ළගින් ඉන්න උන්
ලියපුවා
ලඟදී කියවපුවා
-
-
තෙවරප්පෙරුම....1 week ago
-
අපේ හෝ බෝ අමාලිගේ කතා බහක්1 month ago
-
මගේ ඩෙමියෝ එක1 month ago
-
සැරට කන්න ඉස්සො රෙසිපි එකක්4 months ago
-
-
-
ඉතින් සොඳුර9 months ago
-
-
අප්පට සිරි මගේ බ්ලොග් එක !1 year ago
-
-
-
ඇය අම්මා විය3 years ago
-
හව් කැන් අයි හෙල්ප් යූ?3 years ago
-
-
-
නුඹ රැජිනකි මට සැමදා3 years ago
-
-
තාත්තගෙයි පුතාගෙයි කතා - 054 years ago
-
කොළ මැඩපන් ඔයි රාමා...!4 years ago
-
ගෙජ්ජි මල්ල්4 years ago
-
මස් මාංශ අනුභවය හා ශ්‍රී ලංකාව4 years ago
-
සයිබර් සිහිනයට පාට දෙන්න එන්න...5 years ago
-
දවස් තුන !5 years ago
-
කවි මඩුවට ගියා5 years ago
-
මෙකොන සිට අනිත් කොන කියැවීමි5 years ago
-
-
නිවිති එක්ක දෙල් කිරට...5 years ago
-
-303- ලියුමක්.5 years ago
-
හදවතේ සෙනෙහස5 years ago
-
-
මා හූනා6 years ago
-
-
-
යහපාලනේ කිව්වොත් සල්ලි තමයි.....6 years ago
-
මොහොතක් හිතන්න6 years ago
-
Carnival of love6 years ago
-
අගමුල නැති වැල් (Cuscuta)7 years ago
-
ඩේ කෙයා එකේ පුතුට7 years ago
-
දෝණී..7 years ago
-
-
පුතුට නමක්7 years ago
-
මංකොල්ලකෑම් සහ අවභාවිතාව.7 years ago
-
ආයෙමත් ආදරෙන්7 years ago
-
නන්නාදුනන හීනයක්7 years ago
-
-
අපි රොකට් යවපු හැටි7 years ago
-
සල්ලිද .. මිනිස්සුද බ්‍රෝ .. ??8 years ago
-
අම්මාවරුනේ......8 years ago
-
-
-
තාමත් ආදරෙයි... !!9 years ago
-
වසන්තය සහ ඔබ්සර්වර්9 years ago
-
[FREE WSO] FIVERR WARRIOR’S GUIDE REVIEW9 years ago
-
ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....9 years ago
-
-
-
-
යලුවනේ උදව්වක් ඔනේ....10 years ago
-
සොඳුරුමැ මේ රුදුරු මුණිවත10 years ago
-
උණ විකාරෙට ලියන කවි10 years ago
-
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!10 years ago
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි!10 years ago
-
-
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.11 years ago
-
අපිට පිස්සු ඕයි !!!11 years ago
-
තනිකම හන්දා ඈතක රන්දා මතක හිත ඇරින්දා....11 years ago
-
ඈ දීගෙක ගියාය.....11 years ago
-
ලෝක විනාසෙන් පසු.......11 years ago
-
විසිරුණු මුතු.............11 years ago
-
-
-ආඩම්බර සඳවතී- [3]11 years ago
-
බෙට්ටක් කවපු හැටි..!!11 years ago
-
First trip to Kandy - පලවෙනි නුවර ගමන11 years ago
-
කල්පනා (අවසාන කොටස)11 years ago
-
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1)11 years ago
-
ඉරට හඬන මිනිස්සු...!11 years ago
-
The Saboteur11 years ago
-
උදාවුනා ඒ දවස.එනවා නේද හැමෝම .....?11 years ago
-
සත්තයි කුණුහරප නෙමේ....11 years ago
-
-
සයවන කොටස ....12 years ago
-
ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?12 years ago
-
සිහිනයකි ඔබේ ආදරේ12 years ago
-
Write to express, not to impress12 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා...
-
ඔන්න ඉතින් දෙයියනේ කියලා අද පෝස්ට් එක දාන්න යන්නේ උදේ ඉදං දාන්න හිටියත් මේ දවස් වල party පිරිලා එක හින්දා හැමෝම සමාවෙන්ට ඕනේ ඔන්න . තවත...
මූනු පොතේ අපි
Sunday, March 25, 2012
සුහදිනියේ..
