ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Friday, February 3, 2012

බෝඩිං කාරයෝ-තවදුරටත්



කනියා පටන් ගෙන තියන බෝඩින් සීරිස් එක දැක්කාම අනේ ඉතින් මටත් මතක් වෙන්න පටන් ගත්තානේ කතා දෙකක් තුනක් ඔය බෝඩින් කාලේ වුනහිත කියනවා ඉතින් ...ලියපන් පෝස්ට් එකක් ලියපන් පොස්ට් එකක් කියලා..ඔන්න එහෙනම්...

ස්ටෝර් නම්බ්‍ර් වන්

ගලේගේ ශිෆ්ට් කතාව දකිනකොට තවත් ඔය බයිසිකල් කතාවක් මට මතක් උනා..මේ කතාව වෙනකොට  ඔය කලින් පෝස්ට් එකේ කීව බයිසකලේත් බයිසා අවලං වැඩ වලට යොදාගන කඩලා දාලා තිබුනේඅපේ කනියා ඉන්නවා නේද මිනිහාත් හිටපු ගමන් හොද ලස්සන වැඩ කරනවාඔන්න ඉතින් දවසක් උයන්න මොනවත් නෑ කුස්සියේ..උයන්න එලවලු ගේන්න කඩේට යන්න ඕනේ.ඒත් යන්න විදියක් නෑ.බයිසිකලේ කැඩිලනේ..එහෙම කියලත් බඩගින්නේ ඉන්න පුලුවන්යෑහරි එහෙනම් "කනියෝ ලයිසන් තියන එකේ උඹ ලසිත් අයියාගේ(බෝඩිං අයිතිකාර මයා)බයික් එකවත් ඉල්ලගන මල්කඩුවාවට ගිහින් එලවලු ටිකක් අරගෙන වරෙන්කො" කියලා ගලයා කීවා..කනියත් ඉතින් කිසි කතාවක්  නැතුව ඔලුව වැනුවා දවස් වල ලයිසන් තියන එකෙකුට හිටියේ අපේ කනිය විතරයි..එහෙනම් කනියෝ උඹට දුමත් එක්ක ගිහින් එන්න පුලුවන් නේ ...මටත් මොකෝ ඉදන් යන එකනේ කියලා "යමන්" කියලා සල්ලිත් එකතු කරගෙන එලියට ඇවිත් කනියාට කීවා "ගිහින් බයික් එක ස්ටාර්ට් කරන් අරගෙන වරෙන්" කියලා….කිසි ගානකට ගන්නේ නැතුව මේකා කියපි යකෝ ෆුට් සයිකල් ස්ටාර්ට් කරන්න පුලුවන්ද කියලා?මම බැලුවා මොකද්ද ඒක මේ කියන හරුපේ කියලා

මම ෆුට් සයිකලයක් නෙමෙයි බං ලසිත් අයියාගේ මෝටර් බයික් එක ස්ටාර්ට්      කරන් වරෙන් කියලා කීවේ
කනියා උඹ ඕනෙනම් අරගෙන වරෙන්..මට බෑ..
මම යකෝ මට ලයිසන් නෑ..දෙන්නටම පොලීස් ලගින්න වෙයි..වේදනාවක් වෙන්නේ නැතුව අරන් වරෙන්කෝ ගිහින්..

කිසි කතාවක් නැතුව බුවා ලසිත් අයියලාගේ ගෙවල් පැත්තට ගියා.අම්මේ ඇති යාන්තම් කියලා හිතාගෙන මමත් මේකා බයික් එක අරගෙන එනකන් හිටියා පාරට වෙලා..මෙන්න බොලේ ටික වෙලාවකින් මේකා ගෙදර වැඩ කරපු බාස්ලගේ ලුමාලා සයිකල් කට්ටක් පැදගෙන එනවා

මම:යකෝ ඕකෙන් පාගන්න ගියාම එපා වෙනවනේ..ඇයි මෝටර් බයික් එක නැද්ද..අනික ලැජ්ජාවේ බැ ඕයි මේ මගුලේ යන්න..
කනියා : ඇයි උඹ හිතුවේ මං මොන්ටෙරෝ එකක එයි කියලද?
මම:කනියෝ යමංකෝ මෝටර් බයික් එකේ..
කනියා :මේ **** අන්න බයික් එකත් තියනවා ලසිත් අයියත් ඉන්නවා තොට පුලුවන් නම් අරගෙන පල..මට ලයිසන් තිබුනට බයික් පදින්න බෑ ...යකෝ මට වාහන එලවන්න පුලුවන් නම් අපේ ගෙදර කාර් එක එලවන්න මට නොදී ඩ්‍රයිවර් කෙනෙක් ගනීද.උඹට එන්න බැරි නම් මෙතනට වෙලා **** නැතුව ගිහින් පොල් ගාපන් රෑට උයන්න..

