ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Wednesday, December 28, 2011

ලයින් 5යි..erros..30යි..




අම්මෝ අදනම් පට්ටම සීතල දවසක් මාරම කම්මලියි ඒක හින්දා ටිකක් පොඩි පෝස්ට් එකක් දාන්න හිතුවා. ඒ අස්සෙ cristmas ඉවර වුනා විතරයි මෙන්න 2012ත් එනවා අයියෝ සල්ලි….හරි හරි ඔන්න එහෙනම් වැඩේ පටාන් ගමු

මේක අපේ ලකියට වුන වැඩක්ලකියා මතක ඇතිනේ අර වෙසක්කූඩු එකේ සර් රුත් එක්ක parallel වෙන්න ගියේ අන්න හරි අන්න තමා. ලකියා කියන්නේ සතියකට එක පාරක් මොකක් හරි ආතල් එකක්  දීලා අවුරුද්දක් අපිව හිනා ගස්සන පොරක්….අපිට මුලින්ම programming language එකකට කියලා කරේ  C language එකඔන්න එදා අපිට PC Lab 2 එකේ practical( ඔව් ඔව් ඉතින් අපේ එවුනුත් practical යනවා ඉදලා හිටල හරි)..අපේ සෙට් එක හැමදාම ගිය දවසට සෙට්වෙන්නෙ අන්තිම පොලිමට මොකද එකේ ඉද්දි හොරෙන් නෙට් පාරක් එහෙම වුනත් යන්න පුලුවනේ… ;)

ඉතිං ඔන්න මම හිටියේ අයිනෙම PC එකේ,…කට්ටිය turbo c දාගන ගජරමෙට keyboard එකට තඩි බානවා….ලකියත් මට එහා පැත්තේ ඉදගෙන වැඩලකියට එහා පැත්තෙ බයිසාටික වෙලවකින් බුවා බයිසාට  කියනවා

ලකියා : මචං turbo c වල අවුලක් පොඩ්ඩක් බලපන්කො මොකද කියල
බයිසා මොකක්ද බං  අවුල?
ලකියා:මෙ බලපන්කො ටයිප් කරන ඔක්කොම capital වලින් නේ
වදින්නෙ..
බයිසා ඉතිං යකෝ caps lock on කරපුවම කැපිටල් තමා තමා වදින්නෙ
ලකියා : අහ් ඔව් නේකව්ද බං දන්නේ.. ( වුනාට කරන්නේ IT )

මිනිහගෙ  ප්‍රශ්නෙත් විසදලා ආය කට්ටියම වැඩඅපේ එවුන් code 3ක් විතර ටයිප් කරද්දී ලකියත් බුදු කට්ට්ක් කාල code එකක් ගහගෙන

ලකියා: අම්මෙ බං  එකක් නම් හරි ඔන්න
මම: compile කරාද??
ලකියා:නෑ බං  කරන්න ඕනේ
මම : ගෙදර ගිහිල්ල කරන්නද ඉන්නේ උඹ කරපිය දැන්..
කොහොම හරි කොඩ් එක compile  කරලා ..මිනිහා කියනවා
ලකියා: මොන ****** බං බලපන්කො Errors ගොඩ..

පොඩ්ඩක් ඔලුව දාල බලපුවාම නිල් පාටට තිබුන screen එක කහ කහ පාටයි….කට්ටියම ඇවිත් බැලුවා මොකක්ද මේ තරම් errors කියලා..බලපුවහම errors 30යිපොඩ්ඩක් හොයල බලද්දි මේකා ලියල තියෙන්නෙ පලවෙනියටම කරන hello world  code එක….code එකේ ලයින් 5යි..erros..30යි..
 
ටියුබ් ලයිට් අයට - සාමානයෙන් hello world code එකේ උපරිමම error එනවනම් එන්නේ 8යි නැත්නම් 9යි. අතින් කොහොමද අපේ ලකිගේ ටැලෙන්ට් එක…..

.ලි : අපි අදටත් try කරනවා hello world code එකක error 30ක් ගන්න අපට හිතලවත් ගන්න බෑ..

13 කමෙන්ට්ස්:

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපොයි.. බලමු ට්‍රයි එකක් දීලා.. ගොඩක් වෙලාවට එක ලයින් එකක් නිසා එරර් 100ක් වගේ එන වෙලාවල් තියෙනවා... ඒත් මෙච්චර සරල පොරොග්‍රෑම් එකකනම් ටිකක් කෝඩ් එක බලන්ට වෙනවා

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ලහිරු : ඒකනම් මචං ලකියගෙන්ම තමා අහන්න වෙන්නේ මොකද මිනිහට විතරයි ඔය වගේ සරල පොරොග්‍රෑම් එකක උනත් ඔය හටි එරර් ගන්න පුලුවන් :)

වින්චැට් කිරිල්ලි. said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ලස්සනයි...විනෝදාත්මකයි....හෙමින් ලියන්න මල්ලී......
අනේ පාට නම් වෙනස් කරන්න...ඇස් රිදෙනව බලනකොට.....

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@වින්චැට්කිරිල්ලි.
තැන්ක්ස් අක්කේ,

duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හොඳ වෙලාවට ඔය සබ්ජෙක්ට් එක දන්නෙ නෑ . . .

ප.ලි.
කෝකටත් රංගයගෙංවත් අහගෙන මේකට හිනා වෙන්න ඕනෙ . . .:D

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ ඕනයා පොඩ්ඩක් හොයලා බලුවොත් අපේ ලකියගෙ වික්‍රමය ගැන තේරෙයි අයියට...
ප.ලි රංග අයියගෙන් අහලම බලන්ටකෝ....

Janitha said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ලකි කුඩු

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අඩේ මේ සෙට් එක අයි ටී ෆීල්ඩ් එකේ සෙට් එකක් නේ. අදුනා ගැනීම සතුටක්.
මට නම් හෙලෝ වර්ල්ඩ් එක ලියාගත්තට එතනින් එහාට කෝඩ් ලියනකොට එරර්ස් විතරමයි එන්නේ.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මධුරංග කිව්වත් වගේ හෙලෝ වර්ල්ඩ් විතරයි එරර් නැතුව එක පාරින්ම ගොඩ දාගන්න කෝඩ් එක :D

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ජනිත මතකද ඔය කතාව??

@මධුරංග අහ් උබත් IT ද?? දාපං මචං 5ක්....

@බුවා ඉතිං හිතලා බලපං අපේ ලකියගේ ඉතුරු කෝඩ් වල කොහොම තියෙන්න ඇද්ද කියලා එරර්.....

Tina said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates
This comment has been removed by the author.
Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Mekanam suppaaaaaaaaaaaaa ela machan blog eka

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ටැංකියු මචං පුලු පුලුවන් වෙලාවට ඔලුව දාල පලයං :)