ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Monday, February 20, 2012

දවසට දෙකට.....



ඔන්න දැන් ඉතිං පෝස්ට් එක දාපු ගමන්ම හෝ ගාල බනින්න නම් එපා කෝ ගිය දවස් ටිකේ පොල් ගෑවද කියල එහෙම.. පොල් නෙවේ අප්පා හෙන හෙන වැඩ ගොඩක් උනේ... හරි හරි ඒ කයි කතන්දර අත අරිමුකෝ.. අද කතාවට පදනම වැටෙන්නෙ මෙන්න මේ විදියට...


ඔන්න මම ගිය සිකුරාදා ආතල් එකට වගේ මගේ මූනුපොත ඩිඇක්ටිවේට් කලා.. මටත් ඉන්න බෑනේ කහනවනේ ඉතිං. කොලා තමා මෙන්න යකෝ හවස 7ට විතර ගලයා මට කෙටි පයිණ්ඩයක් එවනව "සුභ යුග දිවියක් කනියෝ" කියලා මං ඒත් සුවර් නැතුවටම තුන් පාරක් විතර විතර බැලුවා මූ මොකක්ද මේ එවලා තියෙන්නේ කියලා.අම්මට හුඩු හරි එවල තියෙන්නෙත් ගලයමයි ඒකමයි.. මම ආපු අතට අනිත් පැත්තට යැව්වා "තෝ බීලාද එහෙමත් නැත්නම් ලොකු මොනවා හරි දෙයක් පෑගුනාවත්ද" කියලා". මම හිතාගත්තා ඉතිං මේකා කණමදයා වගේ බීලා බීලා කොහේ හරි කානුවකවත් වැටිලා තමා මේ මැසේජ් කරන්නේ කියලා.. 


මෙන්න යකෝ විනාඩි 5ක් යන්න හම්බුනේ නෑ රින්දියත් එකක් එවනවා "Happy marriage Life" කියලා.. මට ෆුල් චේන් දැන්.. ඇයි අප්පා ගලයනම් බීලවත් කීව්වහැකි ඒත් මේකිට මොක වෙලාද? කලු කුමාරයත් දිශ්ටිය දාලද මේ රෑ? ඒත් එහෙම වෙන්නත් බෑ මොකද අර කුරුනෑගල රැවුල් කාරය අමාරුවෙ වැටුනට කලුකුමාරයවත් මේකිට දිශ්ටිය දායි ඈ.. උගෙනුත් සමරු අත්සන් ගන්න යන ජාතියේ කෙල්ලොනේ මුන්ගේ ඉක්කෝලේ ඉන්නේ(කෙල්ල ගියෙත් නුවර ප්‍රසිද්ද බාලිකා ඉස්කෝලෙකට  දන්නෝ දනිති ඔය සමරු අත්සන් කතාව).සූදානම් සරීරේ කියලා මම රින්දිටත් ගලයට යැව්වා එකම අනිත් අතට යැව්වා. ආපහු විනාඩියක් ගියෙ නෑ යකෝ මෙන්න ෆෝන් එක බ්‍ර්ර්ර්ර්ර්ර් බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර් ගානවා.. මං බැලුවා ෆෝන් එක කෝක් බීලා ස්විස් ආස හිතිලවත්ද කියලා.. අනේ නෑ ආපහු රින්දි අනිත් අතට මට එවලා "හා හා උඹලා අපටත් හොරෙන් බැන්දා එහෙනම් නේ" කියලා..මොකක්ද යකෝ මේ අහක හිටපු මට පාත්වෙච්ච පොල් පරාලේ.. මම රින්දිට යැව්වා "මොකද බං උඹලට මේ වෙලා තියෙන්නේ ඔක්කටම ටැබා මිස් වෙලාද එක එක විකාර කියවන්නේ" කියලා.. හිටියා හිටියා නෝ රිප්ලයි.. උඹට හොදනම් මට මොකෝ කියලා මම ගියා නිදාගන්න.. 


