ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Friday, February 3, 2012

බෝඩිං කාරයෝ-තවදුරටත්



කනියා පටන් ගෙන තියන බෝඩින් සීරිස් එක දැක්කාම අනේ ඉතින් මටත් මතක් වෙන්න පටන් ගත්තානේ කතා දෙකක් තුනක් ඔය බෝඩින් කාලේ වුන…හිත කියනවා ඉතින් ...ලියපන් පෝස්ට් එකක් ලියපන් පොස්ට් එකක් කියලා..ඔන්න එහෙනම්...

ස්ටෝර් නම්බ්‍ර් වන්

ගලේගේ ශිෆ්ට් කතාව දකිනකොට තවත් ඔය බයිසිකල් කතාවක් මට මතක් උනා..මේ කතාව වෙනකොට  ඔය කලින් පෝස්ට් එකේ කීව බයිසකලේත් බයිසා අවලං වැඩ වලට යොදාගන කඩලා දාලා තිබුනේ… අපේ කනියා ඉන්නවා නේද මිනිහාත් හිටපු ගමන් හොද ලස්සන වැඩ කරනවා…ඔන්න ඉතින් දවසක් උයන්න මොනවත් නෑ කුස්සියේ..උයන්න එලවලු ගේන්න කඩේට යන්න ඕනේ.ඒත් යන්න විදියක් නෑ.බයිසිකලේ කැඩිලනේ..එහෙම කියලත් බඩගින්නේ ඉන්න පුලුවන්යෑ…හරි එහෙනම් "කනියෝ ලයිසන් තියන එකේ උඹ ලසිත් අයියාගේ(බෝඩිං අයිතිකාර මයා)බයික් එකවත් ඉල්ලගන මල්කඩුවාවට ගිහින් එලවලු ටිකක් අරගෙන වරෙන්කො" කියලා ගලයා කීවා..කනියත් ඉතින් කිසි කතාවක්  නැතුව ඔලුව වැනුවා… ඒ දවස් වල ලයිසන් තියන එකෙකුට හිටියේ අපේ කනිය විතරයි..එහෙනම් කනියෝ උඹට දුමත් එක්ක ගිහින් එන්න පුලුවන් නේ ...මටත් මොකෝ ඉදන් යන එකනේ කියලා "යමන්" කියලා සල්ලිත් එකතු කරගෙන එලියට ඇවිත් කනියාට කීවා "ගිහින් බයික් එක ස්ටාර්ට් කරන් අරගෙන වරෙන්" කියලා….කිසි ගානකට ගන්නේ නැතුව මේකා කියපි යකෝ ෆුට් සයිකල් ස්ටාර්ට් කරන්න පුලුවන්ද කියලා?මම බැලුවා මොකද්ද ඒක මේ කියන හරුපේ කියලා…

මම : ෆුට් සයිකලයක් නෙමෙයි බං ලසිත් අයියාගේ මෝටර් බයික් එක ස්ටාර්ට්      කරන් වරෙන් කියලා කීවේ…
කනියා : උඹ ඕනෙනම් අරගෙන වරෙන්..මට බෑ..
මම : යකෝ මට ලයිසන් නෑ..දෙන්නටම පොලීස් ලගින්න වෙයි..වේදනාවක් වෙන්නේ නැතුව අරන් වරෙන්කෝ ගිහින්..

කිසි කතාවක් නැතුව බුවා ලසිත් අයියලාගේ ගෙවල් පැත්තට ගියා.අම්මේ ඇති යාන්තම් කියලා හිතාගෙන මමත් මේකා බයික් එක අරගෙන එනකන් හිටියා පාරට වෙලා..මෙන්න බොලේ ටික වෙලාවකින් මේකා ගෙදර වැඩ කරපු බාස්ලගේ ලුමාලා සයිකල් කට්ටක් පැදගෙන එනවා…

