ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Sunday, December 25, 2011

සෙට් වීම (චැප්ටර් 2)

මම කලින් පෝස්ට් එකෙ දැම්මනේ සෙට් වීම  (චැප්ටර් 1)  එක, හම්මේ.. ඒක දිග මදි කියලා මම අහපු බැනුම් කන්දරාව, දෙන්නම් ජම්බු කියලා ඉතුරු ඔක්කොම එක පෝස්ට් එකක දානව කියලා හිතගත්තා..  ඔන්න දැන් ඇති ඉතුරු ටික.දැන් ඉතින් කියවන එකයි ඇත්තේ දාන්න කිවනම්..

ඔන්න ඊට පස්සෙ විලයි මායි සම්පතුයි තව සුමුදු කියලා එකෙකුයි සාර්ථකව අපේ certificate එක ඉවරයක් කරා. කොහොම හරි certificate එකෙන් වැරදිලා වගෙ diploma එක කරන්න එන්නේ මායි විලයි විතරයි. පළවෙනි දවසේ  ( ඒ කියන්නේ හරියටම 2010 මාර්තු 01 ) interval එක වෙනකම් හිටියේ මායි විලයි වෙනම. ඔන්න interval එකේදී අපි දෙන්නත් එක්ක කතාවට සෙට් වෙනවා කොට කැත dial එකකුයි අලියෙකුට පොඩ්ඩක් කෙට්ටු dial එකකුයි මෙන්න මෙහෙම

කොට කැත dial එක : කෑවද උබල බං?
මම : ඔව් බං
කොට කැත dial එකඋබලා කොහෙද?
මම : මම කෑගල්ලේ
විලා : මම අනුරාධපුරේ බං
කොට කැත dial එක : උඹලනම් දුරයි නේ අපිනම් ලඟ මේ  එහා පැත්තේ නාරම්මල ( හොද එහා.. එක පාරක් මුන්ගෙ ගෙදර ගියා ඒක ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම් )

මෙච්චර වැදගත් කතාවක් ගියද අර අලියෙකුට පොඩ්ඩක් කෙට්ටු dial එක පොඩි කතාවක්වත් නොකරන ලදි.
පසුකාලීනව මේ ජොඩුව. කොට කැත dial එක - බබී ලෙසත් අලියෙකුට පොඩ්ඩක් කෙට්ටු dial එක- බෝලේ ලෙසත් card කරන ලදි,ඇත්තටම මුන් දෙන්නත් එක්ක ඉන්නව කියන්නේ සෙට් එක හිනා කාල මැරෙනවා.ඔන්න දැන් අපේ සෙට් එකේ හතරයි


පංති පටන්ගෙන දවස් 2කට විතර පස්සේ දවසක මම පංති ඉවර වෙලා ගෙදර යන වෙලාවක බස් එකේදි මට එහා පැත්තෙන් ඉන්නවා මෝග්ලි වගේ ඔව් ඔව් අර කාටූන් එකක් තිබ්බෙ ) dial එකක්. ඒ මදිවට  මූ නිකම් මගෙ දිහා අමුතු විදියට බලාගෙනත් ඉන්නවා මම කෝකටත් කියලා සුදානම් සරිරේ කියලා ටිකක් ඈතට උනා. ටික වෙලාවක් යද්දී මූ ආපහු මගේ ලඟට ඇවිත් අහනවා මචං උඹ **** එකේ IT නේද කරන්නේ?? කියලා මාත් ඔව් කියලා අහක බලා ගත්තා.ඇයි යකෝ අම්මා උනත් කියල තියෙන්නේ නාදුනන අය එක්ක වැඩි බජනෙට යන්න එපා කියලානේ.ඊට පස්සෙ දවසේ යද්දි තමයි දැන ගත්තේ මූත් අපේ පන්තියේම එකෙක් කියල. පසු කාලිනව පොරට තමයි දුමා කියලා නම වැටුණේ..ඔය අතරේ බබුනා දුමාගෙ ස්කෝලේ බැචා ඒක නිසා එහෙන් මෙහෙන් දැකලා කරලා බබුනත් අපේ සෙට් එකමටම සෙට් උනා. මුන් දෙන්නත් එලම ඩයල් දෙකක් කුරුණෑගල ප්‍රදාන පාසලකට ගියට මොකද කිසි ආඩම්බරකමක් නෑ එකට කාගෙන බීගෙන වැටිලා ඉන්නවා.

