ළගින් ඉන්න උන්
ලියපුවා
ලඟදී කියවපුවා
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්රොජෙක්ට්ම කරන්න කියලා...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්රශ්නයක් අහන්නම් පුලුවන්නම් ...
මූනු පොතේ අපි
Thursday, March 29, 2012
විස්සේ කතාව
සෑහෙන කාලෙකින් මඩක් දෙකක් ගැහුවේ නැති නිසා ඇග නලියලා උණ ගැනෙන්න වගේ..ඒ අස්සේ පරණ පෝස්ට් ටික කියවද්දි එකෙන්ම නියම මඩක් මතක් උනා. මේකේ කතා නායකයා කවදත් වගේ අපේ ගලයම තමා. මාතෘකාව දැක්කාම දැං අන්දුන් කුංදුන් ඇති කට්ටිය නේ? හරි එහෙනම් මෙන්න මේකයි සීන්ස් එක
ගලයා අර අපේ එවුන් ටික සෙට් උන විදිය ගැන මුල්ම කාලේ පෝස්ට් දෙකක් ලිව්වා මතක ඇතිනේ කට්ටියට.නැත්නම් දූවලා ගිහින් බලලා එන්නකෝ
සෙට්වීම 1
සෙට්වීම 2
ඔන්න ඕකේ කිව්ව විදියට අපේ ගලයා තමා අපේ සෙට් එකට එකට සෙට් උන අන්තිම ඒ වගේම රටේ නැති වස විස මැක් ඩොන්.මේකා සෙට් වෙලා සති දෙකකට විතර පස්සේ දවසක ඉන්ටවල්එකේදී මෙන්න මෙහෙම දෙබසක් යනවා අපේ එවුන් අතරේ
ගලයා : මේ මචංලා අපේ ගමේ එවුන්නම් එල ආතල් වැඩක් කරනවා බං
ටිනා : මොකක්ද බං ඒ?
දුමා : මට සුවර් මොකක් නමුත් වස විස සීන් එකක්.
බබියා : හරි හරි කතාව කියපන්කෝ ගලයෝ
ගලයා : ගමේ එවුන් බං ඉතිරි කිරීමේ ක්රමයක් පටන් අරන්?
බයිසා : ඉතිං ** අපිට හාල් ද?
ගලයා : අහපන්කෝ උන් කරන්නේ දවසකට රු 20ක් විතර එකෙක්ගෙන් එකතු කරනවා.ඒ කරලා මාසේ අන්තිමට ඒ එකතු වුනු සල්ලි වලින් බොනවා. හිතල බලපන්කෝ දවසකට එකෙක්ගෙන් රු 20 ගානේ දවස් 30ක් කියන්නේ 600යි.ඒ කියන්නේ දහ දෙනෙක්ගෙන් 6000යි.
මම : අඩේ නියමයිනේ.. ඉතිං දැන් අපිත් ඕක කරමුද කියන්නේ?
ගලයා : ඒක තමා හු** මම මෙච්චර වෙලා කට කැඩෙනකම් කීවේ
දුමා : හරි එහෙනම් හෙට ඉදන් පටන් ගනින්කෝ
ඔන්න ඉතින් පහුවෙනිදා මම උදේ එද්දී අපේ සෙට් එකෙන් හිටියේ වෙනදා වගේම ගලයා විතරයි.ඒ වෙනකොට අර මගුලක් කතා කරගත්තට මොකද මටනම් ඒ ගැන මෙලෝ දෙයක් මතකෙවත් තිබ්බේ නෑ. මාත් වෙනදා පුරුද්දටම වගේ "අඩෝ ගලේ ගුඩ්මොනින්ග්" කියාගන ගලයා ගාවට යනකොටම ගලයා මාවත් ඇදගන දුවපි ක්ලාස් එකක් ඇතුලට
මම : මොකද ** මේ උදේ පාන්දර යක්සාවේස වෙලා වගේ දුවන්නේ?
ගලයා : වරෙන්කෝ ඉක්මනට..
මාත් හිතුවේ ගේමක්ද දන්නේ නෑත් කියලා කෝකටත් ගුටි කන්න මූඩ් එකකුත් හදාගන මු පස්සේ දිව්වා..
ගලයා : ඉක්මනට මට කොලයක් දීපන්කෝ.