කියලා මේකා මගෙ අතින් සල්ලි ටිකත් උදුරාගෙන මටත් ඔරවලා විදුලි වේගෙන් යන්න ගියා

අම්මට උඩු ෆුල් ආතල් සීන් එකනේ..ලයිසන් තිබුනට වාහන ගෙනියන්න බෑ...කනියාව අඩවන්න නියම ටොපික් එකක් කියලා හිතින් හිතාගෙන හිනාවත් තදකරගෙන ආපහු බෝඩිමට ගිහින් විස්තරේ රපෝර්තු කලාඑදා රෑ එලි වෙනකන් බෝඩිමේ බයිට් එක කනියා..



ස්ටෝර් නම්බ්‍ර් ටූ

බෝඩින් ජීවිත් මාරම ආතල් කියන්නේ ඔන්න  ඉතින් අපි කට්ටිය හවස බූරු ගහලා බුලත් විටක් එහෙම කාලා..(ඉදලා හිටලා හොදේ) සිගරට්  එකක් එහෙම බීලා වල්පල් කතා කොර කොර ඉන්නවා.වෙලාව ඔන්න හවස 6 විතර ඇති...උදේ පාන්දර ගිය බබියා කඩියා කෑවා වගෙ කන්නාඩි දෙකත් ගලවාගෙන කුනුකරුපයකුත් කියාගෙනම ආවා..
 
බබියා : &^%$#@  ගේ කෙල්ලෝත් එක්ක එපා වෙනවා බං...උන් හිතන් ඉන්නෙ අපි මොකුන් කියලාද දන්නේ නෑ. මට නම් අද මල අතේ...මම මචන් මලට තිත්ත කුනු හරුපෙන් බැනලා අවේ..
ගලයා : උබ ඉතින් උදේ ඉදන් අර අහින්සක කෙල්ලව පෙට්ටි ඇතුලේ හිරකරගෙන වද දීලා අන්තිමේට බැනලා එනවා නේ...
බබියා : හොද අහිංසක..මට බැනපු විදිය දැක්කානම් තොපිලා ඔහොම කියන්නේ නෑ

මොකක් හරි සීන් එකක් හින්දා මංඩලේ කචල් වෙලා...අපිට නම් සීන් එක කීවා.ඒ උනාට රටටම කියන එක හරි නෑ නේ නේද?දැන් කොහොම හරි මූ ෆෝන් එකත් ඕෆ් කරනවා කියලා ඕෆ් කරලා දාලම තිබුනා...තියන අවුල නිසාම මෑන් ඉස්සරට වෙලා ඇලට් එකක් දාගෙන හිටියේ...මෙන්න ටික වෙලාවකින් මේකා ෆෝන් එකත් අතේ තියාගෙන එන ගමන් කියන්නවා

බබියා : බලපන් බං බත් හැලිය ඉදෙනකන් විතරයි රන්ඩු සරුවල් තියෙන්නේ කියන කතාව ඇත්ත.. බලපන් මේකිට මම තරහා උනාම ඉන්න බෑ..මැසේජ් එකක් එවලා තියනවා කියලා...
බයිසා : උඹ ෆෝන් එක ඔන් කලාද?ඔන් කරන්නේ නෑ කිවා නේද?
බබියා: ඔව් මේ අම්මට කෝල් එකක් ගන්න ඔන් කලා බං එතකොට තමා 
ආවේ..
බෝලයා:මොකද්ද බං එවලා තියෙන්නේ?(දන්නෙම නෑ මූ බබා)
බබියා:"අනේ සොරි අයියේ...ඔයාට ගොඩක් තරහා ගියාද?මට ඔයාව.............."
නෑ නෑ උබලට ඉතුරු ටික ඔනේ නෑ...


