ළගින් ඉන්න උන්
ලියපුවා
ලඟදී කියවපුවා
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්‍රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්‍රශ්නයක් අහන්නම් පුලුවන්නම් ...
මූනු පොතේ අපි
Tuesday, June 19, 2012
මියුසිකල් බොලේ
ඔන්න ඉතින් සති වලින්ම දෙකකට පස්සේ බ්ලොගේ පැත්තට ආවා හප්පේ වල් වැහිලා ඔලුවටත් උඩින් දැං ඉතිං ඒවා සුද්ද කරන්නත් කාලේ හරි.ගිය දවස් ටිකේම එක්සෑම්ම 8ක් විතර ලිව්වා..දැං නිකම් ඔලුව මාන්දමිකයි වගේ... ඒ අස්සේ තව රිපීට් වගේකුත් තියෙනවා ලියන්න.. අර කොපි කරලා මාට්ටු උන එක එහෙමත් මෙදා කපේ ලියන්න ඕනනේ.. හරි හරි ඔන්න ඔව්වයි ඉතිං මේ දවස්වල විස්තර ටික.. එහෙනම් අද කතාව පටෑන් ගමු..
දවසක්
බයිසා : අඩේ කානිවල් එකක් තියනවා නේද 23?
බෝලේ : සිරා බං මාත් මේ කියනමයි හිටියේ... යමුද?
දුමා : 23නම් වැඩක් නෑ බං අපි දවසක් දෙකක් ගියාට පස්සේ යමු?
බබු : මමනම් කොහොමත් කසින්ස්ලා එක්ක යනවනේ බං ඔය දවස් ටිකම
බෝලේ : හරි එහෙනම් විසිපස් වෙනිදා යමං..
මම : එළ එහෙනම් එදාට යමන්..
ඔන්න ඉතිං විසිපස්වෙනිදා ලෙක්චර්ස් දවසක් හින්දා මම උදේ පාංදර යද්දී හැමදාමවගේ ගලෙයා ඉන්නවා,වෙනදට මාව දැක්කත් අහක බලන් යන එකා මෙන්න අද මගේ පැත්තට කෑගහගන දූවගෙන එනවා.. මම කෝකටත් කියලා කකුලකුත් පස්සට තියලා ආපහු මූ මොනවා කියලද කෑ ගහන්නේ කියලා පොඩ්ඩක් සාවදානව ඇහුන්කම් දුන්නා..බැලින්නම් මූ
ආහ් කනියා අද බොනවා ඈ. එළ ඕයි මටනම් පිස්සු වගේ..
කිය කිය මූ එන්නේ.. හරිනේ ඉතිං උදේ පාංදරම නැට්ටේ ඉදලා ගොම.. වටේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ බල්ලෝ ඔක්කමලා දැං දන්නවා අපේ සෙට් එක අද රෑ බොනවා කියලා.. මොනවා කරන්නද ඉතින් අල්ලගන ගහන්න ඈ සයිකෝකාරයා උනත් එකට නොකා බිබී ඉන්න එකානේ..ඒක නැතත් තූල් ශොට් එකක් හරි දෙන්න ඉන්න එකනේ..
කොහොම හරි වල් පල් හෑලි බයිට් කරගැනීම් මැද කට්ටියට හවස තුන වෙනවා දැනුනෙවත් නෑ..දැං ඉතිං කාර්නිවල් එක පටන් ගත්තට මියුසිකල් ශෝ එක පටන් ගන්නේ රෑනේ.. මෙලෝ රහක් නැතුව සිගරට් කෙල කෙල කඩවල් පිටිපස්සේ පැය දෙකක් යවාගත්තේ පට්ට අමාරුවෙන්.. ටික වෙලාවකින් තමා එක එකාට තේරුනේ නැකත හරි කියලා කට්ටියම ඉතිං කෙල හල හලා බාර් එකෙන් අවශ්‍ය කරන සකලමනාවම අරන් රෙස්ටුරන් එකක් පැත්තට ඇදුනේ ඊයක වේගෙන්...
