ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්රොජෙක්ට්ම කරන්න කියලා...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්රශ්නයක් අහන්නම් පුලුවන්නම් ...
මූනු පොතේ අපි
Tuesday, February 7, 2012
කොල්ලෝ නරක නෑ....
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්රොජෙක්ට්ම කරන්න කියලා දුන්න අම්බානක,දැන් ඉතිං ගූගල් දෙවියා අමත අමත කෝඩ් හොයනවා.
ඔය අතරේ තමා දේව්ගේ අඩවියේ තිබ්බ වැලන්ටයින් පෝස්ට් එක දැකලා ඩ්රාෆ්ට් වල භාගෙට ටයිප් කරලා තිබුන මේ පෝස්ට් එක මතක් උනේ.. මේ පොස්ට් එකේ සීන් එක තමා කොල්ලො සෙට් වුනාම වැඩියෙන්ම කතා වෙන මාතෘකාවක් ගැන.. ඒ වෙන කවුද? කෙල්ලෝ ගැන. මේක ගැන අපි ලියන්න හිතුවෙ අපි බොන්න සෙට් උන හැම වෙලාවකම වගේ කාතාවෙන ප්රශ්නයක් තමයි මේ කෙල්ලො...අම්මෝ බොන එකත් එපා වෙනවා මේ කෙල්ලො නිසා.. අනිත් එක ගිය දවස් වල බ්ලොග් ලෝකේ තහනම් වචනෙනේ "කෙල්ලෝ" කියන්නෙත්..
කෙල්ලෝ කියන්නෙ මාරම ජාතියක්..කොටින්ම කීවොත් තවම හදුනා නොගත් සත්ව විශේශයක් ..කවදාවත් හදුනා ගන්නත් බෑ..හදුනා ගන්නෙත් නෑ.."එකයි ලෝක ස්වාභාවය".කියමනක් තියනවා නේ සෑම සාර්ථක මිනිසෙකු පිටුපසම ගැහැනියක් ඉන්නවා කියලා.. මොන බොරුද? ඕවා ගෑනු උන්ටම හදාගත්ත ඒවා..මටනම් සුවර් ඕක හදපු කෙනාටත් අලි බෝලයක් බස්සන්න ඇති කෙල්ලෙක්...
මෙන්න මේකයි ගොඩක් උන්ගෙ ඉරනම…කොල්ලෙක් බුදු කට්ටක් කලා කෙල්ලෙක් පස්සේ ගිහින් කොහොම හරි කෙල්ලව දා ගන්නවා.අන්තිමෙට අවුරුදු ගානක් ලව් කරනවා කියලා දුක අදිනවා..ඒ අස්සේ පොඩි සැපකුත් ගන්නවා..සැපට වඩා දුක වැඩී..අන්තිමෙට කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යනවා…වැඩිපුර උන් කියන්නේ මෙන්න මේ ටික…"සොරි අනේ මාව අමතක කරන්න..මම ගැන බලපොරොත්තු තියා ගන්න එපා "කියලයි..කොහොම හරි කෙල්ල අලුත් කොල්ලත් එක්ක හැම් බේකන් කද්දී බූට් කපු එකා…බෝතලේට වැද වැද දුක් වෙනවා…අපි අහන්නේ මොන මගුලටද එහෙම වෙන්න කියලයි..කොල්ලනේ කවදාවත් බූට් එකක් කෑවා කියලා දුක් වෙන්න එපා..
