ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Tuesday, December 27, 2011

වෙසක් කුඩු



ඔන්න ඉතින් දෙයියනේ කියලා අද පෝස්ට් එක දාන්න යන්නේ උදේ ඉදං දාන්න හිටියත් මේ දවස් වල party පිරිලා එක හින්දා හැමෝම සමාවෙන්ට ඕනේ ඔන්න. තවත් එකම එක වැදගත් දෙයක් කියන්න තියනවා අපිට මේ දවස් වල බ්ලොග් ලෝකේ ලොකු පොරක් ලොකු තල්ලුවක් දෙනවා ඒ තමයි ඕනමැන්ටල්ගේ බ්ලොගය ලියන ඕනයා අයියා. හරි හරි හෑලි ඇති….

අපිට 3rd exam  එක ඉවර උනා විතරයි( diploma  එකේ ),ඔන්න  sir  class  එකට ඇවිත් කිව්වා වෙසක් එකට මොනවා හරි අපිටත් කරන්න කියල. Sir එහෙම කියල ගිය විතරයි ලකියා නැගිටලා කිව්වා කැරකෙන කුඩුවක් ගහමු කියල.කැරකෙන කුඩුවක් තියා අටපට්ටමක් වත් හදා ගන්න කාලයක් තිබ්බේ නෑ මොකද වෙසක් එකට තව සතියක් විතරයි තිබ්බේ.කොහෙද ලකියට කැරකෙන එකක් ම ගහන්න ඕනිලු.මොනවා කරන්නද ඔන්න ඔහේ කියල එක කරමු කියල ස්ථීර කරා.

අනිත් දවසේ මම (ගලේ) ගිහින් ලකියගෙන් ඇහුව මචන් දැන් මොකක්ද හදන්නේ කියලා.මෙන්න මේක එක පාරටම බැග් එක ඇදල  ගත්තේ නැද්ද A4  කොලයක්, මේක ඊයේ රෑ නිදිමරාගෙන කුඩුවේ Design එක ඇදලා. දැන් එහෙනම් වැඩේ කරන්න සල්ලි ඕන නේ.class  එක හැම එකගෙන්ම Rs  200 ගානේ එකතු කරා.දැන් සල්ලිත් හරි දැන් batch  එකේ ඔක්කොමල වැඩ ( අපේ සෙට් එකට අමතරව මැගී,ගිනි කිකිළි , ජිලා,ටාසන් ,ඉෂාන් අය්ය,lady  බබුන් එකී නොකී ආදී batch  එක ඔක්කො)





ලකී කුඩුවේ ඇද බලනවා
                       




බබී ඇනයක් කෙලින් කරන්න දෙන ගේම



මැගී ට බඩගිනි හැදිලා පාප්ප කනවා 


Design එක තිබ්බේ මහ කුඩුවයි පැටව් 6යි.දැන් කුඩුවේ වැඩේ නැගලම යනවා.batch එක ඔක්කොමල එකා වගේ වැඩ. කුඩුව හදන්න පටන් අරගන දවස් 5 කට පස්සේ යන්තම්   මහ කුඩුවයි පැටව්6 කුයි හදා ගන්න පුළුවන් උනා(තමා සව් කොළ අලවල නෑ). මේ යන විදියට ගියොත් කුඩුව පෙන්නන වන්නේ පොසොන් එකට තමා. එහෙම හිතල අපි කතා උනා නයිටක් ගහන්න( කොල්ලෝ විතරයි ).එත් ක කොස්සක් තිබ්බා අපිට කලින් batch  වල කට්ටියගෙ හොද හැසිරීම නිසා අපේ institute ඒක රෑ වැඩ තහනම්.එහෙම කියලත් බෑනේ.ඕන දෙයක් වෙන්න කියල ගත්ත Director sir  call  එකක් අරගෙන ඇහුවා "sir  අද රෑ අපිට මෙහෙ නතර වල මේ වැඩේ කරන්න පුලුවන්ද කියල" එදා sir  Colombo  head  office  එකට ගිහින් sir  කිව්වා මම එනකම් ඔහොම වැඩ ටික කරගන යන්න.මම ආපුවම කියන්නම් මොකද කරන්න ඕනි කියල.දැන් අපේ එවුන්ටත් මාර happy .අපි සෙට් එකම හිතුවේ නයිටක් ගහන්න පුළුවන් වෙයි  කියලා. දැන් sir එන නිසා කට්ටිය ඔක්කොමල බරටම වැඩ(6න් පස්සේ වැඩ කරන්න ඉතුරු උනේ අපේ සෙට් ඒක විතරයි). sir 8.30 විතර ආව දොඩම් මල්ලකුත් අරගන sir ට දුක හිතන්නේ ඇති අපි වැඩ කරනවා කිව්වම :දැන් sir අහනවා දැන් තව මොනවද මේකේ කරන්න තියන්නේ කියල දැන් ඒක එකා උත්තර දෙනවා