මම:යකෝ ඕකෙන් පාගන්න ගියාම එපා වෙනවනේ..ඇයි මෝටර් බයික් එක නැද්ද..අනික ලැජ්ජාවේ බැ ඕයි මේ මගුලේ යන්න..
කනියා : ඇයි උඹ හිතුවේ මං මොන්ටෙරෝ එකක එයි කියලද?
මම:කනියෝ යමංකෝ මෝටර් බයික් එකේ..
කනියා :මේ **** අන්න බයික් එකත් තියනවා ලසිත් අයියත් ඉන්නවා තොට පුලුවන් නම් අරගෙන පල..මට ලයිසන් තිබුනට බයික් පදින්න බෑ ...යකෝ මට වාහන එලවන්න පුලුවන් නම් අපේ ගෙදර කාර් එක එලවන්න මට නොදී ඩ්‍රයිවර් කෙනෙක් ගනීද.උඹට එන්න බැරි නම් මෙතනට වෙලා **** නැතුව ගිහින් පොල් ගාපන් රෑට උයන්න..

කියලා මේකා මගෙ අතින් සල්ලි ටිකත් උදුරාගෙන මටත් ඔරවලා විදුලි වේගෙන් යන්න ගියා

අම්මට උඩු ෆුල් ආතල් සීන් එකනේ..ලයිසන් තිබුනට වාහන ගෙනියන්න බෑ...කනියාව අඩවන්න නියම ටොපික් එකක් කියලා හිතින් හිතාගෙන හිනාවත් තදකරගෙන ආපහු බෝඩිමට ගිහින් විස්තරේ රපෝර්තු කලා…එදා රෑ එලි වෙනකන් බෝඩිමේ බයිට් එක කනියා..



ස්ටෝර් නම්බ්‍ර් ටූ

බෝඩින් ජීවිත් මාරම ආතල් කියන්නේ ඔන්න  ඉතින් අපි කට්ටිය හවස බූරු ගහලා බුලත් විටක් එහෙම කාලා..(ඉදලා හිටලා හොදේ) සිගරට්  එකක් එහෙම බීලා වල්පල් කතා කොර කොර ඉන්නවා.වෙලාව ඔන්න හවස 6 විතර ඇති...උදේ පාන්දර ගිය බබියා කඩියා කෑවා වගෙ කන්නාඩි දෙකත් ගලවාගෙන කුනුකරුපයකුත් කියාගෙනම ආවා..
 
බබියා : &^%$#@  ගේ කෙල්ලෝත් එක්ක එපා වෙනවා බං...උන් හිතන් ඉන්නෙ අපි මොකුන් කියලාද දන්නේ නෑ. මට නම් අද මල අතේ...මම මචන් මලට තිත්ත කුනු හරුපෙන් බැනලා අවේ..
ගලයා : උබ ඉතින් උදේ ඉදන් අර අහින්සක කෙල්ලව පෙට්ටි ඇතුලේ හිරකරගෙන වද දීලා අන්තිමේට බැනලා එනවා නේ...
බබියා : හොද අහිංසක..මට බැනපු විදිය දැක්කානම් තොපිලා ඔහොම කියන්නේ නෑ

මොකක් හරි සීන් එකක් හින්දා මංඩලේ කචල් වෙලා...අපිට නම් සීන් එක කීවා.ඒ උනාට රටටම කියන එක හරි නෑ නේ නේද?දැන් කොහොම හරි මූ ෆෝන් එකත් ඕෆ් කරනවා කියලා ඕෆ් කරලා දාලම තිබුනා...තියන අවුල නිසාම මෑන් ඉස්සරට වෙලා ඇලට් එකක් දාගෙන හිටියේ...මෙන්න ටික වෙලාවකින් මේකා ෆෝන් එකත් අතේ තියාගෙන එන ගමන් කියන්නවා

බබියා : බලපන් බං බත් හැලිය ඉදෙනකන් විතරයි රන්ඩු සරුවල් තියෙන්නේ කියන කතාව ඇත්ත.. බලපන් මේකිට මම තරහා උනාම ඉන්න බෑ..මැසේජ් එකක් එවලා තියනවා කියලා...
බයිසා : උඹ ෆෝන් එක ඔන් කලාද?ඔන් කරන්නේ නෑ කිවා නේද?
බබියා: ඔව් මේ අම්මට කෝල් එකක් ගන්න ඔන් කලා බං එතකොට තමා 
ආවේ..
බෝලයා:මොකද්ද බං එවලා තියෙන්නේ?(දන්නෙම නෑ මූ බබා)
බබියා:"අනේ සොරි අයියේ...ඔයාට ගොඩක් තරහා ගියාද?මට ඔයාව.............."
නෑ නෑ උබලට ඉතුරු ටික ඔනේ නෑ...