කියලා මේක දැන් හෙන උජාරුවට කියනවා.මෙන්න ඒ අස්සේ බෝලයා කියනවා


බෝලයා : මම කියන්නද මැසේජ් එකේ ඉතිරි ටික?
බබියා : උඹ කොහොමද දන්නේ මට එව්ව ඒවා?
බෝලයා : අනේ සොරි අයියේ...ඔයාට ගොඩක් තරහා ගියාද?මට ඔයාව ඕනේ..මාව දාලා යන්න එපා..මං පිලිගන්නවා වැරද්දක් උනේ කියලා....මාව තේරුම් ගන්න මගෙ රත්තරන් 
කියලා මේකා මැජික් කාරයා වගේ කියවනවා බබියත් දැං මුගෙ කන් දෙක සුවර් නෑ වගේ ඇස් ගෙඩි දෙකත් එලියේ දාගන කටත් ඇරගන බෝලයා දිහා බලාගන. අපේ අනිත් එවුන්ටත් ෆුල් අවුල්.


බබියා : බෝලේ ඇත්ත කියපන් උබ කොහොමද එවපු ටික හරියටම වගේ කීවේ?
බෝලයා : නිකම් ඉදිං බං මගේ පවුල් සංස්තාවත් මට මල පැන්නාම ඔහොම්ම තමා කියන්නේ කටට ආවට කීවේ බං.
බබියා : සිරා සිරා...ගෑනු ඔක්කොම එකයි නැද්ද දුමා... 


කියලා මගෙ පිටටත් තඩි බාලා ෆෝන් එකට කොට කොට බුවා යන්න ගියා..ටික වෙලාවකින් බෝලයා තනියම හිනා වෙවී අපට අඩගහනවා..වරෙල්ලකො බඩ්ඩක් පෙන්නන්න කියලා අපිත් ඉතිං අත් වල තිබ්බ හැදි ගෑරොප්පු ටික විසිකරලා කව්ද මේ බඩ්ඩ බලන්න....මෙන්න මේකා මුගෙ ෆෝන් එකට ආපු මසේජ් එකක් අපට පෙන්නපි ඒකේ තියෙන්නේ මෙහෙම


"එකනෙ මගෙ රත්තරන්...මම දන්නවා ඔයා මට බැන්නට ඔයා මට ගොඩක් ආදරෙයි කියලා.....උම්ම්ම්ම්ම්මමමා මගෙ පැටියෝ......................................................."
තව හෙන ගොඩක් තිබුනා. ඒවා කියන්න ලැජ්ජාවේ බෑ


මම : කව්ද බං මේ එවලා තියෙන්නේ
බෝලයා : බබියා බං
ගලයා : ඈ?
බෝලයා : ඔව් ඔව්,ඕකා නිදි අතරෙ බං මිනිහාගේ ෆෝන් එකේ කන්ටැක් වල මගෙ නම උගේ කෑල්ලගේ නමින් රීනේම් කරලා මැසෙජ් එක යැව්වේ මම..


කට්ටියටම ෆුල් සැප,කාට හරි ගේඩර් එකක් දුන්නේ නැත්තම් රෑට නින්ද යන්නේ නැති සෙට් එකක්නේ ඉන්නේ..දැන් හරි..කොහොම හරි එදා රෑ වෙනකන් බෝලයයි බබියයි මැසෙජ් කර ගත්තා... පස්සේ අන්තිමට බෝලය කීවා නැත්නම් පව්නේ අහින්සකයාගේ බලාපොරොත්තු.ඒත් ඉතිං බබියාගේ කෙල්ල නම් සතියක් යනකන් කතා කලේ නෑ කියලයි දැන ගන්න ලැබුනේ...

ප.ලි : බෝඩිමේ කාට හරි ගේඩර් දීමේ සංගමයේ සභාපති තමයි බෝලයා..


ප.ප.ලි : එදාට පස්සේ කට්ටියම කෑලි වල නම්බර් මකලා දාල නම්බර් එක මතක තියාගත්තා, නැත්නම් බෑනේ අනේ කොයි මොහොතේ ඕවගේ රිටර්න් එයිද දන්නේ නෑනේ..

18 කමෙන්ට්ස්:

හිතහොඳ පිස්සා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

බෝඩිම් ජීවිතේ එක එකාට මඩ ගහ ගන්න එක තමා අපිත් කරන්නෙ.....එකට මූණු පොතේ වෙනම පේජ් එකකුත් හදල තියෙන්නෙ...හැබැයි ඉතින් කවදාවත් තරහ වෙන්නෙ නම් නෑ....

duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මල්ලිට කිවුවම මොකද මල්ලි . . . මටත් ඔය ටිකම උනා

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පලවෙනි කතාව
අපරාදේ අරූ ලයිසන් ගන්න වියදම් කරපු සල්ලි.

