ළගින් ඉන්න උන්
ලියපුවා
ලඟදී කියවපුවා
-
-
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!7 years ago
-
අපිරිසිදු ආදරේ !!7 years ago
-
ඇලෙක්සැන්ඩර් ග්‍රෑහැම්බෙල්8 years ago
-
ඩොල්පින්නු බැලීම සහ විල්පත්තු ගමන8 years ago
-
පරීක්ෂාව8 years ago
-
Carnival of love9 years ago
-
කාක්... කාක්..කාක්..9 years ago
-
අම්මාවරුනේ......10 years ago
-
-
[FREE WSO] FIVERR WARRIOR’S GUIDE REVIEW11 years ago
-
-
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි!13 years ago
-
වෙන්න හිටිය නර්ස්ට වෙච්චි දෙයක්....14 years ago
-
-
මාලුකට්ටා සහ චාටර්මාලි14 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා...
-
හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්‍රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්‍රශ්නයක් අහන්නම් පුලුවන්නම් ...
මූනු පොතේ අපි
Tuesday, April 3, 2012
මුන් කොපි කරනවා? ඊයා.......
මොකේටත් කලින් කට්ටියටම සුබ පතලා ඉන්න ඕනේ හැපි බර්ත් ඩේ හොදද? අපේ මහින්ද මාමත් බරටම තෑගිත් දුන්නානේ නේද? බඩුම තමා ආය ඔලුව ඉස්සිල්ලක් නෑ.. හරි හරි දැං මම මෙව්වා කීවා කියලා වැඩි උන ඒවා අඩු කරයි ඈ. ඒ අස්සේ ඩයලොග්කාරයත් මගේ කනෙක්ශන් ස්ලෝ කරලා ඒක හින්දා තමා ගිය සැරේ දාපු පෝස්ට් එකටත් රිප්ලයි කමෙන්ට් එකක්වත් දාගන්න බැරි උනේත් වෙන බ්ලොග් එකක් පැත්තේ යන්න බැරි උනෙත්.
හරි දැං අද සීන් එක බලමුකෝ..කට්ටියට මතක ඇති නේද ටික දවසකට ඉස්සල්ලා මම දැම්මා කොපි කිරීමට අත්වැලක් කියලා පෝස්ට් එකක්. ඔව් ඔව් අන්න ඒක තමා. ඔය කොච්චර ටෙක්නික් දුන්නත් මොන ෂො එක දැම්මත් අපේ අයියලා ටිකත් එක දවසක් මදි නොකියන්න කොපි කරලා මට්ටු උනා. හැරෙන්නවත් හම්බුනේ නෑ කට්ටිය බලා ඉද්දි 7 දෙනෙක් විතර මාට්ටු.
සීන් එක උනේ අපි HD කරන කාලේ ඒ කියන්නේ අපේ ඩිග්රියේ දෙවනි අවුරුද්දේ.. මම කලිනුත් කීවා වගේ දෙවනි අවුරුද්දේ අපට එක්සෑම් තියෙන්නේ මාස 6න් 6ට.. ඒ කියන්නේ මොඩියුල 7ක එක්සෑම් එක පාර තියෙන්නේ. හරියටම ගිය අවුරුද්දේ අගෝස්තු වල අග සතියේ තමා පළවෙන් ඒක්සෑම් ටික තිබ්බෙත් ඒ වගේම අපේ එවුනුත් බෝඩින් ගත උනෙත් ඔය මාසේම මුල තමා.. බෝඩිමේ පිස්සු කෙල කෙල ඉද්දී එක්සෑම් ලංවෙනවා කාටවත් දැනුනේ නෑ..ඔන්න ඉතින් සුපුරුදු පරිදි කලින් දවසේ පුළුවන් විදියට පාඩම් කරගෙන ඥාන පටි ටික ගහගෙන නිදාගත්තා.