ඔන්න ඉතින් පංති පටන් අරන් මාසයක් විතර ගිහින් අපේ සෙට් එකෙ 6 දෙනා එකට සෙට් වෙලා එක එක විකාර පංතියේ නටනවා. ඔය අතරෙ අපටත් හොරෙන් අපේ පංතියෙ පිස්සු නටන තව සෙට් එකක් හැදිලා තිබ්බා ඒ සෙට් එකේ 3 දෙනයි හිටියේ. අපිටත් ඉතින් මල අතින් පුරවලා එකයි මුනුත් එක්ක, ඇයි යකෝ එක කැලේක සිංහයෝ දෙන්නෙක් ඉන්න බෑනේ. එක දවසක් මම පංති ඉවර වෙලා පයින් යද්දි අර dial 3 යනවා කතා  නොරකරත් බෑනෙ ඉතින් එක පංතියෙ වෙලා.ඕන මගුලක් කියලා කතා කරා, බලද්දි එකෙක් අපේ ස්කෝලෙමයි අනිකා අල්ලපු ඉස්කොලේ අනිත් එකත් කුරුණෑගල ප්‍රදාන ස්කොලෙකට ගිය එකෙක්. මුන් තුන් දෙනා තමයි බයිසයි,ලකීයයි, ටිනයි. මුන් 3 දෙනා එකම පැත්තේ ඉදන් පංති එන්නේ. ඉන්නේ කොහේ වුනත් සැපට දුකට එකට ඉන්න එවුන් ටිකක් වෙලා අදටත්...

දැන් ඉතින් අපේ සෙට් එකටම 9ක් කියලා ඉන්නවා.පිස්සු කෙලිනවා කනවා බොනවා ට්‍රිරිප් යනවා එක කෙලියයි. ඔන්න ඔය අතරෙ ගලේවෙල එකෙක් හිටියා අපේ පංතියේ මටත් එහෙන් මෙහෙන් ඇහුනා මූත් නොකා බිබී ඉන්න එකෙක් කියලා මං  ගිහින් කතා කරා dial එකත් එක්ක.

මම : අඩෝ
පොර : අහ් කනියා
මම : බීමක් තියනව අනිද්දා දිහා සෙට් වෙමුද?
පොර : අඩේ බෑ බං මම දැන් බොන එක අඩුකරලනේ.

මාත් මොනා කියන්නද තොට පින නැත්නම් නිකම් ඉදපන් කියලා මාත් ආවා..
ඔන්න ඊටත් සති දෙකකට විතර පස්සේ ඉස්සරහ පෝලිමේ හිටපු මේ ගලේවෙල පොර සකල මනාවම අරගෙන එනවා අපි ඉන්න පෝලිමට, කාට කියන්නද ඉතින්.. මුලින් බීම අඩු කරා කියපු එකා අන්තිමට නතර වුනේ තියෙන දහජාරාවවල් ඔක්කෝම අපට පුරුදු කරලා. අදටත් අපි ඌට කියන්නේඅපි වල කපාගෙන  යනකොට තො අපටත් කලින් වල බැහල මගදි හම්බවුන එකානේ”  කියලා.. ඔන්න ඔහොමයි තමයි අපිට ගලයව සෙට් උනේ. මූනම් කියලා වැඩක් නෑ බැච් එකේ වැඩක් කිවොත් කෑල්ලවත් අත අරින ජාතියේ කොල්ලෙක්.

මෙන්න මෙහෙමයි අපේ සෙට් එක සෙට් වුනේ, මුන් ටිකත් එක්ක කෙලපු පිස්සුනම් අනන්තයි මේ අවුරුදු එක හමාරට.

.ලි : කතාව මෙලෝ රහක් නැද්ද දන්නෙත් නෑ. අපි තාම අලුත්නේ, අදට දවස් තුනයි ඔන්න...


9 කමෙන්ට්ස්:

duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එල එල . . . ස්ටාට් එක නියමයි ඈ . . . .

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ඕනයා

තැන්කු ඕනය අය්යේ. ඔය අපිට ගොඩක් ලොකු හය්යක්.අපි වගේ ආධුනික බ්ලොග් කරුවන්ට දෙන හෙල්ප් එකට ගොඩක් තැන්ක්ස්

Ranu said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

niyamai kiyawanda asa hithenawa...
keep it up...

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ Ranu

Thanks

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

:D :D

Rindi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

hik hik

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ tharindi
මොකෝ මැගී hik hik ගාන්නේ හිටපන් උබලගේ කතා series එකකුත් ලගම එනවා

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අම්මෝ පෝස්ට් ඔක්කොම ටික කියවලා ඉවර කලා. අපිලිවෙලට කියවපු නිසා මේක තමා මම් අන්තීමටකියවපු පෝස්ට් එක. දිගටම ලියන්න. කියවන්න එන්නම්.

ජය වේවා !!!!

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@මධුරංග හික් හික් දැන් වත් පිලිවෙලක් උනොත් හොදයි නේද එහෙනම් :P එල උඹටත් මචා ජයෙන් ජය!!!