කුරුනෑගල).

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අප්පේද කියන්නේ ඕනයා අයියා මම හිතුවෙ බස් එකේ යන යැවිල්ලට යාපනෙන් නතර වෙයි කියලා..

අහ් අපෙත් ඔය (508 රඹුක්කන - කුරුනෑගල). මාර්ගයෙත් එකෙක් ඉන්නවා :)

Abeetha Edirisinghe said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඕනේ මචන්, මේ සෙට් එකේ දෙන්නෙක්ගේ වැඩ මට ඉස්පිලි පාපිලි වල ඉඳලා කියන්න පුළුවන්....

වරෙව් ගැන්සියම සෙට් වෙලා ගාලු යන්න... මට දියන් කෝල් එකක්....

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ අභීත අයියා, එලකිරි තවත් එක් සොදුරු පොරක් අපේ බ්ලොගයේ...

අනිවා එනවනම් ඔයාලත් එක්කම සෙට් වෙන්නම්.

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අඩේ මටත් හිතෙන්නේ ඔය බුවා ඉන්නේ 5 කුරුනෑගල බස් පාරේ කියලා. අපේ කොල්ලෙකුත් ඉන්නවා. පොර නම් කියන්නේ ගිරි උල්ලේ කියලා. ගිරි උල්ලට එන්නත් පැයක් යනවා.

පුංචි said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔන්න මමත් ආවා ..අපේ සෙට් එකේ වැඩේ ලස්සනයි..සුභ පතනවා..සුභ අලුත් අවුරුද්දක් එක්කම

ishan said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

babbiyage paththa sahenna diunui wage ne ban...he hehe...:P:P

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@මධුරංග : මූ මං හිතන්නේ ඊටත් එහාද කොහෙදෝ බං

@පුංචි කුමාරිහාමි : එල එල ටැන්කියූ අක්ක :)

@ඉශාන් අප්පේ තාමා :)

aki said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

sira oooooiii. babiya battery charge karanneth ape gedara ewith neh. :p

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ අකි ඔන්න ඉතිං සාක්කි

සිස්ටම් චේන්ජ් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අම්මට සිරි මමත් මිගමුවෙනේ මිගමුව town එකෙමයි බොරු නම් ඇවිල්ල බලපං