බයිසා: sir  සව් කොළ අලවන්න තියනව
බොලේ: sir  මහ කුඩුවේ උඩ සව් කොළ අලවන්න කුඩුව ඔක්කොම හදල ඉවර වෙන්ඕනි
ලකී :sir  කුඩු ටික වයරින් කරන්න ඕනි

ඔය වගේ අද නයිට ගහන්න අවසර ගන්න කට්ටිය මාර ගේමක් දෙන්නේ.

sir ඔය ඔක්කොම අහගන ඉදලා ලකීගෙන්  ඇහුව දැන් මේවා parallel   යන්නේ කියල
ලකී: නැ sir  වයර් දෙක යන්නේ කුඩුවට යටින් කියල(මුගේ හිතේ sir  වයර් කොහොමද දාන්නේ  කියල ඇහුව කියල )
sir  : නෑ නෑ වැඩේ යන්නේ parallel  ?

ලකී මේ පාරත් කිව්වේ නැද්ද "නෑ sir  වයර් යන්නේ කුඩුවට යටින්" කියල sir  ටත් වැඩේ තේරිලාද කොහේදෝ ආයේ ඇහුවේ නෑ parallel   ද වයර් දෙක යන්නේ කියල්ලා.අන්තිමට sir  කිව්වා දැන් ඔය වැඩ ටික නවත්වල හෙට ඇවිත් කරන්න කියල,අනේ අපේ අහිංසක බලාපොරොත්තු ඔක්කොම බිද වැටුන දැන් මොනවා කරන්නද ඔන්න ඔහේ යමු කියල 8.45 ට විතර එලියට ආව.


                  
මහා කුඩුවේ පැති පෙනුම    




නයිටක් ගහන්න බලාපොරොත්තුවන් බරටම වැඩ




මට නම් ගෙදර යන්න බෑ


දැන් ඔක්කොටමම මලේ මල. ඇයි අප්පා අතින් කාල හරක් බලනවා වගේ වැඩක්නේ අපිට උනේ. දැන් ඉතින් ගෙවල් වලට යන්න ඈ?? ඔය අතරෙ අපේ විලා නවතිලා ඉන්නේ බෝඩිමක විලා කීවා සෙට් එකම යමන් බෝඩිමට කියලා ඔන්න ඉතින් අපිත් අහිසක බලාපොරොත්තු පොදි බැදන් අතේ තිබ්බ සතේ සතේ දලා black opal බෝතල් දෙකකුත් අරන් ගියා බෝඩිමට. බෝඩිමේ ඉන්නේ විලයි දිගයි ( මූ අපිට වඩා අවුරුද්දක සින්නෙක්) විතරයි. ඔන්න ඔය බෝඩිම එහා පැත්තේ තියනවා කොත්තු කඩයක්. කොත්තු කඩේ අයියත් මදය‍‍ප සංගමේ එල සමාජිකයෙක් කියල විලා අපිට කිවා. අපිත් අයියගෙන් කොත්තුවකුත් අරන් අයියත් ඇදගන ආව බෝඩිමට. ඇවිත් ඔන්න කට්ටිය සෙට් වෙලා ඔය අතරෙ අපේ බබියා කොත්තු කඩේ බුවාව පොඩ්ඩක් උඩින් තියන්න ගත්තා.

බබී : අයියා කොත්තුවනම් කියලා වැඩක් නෑ මම කාපු එලම කොත්තුවක්
බුවා : එහෙම තමයි මල්ලි, හොර බොරු නැතුව Business එකක් උනත් කරන්න ඕනනේ මම ඕකට අජියා දාල එහෙම නෙවෙයි හදන්නේ

අපේ එවුන් ෆුල් හොල්මං කව්ද මේ අජියා කියලා, බැලින්නම් පස්සේ තේරුනේ මිනිහා මේ අජිනොමොටෝ  ගැන කියලා තියෙන්නේ.ඔය අතරේ ආපහු බබී බුවාව උඩින් තියනවා.

බබී : ඇත්තමයි අයියා මම මේ කුරුණෑගල අහලකවත් මේ වගේ කොත්තුවක් කාල නෑ,බොරු නම් මෙන්න මූ කුරුණෑගලමයි මුගෙන් අහන්න..