කියලා මේක දැන් හෙන උජාරුවට කියනවා.මෙන්න ඒ අස්සේ බෝලයා කියනවා


බෝලයා : මම කියන්නද මැසේජ් එකේ ඉතිරි ටික?
බබියා : උඹ කොහොමද දන්නේ මට එව්ව ඒවා?
බෝලයා : අනේ සොරි අයියේ...ඔයාට ගොඩක් තරහා ගියාද?මට ඔයාව ඕනේ..මාව දාලා යන්න එපා..මං පිලිගන්නවා වැරද්දක් උනේ කියලා....මාව තේරුම් ගන්න මගෙ රත්තරන් 
කියලා මේකා මැජික් කාරයා වගේ කියවනවා බබියත් දැං මුගෙ කන් දෙක සුවර් නෑ වගේ ඇස් ගෙඩි දෙකත් එලියේ දාගන කටත් ඇරගන බෝලයා දිහා බලාගන. අපේ අනිත් එවුන්ටත් ෆුල් අවුල්.


බබියා : බෝලේ ඇත්ත කියපන් උබ කොහොමද එවපු ටික හරියටම වගේ කීවේ?
බෝලයා : නිකම් ඉදිං බං මගේ පවුල් සංස්තාවත් මට මල පැන්නාම ඔහොම්ම තමා කියන්නේ කටට ආවට කීවේ බං.
බබියා : සිරා සිරා...ගෑනු ඔක්කොම එකයි නැද්ද දුමා... 


කියලා මගෙ පිටටත් තඩි බාලා ෆෝන් එකට කොට කොට බුවා යන්න ගියා..ටික වෙලාවකින් බෝලයා තනියම හිනා වෙවී අපට අඩගහනවා..වරෙල්ලකො බඩ්ඩක් පෙන්නන්න කියලා අපිත් ඉතිං අත් වල තිබ්බ හැදි ගෑරොප්පු ටික විසිකරලා කව්ද මේ බඩ්ඩ බලන්න....මෙන්න මේකා මුගෙ ෆෝන් එකට ආපු මසේජ් එකක් අපට පෙන්නපි ඒකේ තියෙන්නේ මෙහෙම


"එකනෙ මගෙ රත්තරන්...මම දන්නවා ඔයා මට බැන්නට ඔයා මට ගොඩක් ආදරෙයි කියලා.....උම්ම්ම්ම්ම්මමමා මගෙ පැටියෝ......................................................."
තව හෙන ගොඩක් තිබුනා. ඒවා කියන්න ලැජ්ජාවේ බෑ


මම : කව්ද බං මේ එවලා තියෙන්නේ
බෝලයා : බබියා බං
ගලයා : ඈ?
බෝලයා : ඔව් ඔව්,ඕකා නිදි අතරෙ බං මිනිහාගේ ෆෝන් එකේ කන්ටැක් වල මගෙ නම උගේ කෑල්ලගේ නමින් රීනේම් කරලා මැසෙජ් එක යැව්වේ මම..


කට්ටියටම ෆුල් සැප,කාට හරි ගේඩර් එකක් දුන්නේ නැත්තම් රෑට නින්ද යන්නේ නැති සෙට් එකක්නේ ඉන්නේ..දැන් හරි..කොහොම හරි එදා රෑ වෙනකන් බෝලයයි බබියයි මැසෙජ් කර ගත්තා... පස්සේ අන්තිමට බෝලය කීවා නැත්නම් පව්නේ අහින්සකයාගේ බලාපොරොත්තු.ඒත් ඉතිං බබියාගේ කෙල්ල නම් සතියක් යනකන් කතා කලේ නෑ කියලයි දැන ගන්න ලැබුනේ...

ප.ලි : බෝඩිමේ කාට හරි ගේඩර් දීමේ සංගමයේ සභාපති තමයි බෝලයා..


