ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Tuesday, May 15, 2012

අපේ සෙට් එක සමුගනී(ද)


මීට අවුරුදු දෙකකට කලින් කුරුණෑගල එක ඉන්ස්ටිටිටුට් එකක අලුතෙන් ඩිප්ලෝමා බැච් එකක් පටන් ගත්තා. එදා පටන්ගත්ත දවසේ අදුන්නනේ නැති මූනු ගොඩක් මැද්දේ අන්තිමට මම පංතියට යද්දී එදා හිතුනෙම නෑ උන් ටික ජීවිතේට මෙච්චර වැදගත් බොක්කවල් ටිකක් වෙයි කියලා..ඒත් අද වෙද්දී ඇත්තටම උන් ජීවිතේම කොටසක් වෙලා. හායි බායි පාරකින් පටන් ගත්ත ඒ බැදීම් අද වෙද්දී බොක්කටම වැදිලා..

එදා බැදුනු බැදීම අදටත් මේ කනියගේ හිතේ එහෙම්මමයි..ඒ අතරේ එක එකා අතරේ පොඩි පොඩි ප්‍රශ්න තිබුනත් බැච් එකට කාගෙන් හරි තර්ජනයක් ආවොත් ඒ ඔක්කම යටයි..හැම එකාම හිතුවේ බැච් එක ගැන ඒක කාටවත් නෑ කියන්න බෑ.. මොකද එහෙම නොවුනානම් සර්ලා උනත් අපේ බැච් එකට මෙච්චර ආදරේ කරන්නේ නෑ..ඒ අතරේ ජඩ වැඩ දඟ වැඩ උනත් කරලා සර්ලගෙන් බැනුමක් දෙකක් උනත් අහගත්තේ නැතුවද නෙවේ..

ඒ වගේම මේ අවුරුදු දෙක තුළ අපේ පංතියෙ උන් කොච්චර වෙනස් කරවන්න හැදුවත් වෙනස් කරන්න බැරි උන එව්වා ටිකකුත් නැතුවාම නෙවෙයි

01.බෝලෙගේ විලිලැජ්ජාව පෙන්නන ජොක් නැටුම
02.කනියගේ(මමතුමාගේ) කලිසම ඉනෙන් උඩට ඉස්සීම
03.දුමාගේ කොන්ඩේ කැපීම
04.රින්දිගේ කන්නාඩි ගැලවීම
05.ගිනි කිරිල්ලිගේ තරහව අඩුකිරීම
06.රසීගේ ටියුබ් ලයිට් ගතිය අඩු කිරීම

මෙන්න මේ වගේ ගොඩක් එව්වා වෙනස් කරගන්න බැරි උනා.. සමහර එව්වා වෙනස් වුනේ නිරායසයෙන්.. ජිවිතේට නොකරපු වැඩ පවා මේ අවුරුදු දෙකෙදී කලා..
එදා ඉදං අද වෙනකම් මෙවුනුත් එක්ක කරපු සමහර වැඩ මතක් වෙද්දී අදටත් තනියම හිනා යනවා.පලවෙනියටම වැඩක් කියලා කලේ වෙසක් කූඩුවක් හදපු එක..ඒ වගේම සමහර උන් ස්කෝලේ හිටපු බැජාලටත් වඩා බොක්කවල් උනේ කොහොමද කියලා අදටවත් මට හිතාගන්න බෑ.. 


පෝස්ට් එක ලියාගන යද්දී එකම එක සිංදුවක් මතක් උනා.. මම ඒකෙත් කෑල්ලක් මෙතන දාන්නම්


සුලගේ ලෙලෙනා මලසේ දඟපා
අප පාසල් ගිය කාලයේ
යාළුවෝ අද නැත වෙන අය එහි ඇත
කාළය මැවු වෙනසක අරුමේ


දැං ගොඩක් කට්ටිය බලනවා ඇති මොකද මේ අද අමුතු වෙනසක් කියලා..ඇත්තටම ඔව් අද තමා අපේ බැච් එකේ අන්තිම ලෙක්චර් එක තියෙන්නේ..සෑහෙන දුකයි අවුරුදු දෙකක් කෙල්ලෝ කොල්ලෝ බේදයක් නැතුව එකට කාගෙන එකට කුනුහරප කියාගෙන හිටපු අපේම උන් ටිකගෙන් වෙන් වෙනවා කියන්නේ ඇත්තටම හිතට දැනෙන්නේ මාර දුකක්.. අන්තිමට එහෙනම් අපේ ගලයා මූනු පොතේ රින්දි දාපු ස්ටේටස් එකකට දාපු කමෙන්ට් එකකින්ම නවත්තන්නම් 

දුක තම හලෝ අපි කියල මොනවා කරන්නද,අවුරුදු 2 ක් ගියා දැනුනෙවත් නෑ,තව දවස් 2 යි තියන්නේ, හොද සහෝදරයෝ සහෝදරියෝ වගේ යාලුවෝ ගොඩක් හම්බ වුනා,පිස්සු උපරිමේටම කෙලියා එය වගේම පාඩම් එහෙමත් කරා, කැරකෙන කුඩු හැදුවා ,ට්‍රිප් ගියා, Talent Show කරා, කට්ටිය රණ්ඩු උනා ආපහු යාලු වුනා, අන්තිමට බලලා හිනාවෙන්න ,අඩන්න ෆොටෝ ගොඩක් තියනවා අවුරුදු 2ටම කරපු වැඩ ,ගොඩක් ස්තුතියි **** කුරුණෑගල අපේ ජීවිත වලට වැදගත් සහ ලස්සන අවුරුදු 2 ක් දුන්නට

තවත් දෙයක් උබලා තව අවුරුදු 10කින් කොහේ හිටියත් උඹලට ඕනේ වෙලාවක මේ කනියට කතා කරපල්ලා ඒදා අද වගේම හෙටත් කනියා උබලා ගාවමයි… 


ප.ලි : ඒ අතරේ තවත් එක දුක හිතෙන දෙයක් තියෙනවා අපි අතරින් ඒ වි‍යෝ වුන ඔබා මාමේ ඔබට නිවන් සුව.. පුලුවන්නම් තව එකම එක පාරක් ඇවිත් යන්න එන්න ඔබා මාමේ..