මේ තියෙන්නේ ඇත්ත ලෝකේ සිදු උන සිරා කතා දෙකක්……
මෙන්න මේ කතාව අපිට අහන්න ලැබුන එකක්.එක කෙල්ලෙකුයි කොල්ලෙකුයි අවුරුදු හතක් ලව් කලා…ඉස්කෝලේ යන කාලෙදී තමයි ලව් එක පටන් ගෙන තියෙන්නේ..කොහොම හරි මේ දෙන්නා ඒ ලෙවල් කරනකන් එකටම හිටියා..කොහොම හරි කෙල්ල හොදට පාස් වෙලා කැම්පස් එකට සිලෙක්ට් උනා..කොහොම හරි කොල්ලා ජොබ් එකකට ගියා..කෙල්ල කැම්පස් ගියා..අන්තිමට මාස ගානක් ගියාට පස්සේ කෙල්ල කියනවලු “ඔයාට මාව ඕනේ නම් ඔයත් කැම්පස් එකට එන්න නැත්තම් මාව අමතක කරන්න කියලා”
තවත් කෙල්ලෙකුයි කොල්ලෙකුයි හිටියා මුන් දෙන්නගෙම කුලුදුල් ප්රේමය.කෙල්ලෙගේ තාත්තා බයෝ පංති කරන සර් කෙනෙක්. මුන්ගේ ආදරේ අවුරුදු 2ක් විතර යද්දී තමා අර සුපර්ස්ටර් සීන් එක ආවේ.ඒ කාලේ SMS බලාගන ඔය කියන එක ගායකයෙක් මේ සර් ගේ පංතියේ සිංදු කියන්න ආවා.ඒ අපුවාහම සරුත් තමුන්ගෙ දුවව අදුන්වලා දීලා මේ ගෑනු ළමයාට කතා කරන්න අවස්ථාවක් අරන් දීලා.ඒ සිද්දියෙන් පස්සේ මේ කෙල්ල යාලුවෙලා ඉන්න කොල්ලත් එක්ක කියවන්නෙම අර ගායකයා ගැනලු.ඒ පිලිබදව ගිය බහින්බස් වීමක අවසන් ප්රතිපලය වෙන්නේ මේ කොල්ලා වස බීලා කොහොම හරි බේරිලා ඒත් දැන් අවුරුදු 5ක් විතර ඇදක් උඩ. ඒත් වෙලහකටත් ඒ කෙල්ලට දැං වෙනකොට වෙන කොල්ලෙකුත් ඇති.
තව මේ වගේ කතා අම්බානක ඇති..
ගොඩක් උන් එකෙක් එක්ක ඉන්නෙ ඊට වඩා තව හොද එකෙක් හම්බෙනකන් විතරයි..හැම කෙනාම කැමති අලුත් දේවල් හොයන්නනේ..ඉතින් ගොඩක් කෙල්ලොත් කැමති අලුත් කොල්ලෙක් හොයා ගන්නයි. ගැහැනු චපලයි,කට්ට්යි වෙට්ට පිත්තලයි …ගැනුන්ගේ මොලේ හැදි මිටේ කියන්නේ උන් අපිව තම්බන්නටය..උන්ගේ මොලෙ වැඩිලා තියෙන්නේ පිරිමින්ට ගේඩර් දීමටය..වැඩි කතා ඔනේ නෑ මනමේ කුමරියත් කලේත් කැත වැඩේනේ…නැත්නම් අහවල් ක්රියාවකටද වැද්දට කඩුව දුන්නේ..වෙනසකට තියෙන්නේ එදා මනමේ කුමරිය දුන්නේ කඩුව, අද කෙල්ලෝ කොල්ලන්ට දෙන්නේ බූට් එකය.
තවත් කෙල්ලෙකුයි කොල්ලෙකුයි හිටියා මුන් දෙන්නගෙම කුලුදුල් ප්රේමය.කෙල්ලෙගේ තාත්තා බයෝ පංති කරන සර් කෙනෙක්. මුන්ගේ ආදරේ අවුරුදු 2ක් විතර යද්දී තමා අර සුපර්ස්ටර් සීන් එක ආවේ.ඒ කාලේ SMS බලාගන ඔය කියන එක ගායකයෙක් මේ සර් ගේ පංතියේ සිංදු කියන්න ආවා.ඒ අපුවාහම සරුත් තමුන්ගෙ දුවව අදුන්වලා දීලා මේ ගෑනු ළමයාට කතා කරන්න අවස්ථාවක් අරන් දීලා.ඒ සිද්දියෙන් පස්සේ මේ කෙල්ල යාලුවෙලා ඉන්න කොල්ලත් එක්ක කියවන්නෙම අර ගායකයා ගැනලු.ඒ පිලිබදව ගිය බහින්බස් වීමක අවසන් ප්රතිපලය වෙන්නේ මේ කොල්ලා වස බීලා කොහොම හරි බේරිලා ඒත් දැන් අවුරුදු 5ක් විතර ඇදක් උඩ. ඒත් වෙලහකටත් ඒ කෙල්ලට දැං වෙනකොට වෙන කොල්ලෙකුත් ඇති.
