ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්‍රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්‍රශ්නයක් අහන්නම් පුලුවන්නම් ...
මූනු පොතේ අපි
Monday, February 27, 2012
කොපි කිරීමට අත්වැලක්..
එක්සෑම් එකකදී කොපි කරලා නැති කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න....
හුටා එකෙක් නෑනේද? බඩුම තමයි මම හිතුවා හරි.අද ඔන්න ඔහේ
කොපි කරන මෙතඩ් ටිකක් ලියලා දාන්න හිතුනා අප්පා.අපේ නම් එක්සෑමුත් ලගයිනේ.කට්ටියම
කොපි කරලා තියන එකේ දන්නවනේ කොපි කරන්න තියන අමාරුව
කොහොමද කියලා.. මොනවත් නෑ ඒ වෙලාවට හර්ට් එක නිකම් සයිබීරියාවට ඇමරිකාව ගහද්දි
වගේ, වෙව්ලනවා කට කට ගාලා..
අපේ පංතියේ
ඉන්න එවුනුත් බබාල වගේ හිටියට මොකද බලන්න ඕනේ එක්සෑම් එකකට ඉදගත්තාම අම්මෝ කොල එහෙන්
අදිනව මෙහෙන් අදිනවා… හිතාගන්න බෑ කොහෙන් අදිනවද කියලා.. හරි හරි අනං මනං පැත්තක
දාලා දැං කරන්න ආපු වැඩේට බහිමුකෝ..
මුලින්ම කොපි කරන
මෙතඩ් වර්ග 2ක් තියනවා
- තමුන්ගේ නෝට් කොපි කිරීම.
- එක්සෑම් හෝල් එකේ ඉන්න එකෙක්ගෙන් අරන් කොපි කිරීම.
ඔය කියන
පලවෙනි විදිය ඒ කියන්නේ
තමුන්ගේ නෝට් කොපි කරන විදි නම් සෑහෙන්න තියනවා ඒවාගෙන් ටිකක්
මම පලවෙනියටම කියලා දෙන්නම්කෝ
- අතේ ලියාගන යෑම
මේකේදී
අත් දිග ටීශර්ට් එකක් ඇදගන යන තරමට වාසියි අතේ උරහිසේ ඉදන් මැද අගිල්ලේ කොන වෙනකම්ම
ලියාගන යෑමට ඉඩ තියන නිසා සෑහෙන වාසියි අනික මාට්ටු උනා කියලා අත ගලවගන ගෙනිහින් පෙන්නන්න
ඈ…
- ඥාන පටි ගැසීම
කට්ටිය
දන්නවා ඇතිනේ ඥාන පටි කියන්නේ මොනවද කියලා.ඔව් ඔව් ඕන කරන දේවල් ලියාගන යන කොල වලට තමා
කියන්නේ.. කොහොම හරි කරලා ලියා ගන්නනම්
පුලුවන් ඒත් ගෙනියන එකනේ කෙලිය තියෙන්නෙ.අපේ එක ඒකා ඥාන පටි ගෙනියන ක්‍රම තියනවා. ඩෙනිම් වල දකුනු පැත්තේ තියන සාක්කුවට උඩ තියන පොඩි සාක්කුවට දාගෙන ගෙනියන එක තමා ලේසිම වැඩේ.. තව
අත් දිග ශර්ට් එකක් ඇදන් යනවනම් ඔන්න දාගන්න එලම පොට් එක තමා ශර්ට් එකේ අත් දෙක
නවලා ඒක ඇතුලට දාගන යන එක එලියට ගන්නත්ලේසියි.තව ඕනේනම් ටී ශර්ට් එකේ අත හරියට වෙන්න රබර්
බෑන්ඩ් එකක් දාගන ඒකේ අස්සේ උනත් ගහගන යන්න පුලුවන්..
ගෙනියන
විදිනම් ඕන තරම් ඒත් ඉතිං කොහෙද දැං තියාගන්නේ. තියාගන්න නියමම තැන තමා කකුල් දෙක අස්සේ
පුටුව උඩින්,ඕන වෙලාවට කකුල් දෙක ඈත් කරා බැලුවා.හැබැයි කෙල්ලනේ ස්කර්ට්ස් ඇදන්නම්
ඒ කෙලිය කරන්න හම්බෙන්නෙ නෑ.
- ලේන්සුව
මේකනම්
ගොඩක් භාවිත කරන්නේ කෙල්ලෝ.මොකද ගොඩක් වෙලාවට කෙල්ලෝ අතේනේ ලේන්සු තියෙන්නේ.. කරන්න
තියෙන්නේ පොඩි දෙයයි.. ලේන්සුවේ ඕන දේවල් ටික ලීවා. ලේන්සුව අතේ පොඩි කරගත්තා ගෙනිච්චා..
