ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්රොජෙක්ට්ම කරන්න කියලා...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්රශ්නයක් අහන්නම් පුලුවන්නම් ...
මූනු පොතේ අපි
Wednesday, February 22, 2012
ලිප් බොක්ක
එන්ටෝ එන්ටෝ බෝඩිං සීරීයස් අහන්න එන්ටෝ
ආ ආවද එහෙනම් ඈදී ගත්තනම් හත් අට පොලකින්.. ඔන්න ළමයිනේ අපේ පංතියේ ඉන්නවා සරිගම කන්නා කියලා පොරක්.. ඔව් ඔව් මිනිහා හෙන සංගීතකාරයා අනේ ඉතිං වැඩක් නෑ කතා කොරලා පහුගිය දොහේ අපේ උනුත් ඔය මොකක්දෝ කිරිස්මස් එකට කොලා කිරිස්මස් ඊවාද මොකක්දෝ එකක් ඔන්න ඕකෙදි ඔය කියන සංගීතකාරයා හින්දි සංගීතයක් දැම්මා කිව්වට විස්වාස කරන්න දරුවනේ බිත්තිවල ඉරි තැලුවා.. අන්තිමට ඩිරෙක්ටර් සර්ට අලුතෙන් බිත්තිවල තින්ත ගාන්ටත් වෙලා..
හරි හරි මිනිහා ගැන ඔය කියෙව්වා මදැයි ඉතින් බොලන්නේ දවසක් අපි බෝඩිං ගත වෙලා ඉන්න දවසක ඔය කියන සරිගමකන්නා මෑනුත් ආවා බෝඩිමට.ඔය කාලේ නොවැ අර බබි කියන කොලු ගැටයගේ බයිසකොලෙත් බොඩිමේ තිබුනේ.. මේකාටත් ඉන්න බැරුවට දවසක් වැඩ දාන්න ගොහින් වැටුනා වැටිල්ලක් දනිස් පොල් කට්ටෙන් ලේ බහින්න...එදා රෑ මිනිහට ගෙදර යා ගන්න බැරි හින්දා ඔන්න මිනිහත් එදා රාත්තිරිය බෝඩිමේ ගත කොරන්න හිතුවා. රාත්තිරිය වෙඩ්ඩී ඉතිං ඔය අතර කට්ටිය උයන්ට ලෑස්ති වෙලා.. මුල් කාලේ කොහෙද ගෑස් ලිප්. තිබ්බ ලිප් බොක්කේ තමා ඔක්කම කොලේ..ඔය අතරේ බබි කියන හාදයා ඔය ලිප් බොක්කේ කැකිරි මාළුවක් හදන විදිය දැකපු මේ සරිගම කාන්නට කවි සිතුවිලි වගෙයක් මතු වෙලා ඒවා කොලේක ලියලා දීපි අපට.
පොල්ලෙලි දමාලයි ගින්දර දමන්නේ
පොල්කටු දෙකයි පෝරනුවේ තිබෙන්නේ
එක මුට්ටියෙයි බෝඩිමටම උයන්නේ
ඇයි හත් හිලව්වේ මම දුක් විදින්නේ
ඩිප්ලෝමා එකේමිතුදම තුරුලු කරන්
ආවා බෝඩිමට රෙදිකඩ තුරුලු කරන්
පිම්බා හුලං ලිප් බොක්කට බටේ ඔබන්
හිටියා අනික් උන් ටික ඒ දිහා බලන්
පොඩි කවියක් උනත් බොලන්නේ සිරා ටෝක ආ නැද්ද හා??
ප.ලි : මේක අද මතක් උනේ.. මිනිහට අද ගෑල්ලමයව හම්බෙන්න ටිකක් කලින් පංතියෙන් යන්න ඕන වුනා. දැං උගන්නන සර්ට කියන්න දේකුත් නෑනේ.අනික ඒ වෙලාවට ඉන්ටවල් එකකුත් නෑ පනින්න. මිනිහා එක පාරම පංතිය මැද නැගිටල කෑ ගහපි සර් මට පුත්තලමේ යන්න ඕනේ කියලා.සර් අනිත් අතට අහපි ගෝවා වගා කරන්නද කියලා...
ගිය පාර මාව බන්දපු අපේ සෙට් එකේ වැඩ බලන්න මෙතනින් යන්න
ගිය පාර මාව බන්දපු අපේ සෙට් එකේ වැඩ බලන්න මෙතනින් යන්න
Labels:
බෝඩින් සීරියස්
Subscribe to:
Post Comments (Atom)


14 කමෙන්ට්ස්:
පොඩි කවි දෙකක් උනාට සිරාම කවි දෙකක් !
හික් හික්
එළ කවි දෙක....
කවි දෙකනං සිරා . . ඒත් උඹල බෝඩිමේ රෑ ඉන්න ආපු එකා ලවා ගිනි පිඹෝගත්ත නේද ??? පවු බොල
කවි දෙක නියමයි.. සර්ත් අහලා තියෙන්නෙ නියම ප්රශ්නයක්..:))
මොකො බං ඌට සරිගම කන්න කියන්නෙ ඌ හොඳට පද ගලපල තියෙන්නෙ.
සිරා මදුරංග අයියා
පොඩි කවියක් උනත් සහෝදරයා සිරා ටෝක ආ නැද්ද හා??
ආයෙත් අහලා
හික් හික් බෝඩිමේ හැමඑකාටම මොකක් හරි වැඩක් තියනව ඉන්නවනම් :D
හික්ස්ස්ස් සිරා සර් කෙනෙක් අක්කා අන්න සර්ලා
පද ගැලපුවට මිනිහට තරම් සිංදු කියල වීදුරු බිදින්න,බිත්ති පුපුරවන්න පුලුවන් ඩයල් එකක් මේ හතර මායිමේ නෑ බං
මම බැලුවා කවුද මේ අලුත් කනියා කියලා :D අවුලක් නැ මම කණියා.. උබ කනියා :D
ඒකනේ බං උබ මුර්තජ කනි මම නිකම් කනි හික් හික්
Post a Comment