තව මේ වගේ කතා අම්බානක ඇති..
ගොඩක් උන් එකෙක් එක්ක ඉන්නෙ ඊට වඩා තව හොද එකෙක් හම්බෙනකන් විතරයි..හැම කෙනාම කැමති අලුත් දේවල් හොයන්නනේ..ඉතින් ගොඩක් කෙල්ලොත් කැමති අලුත් කොල්ලෙක් හොයා ගන්නයි. ගැහැනු චපලයි,කට්ට්යි වෙට්ට පිත්තලයි …ගැනුන්ගේ මොලේ හැදි මිටේ කියන්නේ උන් අපිව තම්බන්නටය..උන්ගේ මොලෙ වැඩිලා තියෙන්නේ පිරිමින්ට ගේඩර් දීමටය..වැඩි කතා ඔනේ නෑ මනමේ කුමරියත් කලේත් කැත වැඩේනේ…නැත්නම් අහවල් ක්රියාවකටද වැද්දට කඩුව දුන්නේ..වෙනසකට තියෙන්නේ එදා මනමේ කුමරිය දුන්නේ කඩුව, අද කෙල්ලෝ කොල්ලන්ට දෙන්නේ බූට් එකය.
අනිත් දේ තමා කෙල්ලන්ගේ කැමතිම පාට අහපු ගමන් කියන්නේ සෝසපාට කියලා.ආය අර විකෘති වෙච්ච විනි ද පූ ට මුන් බුදු කැමතියි අනේ මංදා මටනම් පොඩි කාලේ ඉදං උන්ව දැක්කාම මාර බයයි.. මුන්ගෙ තව කට්ටකම කියන්නේ ගෙදර ඉන්න බල්ලට කන්න දෙන්නේ නැති උනාට මොකද පාරේ ඉන්න ලොම් හැලිච්ච බල්ලෙක් දැක්ක ගමන් කියන්නේ අනේ "ශෝයි බව් පැටියා" කියලා.. තවත් මේ වගේ මුන්ගේ මල විකාර අම්බානක තියනවා.මෙව්වා ඔක්කම කොල්ලන්ව දාගන්න කරන මුන්ගේ ගැට.පිරිමි අපි මේවට අහුවෙනවට අපිට ගහන්න ඕනේ.
කෙල්ලෝ කියන්නේ මතුපිටින් පේනවට වඩා විස ගෝර සර්ප විසේසයකි,දශ්ට කලොත් ගොඩ ඒමක් නෑ.කොල්ලෙක් කියපු ඕනම දෙයක් ඕනම කාලයක් වචනයක් නෑර මතක තබා ගැනිමේ හැකියාවක් උන් සතුයි.තවද පලි ගැනිමේ කියන දේ ඉහලින් පිහිටයි.කොල්ලෙක් කෙල්ලෙක්ගේ පස්සෙන් වැටිලා අවුරුදු ගානක් බස් හෝල්ට් ගානෙයි කඩවල් අස්සෙයි චාටර් වෙලා කෙල්ලෙක්ව දාගන්නේ නොමනා දුකක් විදලා. ඒ කෙල්ල තමුන්ට "හා" කියපු තත්පරේ ඇතිවෙන ආතල් එක කොල්ලට ඌ ඉපදුන වෙලාවේවත් ඇති වෙලා නැතුව ඇති.ඌ හිතන්නේ මම තමා පොර මගේ අවුරුදු ගානක මහන්සිය වතුරේ ගියෙ නෑ නේද කියලා.ඒත් ඌට නොතේරෙන්න කෙල්ල කොල්ලගේ අතේ තියන පිච්චියටත් වැඩේ දීලා මුව කාලකන්නියෙක් කරලා අන්තිමට වෙන එකෙක් එක්ක ගිහින්.අන්තිමට මුට උරුම ගල් භාගයයි සිගරට් 12යි. එහෙමත් නැත්නම් ගොඩක් මෝඩ එවුන්ට ග්රැමක්සෝන් හරි හාක්රොස් පටාස් හරි.
