ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Sunday, February 12, 2012

ජිවිතයක් බේරා ගන්න පුංචි උදව්වක් කරනවද?

මේ දවස්වල ඇත්තටම අපේ කාටවත්ම පෝස්ට් එකක් ලියන්න තියා කියවන්න තරම්වත් වෙලාවක් නෑ. මම අර කලින් කීවත් වගේ ප්‍රොජෙක්ට් වල හිරවෙලා ඉන්නේ ඔක්කමලා.ඒත් දැං ටික වෙලාවකට කලින් මම දේවාගේ බ්ලොග් එක පැත්තේ යද්දී දැක්කා. 



ජිවිතයක් බේරා ගන්න පුන්චි උදව්වක් කරනවද?


මේ පෝස්ට් එකෙන් තමා මටත් හිතුනේ මේ ගැන පොඩි හරි පෝස්ට් එකක් දැම්මොත් හොදයි කියලා. වෙලාවනම් සීමිතයි.කරන්න තියන වැඩ කෝටියයි.ඒත් ඒ කිසිම දෙයක් වැඩක් නෑ අපේ ගාව මනුස්සකම නැත්තම්.




රුදුරු පිලිකාවකට ගොදුරු වූ ඈ නමින් "මධුෂාණී" නමුදු ඇයගේ වාසනාවකට මෙන් ඇයව සුවකිරීමට ඇයගේ දොස්තරවරුන්ට හැකියාවක් තියනවා.. නමුත් ඇයගේ ජීවිතයට ලැබි ඇති වටිනාකම රු දෙලක්ෂ විසිදාහක් වැනි මුදලක්. 

කෙනෙක් රුපියාල් 100කින් මේ දේට දායක වෙනවා නම් ඇත්තටම 2200 දෙනෙක් එකතු උනොත් ජිවිතේ බේරගන්න පුලුවන් වෙනවා වගේම ඔයාලට පුලුවන් උනොත් රුපියල් 1000ක් මේ වෙනුවෙන් වැය කරන්න ඇත්තටම 220කගේ උපකාරයෙන් මේ සහෝදරිය අනාගතේ ජිවත් වේවි..

ඔබත් ඇයගේ ජීවිතය බේරගන්න හැකි පමණින් උදවු වෙන්න

නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී

ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..

·බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
o ගිණූම් අංකය : 1-0121-80-0775-6

· වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට)
o Receiver Name : P.K.L.THILINI MADUSHANI
o Expected payout location : Karapitiya , Galle
o Province : Southern

මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය(cooperative.nts@gmail.com) ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.

වැඩිදුර තොරතුරු

ඇයගේ ලිපිනය : කජුගහවත්ත , ගනේගොඩ , අක්මිමන
පියා : පි.කේ අනුර
මව : පි.වි පුශ්ප කාන්ති

කරුනාවෙන් නැවතත් ඉල්ලමි මේ පොස්ට් එක ඔබේ බ්ලොග් වලත් පල කර මේ සහෝදරියගේ ජිවිතය බේරා ගැනිමට ගන්නා මේ උත්සහයට දායක වන්න..

ඇගේ රෝගී තත්තය පිලිබද වාර්ථා හ වැඩිදුර තොරතුරු දේව්ගේ අඩවියෙන් හා පොඩිමෑන් ගේ පෝස්ට් එකෙන් බලාගන්න පුලුවන්...

18 කමෙන්ට්ස්:

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අනිවා උදවු කරනවාමයි !!!

ගැමියාගේ පත් ඉරුව said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කොහොමහරි උදව් කරනවාමයි

වින්චැට් කිරිල්ලි. said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මාත් උදව්වක් එවන්නම්...භය වෙන්න එපා ඒ මුදල ඉක්මනින් එකතු වේවි....!

පන්සල් හංදිය said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

නිකමට වගේ මම කිව්වට මේ පෝස්ට් එකේ කියලා තියන ඩොක්ට ලඟට යන්න. මේ ෆෝන් නම්බර් එකට කෝල් කරලා එපොයින්ට්මන්ට් එකක් ගන්න පුලුවන් 0112622822. එයාට සනීප කරන්න පුලුවන්නම් පුලුවන් කියනවා. බැරිනං බෑ කියනවා. රෝගියාම යන්න ඕන නැහැ. රිපෝට් ටිකත් අරං වෙන කෙනෙක් ගියත් ඇති. මම හිතන්නෙ ඔය තරම් වියදමක් යන එකක් නැහැ .....

