ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Sunday, March 25, 2012

සුහදිනියේ..


අමරසිරි පීරිස්.. කට්ටිය අහලා ඇතිනේ මේ නම ? අමුතුවෙන් කවුද කියන්න ඕනේ නෑනේ..ලංකාවේ ඉන්න හොදම ගායන ශිල්පියෙක් තමා මෙතුමා.. මේ ලඟදී දවසක මම එක සින්දුවක් ගූගල් එකේ හොයද්දී එක පාරටම මෙතුමාගේ මම අහල නැති සිංදුවක් දැකල ඒ සිංදුව ඇහුවා.එතකොට තමා මට හිතුනේ පොඩ්ඩක් මෙතුමා ගැන හොයල ලියන්න..සමහර විට ගොඩක් අය දන්නවා ඇති මේ දේවල් ඒත් නොදන්න කට්ටියට දැන ගන්නත් එක්ක ඔන්න ඔහේ දාන්න හිතුවා..

මෙතුමා ඇත්තටම මුලින්ම ගායකයෙක් නෙවේ.මෙතුමා ගායකයෙක් වුනු විදියත් හරි රස කතාවක්.ඒක මෙහෙමයි මුලින්ම මෙතුමා ඉදලා තියෙන්නේ කේමදාස මාස්ටර් ගේ වාද්‍ය වෘන්දයේ වයලීන් වාදකයෙක් විදියට.අමරසිරි පීරිස් මහතා ගයන ළදුනේ ගීතය මුලින්ම ගයන්න හම්බෙලා තියෙන්නේ විශාරද පංඩිත් අමරදේවයන්ට.නමුත් එම ගීතය පටිගත කරන දිනයේ අමරදේවයන් එන්න ටිකක් පරක්කු වෙලා.කේමදාස මාස්ටර් කියන්නේ වෙලාවට වැඩකරන තද ගතිගුන තියන කෙනෙක්නේ.. ඒක නිසා කේමදාස මාස්ටර්ට තරහ ගිහින් අමරදේවයන්ගේ පරක්කු වීම ගැන.එමනිසා තමුන්ගේ වයලින් වාදකයට ඒ කියන්නේ අමරසිරි පීරිස් මහතාට ළදුනේ ගීතය ගායනා කරන්න ඇරයුම් කරලා..ඇරයුම පිලිගත් අමරසිරි පීරිස් මහතා තමුන්ගේ පලමු ගීතයෙන්ම ජනප්‍රියත්වයේ හිනිකොනට ලඟා වුනා.

හරි දැං කට්ටිය බලනවා ඇති මට හම්බුන සිංදුව කෝ කියලා.. ඒ සින්දුව දාන්න කලින් මම ඒ සිංදුව නිර්මාණය විදිය ගැනත් පොඩි සටහනක් දාන්නම්.මේක වෙන්නේ මෙහෙමයි ඔයාලට මතක ඇතිනේ මෙතුමාගේ මගේ පුංචි රෝසමලේ සිංදුව මතක නැත්නම් මෙන්න



කට්ටිය බලනවා ඇති මේකද ඔය කියන සිංදුව කියලා.. නෑ නෑ..මේ මගේ පුංචිරෝසමලේ සිංදුවටයි මම අර කියපු සිංදුවටයි දෙකටම පාදක වී තියෙන්නේ එකම සිදුවීම. එනම් දිනක් අමරසිරි පීරිස් මහතා හමුවීමට එතුමාගේම වයසේ යාලුවෙක් ඇවිත් දෙදෙනාගේ කතා බහ යන අතරතුර එතුමාගේ යාලුවා කියා තියෙනවා ඔහුට තම පාසලේ නැටුම් කණ්ඩායමේ සාමාජිකාවක් වන යෞවන සිසුවියක් වෙත ඔහු ගේ හදවතේ ප්‍රේමයක් ඇති බවත් නමුත් තමා ඒ බව තමුන්ගේ හිතෙහි පමණක් තබාගෙන ඇති බවත්.තවද ඔහු අමරසිරි පීරිස් මහතාට කියා ඇත්තේ “අමරේ, ඒ ළමයා මගේ ගෙදර ඉන්නව නම් පුදුම ආලෝකයක් ගෙදර තියෙයි කියල මට හිතෙනවා" යනුවෙනි. මෙන්න මේ සිදුවීම අමරසිරි පීරිස් මහතා ගීත රචකයන් දෙදෙනෙක්ට පැවසුවා එක් අයෙත් තමා ඉහත මගේ පුංචි රෝසමලේ ගීතය ලියූ ධම්මික බංඩාර මහතාත්..අනික් රචකයා කැලුම් ශ්‍රීමාලුත් ය. එහෙනම් මෙන්න මම මෙච්චර වෙලා කියපු සිංදුව