ඔන්න ඕකයි අද කෙල්ලන්ගේ තත්වේ.. දැං මේ ලඟ ලඟ එන වැලන්ටයින් කියන දවසට කෙල්ලෝ බලාගන ඉන්නේ කොල්ලො ටිකගේ පර්ස් සුද්ද කරන්න එහෙම නෙවෙයි, ඒක ආය කාලගුනෙන් කීවා වගේ සුවර්.. වහිනව කීවනම් වහින්නේ නෑම තමයි..එහෙනම් අන්තිමට කියන්න තියෙන්නේ
"කෙල්ලන් අනතුරු සහිතයි ප්රවේසමෙන් පරිහරණය කරන්න"
ප.ලි : දැන්මම වාරණ නියෝගයක් දානව ඕං කොසු ඉදලු අරං පස්සෙන් පැන්නීමනම් තහනම්...
Subscribe to:
Post Comments (Atom)



66 කමෙන්ට්ස්:
සිරාවටම.................... ඇත්ත සහෝ.. ඒත් ඔය අතරේ සමහර හොද කෙල්ලෙත් ඉන්නවා ඇතිනේ..
අන්න ඒ වගේ හොද කෙල්ලෙක් තමා ප්රශ්නේ..
ඔව් බං සමහර කෙල්ලෝ ඇත්තටම බොක්කෙන්ම ලව් කරන එවුන් ඉන්නවා ඒ අතරේ මෙහෙම උනුත් ඉන්න එකයි දුක...
මල්ලිලාට පොඩි අවවාදයක් දෙන්නම්. මොනවා හරි ප්රශ්නයක් තියේනම් ඒක 100%ක්ම විසදගන්නෙ නැතුව බඳින්න නම් එපා. ප්රශ්නත් එක්ක බැන්දොත් කවදාවත්ම විසදෙන්නෙ නෑ.
මමත් ඔය කියන විදියට අවුරුදු ගානක් love කරලා බැඳලා අවුරුදු 19ක් හිටියා. මෑතකදි එයා වෙන මිනිහෙක් එක්ක ඉන්නවා අතටම අහු වුන වෙලේ, මම මෙතෙක් හම්බ කරපු සේරමත්, ගෙයත් දීල මම divorce වුනා.
Upset තමයි, ආර්තිකය 0යි. ඒත් නිස්කලන්කෙ ජීවත් වෙනවා පොඩි ගෙයක් රෙන්ට් කරගෙන.
මචං දුවන්න පාරවල් හොයා ගනින් දැන්මම......
බයෙන් බයෙන් ඇවිත් පෝස්ට් එක බලල යනව පණ බේරගෙන.
ඔය කතාවේම අනිත් පැත්තත් මේ සමාජේ වෙනවනේ සහෝදරයා... ඒ නිසා දෙන්නෙක්, තුන් දෙනෙක් දිහා බලලා හැමෝම මනින්න එපා.. :D
ඒත් ඔය කෙල්ලෝ කියන්නේ තේරුම් ගන්න බැරි කොටසක් කියන එක නම් මාත් පිළිගන්නවා. තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා.. ඒක නිෂ්පල වැඩක්..:PP
අනිවා අයියේ දුකයි තමා ඒත් අයියේ හිතට නිදහසක් නැතුව සල්ලි පොරෝගන ඉදලා වැඩක් නෑනේ..අවුරුදු 19ක් එකට ඉදලා ඔහොම කරන්න පුලුවන් ගෑනුත් ඉන්නවනේ මේ ලෝකේ....
මම මේ බ්ලොග් එකට ගොඩ උනු පලවෙනි දවස වගේම කියවපු පලවෙනි ලිපිය. නියමයි සහෝදරයා..
හික්ස් එක තමා බං පලි එකේ දැම්මේ මේ මචං අමතර ගන්න හෙල්මට් එකක් වගේ නැද්ද??
එකේ අනිත් පැත්ත වෙයිද දන්නේ නෑ ගිම්හානි අක්කා අපිට...