ප.ප.ලි : එදාට පස්සේ කට්ටියම කෑලි වල නම්බර් මකලා දාල නම්බර් එක මතක තියාගත්තා, නැත්නම් බෑනේ අනේ කොයි මොහොතේ ඕවගේ රිටර්න් එයිද දන්නේ නෑනේ..
Wednesday, February 1, 2012

ගලේගේ ශිෆ්ට් සෙල්ලම






බ්ලොග් ලියන ගොඩක් කට්ටියට වගේ අපිටත් තියනවා බෝර්ඩින් සීරියස් එකක් අද ඒවගෙන් එක කතාවක් දාන්නම්.කතාවට කලින් පොඩ්ඩක් කතාවේ වට පිටාව කියන්නම් නැත්නම් කට්ටිය අන්දුන් කුන්දුන් වෙලා බලාගත්ත අත බලාගන ඉදියි මේ මොකක්ද මේ උනේ කියලා.හරි හරි මෙන්න මේකයි විස්තරේ අපේ අධ්‍යාපන  ආයතයේ(දැං දෙනෝ දාහක් මොකක්ද ආයතන කියලා දන්නවා උනත් නම දාන්න බෑ අප්පා)  HD වල එක්සෑම් තියෙන්නේ සෙමෙස්ටර් විදිහට ඒ කියන්නේ මාස 6කට සැරයක්.එ‍ක්සෑම් වලට මාස 2කට විතර කලින් පංති තියන දවසක ඉන්ටවල් එකේ අපේ එවුන් ටික කැන්ටින් එක ගාව සෙට් වෙලා ඉන්නවා

බයිසා : අඩේ එක්සෑමුත් ලග හින්දා සෙට් වෙලා පාඩම් කරොත් නරකද?
ගලේ : ඒක තමා බං. එහෙනම් අපි මේ මාස 2කට විතරක් බෝර්ඩ් වෙමුද?
දුමා : එල අදහස? ඒත් කොහෙද?
බබුන් : මම දන්න කසින් කෙනෙක් ඉන්නවා වැහැර උන්ගෙනම් ගෙදරක් තියනවා සෙට් කරන්නද?
බයිසා : එල සෙට් කරපන්.අද හවස යන ගමන් බලාගන යමු.

ඔන්න ඉතිං අපි පංති ඉවරවෙලා වැහැරින් බැහැලා බබුනගේගේ කසින්ගේ ගෙදර බලන්න කියලා ගියා. අම්මට හුඩු මෙන්න බස් එකෙන් බහිනකොටම දෙයියෝ වැඩලා බස් හෝල්ට් එකඉස්සරහම බාර් එකක්.(දන්න කට්ටිය දන්නවා ඇති වැහැර මල්ලිකා ශෙඩ් එක ඉස්සරහා) අපි ටිකත් ඉතිං කෙල හලාගන මුන්ගෙ කසින්ලගේ ගෙදරට ගියා.

බබුන් : අයියෙ මේ ඔයාලගේ අර අහවල් ගෙදර බෝර්ඩ් වෙන්න සෙට් එකක් හෙව්වා නේද?
අයියා : අහ් ඔව් මල්ලී ඉතිං?
බබුන් : මෙන්න මුන් ටික අපේ පංතියේ සෙට් එකක් මාස 2කට විතර නවතින්න තැනක් හොයනවා.
අයියා: හරි මල්ලී අන්න අරක තමා ගෙදර යමුකෝ බලන්න.

කියලා අයියා අපිව ගෙදර පෙන්නන එක්කගෙන ගියා.ගෙදර කියන්න තරම් ආභාදයක් නෑ.අපේ පස් හය දෙනාට ඉන්න සෝක් තැන.ඒ අස්සේ අපරාදේ කියන්න බෑ ඉස්සරහ ගෙදර පොඩි කෙලි පැටික්කියෙකුත්නම් හිටියා වගේ මතකයි.ගෙදර අපිට හිතට අල්ලපු හින්දා අයියටත් අපි තව සතියකින් විතර නවතින්න එන්නම් කාටවත් දෙන්න එපා කියලා පොරොන්දු කරවගන අපි ගෙවල් බලා පිටත් උනා.