අනේ ඉතිං නින්ද යාගන එද්දී ආපහු බ්ර්ර්ර්ර්ර්ර් බ්‍ර්ර්ර්ර්ර්ර් ගාපි. මට දැං මල අතිං පුරවලා එකයි.. මැසේජ් කරපු එකාගේ අම්ම තාත්තා මතක් කරගෙනම අතට ගත්තා ෆොන් එක.. ඒ පාර තල්මස් පැටියා එවලා"අඩේ එහෙනම් පාර්ටියට විස්කියක් හොදේ".මම ඉතින් උගේ සියලු නෑ හිතමිතුරු අමතලා,මුන්ට කීවට තේරුමක් නෑනේ කියලා ෆෝන් එක ඕෆ් කරලා නිදාගත්තා ඇයි..... වදේ..


උදේ නැගිටලා දත කට මැදල ඇවිත් ෆෝන් එක ඔන් කරා විතරයි ඔන්න පටන් ගත්තා බ්‍ර්ර්ර්ර්ර් බ්ර්ර්ර්ර්ර් බ්ර්ර්ර්ර්ර් බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්.මැසේජ් පුරවලා එකයි ෆෝන් එකේ.එක එකා ගෑනියෙක් නැති මගේ යුග දිවියට සුභපතලා..අනේ ඉතිං අම්මලා තාත්තලාගේ සල්ලිනේ...


කෝකටත් කියලා මම පහුවදා උදේ ආපහු මගේ මූනුපොතට එබිලා බැලුවා අම්මට හුඩු එතකොටනේ වැඩේ තේරුනේ..අපේ පන්තියේ එවුන් විතරක් ඉන්න ගෲප් එකක් තියනවා මූනු පොතේ.ඔන්න ඕකේ ගලයා මට මදි නොකියන්න මඩ ප්‍රහාරයක් එල්ල කරලා.. මෙතැන් සිට ඒ මඩ කතාවස්තුව


ගලයා :



ඔක්කොටම party එකක්

නියට මොකද වෙලා තියෙන්නේ කියල හොයලා බැලුවම මෙන්න මේක තමා වෙලා තියෙන්නේ, මම ඉතින් උදේම කනියම msg එකක් දැම්මා කනියෝ මොකෝ උඹ fb එක අයින් කලේ කියලා

“ගලයෝ මාර සීන් එක ඕයි පොඩි කේස් එකක් ගිහින් මම කෑල්ලව බැන්දා බං වෙන කරන්න දෙයක් තිබ්බෙම නෑ” 

මට මේක දැකලා හික්ස් උනා මම ගත්තා කනියට කෝල් එකක්

“අඩෝ **** මොකක්ද ප** මේ මට එවලා තියෙන්නේ”

අනිත් පැත්තෙන්

“අයියා ක**** අයියා නම් බාත් රූම් එකේ” කියලා ගෑනු කට හඩකින් කීවා

කොහොම හරි කනියට අපේ හැමෝම සුභපතලා මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා




ටිනා :බීමක්ද බං?

ගලේ : ආයෙත් අහලා..

බෝලේ :  wishing u all happiness in the world ,congratulations on your marriage 

දුමා : ඔව් ඔව් බීමක්..කනියා දැන් "පැනි හදේ" ගිහින් ඉන්නේ හැමෝම් විස් කොරානම් හොදයි..

කාගෙත් අයියා : සිරාමද ගලේ??

ටිනා : කනියට උම්ම 1කක් දෙන්න හිතෙනවා

ගලේ : ඔන්න ඕකනේ අය්යා msg එකක්දාල කනියගෙන් අහනවකෝ

බෝලේ : අපි දැන් උට උම්ම දෙන්න ඕනානෑ.මෙලහකටතබරගානක්හම්බෙල ඇති උම්මා අද

ටිනා : හම්මා සිත්ති උම්මා........එහෙනම් මෙලහට හපා ගන්නවද දන්නෑ...

බෝලේ : අනිවා. කනියා සුවර් එකටම අලුත බැදපු කෙල්ලව කනවා ඇති මෙලහකට

තල්මහ : අඩේ මට විස්කියක් සුවර්නේ?

බයිසා : අඩො මොකද une?????

කනියා : **** ******** ******* ***** **** (තරු පමනි)

ගලේ : කනියෝ කොහොමද පැනි හද?