රසකතා සොමිකතා වල්කතා අතරේ බෝතල් තුන හමාරකට උන දෙයක් නෑ.ඒකෙන් මේකෙන් බිලත් සතේට බැලන්ස් කරලා එලියට එක පින්මෙම මියුසිකල් එකට ඇදපි.. හම්මේ එතනනේ ආතල්.. ආතල් කියන්නේ ආතල් එකේ හොදම එක..කොල්ලෝ බබරු වගේ,කෙල්ලෝ දෙබරු වගේ ඒ අස්සේ ඇගවල් රබර් වගේ එහෙට නමනවා මෙහෙට නමනවා.. අපිත් ඉතිං ශේප් එකේ පැත්තකට නටන්න කියලා සෙට් උනා අම්මට හුඩු කලින් එවුන්ට දෙවනි නෑ අපේ එවුනුත් හෝ ගාලා නටනවා මාත් ඒ අස්සේ දුමත් එක්ක සෙට් වෙලා කපල් ඩාන්ස් දානවා ආතල් කොටියයි.. මෙන්න බොලේ විනාඩි 40ක්වත් ගියේ නෑ නට නටා හිටපු අපේ උන් එකෙක්වත් වටේ පේන්න නෑ දුමයි මායි විතරයි.. මම දුමාවත් ඇදගන පැත්තකට එද්දී මෙන්න පඩිපෙලක් ගාව ඉන්නවා අපේ එවුන් ටික
මම : කොහෙද හු**** ගියේ?
බබු : බලහන්කෝ මේ බොලයා කබියා දානවා බං
මම : අම්මද බොල ඒ මොකද?
බබූ : මේකා බීවනේ කැ* බීමක් බං..
මම : අඩේ දෙහිවත් නැද්ද?
බබූ : ගලයා ගියා හොයාගන එන්න දැං එයි බං..
ඔය අතරේ ඒ පැත්තට පොලිස්මාමෙකුත් එනවා බෝලයා දිහා බල බල.. අපේ දැං ඇගේ ලේ ඉස්මයිල් වෙලා ඇයි යකෝ මල්වත් ගහලා කියලා කූඩුවට දැම්මොත් කාට කියන්නද? ඒ අස්සේ මේ පොලිස් මාමත් මේ පැත්තටම එනවා..
පොලිස්මාමා : (බෝලයට ඇගිල්ලක් දිගුකර) මොකද මේ?
බයිසා : පොඩ්ඩක් බීලා වැඩි වෙලා සර්..
පොලිස් මාමා.. හ්ම්ම් හ්ම්ම් ඒත් මෙතන තියන්න එපා හරි නෑනේ..
බයිසා : දැං යන්න සර් හදන්නේ මේ..
පොලිස්මාමා : (රුපියල් විස්සක් දික් කොට) ආ මෙන්න මේකෙන් දෙහි ගෙඩියක් ගෙනත් ඔලුවෙ ගානවා ඉතුරුවට සිගරට් එකකුත් ගේනවා
බයිසා : දෙහි ගේන්න ගියා සර් කට්ටියක් සර්ට ඕනේනම් අපිගාව සිගරට් තියනවා මෙන්න..
පොලිස්මාමා : (සිගරට් එකක් ගනිම්මින්) එහෙනම් දෙහි ගෙනාපුවහම ගාලා ටිකක් නිදි කරවලා තියනවා මෙයාව.
බයිසා : හොදයි සර්..
