ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Thursday, April 19, 2012

ඉන්ටර්නෙට් ට්‍රාන්ස්ඇක්ෂන්



ඔන්න ඉතින් අළුත් අවුරුද්දට පස්සේ දාන පළවෙනි පෝස්ට් එක තමයි මේක.. හැමෝම යහතින් ඉන්නවානේ?22 සයිබර් සැණකෙලියත් තියනවා නේද? මෙදා පොටේ නම් දත කට මැදගන තමයි ඉන්නේ ඕං.. කට්ටියට අද මාතෘකාව දැක්කහම අංඥකොරොස් වගේනම් වැඩිය ඒ ගැන හිතන්න එපා.. 

බ්ලොග් ලෝකේ අයට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ ඉන්ටර්නෙට් ට්‍රාන්ස්ඇක්ෂන් ගැන.. ගොඩක් කට්ටිය කරලත් ඇති.. ඔන්න ඉතින් මටත් අවුරුද්දකට දෙකකට උඩදී ඔන්න ඔය ලෙඩේ හැදුනා.. කොටින්ම කියනවනම් ඉන්ටර්නෙට් ට්‍රාන්ස්ඇක්ෂන් කෙසේ වෙතත් සිංහලෙන්ම කියනවනම් E bay එකෙන් බඩු ගන්න ඕනේ උනා..පිස්සුව තිබුනට මොකද මේක ගැන මෙලෝ මලදානයක් දන්නේ නැතුව තමා වැඩේට අත ගැහුවේ. දැං ඉතිං ගූගල් යැදලා යැදලා හැම තැනින්ම කෑලි කෑලි හොයාගන කොල්ලා කොහොම හරි pay pal එකකුත් අටව ගත්තා ගත්තා.. 

දැං ඉතිං ඔක්කම හරිනේ කියලා මාත් ෆුල් ආතල් එකේ ඉද්දී නිකමට වගේ මම දන්න කියන අයියා කාරයෙක්ගෙන් මේ සීන් එක ඇහුවා.. මූ මට කුනුහබ්බ දෙකතුනකුත් කියලා “යකෝ Pay Pal එක වීසා කාර්ඩ් එකකින් හරි සම්පත් වෙබ් කර්ඩ් එකකින් හරි වැරිෆයි කරන්න ඕනේ” කියපි.. නාලා වරෙන්කෝ දැං ඉතිං හොයහල්ලකෝ වීසා කාර්ඩ්.. ඔන්න ඔය අතරේදී තමා මට මතක් උනා එක දහස් නවසිය ගනන් වල ඇච් ඇන් බී බැංකුවේ ගිණුමක් තිබුනා නේද බොල කියලා.කෝකටත් පහුවෙනිදා උදේ පාංදරිංම ගියා ලඟම තියෙන පින්නවල ඇච් ඇන් බී බැංකුවට.. යද්දිම ඔන්න ඉන්නවා සිරියාවන්ත ගෑල්ලමයෙක් 

ගෑල්ලමයා : ගුඩ්මෝර්නින්ග් සර්, සර්ට මොනවද දැන ගන්න ඕනේ?
මම : මගේ මේ එකයුන්ට් එකක් තියනවා මට ඒකට වීසා කර්ඩ් එක හදා ගන්න ඔනේ..
ගෑල්ලමයා : මෙන්න මේ ඇප්ලිකේශන් එක ෆිල් කරලා දෙන්න සර් ඒතකොට සති දෙකකින් කාර්ඩ් එක සර්ට ගන්න පුලුවන්.. 

මමත් ඉතිං නම ගම වාසගම කාරිය ඔක්කම ලියලා.. ලොකු අකුරෙන් ටෙලිපෝන් නම්බර් එකත් අර ගෑල්ලමයට පේන්න ලියලා ඇප්ලිකේශන් එක දීලා ගෙදර අවා.. සතියක් එක හාමාරක් ගියාට පස්සේ මට ඔය සීන් එක තනිකරම අමතකම උනා ඔන්න දවසක් අපේ අම්මා උදේ පාංදර එලියේ ඉදං කෑගනවා 

අම්මා : පුතේ මෙන්න උඹට කාර්ඩ් එකක් ඇවිල්ලා
මම : මට මොකාද කාර්ඩ් එවන්න ඉන්නේ අනික මගේ බර්ඩ් ඩේ එකවත් තාම නෑනේ..
අම්මා : බර්ත් ඩේ කර්ඩ් එකක් නෙවේ බොල ඒ.ටී.එම් කාර්ඩ් එකක්.. 