කියලා දුමාව පෙන්නපි.දුමාත් මද පවනේ හිටියේ

දුමා : ඔව් අයියේ ඇත්තටම ඔව් මේ කොහෙවත් කාල නෑ එහෙම කොත්තුවක්
බුවා : ඒකනේ මල්ලි කියන්නේ අද මං ගානේ මල්ලිලට රයිස් දෙනවා

අපටත් මොකද  නිකම් හම්බෙන අස්සයනේ. අපිත් බෝතල් දෙක හිස් කරලා රයිස් ටිකත් කාලා නිදා ගන්න ගියා.



පහු වැනිදා උදේට කන්නවත් අතේ සතයක් නෑ. උදේට කන්න නැතුව ඉන්න පුළුවනැයි, මොනවා කරන්නද බබියව යැව්වා sir  ට කියන කියල කුඩුව හදන්න සල්ලි මදි කියල කියන්න කියල.මු ගිහින් sir  ට කියල රු1000  කුත් අරගෙන ආව.ඔක්කොමල එකෙන් බඩ පිරන්න කෑව.කොහොමින් කොහොම හරි දෙයියන්න්ගේ පිහිටෙන් කුඩුව වෙසක් දවසට හදල ඉවර කරා. කුඩුව හදල ඉවර උනාම ඒක ලස්සන දැක්කම දවස් ගානක් කාපු කට්ට අමතක වෙනවා.



පේනවනේ size  එක



2nd floor  එකට කුඩුව පේන විදිය

ප.ලි: තාම මේ වෙනකම් අපේ batch  එකෙන් හැදුවා වගේ කුඩුවක් නම් කව්රුත් අපේ institute එකේ හදල නෑ. (කාටද ඉතිං ආඩම්බර)

17 කමෙන්ට්ස්:

Ranu said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

mgt 10.2 eke wesak kudu meeta wadiya lassanai.....

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

නෙලුම් මල් 7ක් හදන එක ඕනේම පුත්තම් බූරුවෙකුට වුවද කල හැක.... හික්ස්

Rindi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

meke maruma seen eka sirge dodam mallai lakiyage wayar seen ekai..........jeeewitheta amathaka wenne ne......thawa ekak tyenawa amathaka karanam beri eka danna beri wei maye hithe.......:D

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

appeee rindi ee dawas tike una okkama danna giyoth meeka liyanna wenawaa sahena digata :)

Rindi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

hikzzzzzzz......ow ow :D

ishan said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

aniwa meka sirama wahe wahak.........:P

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ishan

ඉෂාන් අය්ය කොහොමද කාපු කට්ට

duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates
This comment has been removed by the author.
duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පැරලල්ද යන්නෙ කියල අහපුවාම මට හිතුනෙ සර් අහල තියෙන්නෙ . . කොල අලවන වැඩෙයි, කූඩුවෙ ඉතුරු ටික හදන වැඩෙයි, වයරිං වැඩෙයි පැරලල්ද යන්නෙ කියල ඇහුව කියල . . .

ප.ලි.
මම එච්චර ලොකු බුවෙක් නෙමෙයි බං බ්ලොග් සීන් එකට . . . මමත් තාම දන්න එවුංගෙං අහල ඉගෙනගන්නව.

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ඕනයා අයියා සමාවෙන්ට ඕනේ පොඩි අත්වැරැද්දක් ඇත්තටම සර් එහෙම තමයි ඇහුවෙත් ඔන්න වැරදි හැදුවා

ප.ලි
ඒ වුනට ඔයා පොඩ්ඩක් හරි අපට වඩා සින්නෙක්නේ :) අපි තාම මොට්ටසෝර ලමයිනේ :)

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පට්ට වෙසක් කූඩුවක් නේ. කොහෙදෑ ඔය කියන ඉන්ස්ටිටුට් එක තියෙන්නේ ?

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@මධුරංග නම් ගම් සපුරා තහනම් බං, අපි මේ බයේ ඉන්නෙ මේ ටිකත් දැකලා අපේ ඩිරෙක්ටෙර් සර් කොයි වෙලේ අපට කෝල් කරයිද කියලා.

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

HikZzzzzzzzzzzzzzzzzzz.......
Elakiri kollo tikak..

Meenu said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

maru maru... adane mulinma cmmnt ekak danne.... ape set ekata jaya wewa........

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ඇනෝ ටැංකියු ටැංකියු

@මීනු ඔන්න ඔහෙ පුලු පුලුවන් වෙලාවට බලලා පුලු පුලුවන් වෙලාවට කමෙන්ට් එකක් දාන්නකෝ

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Bona 4to ekakuth daanna thibune.....hikz

ගිනි කුරුල්ලා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

institute එකේ කෙටි නම "s" අකුරෙන් නෙවෙද පටන් ගන්නේ?