ඔන්න පහුවදා තමා දැං ගේම තියෙන්නේ විභාගෙට අදින මගේ සුපුරුදු යුනිෆෝම් එක වෙච්ච අත් දිග ශර්ට් එක ඇදගන අත් දෙක නවලා ඒක ඇතුලේ පටි 3ක් දාගන අපේ අනිත් එවුන් එක්ක ගියා එක්සෑම් හෝල් එකට.. අම්මෝ බලන්න දුකේ බෑ යද්දී කට්ටිය මේස උඩයි පිලවල් උඩයි බංකු උඩයි හැම තැනම පොත් දිග ඇරගෙන මූනවල් ඔබාගන ඉන්නවා. අපේ එවුන් දහ දෙනාට මොකද ඉතිං බෝඩිමේ ගහපු පටි සරනං ගච්චාමී නේ. අනික ඒ පටි වල නැත්තේ නෝටේ එක ලියපු පොතේ නම(ඇට්ලස් , රිචර්ඩ් ) විතරයි,නෝටේ එකේ ෆුල් කොපියක් තියනවා ඔය පටි වල.. ඉතිං ආය අහවල් එහෙකට පාඩම් කරන්න ඈ, ෆුල් ආතල් එකේ පිස්සු කෙල කෙල ඉදලා ඔන්න 9ට එක්සෑම් එක පටන් ගත්තා.. මමයි අපේ එවුන් ටිකයි අදාල තැන් වලින් ඉදගත්තා ඔන්න ඉතින් පේපර් එක ගත්තහම තමා කොල්ලගේ කට කන ගාවට ගියේ මොකද තිබ්බේම තියරි ගොඩක් ඥාන පටිය ඇද්දා කියන්නේ ඉතිං අපේ බෝඩිමේ එවුන් ටිකට රජ මගුල්.A+ එකක්නම් ශුවර්. පැය භාගයක් විතර පුලු පුලුවන් ටිකට ලියලා දැම්මා. දැං ඉතිං ගේමට බහින්න එපා ඈ.. මුලින්ම කට්ටියට මතක ඇතිනේ අර පොඩි කාලේ පාර පනින්න උගන්නපු විදිය
මුලින්ම වම බලන්න ඊට පස්සේ දකුන බලන්න ඊට පස්සේ ආපහු වම බලන්න
කට්ටියට මතක ඇතිනේ මාත් ඉතිං ඔය කියන තියරිය දාලා බැලුවා කව්ද ඉන්නේ කියලා. බලද්දී පිටී පස්සේ ඉන්නවා අපේ සෝබනී අක්කා. අවුලක් නෑනේ අපේ ෆිට් එකක්නේ කියලා මාත් කොලේ ඇද්දා. ඇදලා දාගත්තා ලියන පේපර් එක යටට.මෙන්න යකෝ ටික වෙලාවක් යද්දී ආවේ නැද්ද මිස් කෙනෙක් මට දැං ඇඩ්රස් නෑ. ගත්ත කොලේ ආපහු දාගන්නත් බෑ.. ඕන මගුලක් කියලා කොප්ප ගැහුවා කරුමේ කියන්නේ මම කොපි කර කර ඉද්දී අර මිස් මං ගාවින් ගියා.. කාලා වරෙන්කෝ දැං. මිස් කෙලින්ම ගියේ සෝබනී අක්කා ගාවට මම හිතුවා වැඩේ හරි කියලා. හිතුවා වගේම මෙන්න සෝබනී අක්කා හැටට හැටේ ඇවිත් මම ගාව හිටගත්තා.ටික වෙලාවක් එහෙම හිටපු සෝබනී අක්කා ලඟටම ඇවිත් යට තිබ්බ ඥාන පටිය ඇද්දා.. එපා කියන්න ඈ. මාව දැං වෙව්ලනවා ඇයි හත් දෙයියනේ ඒ වගේ වෙලාවක මොකාද වෙව්ලන්නේ නැත්තේ.. කරගන්න දේකුත් නෑ.ඒ අස්සේ පේපර් එක ලියන්නත් බෑ අත වෙව්ලනවා. ඔහොම වට පිට බල බල ඉද්දී ටිකක් එහා හිටපු බයිසා මට මැද ඇගිල්ල දික් කරා මං ඒත් බැලුවා මුට චූ බර වෙලාවත් ද කියලා තව ටික වෙලාවක් ඔහොම හිටපු මම ආවා එලියට එද්දී මෙන්න අපේ එවුන් ටික සෙට් වෙලා ඉන්නවා
මම : ඉවරයි බං මම අනාතයි මගේ ඔක්කම මාට්ටු මට එපා වෙලා බං..