ඇත්තටම මේ සුහදිනියේ ගීතය එතරම් ජනප්‍රිය නොවුනත් මට දැනෙන විදියට සිංහල භාෂාවේ අපූර්වත්වය විදහා දැක්වෙන නිර්මානයක්

සුහදිනියේ සඟවන් 
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
සද මිණියේ ඔබ නම්
සැණකෙළියයි මගෙ නම්
කවියන්ගේ දෑසේ රස සීමා පණිනා........
හීනෙන් රෑ අවුදින්
සුවදක් සේ ළග හුන්
සංවරියේ රං තිත කෝ මා පිනනා........
සුහදිනියේ සගවන්
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....

වාත්තු කර ඇති දේහ තලාවට
හේත්තු වෙන්න ද සෙවනැල්ලෙන්
කාන්ති ඉහිරෙන නයන ඉනාවට 
සාන්තුවර සිත හීදැල්ලෙන්
හොර රහසේ 
හොර හිත පතනා ඒ පැතුමේ
දග මෙනෙවිය ඔබ මා වල්මත් කළ 
අරුමැසියයි මෙලොවේ........

සුහදිනියේ සගවන් 
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....

වීණා බද වට කැරකෙන වරලස 

අණ දෙන හෘද ස්ඵන්දනයෙන්
සුසුමේ රිද්මයට ම රග දෙයි ඔබ 

මගේ පෘථග්ජන සිතුවිල්ලෙන්
හොර රහසේ 

හොර හිත පතනා ඒ පැතුමේ
රතු නළගන මගේ හිත 

අවතැන් කළ එකම ළදයි මෙලොවේ.......


සුහදිනියේ සඟවන් 
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
සද මිණියේ ඔබ නම්
සැණකෙළියයි මගෙ නම්
කවියන්ගේ දෑසේ රස සීමා පණිනා........
හීනෙන් රෑ අවුදින්
සුවදක් සේ ළග හුන්
සංවරියේ රං තිත කෝ මා පිනනා........
සුහදිනියේ සගවන්
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....


ප.ලි : මෙන්න අමරසිරි පීරිස් මහතාගේ ඇල්බම් ටිකක්


සක්මන් සද/ස්නේහයේ නගරයයි 
ළදුනේ 
ගඟ ගලා යාදෙන් 

33 කමෙන්ට්ස්:

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එළ එළ....වැඩේ කියන්නේ මේ එක සින්දුවක්වත් කාපු බීපු වෙලාවක තියා නිකංවත් කියන්න බැරි දිව උලුක් වෙන ඒව.....

දෙව්මාල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ela ela thankx

සයුරි said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අමරසිරි පීරිස් ගායකයෙක් උන හැටි අදයි දැන ගත්තේ..බොහොම ස්තුතියි :)

‍සොඳුරු සිතැති මිනිසා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

බොහොම ස්තුතියි.. නොදන්නා කාරණයක් දැන ගත්තා.. මගෙත් ප්‍රියතම ගායකයෙක් තමා අමරසිරි පිරිස් මහත්මයා

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කැමති නම් මා ලියා ඇති " මහත්වරුන්ගේ සමාජය" කියවන්න. මේ ගීතයට ටිකක් අදාළයි. ඇත්තටම අමරසිරි පීරිස් මාත් කැමති ගායකයෙක්.

අග්නි ධාරා... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඇත්තටම වෙනස් ලස්සන සිංදුවක්...මං අදමයි ඇහුවෙ....

Observer said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හිරු නාවත් කමක් නෑ, සඳු නාවත් කමක් නෑ, කියන සිංදුවත් කියන්නෙ අමරසිරි පීරිස් මහත්මයාද ?

වර්ණා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

harima lassana sinduwak mama meka meeta kalin ahalaa thiyenawaa :)

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අහම්බෙන් වෙන දේවල් ගොඩක් දුර යනවා කියලා නම් තදින් විශ්වාස කරනවා !
කොහොමද අමරසිරි පීරිස්ගේ වාසනාව !!!

duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

බීල කියන්න අමාරුයි නේද මේ සිංදුව ???