හරි දැං
අපි බලමුකෝ එක්සෑම් හෝල් එකේ ඉන්න එකෙක්ගෙන් කොහොමද කොපි කරන්නේ කියලා
ඒකෙත් ක්‍රම
දෙක තුනක් තියනවා
- දුරකතන භාවිතය
මේ විදිය
ලේසිම බහුවරණ තියන පේපර්ස් වලට.අනික මේක සාමුහිකත්වයෙන් දෙන්න ඕන වැඩක්.කරන්න තියෙන්නේ
මෙච්චරයි ගොඩක් ජංගම දුරකතන වල පුලුවන්නේ එක පාර කීප දෙනෙක්ට මැසේජ් කරන්න ගෲප් හදාගන්න.කලින් දවසේ පංතියේ ඉන්න ඔක්කොමලව දාලා අන්න
ඒ වගේ ගෲප් එකක් එකේ හදා ගන්න ඕනේ. එක්සෑම් හෝල් එකේ කවුරු මොනවා කීවත් සර්ලා
එක්කෙනෙක් විතරක් බලන වෙලාවක් එනවනේ,ඒ වෙලාවට කරන්නේ තමුන්ට ආපු උත්තර
ටික මැසේජ් එකක ගහගත්තා. අර කලින් හදාගත්ත ගෲප් එකට යැව්වා.අන්තිමට බලද්දී යැව්වා වගේම
අනිත් අයත් තමුන්ට එවලා ඒ කට්ටියගේ උත්තර(කලින් කතා කරගන යන්න ඕන මෙහෙම කරන්න කියලා)ඒකෙන් මැසේජ් 3ක විතර(පුලුවන්නම් ඔක්කොම හරි) තියන උත්තර තමුන්ට දෙන කටු වැඩ කොලේ ලියාගන්න
ඕනේ.ඒවාගේ සමාන උත්තර තියන ඒවා පට්ටම හරි අහන්න දෙයක් නෑ.. අනිත් ඒවට ඔය කණා ටිකක් ගහන්න.මොකද අඩුම ප්‍රශ්න 10 දුන්නම් අර ක්‍රමෙන් ඔයාට ප්‍රශ්න 8කටවත් හරිම උත්තර
එනවා..
- කොල පාස් කිරීම.
මේකනම්
ඉතිං පොඩි එවුන් හිටන් දන්න එකක් නේ.සර්ලා පොඩ්ඩක් එහාට මෙහාට වෙනකම් ඉදලා කටු වැඩ
කොලේක ඕනේ දේ ලියලා අනිත් එකා ගාවට ගුලි කරලා විසි කරනවා.ඒත් ඉස්කෝලේ කාලෙනම් මට මතකයි අපි ඔහොම කොල ලියලා ඉස්ටේපලර් වල ඇතුලට ඔබලා යැව්වා. එහෙමත් නැත්නම් දෙන පේපර් එකේ ලියලා
යවනවා ඊට පස්සේ අනිත් එකා උගේ පේපර් එකේ උත්තර ටික ලියලා එව්වා.
- එබිලා බැලීම
මේකත් ඉතිං
ගොඩක් අය දන්න දෙයක්.. මේක අපිනම් කරන්නේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න එකාගෙන් මොකද අපේ පංතියේ දෙපැත්තට දාන එවුන් දාන්නේ කිලෝමීටරයක් විතර ඈතට. උන්ගෙන් අහගන්න ඕනේ නම් උඩ කීවා වගෙ
කොලයක් පාස් කරන්න වෙනවා. හරි දැං බලමු කොහොමද මේ එබිලා බලන්නේ කියලා. සීන් එක මෙහෙමයි, මුලින්ම කරන්නේ ඉස්සරහ ඉන්න එකාව සෙට් කරගෙන උට කියන්න ඕනේ "මම මචං එක තට්ටුවක් මේසෙට
දැම්මොත් පලවෙනි ප්‍රශ්නේ පෙන්නපං තට්ටු 2ක් දැම්මොත් දෙවනි එක පෙන්නපන්" අන්න ඒ වගේ දෙයක්
උදාහරනෙකට අපට 4(c) අහගන්න ඕනේ කියමු.එතකොට
මුලින්ම හෙමීට අරුට විතරක් ඇහෙන්න මේසෙට තට්ටු 4ක් දානව එතකොට අරූ 4 වෙනි ප්‍රශ් නේ
තියන එක පෙරලනවා. ඊට පස්සේ තව තට්ටු තුනක් දානවා එතකොට අරූ 4(c) එකට උත්තර ටික පෙන්නනවා..
වැඩේ ගොඩ....