දෙවෙනි කතාව
බබියා මාර හැපි එකේ කෙල්ලට කෝල් එකක් ගන්න ඇති නේ. හික්ස් :)

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates
This comment has been removed by the author.
කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අඩේ දුමා මං උබලට කීවේ මම ලයිසොන් ගත්තේ කොහොමද කියලා. සීන් එක මෙහෙමයි එදා 2010 අග සොමිබර සැන්දෑවක් වෙලාව 2කට විතර ඇති. මට ට්‍රයල් පෙන්නන තිබ්බෙ එදා. ඔන්න මාත් පිලිවෙලකට ඇදගන අතේ පයේ කරේ තිබ්බ සකලමනාව ගලවලා දාලා ගියා දෙන්නම් ජම්බු කියලා.කොල්ලා වගේ ගියාට මොකද එතනට ගියාම කකුල් 2ක ගැහෙනවා ගට ගට ගාලා. දැං කට්ටියම දාගන කොලඹ-නුවර පාරේ යනවා ඔන්න.මගේ වරේත් ආවා.. කොල්ලා ගත්තා වෑන් එක අම්මට හුඩු ගද්දිම ඒ සර්ට කෝල් එකක් ආවා. මාත් ඉතින් මොනවත් නෑ දැම්මා ගියර් එකට ගත්තා.සර් තාමත් කෝල් එකේ.විනාඩි 10ක් විතර කොහොම හරි පැදගන එනකොට මෙන්න එකෙක් හෝ ගාලා මගේ උරහිසට ගහනවා මං බැලුවා කව්ද කියලා.බලද්දි සර් මිනිහා තාම කෝල් එකේ තට්ටු කරල තියෙන්නේ නවත්තන්න කියන්න කොල්ලා එහෙම්ම කැරකුවා වීල් එක නැවැත්තුවා.. පස්සේ තමා මතක් උනේ අඩේ නවත්තද්දියි වාහනේ පාරට දාද්දියි හැන්ඩ් සිග්නලුත් නෑ වෑන් එකේ සිග්නලුත් නෑ නෙද කියලා.. මොන කරන්නද පහුවෙනිදා වෙව්ල වෙව්ල ගියා ටෙම්පොරිය ගන්න අඩේ මෙන්න ඇවිත් සර්ට කෝල් එකේ සිහියෙන් හිටපු හින්දා සිග්නල් අව්ලක් ගිහින් නෑ.. වරදිලාවත් එදා ඒ කෝල් එක ආවේ නැත්නම් කොල්ලා තාමත් ලර්නස් යනවා..

දුමා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ආයෙත් අහලා... බෝඩින් ලයිෆ් එකේ උන සීන් ලියනවානම් වෙනම බ්ලොග් එකක් ලියන්න පුලුවන්.

දුමා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම හිතන්නේ අයියා කියන්නේ දෙවෙනි කතාව ගැන වෙන්න ඇති...:)

දුමා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එකක් නෙමෙයි..හැපී එකේ කෝල් එක පිට ගොඩක් ආවා.

දුමා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මචන් උබ අර ත්‍රීවීල් ෆේල් උන කතාව මෙතන කියලා නෑ නේ..අපරාදේ එකත් කියන්න තිබුනේ..

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හරි හරි බං ඒ ඒ කාලේ දැං කොල්ලට පුලුවන්.. හැබැයි ඒත් බයික් වල නම් පොඩි පොඩි ගැටලු වගයක් තියනවා

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අඩේ ඒක අමතක උනානේ :P

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික් හික් මාර සෙට් එකක් නේ ..එතකොට කෙල්ල බබියට බැනලා අම්බානෙක...

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අප්පේ මුන් දුන්න ගේඩර්නම් කියලා වැඩක් නෑ බං...

Abeetha Edirisinghe said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මමත් ලියුවා මගේ බෝඩිං ජීවිතේ ගැන මුලම හරියෙදි.. ගිහින් බලහල්ලා... ආයෙත් එහෙම කථා දෙකක් විතර ලියන්න හිතාගෙන ඉන්නවා....

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

niyama pisso tikak ne mun tika.

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මමනම් අභීත අයියගේ මුලු බ්ලොගේම කවර් කරලා තියෙන්නේ..

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අනිවාර්යෙන්ම බං

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ela machan...