ඔව් අයිස් හැමදේම හොද වගේම නරක පැත්තකුත් තියන්වනේ.. අපි ඒක හින්දා නරක පැත්ත ගැන පොඩ්ඩක් ලියන්න හිතුවේ..
බොහොම ඉත්තූතියි මේ පැත්තෙත් ආවට බුද්දි....
මාත් අදමද කොහෙද මේ පැත්තේ ආවේ. කෙල්ලො හින්දා කාළකණ්ණි වෙච්ච කොල්ලෝ සහ කොල්ලෝ හින්දා කාළකණ්ණි වෙච්ච කෙල්ලෝද සිටියි. මොකද මම දන්න උන් ඉන්නව ලිංග භේදයකින් තොරව. හැබැයි අර තේරුම් ගන්න බෑ කීව කතාව නම් සහතික ඇත්ත සහෝ..... තේරුම් ගන්න හදන එකෙත් තේරුමක් නෑ මයෙ හිතේ......
හැට්ස් ඕෆ් !!!
කතාව සහතික ඇත්ත මල්ලි.
පස්සෙන් ගිහිල්ලා කන චාටර් එකට වඩා චාටර් එකක් තියෙන්නේ යාළු උනාට පස්සේ. එතකොට තමා ඇත්තම කට්ට කන්න තියෙන්නේ.!!
මටත් හිතෙන්නෙම කෙල්ලෝ කියන ජාතිය හරිම අත්භූතයි. තේරුම් ගැනීමට නොහැකියි !
කොල්ලන්න ජයවේවා... කෙල්ලන්ට භංග වේවා...
අහු වෙයන්කො කනියො හෙට පන්තියෙදි.................:D
නියමයි කනියෝ අවාසනාවට අත්ත කතාවක්
Machan menna mee part eka aththama aththa :)
"අනිත් දේ තමා කෙල්ලන්ගේ කැමතිම පාට අහපු ගමන් කියන්නේ සෝසපාට කියලා.ආය අර විකෘති වෙච්ච විනි ද පූ ට මුන් බුදු කැමතියි අනේ මංදා මටනම් පොඩි කාලේ ඉදං උන්ව දැක්කාම මාර බයයි.. මුන්ගෙ තව කට්ටකම කියන්නේ ගෙදර ඉන්න බල්ලට කන්න දෙන්නේ නැති උනාට මොකද පාරේ ඉන්න ලොම් හැලිච්ච බල්ලෙක් දැක්ක ගමන් කියන්නේ අනේ "ශෝයි බව් පැටියා" කියලා.."
I'm not saying all the girls are like this. There are some really nice girls out there. But I have experience the same thing as you said. Girls act as they are the most truthful, faithful & kind hearted on the planet. You can experience those things only until she finds a better guy than you. That's the way it is. I also learnt this the hard way.
Remember, a girl can fool a guy pretty easily & most of us will fall in to this.
iyoo iyaa uba ohaama kiwama apitath badinna be wage ban....
අනේ මමනං ඔහොම නෑ . . . මම ගෑනුළමයින්ට හෙනම ආදරෙයි . . .
"කෙල්ලන් අනතුරු සහිතයි ප්රවේසමෙන් පරිහරණය කරන්න"
එකනේ අය්යේ කියන්නේ,
විවාහය අමු අබයකි
කෑ එකාගේ දත් හිරිවැටි
ෂික් කාපු මෝඩකම යයි
ඌ පසුතැවිලි වෙද්දි
බලන් ඉන්න එකාගේ
කටට කෙල උනයි කියල
කෙල්ලො තමා බං කෙල්ලො :)
ඔව් ගොඩෙයෝ අදමයි මගෙ හිතෙත් මේ පැත්තට ආවේ.. ඔව් ලිංග භේදයකින් තොරව ඔය දේ වෙනවා. ඒත් මට හිතෙන විදියට ඕකෙ ගොඩක්ම අවාසිය තියෙන්නේ පුරුශ පාර්ශවයට
හලේ ආපහු ලගදීම පොඩි මෑන් ට ඇක්සිඩෙන්ට් එකක්.. :P
yep machan some girls are very kind... but the matter is lot of girls doing lyk this things.. they dnt wanna real love..it's just a afr for them..