මෙන්න මේ වීඩියෝවත් බලන්නකෝ නියම ගැජට් එකක්
තව එක එක
විදි තියනවා කොපි කරන්නනම් ඒත් මේ වෙලේ මතකයට එන්නෙත් නෑ අප්පා.තව ඒවා දන්න කට්ටිය පහලින්
කමෙන්ට් එකක් විදියටම දාන්නකෝ..
ප.ලි : කොපි කරලා මාට්ටු වෙලා එහෙම ඔන්න අන්තිමට කියන්න එපා කනියා තමා මේවා කියලා දුන්නේ කියලා එහෙම
ඔන්න.
ලිප් බොක්ක බැලිවේ නැති කට්ටිය බලාගනම එන්නකෝ...
ලිප් බොක්ක බැලිවේ නැති කට්ටිය බලාගනම එන්නකෝ...
Subscribe to:
Post Comments (Atom)



37 කමෙන්ට්ස්:
මොනවා කොලත් පරිස්සමින් කරන්න ඕනෙ අහු වුනොත් ඉවරයි.මගෙත් කොපි කතා දෙක තුනක් තියෙනවා...:))
අපි නං ඒ කාලේ කරේ මකන කෑල්ලේ පුළුවං ටික ලියං යනවා..කවකටු පෙට්ටියේ පිටි පස්සේ අනික් ටික...
වැදගත් වෙයි ලොකු ලෙවල් 1ට... ගිය අවුරුද්දෙ දැම්මනං පොඩි ලෙවල් 1ට ෆොඩි ට්‍රයි 1ක් දානව...
එල ඈ.. තව ක්‍රම තියෙනවා.
මේ ඔක්කොම අනුගමනය කර ඇත. තවද බිත්තිය මුල්ලක් හසු වූ විට පැන්සලක් භාවිතයෙන් බිත්තිය පුරා ලිවීමෙන් රම්පෙට පොරි හැලෙනකන් ලකුණු ලබාගත හැක.
apoi copy karalaa apaaye yayi hode.. :D
මට මෙහේදි කොරියන්කාරයෙක් පෙන්නුවා ඌ කොපි කරපු හැටි... මිනිහා ඒ4 පේපර් එකක චූටියට නෝට්ස් ටික ප්‍රින්ට් කරගෙන ඒවා බෝල්පොයින්ට් පෑනෙ ඇතුලෙ තියෙන බටේ වටේට ඔතන්න පුළුවන් සයිස් එකට පොඩි කෑලිවලට කපලා ඒ බටවල ඔතලා... කොළ කෑලි ගානට පෑන් ටිකකුත් අරගෙන තමයි මිනිහා විභාගෙට ගිහින් තියෙන්න... අකුරු චූටි නිසා එළියට පේන්නෙ නෑ හොඳට බැලුවොත් ඇරෙන්න.... ලියනකොට පෑන් මාරු කර කර තමයි ලියල තියෙන්නෙ.... මං දන්නෑ ලංකාවට වැඩ කරයිද කියල...ට්‍රයි එකක් දීල බලන්න කැමති කෙනෙක්.... :D
පොර ටෝක් දුන්නට මොක්ද අපිත් එක පාරක් අහුවුනා
ඒකත් වැරැද්දක් නෑ ඉතිං :D
මෙන්න හැදෙන කොල්ලෝ... අපරාදේ මාට්ටු වෙන්නෙ නැතුව ලොකු ලෙවල් එකට ගානනින් මලේ
ඔව් මචා තව තියනවා මටත් මතකෙට ආපු ක්‍රම ටික දැම්මේ..
අනිවා ඒකත් ඉක්කෝල කාලේ එක පාරක්ද කොහෙදෝ කරා
හික්ස්ස් කොපි කරාම කොහෙද අලේ අපායේ යන්නේ....
http://www.youtube.com/watch?v=tphh36ijiI8 මෙන්න මේ වගේ එකක් නේද ඔක මියුරු
පොඩි වෙනසක් තියෙනවා... මේ වීඩියෝ එකේ තියෙන්නෙ කාබන් කූර සම්පූර්ණයෙන්ම අයින් කරලා කරන එකක්... කොරියන්කාරයා එහෙම අයින් කරලා තිබ්බෙ නෑ.... කාබන් කූර වටේ ඔතලා තිබ්බෙ ඔය වගේම කොළ තීරු ඇඹරෙන්නෙ නැතිවෙන්න... එතකොට ඒ පෑනෙන්ම ලියන ගමන්ම බලාගන්න පුළුවන්.... මිනිහා පෑන් මාරු කර කර ලියල තිබ්බෙ....
හිකිස්....
එක සැරයක්...