අන්න එතකොට තමා මට එක පහුගිය කාලේ ටික පෝලිමට මතක් උනේ.මාත් ඉතිං කාර්ඩ් එකත් අරන් කම්පියුටරේ ඉස්සරහා ඉදගත්තාවැරිෆයි කොරන්න කියලා.ජීවිතේට කරලා තියෙන එකක් ඈ…pay pal ත් ලොග් වෙලා වැරිෆයි කොරන්න කියලා ගියා,අම්මද බොල… ජීවිතේට අහලා නැති එව්වානේ මේකේ අහලා තියෙන්නේ.. නිකම් සාටර් කන්න ඕනේ නෑනේ කියලා පහුවෙනිදා උදේම මම ආපහු බැංකුවට ගියා සීන්ස් එක අහගන්න කියලා.. යද්දී එදාවගේම අර ගෑල්ලමයා දත් 32ම එලියේ දාගන ලස්සනට ඔන්න හිනාවක් දැම්මා..

මම : මම මේ ලගදී දවසක වීසා කාර්ඩ් එකක් ගත්තා ඉන්ටෙර්නෙට් ට්‍රාන්ස්ඇක්ෂන් වලට කියලා. ඒත් ඒක වැරිෆයි කරන්නේ කොහොමද කියලා මට දැන ගන්න පුලුවන්ද?
ගෑල්ලමයා : සර් ඒකට අපේ බ්‍රන්ච් එකේ ඉන්නේ අන්න අන්න අතන ඉන්න සර් 

කියලා ගෑල්ලමයා ඇගිල්ල දික් කරලා හල්ක් වගේ උස මහත ඩයල් එකක්ව පෙන්නුවා.. මොනවා කරන්නද මේක ගැන දැන ගන්නත් එපා ඈ මම අර ගෑල්ලමයට තෑන්කු යූ ත් කියලා අර හල්ක් ගාවට ගියා.. මම යද්දී හල්ක් ෆයිල් එකක් පෙරලන් මොනවදෝ හොයනවා.. මමත් ඉතිං ගිහින් ඉස්සරහ තිබ්බ පුටුවේ ඉදගත්තා.. 

හල්ක් : ඇයි?
මම : මම මේ ලගදී දවසක වීසා කාර්ඩ් එකක් ගත්තා ඉන්ටෙර්නෙට් ට්‍රාන්ස්ඇක්ෂන් වලට කියලා. ඒත් ඒක වැරිෆයි කරන්නේ කොහොමද කියලා මට දැන ගන්න පුලුවන්ද?
හල්ක් : මොකක් කරන්නේ?
මම : කාර්ඩ් එක pay pal වලට ලින්ක් කරන්නේ?
හල්ක් : මොකටද ඉතිං එහෙම එකක් කරන්නේ? 

බඩුම තමයි.. මදෑ මාත් ආවා අහගන්න කියලා..අහගන්න ආපු මම ඉතින් විනාඩි 10ක් විතර මිනිහට සීන් එක ගැන කියලා දුන්නා.. ඊට පස්සේ මම ආපහු ඇහුවා “කොහොමද දැං මම කර්ඩ් එකයි පේ පෑල් එකයි ලින්ක් කරන්නේ කියලා” 

එතකොට මිනිහට මල පැනල කියපි

"ඉතිං මේ ලංකාවේ කඩේකින් ගන්න බඩුවක් ගත්තනම් ඉවරයිනේ"

කියලා

මමත් ඉතිං කටයි පු*යි වහගන ගෙදර ආවා.. මොකද හදිස්සියේ වත් තව මොනවා හරි මම ඇහුවනම් මට කාර්ඩ් එකෙන් Ebay බඩු ගැනිල්ල කෙසේ වෙතත් හොස්පිටල් එකට බිල ගෙවන්න වෙනවා. 

ප.ලි : හැබයි ඉතිං කොහොම හරි ගැටයක් දාලා මම ඒක හදාගත්තා.. දැංනම් ඒ තිබ්බ ආසාවත් එහෙම්ම ම නැති උනා ඇයි ඉතිං ඩොලරේ ගනන් ගියානේ.