කොහොම උනත් මම අනිවා මට කරන්න පුලුවන් තරමින් මම ඔය එකවුන්ට් එකට යම්කිසි මුදලක් දාන්නම් .....

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

macan me gana FB eke thiyena asarana sarana group eke danna

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ගොඩාක් පිං හැමොටම

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම දැනුවත් කරන්න ඕනේ අය දැනුවත් කලා... ගොඩක් ස්තූතියි සහොදරයා..

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම දැනුවත් කරන්න ඕනේ අය දැනුවත් කලා... ගොඩක් ස්තූතියි සහොදරයා..

මහේෂ් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔබටත් එකවව සැමටත් බොහොම පිං , මේත් ඔබ වැනිම වයසේ දරුවෙක් ,ඔබේ නැගෙණියක් , මිතුරියක් ..අනේ පුළුවන් විදියක උදව්වක් කරන්න , අපි කොහොම හරි මේ දරුවගේ ජීවිතේ ආයෙත් යෞව්වනයේ සොඳුරු සතුට පිරි ජීවිතයක් කරන්නට පුළුවන් .. මෙය ප්‍රතිකාරය මගින් හොඳින්ම සුව කරන්නට පුළුවන් තත්ත්වයක් .
හමෝටම බොහොම පිං

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඇත්තෙන්ම ඔව්.. භය වෙන්න එපා ඒ මුදල ඉක්මනින් එකතු වේවි....! ඒ සොයුරියට ඉක්මන් සුව...

තරිදු - ඇසූ පිරූ තැන් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මමත් පෝස්ට් එකක් දැම්මා. ඒ අක්කාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා... පොඩි උදව්වක් කරා...ට්‍රාන්ස්ෆර් වෙයි එකවුන්ට් එකට...

අංකල් මයා | Mr. Uncle said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සල්ලිය බාගේනම් මහා ගොඩක් නැහැ දරුවෝ. ඒත් පුළුවන් උපකාරයක් කරනවා.මේක බලන දරුවන්ටත් මං කියන්නේ, මාසෙකට රුපියල් තුන් හාර දහක් ඉන්ට්නෙට් බිල ගෙවන්න වියදම් කරන එකේ ජිවිතයක් බේර ගන්න රුපියල් දාහකින් වත් දායක වෙන්න.ජීවිතය කියන්නේ අවිනිශ්චිත දෙයක්.සමහරවිට අද මදුෂානි ඉන්න තැන හෙට ඔබ ඉන්න පුළුවන්...

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපි පුළුවන් විදියට උදව් කරමු මලයා..

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපි අපිට පහසු බැංකුවකින්...මේ උඩ තියෙන එකවුන්ට් එකට සල්ලි දැම්මොත් හරිද? මොකද මම බැංකු වැඩ නිල්..

වින්චැට් කිරිල්ලි. said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම මේක ඔයාලට කියන්නෙ නැහැ කියල හිතන් උන්නත්,දැන් දැන් මගෙ හිත කියනව මේක කියන්න ඕනෙ කියල........

මගේ තාත්ත මිය ගියෙත් ඔය පිලිකාවෙන්.....ගොඩාක් ලියන්නෙ නැහැ මට දුකයි......අපි ලංකාවෙ පිලිකා රෝගීන් වෙනුවෙන් නිතරම උදව් කලා..ඉදිරියටත් කරනවා.....මම මධුෂානි එක්ක මේ සති අන්තයෙ කතා කරන්නම්...ඊට පස්සෙ එයාට මුදල් යවන්නම්............

Shahen Dulash said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අනිවා...උදව් කරන්න ඔනි අපි හැමෝම...මේ වගේ වෙලාවක තමයි සහෝදරත්වය පෙන්නන්න ඔනි..මිනිස්සු විදිහට.......බොහොම ස්තුති සහෝ මේ පිලිබන්දව දැනුවත් කලාට...අපි හැමෝගෙම බ්ලොග් වල ඇය වෙනුවෙන් ඉඩක් වෙන් කරමු යැයි කාරුනිකව ඉල්ලා සිටිනවා...

දුකා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

දේව් ගේ එකේ කොමෙන්ටුවක් දැම්මා ඕන් . .