29 කමෙන්ට්ස්:

Shane said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

:'(

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එහෙම තමයි කනියා, බොක්කෙන්ම ෆිට් වෙලා හිටපු සෙට් එකක් වෙන් වෙලා යද්දි මාර දුකයි. ඒ වුනාට කාලයක් යද්දි ඔය සෙට් එකෙන් එකා එකා හැලෙනවා. අත්දැකීමෙන් කියන්නේ.අවුරුදු දෙකක් යද්දි ඉතුරු වෙන්නේ 25%ක් විතර.සුබපැතුම් උඹේ අනාගත ජීවිතයට...

අග්නි ධාරා... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔයාලගෙ හිත්වල තියෙන බැඳීම කවදාවත් නැතිවෙන්නෙ නෑනේ.....

ඔයාල හැමදෙනාටම මං සුභ ප්‍රාර්ථනා කරන්ව.....:)

MR. KING said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අයියූ...
ඔව්වා ඔහොම තමා බං...

උඹලගේ අනාගතේ සුභ වේවා!!!

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හ්ම්.... හොදටම ෆිට් වුන කට්ටිය විතරක් ඉතිරි වේවි.අනිත් අය ටික ටික ඈතට යාවි....

අපි අවුරුදු හතරක්නෙ...

ක්සැන්ඩරයා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

දැන් අවුරුදු 7 කට උඩදී මටත් මෙහෙම දවසක් ආවා. අපේ බැච් එකේ කස්ටිය අන්තිමට සෙට් උන දවස. එදා විසිරුණු අපේ අයගෙන් අදටත් 50% දෙනා එකා එකා එක්ක කොහොමින්හරි කතාබහ කරලා ඉන්නවා. ඉතුරු උන් ඉන්නේ කොහෙද කියලවත් දන්නේ නෑ. එත් තවමත් ගොඩක් උන් ගාව ඒ පරණ ෆිට් එක තියනවා.

වර්ණා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සමු නොගනී :)

Rindi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපි දැන් එකම පව්ලේ සහෝදර සහෝදරියො වෙලා ඉවරයි කනියො......සුබම සුබ අනාගතයක් වේවා ඔයාලා හැමෝටම.....:'( රින්දි....

ටාසන් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

:'( ප්‍රියයන්ගෙන් වෙන්වෙන එක දුකයි කියල අහල තිබුන එත් මේ තරම් දුකයි කියල තේරෙන්නෙ දැනුයි කනියෝ.

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

:'(

sAm (සෑම්) said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

//සුලගේ වෙලෙනා මලසේ දඟපා//

සුලගේ ලෙලෙනා නේද බොල..

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔව් බං මුන් වගේ යාලුවෝ ටිකක් හම්බුනහම එහෙම දුක හිතුනේ නැත්නම් තමා පුදුමේ... මොනවා කරන්නද ඉතිං

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපිත් හිතන් ඉන්නේනම් එහෙම තමා.. ඒවා අනාගතයට භාරකරලා ඉන්න තමා තියෙන්නේ

බොහොම ස්තූතියි සුබපැතුමට අග්නියෝ..

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔව් බං අපට වෙනස් කරන්න පුලුවන් දේවල් නෙවේනේ...

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අහ් බොහොම ස්තූතියි සුබ පැතුමට රජෝ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කොහොමද අප්පේ අවුරුදු 4ක් එකට ඉදල කට්ටිය වෙන් උනේ?

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔව් බං කාලයට ඉඩ දීලා බලන් ඉන්න තමා අපට වෙන්නේ...

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එහෙම වෙනවනම්...

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සිරා රින්දියෝ උබලත් එහෙමයි..

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සිරා බං... හැමදාම ගිය අවුරුදු දෙකේ වගේ ඉන්න තියෙනම්

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අඩේ ඔව් නේන්නම් මම ලිරික්ස් ඉන්ටනෙට් එකෙනුත් බලලා ගැහුවේ.. ඇස්පට් එකටද කොහෙද අවුල් යන්න ඇත්තේ.. ඉදු හදන්න

dyno | ඩයිනෝ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔය කාලෙ හම්බවෙන යාළුවො තමයි ජීවිතේ පුරාවටම ඉන්නේ...

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සිරා බං එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද?

වර්ණා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එහෙම වෙයි :) සුභ පැතුම්

babun said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කනියෝ උබ කීවේ "සමහර උන් ස්කෝලේ හිටපු බැජාලටත් වඩා බොක්කවල් උනේ කොහොමද කියලා අදටවත් මට හිතාගන්න බෑ.."
මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා මචාන්....

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

තෑන්ක්ස් වර්ණා...

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සිරා බං.... කොහොම එහෙම උනාද කියලා හිතාගන්න බෑ..

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මොනවත් කියන්නේ නැ උබල දැන් මට comment එකක් status එකක් දන්නා දෙන්නත් නැ නේ, ඇත්තටම දුකයි උබලගෙන් වෙන් වෙන්න

----ගලේ ------

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ah thopi clombo enawa enawa neda ilaga aurudde digree karanna..ubalata colombo waladi nam ochchara raganna amaru wei macho...awillama balapallako mokaa wenne kiyala :D