20 කමෙන්ට්ස්:

තොටියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අර හල්ක් කියල තියෙන දේ ළමයට තේරිලා නෑ වගේ... මට හිතෙන්නෙ හල්ක් කාරයත් අර කව්ද බෝයි වගේ Gmail, KFC, Google වර්ජනය කරන පොරක්... :D

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Hulk kiyapu kathawath eththane.... :))

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Hulk kiyapu kathawath eththane.... :))

රයිටර් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අඩේ මටත් ඉන්ටනෙට් ට්‍රාන්ස්සැක්ෂන් කරන්න ආසාවක් ආව මේක කියවල.

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Hulk kiyapu kathawath eththane.... :))

අග්නි ධාරා... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හිකිස්...හයියූ...උයාටත් වෙන වැද.....;)

නාකියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

යකෝ මෙහෙම දේවල් ප්‍රයිවෙට් බැංකුවලත් වෙනවද???????


වැ‍ඩේ ගොඩ දාගත්තේ කොහොමද කියලා කියනවද????

sAm (සෑම්) said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මාත් හොය හොය හිටපු සීන් එකක්.. අනේ මන්දා ලංකාව කවදා හැදෙයිද කියලා මේ ඉ්න්න එකාලා එක්ක..

HSBC කෝමද බැලුවද ?

dreams said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මොනා හරි අරගත්තද දැන්?අපිටත් ඕක තුත්තක් කිලා දෙනවද?

dyno | ඩයිනෝ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එකනේ ගන්න බඩුවක් ලංකාවෙන් ගත්ත නම් ඉවරයිනේ.....
හැබැයි මමනම් paypal එකට link කරල තියෙන්නේ HSBC කාඩ් එකක්.

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අඩෙ අප්පේ එහෙම ඩයල් එකක් ද දන්නේ නෑ... සික් මීටරේට ගියෙම නෑනේ එහෙව් එකක්

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කතාවනම් හරි තමා අක්කේ ඒ උනාට කස්ටර්මර් කෙනෙක්ට ඔහොම කියලා හරියනවද අප්පා?

එක නෙවේ මොක්ද මේ කමෙන්ට් 4ර 4ර දන්නේ?

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

බය වෙන්න දෙයක් නෑ බං කරනවනම් කියපන් ඕන සපෝර්ට් එකක්... ඊයක් එවපන්

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එකනේ බං කියන්නේ සික්..

http://dhanikauom.blogspot.com/2010/02/webcard-paypal-link-confirm-ebay-3.html

මෙන්න මචං ධනික අයියගේ කුප්පියෙන් තමා මාත් ගොඩ දාගත්තේ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අවුලක් උනොත් බුකියෙන් කියපන් ඕන රෙල්ප් එකක්..

ඒක තමා බං කියන්නේ එක්කෝ එක බ්‍රාන්ච් එකකට ඔය ගැන දන්න එකා ගානේ වත් දාන්න ඕනේ ට්‍රේනින් එකක් දීලා...

HSBC ක්‍රෙඩිට් කාඩ් නේ බං දෙන්නේ HNB එකේ මම ගත්තේ ඩෙබිට් වීසා කාඩ් එක.. ඒක සේෆ්ටි අතින් පට්ට බං.. අනික ඉතින් හැක් හරි ෆිශින් හරි කොරලා ගන්න අපේ එකයුන්ට් වල ලක්ස ගනන් තියෙන එකක් ඈ..

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ගොඩක් දේවල් ගත්තා.. අපෝ සිම්පල් කොමැයි කොන්ටැක් කොරගන්නේ?

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඒ උනාට බං සමහර එව්වා ලංකාවට වඩා පට්ට ලාභයි නේ...
HSBC එකත් හොදයි ඒත් මම ලින්ක් කොලේ ඩෙබිට් එකක් නේ සේෆ්ටි අතින් පට්ට බං

dyno | ඩයිනෝ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔව් ඔව් ඔය ගොඩක් ජාති ලංකාවෙන් ගන්නවට වඩා ලාබයි....

චතුරංග පෙරේරා [චතූගේ කථා] said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ලංකාවේ ගොඩක් තැන්වල ඔහොම තමා ! ඉන්ටර්නෙට් ගැන අහන්න ඉන්න එකාට අපි ඉන්ටර්නෙට් කියලා දෙන්න ඕනේ...

අනූ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඒ ගැන කිසිම දෙයක් නොදන්නා බවත් එබැවින් කීමට දෙයක් නැති බවත් කරුණාවෙන් දැනුම් දෙමි....

දන්නා දෙයක් ගැන ලියන විට මොකක් හෝ කමෙන්ට් එකක් දැමීමට බලාපොරොත්තු වෙමි (මම කලින් ශානි)