හම්මේ ඇති යාන්තම් ඒකත් ශේප් ඒ අතරේ බබියයි ගලයයි ගිහින් දෙහි ගෙඩි දෙකක් හොයාගන ඇවිත් තිබුනා.. ඒ දෙකත් බෝලයගේ කකුල් වලයි ඔලුවෙයි උලලා පැයක් විතර මේකව තියලා කොහොම හරි කරේ තියාගන ඇවිත් මුගේ ශර්ට් එකත් ගලවලා පැත්තකට දාලා ගෙදරක් ඉස්සරහා තිබ්බ කනුවක් උඩ නිදිකරවලා අපිත් ඔය පුලු පුලුවන් තැන් වල නිදාගත්තා.. පැය භාගයක් ගියේ නෑ අඩි සද්දෙකට මට ඇහැරුනා මෙන්න යකෝ ඒත් එක්ක
තොපේ අම්මලට **** තොපි හිතන් ඉන්නේ මේක අම්බලමක් කියලද බොලවු.. පලයවු යන්න බේබදු හැත්ත මෙතන බීලා බීලා ඇවිත් වැටෙන්න තැනක් හොයා ගත්තා....
හොදම සීන් එක ඒක නෙවේ සිහියක් පතක් නැතිව හිටපු බෝලයා හීනෙන් වගේ අතපත ගාලා මිනිහගේ ශර්ට් එකත් හොයාගන කරට දාගත්තා අහල පහල තිබුන බබියගේ බාටා දෙකත් දාගත්තා මිනිහා යනවා.. අපේ අනිත් උන් ටික තාම යන්න ලෑස්ති වෙනවා..
Subscribe to:
Post Comments (Atom)



19 කමෙන්ට්ස්:
මේ ශ්‍රී ලංකාවේ පොලිසිය නේ :D
කොහොමින් හරි අතපය කඩා ගන්නෙ, පොලීසී ගානෙ රස්තියාදු වෙන්නෙ, කාඩ් කුඩු කර ගන්නෙ නැතු යහතින් උන්හිටි තැන් වලට ආපු එකම මදැයි ! :D
ඔය වගේ බාල්දියක් පෙරලිගෙන එන වෙලාවක මුලින්ම දුවන්න පටන් ගන්නේ කන පැලෙන්න බිලා වැටිලා මෙලෝ සිහියක් නැතුව ඉන්න එකා තමා. උඹල සෙට් එක යහතින් ආව එකම මදැයි :))
හපොයි... වෙලාවට කාඩ් කුඩු වෙන්න කලින් පැන ගත්තෙ.මාර වැඩනෙ ඔයාලත් කර ගන්නෙ.
ඔයිං ගියා මදැයි ...
ඊයා . . . බේබද්දෝ
අන්න ඒකයි නැත්නම් වෙලහකටත් මොනවා වෙලාද දන්නේ න්ඈ
හප්පේ තමා බං වෙලාවට රෑ හින්දා වැඩිය මූනවල් පේන්නේ නෑ
හික්ස්ස් ආයෙත් අහලා.....
ඒක තමා අක්කේ කොහොමද ගෙදරින් එහෙම දැන ගත්තනම් අපට ගෙවල් හදන්න වෙන්නේ හදේ තමා...
හික්ස් සිරා බං
ආ ඕනයා අයියා සෑහෙන කාලෙකින් ඈ....
හික්ස්.........වෙනද වගේම පණ යන්න හිනාගියා අෆ්ෆා.....
ෆට්ට ඔයි අයියෝ ...............
මම හිතුවෙ දැන් කොල්ලො සිගරට් බොන්නෙ නෑ කියලා.කෝකටත් මේ ගැනත් පෝස්ට් එකක් දැම්මොත් හොඳයි වගේ.
පොලීසියෙන් සල්ලිත් දුන්න? වෙන්න බෑ.
අර පොලිස් කාරයා නම් පට්ට එකෙක් !!!
උට සිගරට් එකක් ගෙන්න ගන්න දෙහි ගෙඩිය පිටින් යවන්ඩ හැදුවේ නෙහ් !!!
තරමට බොන්න පුරුදු වෙන්න කියපන්.....
පොලිස් මාමලත් මරු නේ...ර්ට වැඩිය බීපු කට්ටිය...හි හි හී වැඩේ වන කරගන්නෙම නැතුව අපු එක ලොකු දෙයක්නෙ ඒ වුණත්
පලයවු යන්න බේබදු හැත්ත ඒක ඇහුවම මොන කාඩ්ද?කාඩ් කුඩේ කුඩු
Post a Comment