මම : මොකද යකෝ මේ උබට වෙලා තියෙන්නේ ඊයේ නිදාගෙන ඉද්දී ඇද විට්ටමේවත් ඔලුව වැදුනද?
ගලයා : අනේ *** පෑනකුයි කොලේකුයි දීපන්කෝ
මම: ආ මෙන්න හාෆ්ශීට් එකක්
මේකා කොළේ ගත්ත ගමන් පහලට අපි දහ දෙනාගේ නම් ටික දාලා හරහට එකේ ඉදන් තිහ වෙනකම් ඉලක්කම් දාපි.. මට දැං ෆුල් අවුල්. ඇයි අප්පා මොක උනත් එකට ඉන්න එකෙක් පිස්සෙක් වගේ දගලද්දී කාට උනත් බය හිතෙනවනේ. ඔන්න ඔය අතරේ බෝලයත් කොහෙන්දෝ ඉදං ක්ලාස් එකට රිංගපි
ගලයා ඇදපු වගුවේ සාම්පල් එකක්
බෝලේ : ආ ගුඩ් මෝර්නින්ග් බෝයිස්
මම : ගුඩ් මෝර්නින්ග් බෝලේ..
ගලයා : රුපියල් 20 දීපන්
මම : ඈහ්?
ගලයා : ඇයි ප** ඊයේ කතා උනේ රුපියල් 20ස ගානේ එකතු කරනවා කියලා
බෝලේ : තූ නොදකින් මෙහෙමත් යාලුවෝ ගුඩ් මෝර්නින්ග් කියන්නත් කලින් සල්ලි ඉල්ලන්නේ..
මම : සිරා බං මම ආපු ගමන් මූ හැසිරුනේ පිස්සෙක් වගේ මම කෝකටත් තව ටික වෙලාවක් බලලා සර් කෙනෙක්ට කියන්න හිතුවේ කව්ද දන්නේ බං පිස්සු බල්ලෙක්වත් හපලද කියලා..
ගලයා : හා හා කතා වැඩක් නෑ රුපියල් 20 දීපන්
මොනවා කරන්න්ද ඉතින් දවල් සිගරට් එක බොන්න තිබ්බ රුපියල් 20 මායි බෝලෙයි ගලයට පූජා කලා. එදා ඉදං අපේ එවුන් ගලයව දකිද්දි හැංගෙන එක පුරුද්දක් කර ගත්තා.. හැබැයි මොකක් නැතත් මාසේ අන්තිමට සුද්දෝ වගේ කන පැලෙන්න බොනවා..
ප.ලි : මුලු ඩිප්ලෝමා කාලේම මේ විස්සේ එකතු කිරීම් ක්රමය තිබුනා..ඒත් දැං සුපුරුදු පරිදි මොකක් හරි ෆන්ක්ෂන් එකක් සෙට් උනහම අතේ තියන ගාන දාල තමා වැඩේ යන්නේ..
Subscribe to:
Post Comments (Atom)



14 කමෙන්ට්ස්:
අඩේ එළ වැඩේනේ..පුදුමයි ගලයා සල්ලි ටික අරං මාරූනේනැති එකම.....
elaz
මාර ක්රම නේ උඹල හොයාගන්නෙ. හැබැයි දවසගානෙ බොන සිගරට් එකට වඩා අරක්කු ටිකක් බොන එකනං ඇගට ගුණයි.
හිකිස්....අනෙ අම්මේ වීරයො වගේ තව මේව කියන ලස්සන.....:P
අනේ අම්මෝ මරු බීමක් බොන්න ඇති.
බොන එක වීර වැඩක් නොවේ අනේ අම්මපා ඒ සල්ලි පොතක දාගත්තනම් නරකට හිටීවි නේද
අරක්කු සීට්ටු . . . අතේ සල්ලි නැති ඉගෙනගන්න කාලෙට අති සාර්තක මෙතඩ් එකක්
මේ ක්රමේ හොඳටම හිතට ඇල්ලුව වගේ......
හික්...ඇයි අත්හදා බලන්නද...?
අරක්කු සීට්ටු :P
කස්ටිය මාසෙ අන්තිමට පඩි අරගෙන වගේ...
ලංකාවට ඇවිල්ල ඉන්න මාසෙට දාමුද සීට්ටුවක් එහෙනං බොන්න ?
නියමයි නියමයි බීලා මැරියල්ලා
මමත් සෙට් වෙන්නද
Post a Comment