ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Wednesday, February 22, 2012

ලිප් බොක්ක



එන්ටෝ එන්ටෝ බෝඩිං සීරීයස් අහන්න එන්ටෝ







ආ ආවද එහෙනම් ඈදී ගත්තනම් හත් අට පොලකින්.. ඔන්න ළමයිනේ අපේ පංතියේ ඉන්නවා සරිගම කන්නා කියලා පොරක්.. ඔව් ඔව් මිනිහා හෙන සංගීතකාරයා අනේ ඉතිං වැඩක් නෑ කතා කොරලා පහුගිය දොහේ අපේ උනුත් ඔය මොකක්දෝ කිරිස්මස් එකට කොලා කිරිස්මස් ඊවාද මොකක්දෝ එකක් ඔන්න ඕකෙදි ඔය කියන සංගීතකාරයා හින්දි සංගීතයක් දැම්මා කිව්වට විස්වාස කරන්න දරුවනේ බිත්තිවල ඉරි තැලුවා.. අන්තිමට ඩිරෙක්ටර් සර්ට අලුතෙන් බිත්තිවල තින්ත ගාන්ටත් වෙලා..

හරි හරි මිනිහා ගැන ඔය කියෙව්වා මදැයි ඉතින් බොලන්නේ දවසක් අපි බෝඩිං ගත වෙලා ඉන්න දවසක ඔය කියන සරිගමකන්නා මෑනුත් ආවා බෝඩිමට.ඔය කාලේ නොවැ අර බබි කියන කොලු ගැටයගේ බයිසකොලෙත් බොඩිමේ තිබුනේ.. මේකාටත් ඉන්න බැරුවට දවසක් වැඩ දාන්න ගොහින් වැටුනා වැටිල්ලක් දනිස් පොල් කට්ටෙන් ලේ බහින්න...එදා රෑ මිනිහට ගෙදර යා ගන්න බැරි හින්දා ඔන්න මිනිහත් එදා රාත්තිරිය බෝඩිමේ ගත කොරන්න හිතුවා. රාත්තිරිය වෙඩ්ඩී ඉතිං ඔය අතර කට්ටිය උයන්ට ලෑස්ති වෙලා.. මුල් කාලේ කොහෙද ගෑස් ලිප්. තිබ්බ ලිප් බොක්කේ තමා ඔක්කම කොලේ..ඔය අතරේ බබි කියන හාදයා ඔය ලිප් බොක්කේ කැකිරි මාළුවක් හදන විදිය දැකපු මේ සරිගම කාන්නට කවි සිතුවිලි වගෙයක් මතු වෙලා ඒවා කොලේක ලියලා දීපි අපට.

පොල්ලෙලි දමාලයි ගින්දර           දමන්නේ
පොල්කටු දෙකයි පෝරනුවේ       තිබෙන්නේ
එක මුට්ටියෙයි බෝඩිමටම           උයන්නේ
ඇයි හත් හිලව්වේ මම දුක්            විදින්නේ

ඩිප්ලෝමා එකේමිතුදම තුරුලු          කරන්
ආවා බෝඩිමට රෙදිකඩ තුරුලු        කරන්
පිම්බා හුලං ලිප් බොක්කට බටේ      ඔබන්
හිටියා අනික් උන් ටික ඒ දිහා           බලන්

පොඩි කවියක් උනත් බොලන්නේ සිරා ටෝක ආ නැද්ද හා??

ප.ලි : මේක අද මතක් උනේ.. මිනිහට අද ගෑල්ලමයව හම්බෙන්න ටිකක් කලින් පංතියෙන් යන්න ඕන වුනා. දැං උගන්නන සර්ට කියන්න දේකුත් නෑනේ.අනික ඒ වෙලාවට ඉන්ටවල් එකකුත් නෑ පනින්න. මිනිහා එක පාරම පංතිය මැද නැගිටල කෑ ගහපි සර් මට පුත්තලමේ යන්න ඕනේ කියලා.සර් අනිත් අතට අහපි ගෝවා වගා කරන්නද කියලා...


ගිය පාර මාව බන්දපු අපේ සෙට් එකේ වැඩ බලන්න මෙතනින් යන්න

14 කමෙන්ට්ස්:

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පොඩි කවි දෙකක් උනාට සිරාම කවි දෙකක් !

Randika Sedara said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික් හික්

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එළ කවි දෙක....

duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කවි දෙකනං සිරා . . ඒත් උඹල බෝඩිමේ රෑ ඉන්න ආපු එකා ලවා ගිනි පිඹෝගත්ත නේද ??? පවු බොල

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කවි දෙක නියමයි.. සර්ත් අහලා තියෙන්නෙ නියම ප්‍රශ්නයක්..:))

හිතහොඳ පිස්සා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මොකො බං ඌට සරිගම කන්න කියන්නෙ ඌ හොඳට පද ගලපල තියෙන්නෙ.

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සිරා මදුරංග අයියා

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පොඩි කවියක් උනත් සහෝදරයා සිරා ටෝක ආ නැද්ද හා??

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ආයෙත් අහලා

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික් හික් බෝඩිමේ හැමඑකාටම මොකක් හරි වැඩක් තියනව ඉන්නවනම් :D

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික්ස්ස්ස් සිරා සර් කෙනෙක් අක්කා අන්න සර්ලා

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පද ගැලපුවට මිනිහට තරම් සිංදු කියල වීදුරු බිදින්න,බිත්ති පුපුරවන්න පුලුවන් ඩයල් එකක් මේ හතර මායිමේ නෑ බං

Kanishka said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම බැලුවා කවුද මේ අලුත් කනියා කියලා :D අවුලක් නැ මම කණියා.. උබ කනියා :D

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඒකනේ බං උබ මුර්තජ කනි මම නිකම් කනි හික් හික්