බබුනා : ඈහ් උබත් මාට්ටුද මමත් මාට්ටු බං
බෝලේ : උබ විතරක් නෙවේ සනා මාත් මාට්ටු
මම : ඈහ්? ආය කව්ද මාට්ටු
ඔය අස්සේ බයිසත් යකා වගේ එතනට සම්ප්‍රාප්ත උනා..
බයිසා : කෑවා කෑවා අර **තිට හු*** බලපන්කෝ බං මගේ පටිය ගත්තනේ
බෝලේ : අපෙත් එහෙම තමයි බං.
දුමා : අඩෝ මොකක් වෙයිද බං අපිට?
ගලේ : පලවෙනි පාරනේ බං මාට්ටු උනේ කොළඹ යවලා අවුරුද්දකට මේ මොඩියුල් එක කැන්සල් කරයි
මම : එතකොට අනිත් මොඩියුල්
ගලේ : ඒවට අවුලක් වෙන්නේ නෑ බං.
බයිසා : උබලා දැං මොකද කරන්නේ? මමනම් ගෙදර යනවා බං බෝඩින් යන්න හිතෙන්නෙත් නෑ දැං.
මම : මාත් යනවා..
බෝලේ : මායි දුමයි එහෙනම් බෝඩින් යන්නම් බං ගෙදර ගියහම තවත් අවුල
කට්ටියටම දැං ෆුල් අප්සට් එකේ විසර ගියා.. මුලින්ම කියන්න අමතක උනා සාමාන්‍යයෙන් කොපි කරලා මාට්ටු උනහම අපේ ඉන්ස්ටිටියුට් එකේ කරන්නේ කොළබ එකට අපි කොපි කරපුවා යවලා ඒකෙන් අපට කොළඹ එන්න කියලා දවසක් අපේ ගෙවල් වලට ලියුමක් මගින් එවනවා ඒ දවසට කොළඹ එන්න කියලා.දැං ඉතිං අපිත් ලියුම එනකම් බලාගන ඉන්නවා,, මෙන්න යකෝ එක දවසක් ගෙදර ඉන්න දවසක ලියුමක් එනවා කරුමෙට ඒක අරන් තියෙන්නේ අම්මා. මලා ජෝන් කාපන්කෝ ටින් කිරි.. ඒ අස්සේ අම්මා ලියුම කඩ කඩ ගෙදර පැත්තට එනවා. මොනවද ඉතිං කොල්ලට පහල උනා ගණ දෙවි නුවණ මං දූවලා ගිහින් ලියුම ගත්තා, ගත්තා ඊවට උදුරගත්තා
මම : මොනවද අම්මේ ලැජ්ජා නැද්ද ඈ අනුන්ගේ ලියුම් කඩන්න?
අම්මා : උඹ කවදා ඉදලද බොල අනුන්ගේ උනේ?
මම : හරි හරි ඒ උනාට එහෙම හරි නෑනේ එක ගෙදර හිටියත් මගේ නමටනේ ලියුම ආවේ.
අම්මා : හරි හරි මොකක්ද ඔය ලියුම?
හුටා දීපන්කෝ දැං උත්තර මාත් ලියුම බැලුවා.. බලද්දී ඒ සතියට පස්සේ සතියේ තමා එන්න කියලා තියෙන්නේ.. බඩුම තමා දැන් මොකක්ද අම්මට කියන්නේ
අම්මා : ඇයි මොකද මොකක්ද එවලා තියෙන්නේ කෝ දියං ලියුම?
මම : නෑ...හ් මේ... මේ... ලබන සතියේ කොළඹ අපේ ඩිප්ලෝමා ඒකේ කන්වකේෂන් එක ගැන පොඩි රැස්වීමක් තියෙනවා ඒකට එන්න කියලා..
කොල්ලාගේ ටිකිරි මොලේ හින්දා එදා අම්මට මාට්ටු නොවී බේරුනා. ඒදා ඒ ලියුම අම්මා කියෙව්වනම් මට අදටත් නිවාස අඩස්සියේ තමා ඉන්න වෙන්නේ.අනික ඒකේ හොදම සීන් ඒක අපේ එවුන් ටික කොළඹ ගියේ ට්‍රිප් එකක් වගේ වෑන් එකකුත් කතාකරගෙන බොංගෝ එකක්,බෝතල් 2ක් කාරිය එහෙමත් දාගන..