එදට සතියකට විතර පස්සේ කට්ටිය බඩු බාහිරාදිය අරගෙන කට්ටිය බෝඩිං ගත වීමට සෙට් උනා.බබියත් ඔය අතරේ ඌ ගාව බයිසිකලයත් තිබිලා ඒකත් මූ වෑන් එකේ දාගන තමා ඇවිත් තිබුනේ හදිස්සියකට කඩේකටවත් එහෙම යන්න කියලා.කඩේ යන එක බල්ලට ගියාවේ කියලා ඕක ගෙනාපු දවසේ දෙකේ අපේ එවුන්ට පිස්සු තද උනා.එකෙක් යනගමන් ඉස්සරහ රෝදේ උස්සනව,තවත් එකෙක් හයියෙන් ඇවිත් බ්‍රේක් ගහල පිටිපස්සෙ රෝදේ උස්සනවා,ඔය අතරේ මාම වගේ එකෙක් ඕක රෝද දෙකම බිමින් තියලා තල්ලු කරගන යනවා එක විජ්ජුම්බරයයි,ඔය අතරේ අතරේ බයිසිකලේ අරන් කෑලි බලන්න ගියපු එවුන්නම් හිටියේ නෑ ඕං.

ඔහොම දවසක හවස 4ට විතර බබිය වැඩ දදා ඉද්දී කොහෙදෝ හිටපු ගලය එතනට සම්ප්‍රාප්ත උනා

ගලයා : බබියා බැහැපන් මම උබලට එළ වැඩ කෑල්ලක් පෙන්නන
බබියා : මොකක් කරන්නද? පුලුවන්නම් පලයන්කෝ පොල් ගහක් දිගේවත්.

කියලා බබියත් ගලයගේ ආදරණීය නෑදෑයන් ටික මතක් කරලා  දුන්නා බයිසිකලේ ගලයට.දැං ඉතින් අපි ප්‍රේක්ශකාගාරයට වෙලා බලාගන ඉන්නවා ගලය තැරිගහගන්නම් මේකව හොස්පිටල් එක්ක යන්න කියලා.මූ ගත්ත බයිසිකලේ ටික දුරක් පැදගන ගියා හරවගත්තා ආපහු මෙන්න දත කට කාගන ඊරී යකා වගේ මේකා පැයට කිලෝමීටර් 60 විතර වේගෙන් එනවා.මටනම් හිතුනෙම හරි තමා අදනම් මේකව කොළබ මහ රෝහලටම මාරුකරන්නම වෙයි තමා කියල.කොහෙද මූ මගේ බලාපොරුත්තු සුන් කරමින් යස අපූරුවට ගැහුවේ නැද්ද ඩ්‍රිෆ්ට් එකක්. 

දැං කියවන කට්ටිය බලනවා කෝ ඉතිං මොකුත් වෙලා නෑනෙ කියලා ඉදිං ඉදිං දැං තමා තොරනේ විස්තරේ පටන් ගන්නේ.

මේකා දැං බයිසිකලෙත් මිදුලේ පැත්තක හේත්තු කරලා අපි ගාවට එන ගමන්

කොහොමද මචං මං ගහපු ශිෆ්ට් එක කියපි.

අපේ එවුන්ට හතර හිනා.මුට ඒත් ගානක් නෑ,මේකා ආපහු අහපි "ඇයි බං ගහපු ශිෆ්ට් එක හොද නැද්ද?" කියලා. හිනාව ඩබල් වෙන්න එක තත්පරයක් ගියෙ නෑ.

මේකා NFS, DRIFT වගේ ගේම් ගහන කොට හැන්ඩ් බ්‍රේක් එකට දාලා තියෙන්නේ ශිෆ්ට් කී එක මේකට ඒ දෙක ටැපලිලා.අදටත් ගලයව දන්න කියන කට්ටිය බොරුනම් අහන්නකෝ “ගලේ බයිසිකලයක් තියනවා ශිෆ්ට් එකක් ගහමුද” කියලා. අහන එකාට ටෝටලි ෆ්‍රිරී ගලය ගානේ ටුවර් එකක් හම්බෙනවා  කිලෝමීටර් 2ක් දුවන්න.

ප.ලි : ඇත්තටම බෝඩිං ජීවිතේ මාර සුන්දරයි. ඒක අම්බකට්ටක් උනත් වේලක් ඇර වේලාක් කෑවත් ජීවිතේ ලස්සනම මතකයක්.