අමරසිරි පීරිස්.. කට්ටිය අහලා ඇතිනේ මේ නම ? අමුතුවෙන් කවුද කියන්න ඕනේ නෑනේ..ලංකාවේ
ඉන්න හොදම ගායන ශිල්පියෙක් තමා මෙතුමා.. මේ ලඟදී දවසක මම එක
සින්දුවක් ගූගල් එකේ හොයද්දී එක පාරටම මෙතුමාගේ මම අහල නැති සිංදුවක් දැකල ඒ සිංදුව ඇහුවා.එතකොට
තමා මට හිතුනේ පොඩ්ඩක් මෙතුමා ගැන හොයල ලියන්න..සමහර විට ගොඩක් අය දන්නවා ඇති මේ දේවල් ඒත් නොදන්න
කට්ටියට දැන ගන්නත් එක්ක ඔන්න ඔහේ දාන්න හිතුවා..
මෙතුමා ඇත්තටම මුලින්ම ගායකයෙක් නෙවේ.මෙතුමා ගායකයෙක් වුනු විදියත් හරි
රස කතාවක්.ඒක මෙහෙමයි මුලින්ම මෙතුමා ඉදලා තියෙන්නේ කේමදාස මාස්ටර් ගේ වාද්‍ය වෘන්දයේ වයලීන් වාදකයෙක් විදියට.අමරසිරි පීරිස් මහතා ගයන ළදුනේ ගීතය මුලින්ම ගයන්න හම්බෙලා තියෙන්නේ
විශාරද පංඩිත් අමරදේවයන්ට.නමුත් එම ගීතය පටිගත කරන දිනයේ අමරදේවයන් එන්න ටිකක් පරක්කු වෙලා.කේමදාස මාස්ටර් කියන්නේ වෙලාවට වැඩකරන තද ගතිගුන තියන කෙනෙක්නේ.. ඒක නිසා කේමදාස මාස්ටර්ට
තරහ ගිහින් අමරදේවයන්ගේ පරක්කු වීම ගැන.එමනිසා තමුන්ගේ වයලින් වාදකයට ඒ කියන්නේ අමරසිරි පීරිස් මහතාට ළදුනේ ගීතය ගායනා
කරන්න ඇරයුම් කරලා..ඇරයුම පිලිගත් අමරසිරි පීරිස් මහතා තමුන්ගේ පලමු ගීතයෙන්ම ජනප්‍රියත්වයේ හිනිකොනට ලඟා වුනා.
හරි දැං කට්ටිය බලනවා ඇති මට හම්බුන සිංදුව කෝ කියලා.. ඒ සින්දුව දාන්න
කලින් මම ඒ සිංදුව නිර්මාණය විදිය ගැනත් පොඩි සටහනක් දාන්නම්.මේක වෙන්නේ මෙහෙමයි ඔයාලට
මතක ඇතිනේ මෙතුමාගේ මගේ පුංචි රෝසමලේ සිංදුව මතක නැත්නම් මෙන්න
කට්ටිය බලනවා ඇති මේකද ඔය කියන සිංදුව කියලා.. නෑ නෑ..මේ මගේ පුංචිරෝසමලේ සිංදුවටයි මම අර කියපු සිංදුවටයි දෙකටම
පාදක වී තියෙන්නේ එකම සිදුවීම. එනම් දිනක් අමරසිරි පීරිස් මහතා හමුවීමට එතුමාගේම වයසේ යාලුවෙක් ඇවිත් දෙදෙනාගේ කතා බහ යන අතරතුර එතුමාගේ යාලුවා කියා තියෙනවා ඔහුට තම පාසලේ නැටුම් කණ්ඩායමේ සාමාජිකාවක්
වන යෞවන සිසුවියක් වෙත ඔහු ගේ හදවතේ ප්‍රේමයක් ඇති බවත් නමුත් තමා ඒ බව තමුන්ගේ හිතෙහි පමණක් තබාගෙන
ඇති බවත්.තවද ඔහු අමරසිරි පීරිස් මහතාට කියා ඇත්තේ “අමරේ,
ඒ ළමයා මගේ ගෙදර ඉන්නව නම් පුදුම ආලෝකයක් ගෙදර තියෙයි කියල මට
හිතෙනවා" යනුවෙනි. මෙන්න මේ සිදුවීම අමරසිරි පීරිස් මහතා ගීත රචකයන්
දෙදෙනෙක්ට පැවසුවා එක් අයෙත් තමා ඉහත මගේ පුංචි රෝසමලේ ගීතය ලියූ ධම්මික බංඩාර මහතාත්..අනික් රචකයා කැලුම් ශ්‍රීමාලුත් ය. එහෙනම් මෙන්න මම මෙච්චර වෙලා කියපු සිංදුව
ඇත්තටම මේ සුහදිනියේ ගීතය එතරම් ජනප්‍රිය නොවුනත් මට
දැනෙන විදියට සිංහල භාෂාවේ අපූර්වත්වය විදහා දැක්වෙන නිර්මානයක්
සුහදිනියේ
සඟවන්
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
සද මිණියේ ඔබ නම්
සැණකෙළියයි මගෙ නම්
කවියන්ගේ දෑසේ රස සීමා පණිනා........