අලේ අපි නොදන්න ඕනේ අයියා තම්බලා වතුල බීවත් පිංසිද්ද වෙනවා..
හික් හික් අනිවා අර මිනී ඔලුවයි ඇටකටු 2යි හොයාගන්න බැරි උනා බං
අනේද කියන්නේ හීනියට ගේම දිලා යනකම් කොල්ලෝ අපි ටියුබ් ලයිට්
හික්ස්ස්ස්ස්
ශේප් ශේප් බුල්ටෝ එකක් අරන් දෙන්නම්
ඔය සුපර් ස්ටාර් කතාව නං මාත් අහල තියෙනවා... පවු අසරණ කොල්ල. ඒ සර්රුත් නැති උනා නේද??
ඔව් බං උබ කොහෙද කෑගල්ලෙද?
ඔවු ඔවු.... තනියත් කගල්ලේද??
අම්මට හුඩු මාත් පින්නවල හරියෙනේ මට මේල් එකක් දාපන්කෝ apeewunkaniya@gmail.com එකට
අඩෝ කනියෝ බොරු එපා උබ කොහෙද පින්නවල :P පින්නවල ඉදල 30km විතර තියනවනේ බන් උබලගේ ගෙදරට
කට වහපන් ගලයෝ...
කෙල්ලෝ උනත් ගානට තියන් ඉන්න ඕන. එහෙම උනාම දුකක් නෑ. ඇයි දෙයියනේ.... එකෙක් විතරද මේ ලෝකේ ඉන්නෙ. හොදම වැඩේ අඩුම තරමින් 2ක් වත් තියාගන්න ඕන.එකෙක් නැත්තම් තව එකෙක් රෙඩි පිට ඉන්නවනේ.
කව්ද මේක ලියපු කෙනා..... මට මේ වෙලාවෙ එන කේන්තිය.... ලග හිටියා නම් ගල්ගෙඩියක් ඔලුව්ට අතාරින්වා
හු හු ම0 මෙහේ.... :p
හුටා හෙට මටයි දුමාටයි ක්ලාස් ගිහින් ඉවරයි
හක් හක් මේ දවස් වලනම් එපා බං මොකද බැස්ටිය දෙන වැලා එනවා ඕං
@ranu-oyata gal gedi ussanna sup ekak oni nam math innawa oki....
ඔන්න දැක්කා නේද යාලුවනේ කෙල්ලොන්ගේ හෙටි..... අපිට කිසිම නිදහසක් නෑ. අපි මෙහෙම ඉදලා හරියන් නෑ........ මේ පේනවා නේද?දැන්මම චූන් වෙලා.
කනියා කිවා නේද(දැන්මම වාරණ නියෝගයක් දානව ඕං කොසු ඉදලු අරං පස්සෙන් පැන්නීමනම් තහනම්...) කියලා.
පව් කොල්ලො සෙට් එක class ගිහින් හමාරයි
ඒකනේ බං කියන්නේ වැඩක් නෑ කතා කරලා.. ඒ අස්සේ මට පුද්ගලිකිව මගේ මූනු පොත්ටත් තර්ජනාත්මක ලිපි එනවනවා මේක මගේ ජීවිතයට තර්ජනයක්
මම කීවා උඹට මේ පෝස්ට් එක දාන්න බෑ කියලා...:)
මෙන්න මේ ලින්ක් එකටත් ගිහින් බලන්න යාලුවනේ
https://www.facebook.com/photo.php?fbid=325646174144639&set=a.268460603196530.65776.268458809863376&type=1&ref=nf
අන්න මචං ඔය තියෙන්නේ සාක්කි...
ඇති යන්තන් මම බේරිලා :D
සිරා කතාව....චපල වෙට්ට පිත්තල එවුන් එක්ක ඔහොම තමා ඉන්න ඕන. නමුත් හොද කෙල්ලෙක්ට ඔහොම කරන එක හරි නෑ නේද? ......
