ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Saturday, December 31, 2011

අවාසනාවට ඇත්ත කතාවක්



ඔන්න ඉතිං මුලින්ම සමාව බාජනය කල මැනවි ඊයෙ පෝස්ට් එකක් දාන්න බැරි උනාට.ඉතින් පෙරේදා දාපු රසීගේ වැඩ කෑල්ල හින්දා තව පොඩ්ඩෙන් අද රසීයගෙන් ගුටි කනවා නිකම් නෙවෙයි කොස්සෙන්, ආයෙ මොකටද ඉතිං හැමදාම  මඩ ගහලා ගුටි කන්නේ කියලා ඔන්න අද පොඩි වෙනසක් කලා...


මේක අපිට අපේ පංතියේ ටාසා ඊයකින් ආපු එකක් (නෑ නෑ දේවානම්පියතිස්ස රජතුමා විද්ද එකක් නෙවේ Email එකක්).අනේ ඉතින් මේක අපේ කතාවක් නම් නෙවෙයි කියවලා තියනවනම් ඔන්න අපිනම් දන්නේ නෑ.අපිව එහෙම අල්ල ගන්න එපා අපි අහිංසක බෝ පැල වගේ ළමයිනේ.




ඔයාගේ ඇදුමේ එල්ලිලා හිටිය මකුලුවෙක්ව දෑකලා විලාපතියද්දි ඌව බිම දාල චප්ප කල දවසෙ ඉදන්
මම පලවෙනි සිල් පදය කියන එක නැවැත්තුවා...

ඔයගෙ පොටෝ  එකක් ඉල්ලලා "අනේ ඒක කැතයි දෙන්න බෑ" කියද්දී ඒක ඔයගේ පර්ස් එකෙන් උස්සපු දවසෙ ඉදන්
මම දෙවැනි සිල් පදය කියන එක  නැවැත්තුවා ...


ඔයත් එක්ක කින්හන්තර් බලන්න ගිහින් කලුවරේ තනි වුන වෙලේ මල නොතලා රොන් ගත්ත දවසෙ ඉදන්
මම තුන්වැනි සිල් පදය කියන එක  නැවැත්තුවා ...


ඔයව හම්බවෙන්න අම්මටයි තාත්තටයි එක්දාස් එකක් බොරු කියලා ගෙදරින් පනින්න ගත්ත දවසෙ ඉදන් …
මම හතරවැනි සිල් පදය කියන එක  නැවැත්තුවා ...


ඔයා මාව එපා කියලා දාල ගිය වෙලේ මගේ තනි රකින්න බොතලේ එක්ක එකතු වුනු දවසෙ ඉදන්
මම පස්වැනි සිල් පදය කියන එක  නැවැත්තුවා ...


බලන් යද්දි ඔයා මාර දුවරු පරාද කරන චින්චි මානවිකාවියක්නේ අහිංසක මාව පස් පවට ඇදල දාලා

කාට කියන්නද ඉතිං මේවා...

ප.ලි : තේරුනාද දන්නේ නෑ??

10 කමෙන්ට්ස්:

Janitha said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මෙ වැඩෙ ටාසට එහෙම නෙවෙයි නේද වුනේ????

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

බලාගෙන ගියහම කොල්ලන්ට පන්සිල් අරගෙන බණක් භාවනාවක් කරගෙන දැහැමෙන් සෙමින් ඉන්න දෙන්නේ නැත්තේ කෙල්ලෝ නේ !!!
අම්මාපල්ල මේ කෙල්ලෝ නම් !!! :)
සෙට් එකටත් මාර දේවල් හිතෙන්නේ. මරු ඈ.

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ janiya ඒකනම් දන්නේ නෑ ඕං :)

@ මධුරංග අනේද කියන්නේ බං අර කොහෙදෝ ලියලත් තියනවනේ කෙල්ලෝ ජාතිය ජරා ජාතිය කියලා.. හික් හික්

ishan said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

sirama kollange awanasawata wena dewal mewa he he.....

වින්චැට් කිරිල්ලි. said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

උපන්ගෙයි කරුමෙ කියන්නෙ ඕකට..කෙල්ලො මොනා කරන්නද?...

කොල්ලන් වලලන් කෙල්ලන් ගොඩගන් කියල කටුස්සො කියනවලු....!!

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ ඉශාන් : අනේද කියන්නේ :)

@වින්චැට්කිරිල්ලි : කටුස්සා ඕක දවල් වෙලාවකද දන්නේ නෑ නේද කියලා තියෙන්නේ??

duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හොඳ වෙලාවට මම නං තාම ඔය සිල්පද පහම රකිනව . . . . ලොල්!

ප.ලි.
පොඩ්ඩක් බුකියෙං හරි ඊයකිං හරි මාව අමතපං

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ ඕනයා අහ් ඒ කෝමැයි අයියා ඒ අපටත් කියාලා දුන්නොතිං :)

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Mala nothala ron gaththe neththam King hanthar balanna gaththa ticket wala sallith aparaade,,,,(Mal athal Post eka balanna be..*** Kespa me *** msg ekak ewanawa,)

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඇයි බං මල් ආතල් එකට මොකද වෙලා තියෙන්නේ