කවියන්ගේ දෑසේ රස සීමා පණිනා........
හීනෙන් රෑ අවුදින්
සුවදක් සේ ළග හුන්
සංවරියේ රං තිත කෝ මා පිනනා........
සංවරියේ රං තිත කෝ මා පිනනා........
සුහදිනියේ
සගවන්
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන්
දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
වාත්තු
කර ඇති දේහ තලාවට
හේත්තු වෙන්න ද සෙවනැල්ලෙන්
කාන්ති ඉහිරෙන නයන ඉනාවට
කාන්ති ඉහිරෙන නයන ඉනාවට
සාන්තුවර සිත හීදැල්ලෙන්
හොර රහසේ
හොර රහසේ
හොර හිත පතනා ඒ පැතුමේ
දග මෙනෙවිය ඔබ මා වල්මත් කළ
දග මෙනෙවිය ඔබ මා වල්මත් කළ
අරුමැසියයි මෙලොවේ........
සුහදිනියේ සගවන්
සුහදිනියේ සගවන්
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
වීණා බද වට කැරකෙන වරලස
අණ දෙන හෘද ස්ඵන්දනයෙන්
සුසුමේ රිද්මයට ම රග දෙයි ඔබ
මගේ පෘථග්ජන සිතුවිල්ලෙන්
හොර රහසේ
හොර හිත පතනා ඒ පැතුමේ
රතු නළගන මගේ හිත
අවතැන් කළ එකම ළදයි මෙලොවේ.......
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
වීණා බද වට කැරකෙන වරලස
අණ දෙන හෘද ස්ඵන්දනයෙන්
සුසුමේ රිද්මයට ම රග දෙයි ඔබ
මගේ පෘථග්ජන සිතුවිල්ලෙන්
හොර රහසේ
හොර හිත පතනා ඒ පැතුමේ
රතු නළගන මගේ හිත
අවතැන් කළ එකම ළදයි මෙලොවේ.......
සුහදිනියේ සඟවන්
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
සද මිණියේ ඔබ නම්
සැණකෙළියයි මගෙ නම්
කවියන්ගේ දෑසේ රස සීමා පණිනා........
කවියන්ගේ දෑසේ රස සීමා පණිනා........
හීනෙන් රෑ අවුදින්
සුවදක් සේ ළග හුන්
සංවරියේ රං තිත කෝ මා පිනනා........
සංවරියේ රං තිත කෝ මා පිනනා........
සුහදිනියේ සගවන්
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
ප.ලි : මෙන්න අමරසිරි පීරිස් මහතාගේ ඇල්බම් ටිකක්
සක්මන් සද/ස්නේහයේ නගරයයි
ළදුනේ
ගඟ ගලා යාදෙන්
ප.ලි : මෙන්න අමරසිරි පීරිස් මහතාගේ ඇල්බම් ටිකක්
සක්මන් සද/ස්නේහයේ නගරයයි
ළදුනේ
ගඟ ගලා යාදෙන්
Subscribe to:
Post Comments (Atom)
33 කමෙන්ට්ස්:
එළ එළ....වැඩේ කියන්නේ මේ එක සින්දුවක්වත් කාපු බීපු වෙලාවක තියා නිකංවත් කියන්න බැරි දිව උලුක් වෙන ඒව.....
ela ela thankx
අමරසිරි පීරිස් ගායකයෙක් උන හැටි අදයි දැන ගත්තේ..බොහොම ස්තුතියි :)
බොහොම ස්තුතියි.. නොදන්නා කාරණයක් දැන ගත්තා.. මගෙත් ප්‍රියතම ගායකයෙක් තමා අමරසිරි පිරිස් මහත්මයා
කැමති නම් මා ලියා ඇති " මහත්වරුන්ගේ සමාජය" කියවන්න. මේ ගීතයට ටිකක් අදාළයි. ඇත්තටම අමරසිරි පීරිස් මාත් කැමති ගායකයෙක්.
ඇත්තටම වෙනස් ලස්සන සිංදුවක්...මං අදමයි ඇහුවෙ....