අපොයි.. මොකද මලයෝ ඔයහැටි කෙල්ලෝ අපුල වෙලා.. ඇත්ත... ප්රතිශතයක් විදිහට ගත්තාම කොල්ලන්ට වඩා කෙල්ලෝ චපලයි.. ඒත් කොල්ලෝ සීමිත පිරිසක් ඉන්නවා.. අහිංසක කෙල්ලෝ බුරුතු පිටින් රවටන.. ඒක හින්දා කෙල්ලන්ට ඔහොම කියන එකට 100% එකඟ වෙන්ට බෑ.. හැබැයි ඔය කියපු දේවල් ගැලපෙන කෙල්ලොත් යම් ප්රමාණයක් ඉන්නවා.. එහෙමයි කියලා බඳින්ට බය වෙන්ට එපා.. ඉන්ටම බැරි නං අයිං කොරන්ට දික්කසාදේ කියලා එකකුත් තියෙනවානේ.. අර ඇනෝ.. කොරලා තියෙන්නේ.. ඇත්තටම මං ඇනෝගේ ක්රියාව බෙහෙවින් අගය කරණවා.. මොකද බිඳුණූ බඳුන් අලවන්ට ගිහිං නිකං ගම් ගාගන්නෙ මක්කටෙයි..
අන්න අයියේ මේ කතාවනම් පට්ට කතාව.
බිඳුණූ බඳුන් අලවන්ට ගිහිං නිකං ගම් ගාගන්නෙ මක්කටෙයි..
අනේ තමා ඒත් අයියේ ප්රශ්නේ තියෙන්නේ එක නයෙක් කෑවාම අනිත් නයින්ටත් බයවෙනවනේ, එතකොට ඒ නයිනුත් කයි කියලයි හිතන්නේ.. ඇත්තටම තාමත් ලංකාවේ හොද කෙල්ලෝ නැතුව නෙවේ..
ඇයි දෙවියනේ...බූට් කෑවා කියල ඔහොමත් කෑගහ ගහ අඬන සිරිතක් තියනවද 'මල ගෙදරක' වගේ???
කෙල්ලෝ ඇවිල්ලා හක්ක පටාස් වගේ ජාතියක්...
කව්ද අලේ බූට් කෑවේ??? ඕං ඊයේ රසීගේ බර්ත් ඩේ එක තිබිලා කේක්නම් කෑවා.. වැඩිය නෑ කෑලි 4ක් ද කොහෙදෝ...
අම්මේ තමා හක්ක විතරක්නම් මදැ.. දත් කපීර්ලා
කොල්ලොත් ඕනා තරම් ඉන්නේ ඔහොම කරන. හරියට නිකන් කතා කරන්නේ එයාලා තමයි උසස්ම වර්ගය වගේනේ
ඔව් ඔව් අපිත් නෑ කියන්නේ නෑ එහෙම කොල්ලෝ ඉන්නවා ඒත් බහුතරය කෙල්ලෝ
බ්ලොග්කරනය දිරිමත් කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලද බ්ලොග් ගැන්සිය තුල ඔබගේ බ්ලොග් අඩවිද ඇතුලත් කර ඔබ සියලු දෙනාගේ බ්ලොග් අඩවි සදහා පාඨකයන් ගෙන්වා ගන්නා අතරම අපගේ සින්ඩිකේටරය සාර්තක කර ගැනීමට කාරුනික සහයෝගය ලබා දෙන්න...ස්තුතියි.
http://bloggansiya.blogspot.com/
sampurna aththa kaniya aye dekaka ne oke....lol........
උඹට ලගම ටවුම නේද පින්නවල ????
ඕවට කියන්නෙ හුරතල් ගුටිකියල මල්ලි . . . කෑවත් සැපයි
චාටර් මාකටිං . . . .
පින්නවල ටවුමක් නෙවේ අයියේ.. ලගම ටවුම ඉතින් රම්බුක්කන තමා ඒ උනාට ඉක්කෝලේ ගියේ කෑගල්ලේනේ
යකෝ කොසු ඉදල් වලින් ගහනවට කියන්නේ හුරතල් ගුටිනම් මුන් සිරා ගැහුවොත් අපේ ඇගේ නූල් පොටක්වත් ඉතුරු වෙන්නේ නැති වෙයිනේ අයියේ?
Post a Comment