අපේ හොඳටම ගණන් පුළුවන් එකාගෙ පේපර් එක මුළු පංතිය වටේම ගියා....නැවුම්පාරවල් එකයි පේපර් එකේ...කොහොමහරි ශේප් කරල පේපර් එක දුන්න...
හැබැයි ප්‍රතිපත්තියක් විදියට මම 9වසරෙන් පස්සෙ කොපිකිරීම නැවැත්තුව.හැබැයි අනික් එවුන්ට උදව් කලා....
ගලේ ලියන් ගිහින් කෙල්ලෝ කොපි කරනවා කියලා කතාවක් මම අහලා තිබුනා ඇත්තද දන්නේ නෑ
කැසට් ක්‍රමය අහලා තියනවද? බොහොම පරණ ක්‍රමයක්. අඟලක් විතර පළල තීරුවක් හාෆ් ෂීට් එකකින් කපාගන්නනවා. පොඩි අකුරෙන් අවශ්‍ය ඕන දේවල් ලියාගන්නව. සිග් සැග් විධියට නවා ගන්නවා සාමන්‍යයෙන් සෙන්ටි මීටරයක් විතර වෙන්න. නෝන්ඩි නැතිව අල්ලේ තියාගෙන ඕන වෙලාවට බලාගත්තෑකි...අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.
ගල් ගෙනියන්න දෙනවද බං විබාග සාලාවට....
කවකටු තුඩෙන් ප්ලාස්ටික් අඩි රූලේ නෝට් එක ලියාගෙන යෑම.
බිමින් දූවිලි ටිකක් අරගෙන අඩිරූලට දාලා අතින් පිහිදුවම ලියපු ඒවා කියවන්න පුලුවන්
ඒක තමා මාත් මේ බැලුවෙ?
කොහේද බං විබාගේ තිබුනේ? බෝගල පතලේද? :-)
නියමයි.
හික්ස්ස්ස් අපෝ කෙල්ලෝ වෙලා කොපි කරන්න ලැජ්ජ නැද්ද ඈ
මං හිතන්නේ මේ කියන්නේ මචංලා ගිරි පුර ඇත්තෝ එකේ විභාගයක් වෙන්න ඇති..
@ගැමියා : සිරා බං මාත් අහල තියනවා සික් දැකලා නෑනේ..
අඩේ එකට කියන්නේ කැසට් ක්රමයද? කව්ද බං දන්නේ කරලා නෑ ඔය මෙතඩ් එක අහලා තියනව ඒත් නම දැනගත්තේ අද ඔන්න
නමටම හරියන මෙතඩ් එක :D ඒකනම් මම කරලා නෑ බං ඇහුවෙත් අද
තන්කු යූ තන්කු යූ
කොරියන් කාරයෝ තමා වැඩ්ඩෝ බලන් ගියාම ඈ
thnx machaaaaaaaaaaan
මම කලෙත් පෑන් බටේට ඥාන පටිය ඔතපු එක. ඊට අමතරව ටිපෙක්ස් එක ආදී අතේ ගෙනියන්න පුලුවන් හැම දේම පාවිච්චි කලා
(අප්‍රේල් සෙට් උනාම මතක් කරපං මගෙ පටි කලෙක්ෂන් එකේ පොටෝ එකක් අරගෙනම පෝස්ට් එකක් දාන්න)
මම කලවං ඉස්කෝලෙකටනෙ ගියේ . . . වෙනදට දනිස බලාගන්නත් වස ගේමක් දෙන්න වෙන කෙල්ලො වාර විබාග වලදි ජංගි පේන ගානට ගවුං උස්සන වෙලාවල් තියනව . . .
ඹය ඥාන පටිම තමා . . මාස් ස්කේල් එකෙං . . . සමහරු ඕකට ටැබා ගහනව කියලක් කියනව
එළ කිරි මට ඔය ඥාන කියන එක ලියන විදිය අමතක වෙලා තිබ්බේ තැන්කියූ ඈ ඕනේ අයියා
අනිවා හැබැයි සිහි තිබ්බොත් හොදේ..
හික්ස්ස් වෙල්කම් බබුවා.. උඹ බබා වරෙන් හරහට දාල නලවන්න
කැම්පස් එකේදි නම් අපි කරන්නේ කැල් එක පිටිපස්සේ පැන්සලෙන් ලියාගෙන යනවා. වාඩි වෙච්ච හැටියෙන මේසේ උඩ තියලා තියෙන කොටවල කැල් එකේ ලියාගෙන ආපු ටික ලියලා කැල් එක මකලා දානවා. එතකොට ෂේප් !
'ඥාන පටි'.....මරු නම....ඕකට කැසට් කිව්වේ ඒ කාලේ කැසට් විතරනෙ තිබුනෙ...'
Post a Comment