Subscribe to:
Post Comments (Atom)


25 කමෙන්ට්ස්:
අඩේ එළ ට්‍රිප් එකක් නේ ගිහිල්ලා තියෙන්නේ...හෝ ගාන පොකුණ බැළුවද...ඒක නෙමේ කොප්ප ගහපු සීන් එකට මොකද උනේ..මොඩියුල් එක කැන්සල් ද..වැඩේ ශේප් ද?
පටි ගැහුවටම මදි. පාවිච්චි කරන්න පුලුවං වෙන්න ඕනෙ
මේක නම් අමතක නොවෙන සිදුවීමක් නේද කනියො.....??? :D
හෑෆූ මෙයාලනම්......:/
අනේ යකෝ මුන්ගෙ වැඩ.............
මෙහෙමයි බං ඔය පටියෙ වැඩේ කරන්නෙ. ඉස්සෙල්ල මොකුත් නොලිව්ව පටියක් ගෙනියල බලෙන්ම වගේ බලන්න සලස්සනව. මොකුත් නෑනේ, ඊලගට පටියෙ මොනව තිබුනත් බලන්නෙ නෑ. කොහොමද ටිකිරි මොලේ. කොහොම උනත් නියම ස්ටෝරිය. ඊට පස්සෙ මොකද උනේ.
උඹල මාර පොරවල්නෙ බං....... අනිත් ටික කෝ බං තාම මඟද?
හිකිස් පව් අනේ මාට්ටු වෙලා :පි
පටි නෙවේ අපේ කෙල්ලෝ ලියන් ආවා කකුල් වලත් ගවුම උස්සල බලන්ට..
අපේ එකාල කොපි කලේ ඒ ගල් වල තිබ්බ ශිලා ලේඛන වලින්..
අඩේ ඒ වැඩේ නං මරු ඈ.....ආයි විභාගයක් කරන්න ආසයි එහෙම...
මෙයාලත් කර ගන්න දේවල්.අනේ මන්දා ඔය වගේ දේවල් කරද්දී පරිස්සමෙන්.මේ අපි වගේ.මොනවා උනත් ලස්සන කතාව..
ඕක ඩෙස් එක යට ගහන්නේ නැතිව ලියන පේපර් එකක් මැද්දෙම තියාගත්තනං ගොඩනේ...අපි එහෙමයි
ආයෙත් අහලා ගාලුමූනට ගිහින් බැලුවා... මොඩියුල් එක කැන්සල් බං ඔයින් ගියා මදෑ...
ඩිප්ලෝමා මොඩියුල් 13කම පාවිච්චී කලා මාට්ටු උනේ නෑ.. එදා දවස අපලද කොහෙදෝ බං..
අනේද කියන්නේ...
හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටනේ අක්කා
අෆූ මොකෝ අලේ?
අඩේ යප්පපා රාජ් අයියා දන්න දේවල්.... ඊට ප්ස්සේ මොඩියුල් එක කැන්සල් කලා අයියා තාම රිපීට් ලිව්වෙත් නෑ..
අනිත් ටික ඉතිං බන් මොඩියුල් එක කැන්සල් තමා
සෑමා : අපේ එකාලා කීවේ කොල්ලොද බං?? එවුන් කොපි කිරිල්ල කෙසේ වෙතත් කෙල්ලන්ගේ ගල් ටික නම් බල බල ඉදියි...
ඔබ නොදුටු ලොවක් : ඈහ්?? කොරලා බලපංකෝ තියන රගේ
හික්ස්ස් අපෝ මෙයාලත් කොපි කරනවද? ඊයා...................
ඩෙස් එක යට නෙවේ බං පේපර් එක යට තිබ්බේ කොහෙද අවිත් උස්සලා බැලුවනේ අර ගෑනි......
අලෝ ඔහොම කියනවද ඈ...
තව පොඩ්ඩක් සංවිධානාත්මකව කරානම් වැඩේ ගොඩ.
Post a Comment