හිරු නාවත් කමක් නෑ, සඳු නාවත් කමක් නෑ, කියන සිංදුවත් කියන්නෙ අමරසිරි පීරිස් මහත්මයාද ?
harima lassana sinduwak mama meka meeta kalin ahalaa thiyenawaa :)
අහම්බෙන් වෙන දේවල් ගොඩක් දුර යනවා කියලා නම් තදින් විශ්වාස කරනවා !
කොහොමද අමරසිරි පීරිස්ගේ වාසනාව !!!
බීල කියන්න අමාරුයි නේද මේ සිංදුව ???
එහෙම පොඩි ප්රශනයක්නම් තියනවා තමා ඒත් සිංදුවේ ලස්සනත් එක්ක ඒක එහෙම දෙයක් නෙවෙත් වගේ
මාත් ලඟදි දැනගත්තේ සයුරි
වෙල්කම්
ඇත්තටමෙ එතුමාගේ ගැබුරු කටහඩනම් සෑහෙන ලස්සනයි
අනිවා මම බලන්නම්
මටත් අහම්බෙන් අහුවුනේ ගිනි...
අනේ ඔබා මාමේ මමනම් එහෙම එකක් අහලා නෑ පොඩ්ඩක් හොයල බලල කියන්නම්..
ඔයා කුන්ඩලකේශිය සිංදුව අහලා තියෙයිද වර්නා ඒකත් ලස්සනයි
ඇත්තෙන්ම ඔව් එදා අමරදේවයන් වෙලාවට ආවනම් මෙතුමාගේ කටහඩින් සමහර විට අපට සිංදි අහන්න වෙන්නේ නෑ..
බීලා තියා ඕනයා අයියේ නිකම් කියද්දිත් දිව පැටලෙනවා
ශා.... මාරයි නේ... අහලවත් නැති සිංදුවක් නේ..!!!
මාත් අහලා නෑ නෙ ඔය සින්දුව...
අමරේ ගේ කලෙක්ෂන් එක සෑමා සතුය.. ;)
මචං ඔය අතරතුර "ධම්මික බංඩාර මහතා" ලියපු සිංදු ටිකක් හොයල බලපං.. හිට් වුණ සිංදු ගොඩක් එතුමාගේ..
මේක මරුනෙ බං අදමයි ඇහුවෙ....
මගුලක් නම් කියවන්න එපා නොදුටු ලොවක්..... මලක් ගහලා හෙඩ් සෙට් එක දාගනින්කො...
ඒකනේ මාටත් අහම්බෙන් හම්බුනේ
කනියා සතුවත් බොහෝ කලෙක්ශන් ඇත ;)
ඔව් බං මට මතකයි ඔය මගේ පුන්චි රෝස මලේ සිංදුව උනත් ආපු දවස් වල දවසට 7ත් 8ට පාරක් ඇහුවා
ඒක තමා බං මාර සිංදුවක්
ලස්සනයි නේද අක්කේ ඒ සිංදුව?
මලක් ගහලා හෙඩ් සෙට් දාගන්නම් අභීත අයියේ අහන්න ඕනේ බොබ් මාර්ලිගේ එකක් වත් බොක්කටම වදිනවා
ඒ වැඩේටනං ඉතිං කියාපු සිංදුටික....මෙහෙ බඩු හරි නෑ අප්පා..ඔටුවන්ට දනිස් අමාරුවට ගහන ඉංජක්ශන් දාලලු බඩු වේලන්නේ....ඒකට ලංකාවේ ෆෝමලින්නේ.....
ලදුනේ ගීතය ගැන මමත් ලගදි ලිපියක් ලිව්ව නිසා පොඩි සටහනක් දාන්න හිතුන.මගේ පුංචි රෝසමලේ සිංදුව හැදුන හැටි නම් මම අදයි දැනගත්තේ... බොහොම ස්තුතියි ලිපියට සහ ඇල්බම් ටිකට.. සුහදිනියේ ගීතය නම් එක පාරක්ද කොහේ අහලා ඇති මගෙ හිතේ...
මගේ පුංචි රොස මලේ ගීතය හැදුන හැටි
දවසක් ධම්මික බණ්ඩාර මහතා කටුනායක
ඉංජිනේරු තාක්ෂණ ආයතනයට ඔහු ආපු අවස්ථාවක
කිව්වා.ඔහු කියපු විදිහට ඒ ගීතය ලියා තිබෙන්නේ මර්වින් පෙරේරාගේ
අත්දැකීමක්.මර්වින් පෙරේරාගේ ශිෂ්‍යාවක් ගැන ඔහුගේ හිතේ
ඇතිවුනු ආදරයක් ගැන.
Post a Comment