තල්මහ : කනියෝ ලෙසටම දුන්නද බං

ඔන්න ඔහොමයි අපේ එවුන් මම දන්නෙත් නැතුව මගෙ මගුල කරේ.. අනේ වාසනාවන් මෙවන් සෙට් එකක් මතු ආත්මෙකදිත් මටම හම්බවේවා...

ප.ලි :  කොල්ලනේ උඹලගේ මූනූ පොත්නම් ක්‍රියාවිරහිත කරන්න එපා මොන ප්‍රශ්නේ තිබුනත් ඔන්න

23 කමෙන්ට්ස්:

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අඩේ එළ සෙට් එකක් නේ ඉන්නේ....

ishan said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

loweth neeeeeee elamai kaniyata happy wedded life.......

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මොනවා වුනත් හොද යාලුවො ටිකක්... FB එකවුන්ට් එක ඩිසේබල් කරපු බව දැන ගෙනම ගේම දීලා... :D

මාධව විදුරංග said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එළ! මාත් ඔහොම බයිට් එකක් දෙන්නයි ඉන්නේ අපේ එකෙක්ට! එළ එළ!

තරු විතරක් තියන වාක්‍යය මොකක්ද අෆ්ෆා!

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හම්මේ තමා මුන්ට කාට හරි ගේමක් සෙට් කරේ නැත්නම් නින්ද යන්නේ නෑ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ටැංකියු ටැංකියු ඉශාන් අයියා ;)

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හප්පේ තමා අක්කේ ආයනම් මගෙ අවමගුලටවත් මමනම් නෙවේ ඩිඇක්ටිවේක් කරන්නේ..

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එල එල අනේ තවත් කොල්ලෙක්නේ අර ඉතිං අමාරුවෙ වැටෙන්න යන්නේ...

ස්තූතියි මේ පැත්තේ ආවට

ගලේ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඉතින් කනියෝ එක නෙමේ කියපන්කො බලන්න අලුත් life එක කොහොමද කියල?

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හොදා හොදා තාම පලවෙනි දවසනේ.. :P

අග්නි ධාරා... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හයියෝ....සමාවෙන්න මේපැත්තට එන්න පරක්කුවුනාට....කවුද දන්නෙ මේ ඔයා කියල...මේ ආවෙත් අහම්බෙන් ෆේස්බුක් එකේ දැක්ක ලින්ක් එකක් නිසා....
සීකේ......ඔයවගේ යාළුවො මට නෑනේ.....:(
අදින් පස්සෙ දිගටම එන්නම්....ජය වේවා!!!!!!

duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates
This comment has been removed by the author.
duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සුභ පැතුම් ඈ . . .

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අහ් තංකු යු හොදේ මාත් දැක්කා...

හික්ස්ස් හප්පේ මේ වගේ පෝරිසාදයෝ හිටිය්ටනම් තියෙයි

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔන්න ඉතින් ඕනේ අයියත් කින්ඩිය දාන්ට ගත්තා :D

දේව් ගේ අඩවිය said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අෆ්ෆා.. ඇ බන් අර ඊයේ ගියා කිවේ ඒ වැඩේටද? ශික් කලින් කිවා නම් මොනවාම හරි එකක් කරනවා බන්...

ඔය යාලුවෝ සෙට් එකනම් පට්ටය..

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හක්ස්ස්ස් ඒ වැඩේ නෙවේ බං මේක වෙන වැඩක්.. ශ්ශ්ශ්..... සද්දේ සද්දේ..

ගලේ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අනේ අපි නොදන්නා උබේ වෙන වැඩ?අනිවා කොහේ හරි යන්න ඇති බොන්න

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පට්ට සෙට් එකක් නේ !! සුබ පැතුම් !!!

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික්ස්ස්ස්ස් වැඩක් නෑ කතා කරලා අයියේ...

Rindi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපි අවමගුලෙදි වගේම මගුලෙදිත් කනියව දාලා යන්නෙ නැ....හික්ස්.........:D

ගිනි කුරුල්ලා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපිට පාටියක් නැද්ද බන්? :P

හිතහොඳ පිස්සා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සුභ මංගලම් එහෙනම් හොඳේ......:))))