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එහෙම පොඩි ප්‍රශනයක්නම් තියනවා තමා ඒත් සිංදුවේ ලස්සනත් එක්ක ඒක එහෙම දෙයක් නෙවෙත් වගේ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මාත් ලඟදි දැනගත්තේ සයුරි

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

වෙල්කම්

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඇත්තටමෙ එතුමාගේ ගැබුරු කටහඩනම් සෑහෙන ලස්සනයි

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අනිවා මම බලන්නම්

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මටත් අහම්බෙන් අහුවුනේ ගිනි...

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අනේ ඔබා මාමේ මමනම් එහෙම එකක් අහලා නෑ පොඩ්ඩක් හොයල බලල කියන්නම්..

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔයා කුන්ඩලකේශිය සිංදුව අහලා තියෙයිද වර්නා ඒකත් ලස්සනයි

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඇත්තෙන්ම ඔව් එදා අමරදේවයන් වෙලාවට ආවනම් මෙතුමාගේ කටහඩින් සමහර විට අපට සිංදි අහන්න වෙන්නේ නෑ..

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

බීලා තියා ඕනයා අයියේ නිකම් කියද්දිත් දිව පැටලෙනවා

අනූ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ශා.... මාරයි නේ... අහලවත් නැති සිංදුවක් නේ..!!!

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මාත් අහලා නෑ නෙ ඔය සින්දුව...

sAm (සෑම්) said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අමරේ ගේ කලෙක්ෂන් එක සෑමා සතුය.. ;)

මචං ඔය අතරතුර "ධම්මික බංඩාර මහතා" ලියපු සිංදු ටිකක් හොයල බලපං.. හිට් වුණ සිංදු ගොඩක් එතුමාගේ..

හිතහොඳ පිස්සා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මේක මරුනෙ බං අදමයි ඇහුවෙ....

Abeetha Edirisinghe said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මගුලක් නම් කියවන්න එපා නොදුටු ලොවක්..... මලක් ගහලා හෙඩ් සෙට් එක දාගනින්කො...

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඒකනේ මාටත් අහම්බෙන් හම්බුනේ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කනියා සතුවත් බොහෝ කලෙක්ශන් ඇත ;)

ඔව් බං මට මතකයි ඔය මගේ පුන්චි රෝස මලේ සිංදුව උනත් ආපු දවස් වල දවසට 7ත් 8ට පාරක් ඇහුවා

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඒක තමා බං මාර සිංදුවක්

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ලස්සනයි නේද අක්කේ ඒ සිංදුව?

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මලක් ගහලා හෙඩ් සෙට් දාගන්නම් අභීත අයියේ අහන්න ඕනේ බොබ් මාර්ලිගේ එකක් වත් බොක්කටම වදිනවා

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඒ වැඩේටනං ඉතිං කියාපු සිංදුටික....මෙහෙ බඩු හරි නෑ අප්පා..ඔ‍ටුවන්ට දනිස් අමාරුවට ගහන ඉංජක්ශන් දාලලු බඩු වේලන්නේ....ඒකට ලංකාවේ ෆෝමලින්නේ.....

තොටියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ලදුනේ ගීතය ගැන මමත් ලගදි ලිපියක් ලිව්ව නිසා පොඩි සටහනක් දාන්න හිතුන.මගේ පුංචි රෝසමලේ සිංදුව හැදුන හැටි නම් මම අදයි දැනගත්තේ... බොහොම ස්තුතියි ලිපියට සහ ඇල්බම් ටිකට.. සුහදිනියේ ගීතය නම් එක පාරක්ද කොහේ අහලා ඇති මගෙ හිතේ...

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මගේ පුංචි රොස මලේ ගීතය හැදුන හැටි
දවසක් ධම්මික බණ්ඩාර මහතා කටුනායක
ඉංජිනේරු තාක්ෂණ ආයතනයට ඔහු ආපු අවස්ථාවක
කිව්වා.ඔහු කියපු විදිහට ඒ ගීතය ලියා තිබෙන්නේ මර්වින් පෙරේරාගේ
අත්දැකීමක්.මර්වින් පෙරේරාගේ ශිෂ්‍යාවක් ගැන ඔහුගේ හිතේ
ඇතිවුනු ආදරයක් ගැන.